රෝගීයකුගේ සිරුරෙන් ලබා ගන්නා පටක භාවිතා කරමින් කෘත්‍රිමව සෑදූ වකුගඩුවක් සාර්ථක වී ඇතැයි මහාචාර්ය මාර්ටින් බර්චල් මහතා සහ මැසචුසෙට්ස් රෝහලේ වෛද්‍ය හැරල්ඩ් ඔට් මහතා ප්‍රමුඛ ඇමෙරිකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් කියා සිටින්නේ මෙම කෘත්‍රිම වකුගඩුව ස්වභාවික වකුගඩුවක් තරම් ක්‍රියාකාරී නොවූව ද එමගින් මුත්‍රා පෙරීම සාර්ථකව සිදුවන බවයි. ප්ලාස්ටික් හදවත් ඇතුළු කෘත්‍රිම අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ කටයුතු මේ වනවිට සාර්ථක වී තිබුණ ද වකුගඩුවක් කෘත්‍රිමව සෑදීම අතිශය සංකීර්ණ බව ද එම විද්‍යාඥයෝ පෙන්වාදෙති. වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය රෝගියාගේම පටක යොදා ගනිමින් කෘත්‍රිම වකුගඩුව නිර්මාණය කරන බැවින් එය බද්ධ කළ පසු සිරුර විසින් ප්‍රතික්ෂේප නොකරන බව ද පර්යේෂකයෝ පවසති. කෘත්‍රිම වකුගඩු කිහිපයක් මේ වනවිට සතුන්ට බද්ධ කැර පර්යේෂණ කරමින් ඇති බවත් එහි සාර්ථකත්වය අනාගතයට වඩාත් සුබදායී පණිවිඩයක් වනු ඇති බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ රජරට වියළි කලාපයේ ද වකුගඩු රෝගීහු බොහෝ වෙති. වකුගඩු නරක් වීම නිසා මුත්‍රා පිරිසිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් රෝහල්වල නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨ සොයා ගෑනීමක් (නි)
බොහොම හොඳ වැඩක්. කරුණාකරලා එය ලංකාවටත් හඳුන්වා දෙන්න පුලුවන් නම් මහා පිනක්. දුප්පත් මිස්සුන්ට කරන අති විශාල සේවයක්. (නි)
අනේ දොස්තර මහත්වරුනේ වකුගඩු නම් අපට වැඩියි. අපි ඕනෑතරම් ඒවා දියකරලා හරිනවා අරක්කු වලින්. පුළුවන් නම් කෘත්‍රිම මොළ ටිකක් හදලා ඉක්මනට මෙහාට එවන්න බැරිද? අපට ඉතාම තදින් වුවමන වෙලා තියෙනවා. (නි)
තවම මේ ගැන අදහසක් කියන්න අමාරුයි (නි)
මේ නිවුස් එක නිවැරදි නැහැ .එත්තටම වෙලා තියෙන්නේ මීයෙක්ගෙන් ගත්ත වකුගඩුවක් තව මීයෙක්ට බද්ද කරලා. (නු)
මේ නිර්මානය නම් ඉතාමත්ම විශිෂ්ටයි. එහෙත් වෙළද මාෆියාව විසින්, මේකේ ප්‍රතිපල හොදයි කියලා මිනිස්සුන්ගේ වකුගඩු බලෙන් ලෙඩ කරලා මේක විකුණගන්න හදයිද දන්නෙ නැහැ (නි)
හොද වැඩක්. නමුත් අපේ දුප්පත් ජනතාවට ඕවා ගන්න සල්ලි නැහැ. කරුණාකර අපිට බොන්න පිරිසිදු වතුර ලබා දෙන්න.(නදී)
රජරට වකුගඩු ප්‍රශ්නය කියනකොට, අපිට ආණ්ඩුවක් තියෙනවද කියල හිතෙනවා. එකට සෞඛ්‍ය ඇමැතිත් රජරට ආණ්ඩුවේ ප්‍රබලයෙක්.(නදී)
මම ඇමරිකාවට ආදරෙයි.(නදී)