ඉන්දියාවේ ජම්බු කාශ්මීරයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ සීගිරියට ආ ලඩක් බෞද්ධ හිමිවරු කිහිපනමක් ගසක වේදනාවෙන් පෙළෙමින් සිටි රිලවකු සිටිනු දුටහ.
එම සතා මන්දකට අසුවී සිටි බව දුටු ඔවුහු එවේලේම ඒ බව ජනපතිට, වනජීවී නිලධරයනට හා වෙනත් අයට දැන්වූහ. රිලවා අල්ලා මන්ද කපන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. රිලවා එම මන්දෙන් මුදා හරිනතුරු උපවාසයක් කිරීමට ද එයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.
රිලවා අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂයක තෑග්ගක් දෙන බව ද ඔවුහු කීහ. ගමේ සෑහෙන පිරිසක් මේ සතා අල්ලා ගැනීමට ඉදිරිපත් වූහ.
ගැමියෙක් අද පස්වරුවේ රිලවා අල්ලා ගත්තේය.
ලඩක් හිමිවරු පිරිස රුපියල් ලක්ෂය ඔහුට දුන්හ. ඔහු එය පුන පුනා ප්‍රතික්ෂේප කළේය.
රිලවාගේ මන්ද කපා මුදා හරිද්දී විදේශිකයෝ අපමණ සතුටට පත්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලවා ගැන ජනදිපතිට කියුවේ ඇයි?(නදී)
මොනවා උනත් ඒ පිරිස හිංසනය පිටු දකින උතුම් බෞද්ධයෝ පිරිසක් (ස)
හේරත් ඔබේ කටේ මසුරන් දාන ඕනෑ (ස)
මොන තරම් වටිනා වැඩක්ද . මිනිස්සු ම මිනිස්සුන්ව මරා ගන්නා කාලේ මෙහෙම දේවල් අගය කරන්න ඕනේ (දී)
රිලවා ගැන BBS එකට කියන්න තිබුණනේ (ස)
සද්ක්‍රිවයාවකි (ස)
බෝසත් `කුමරුන් `වගේ සද් ක්‍රියාවක් (ස)
මේ තරම් උදාර ක්‍රියාවක් සැහැල්ලුවට ලක් කරන අය මිනිසුන් නොව තිරිසනුන්මය. දායක වූ, අගය කල,සැම සහ මුදල් නොගත් මිනිසුන් දෙවිවරුන්මය. (ස)
හොද වැඩක් (දී)
රුපියල් ලක්ෂයක් එපා කිව්ව ගැමියට නවසීලන්තයෙන් මෙනන් උපහාර. මනුස්සකම තාමත් ලංකාවේ තියෙනවා.(නදී)
හේරත් මහත්තයා පැත්ත ගියත් ඇත්ත කිව්වා.(නදී)
පින් සිද්ද වෙන වැඩක් (දී)
අනේ මෙහෛමත් රිලව්.(නදී)
තව පොඩ්ඩෙන් ජනාධිපති එන්නවෙනවා උපවාසේ නවත්වන්න.(නදී)
ඔබ වහන්සේලා සැබෑ බෞද්ධ පුත්‍රයින්. සාදු!, සාදු!, සාදු!. මෙහෙ වසන පුත්‍රයන්ටත් ආදර්ශයක්.(නදී)
චාමර, යමක් කියන්න කලින් හිතලා බැලුවොත් නරකද ? (ස)
බොහොම අගේ කරනවා. මහ ලොකු බෞද්ධයන් වන අපට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා.(නදී)
මේ අය මොනවද මේ දාන ප්‍රතිචාර, මේ අය ඉන්දියාවේ ඉදලා ඇවිත් සත්තුන්ට මේ තරම් කරුණාව දක්වනවා. අපේ අය ඒකට නක්කලේ දාන්නේ ඇයි.(නදී)
කට ඇරලා කියන්න පුලුවන්ද අනේ මාව බේරා ගන්න කියලා, ඔබ වහන්සේලා කල මේ වැඩේ නම් ජාති ජාතිත් පලදෙන කුසල කර්මයක් (දී)
කව්රු උනත් හොද වැඩක් (දී)
මෙතන අදහස් දාලා තියෙන කී දෙනෙක් තමන්ගේ, ජාතියට, රටට ගරහලා තියෙනවද? අපිට දියුනු වෙන්න බැරි මෙන්න මේ වගේ අය නිසයි. (නදී)
තමන් උපමාවට ගෙන අනුන්ට හිංසා කිරීමෙන් වළකින්න. (ස)
මුදලට වහල් වූ සමාජයක රිලවා බේරා ගත් මනුසත් බවින් පිරි මිනිසුනි. ඔබ මුළු ලෙවෙටම ආදර්ශයක්.(නදී)
මුදලට වහල් වූ සමාජයක රිලවා බේරාගත් මනුසත් බවින් පිරි මිනිසුනි. ඔබ මුළු ලොවටම ආදර්ශයක්.(නදී)
ඇසට කදුළු උනන පුවතක් (දී)
ගොඩාක් පින් (දී)
මේක ලංකාවේ සමහර සේනා වලට පෙනුනා නම් හොදයි. (නි)
මුදලට ලොබ නොවූ ධර්මිශ්ට මිනිසාණෙනි, ඔබටයි මේ උත්තමාචාරය! (නි)
හේරත්, සමහරුන්ට ඇත්ත තිත්ත වෙලා. ඔබට මගෙන් සුභ පැතුම්.(නදී)
රිලවුන්ට වගේම මේ දවස්වල වදුරන්ටත් අපලයි.(නදී)
බලන්න ඒ වගේ දෙයක් කරන්න මොන තරම් කාරුණික වෙන්න ඕනෙද (දී)
ඉතා අගය කලයුතු ක්‍රියාවන් දෙකක්. පළමුව අපරටට පැමිණ මෙවැනි ලක් ජනතව ගේ සැබෑ තත්වය ලොවට කියාපෑම. දෙවනුව ලක් දරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට විදහා පෑ අපගේ සහෝදරයාගේ ක්‍රියාව. ලක් රජය ඔහුට සහ පවුලේ අයට සහනයක් දියයුතුයි. (ස)
ඔය මන්දවල් අටවන්නේ සිංහල බෞද්ධයෝ නෙවෙයි (ස)
මොහොමඩ්, අපි ඒ ගැන හොඳට දන්නවා (ස)
ගවයින් වෙනුවෙන් විතරක් පෙනී සිටින අපේ අයට මෙන්න පාඩමක් (ස)
ආදර්ශමත් (ස)
හේරත් ඔබ හරි (ස)
මේ රිළවත් කොහොමහරි අල්ලගත්තා එහෙනම්? (නි)
හේරත්, ඔබ සිංහලයෙක් නේද? ඔබ ගැරහෙව්වේ ඔබේ ජාතියට. මීට වඩා හික්මීමක් ඇතිව අදහස් ප්‍රකාශ කරන්න.(නදී)
හිතට සතුටක් දැනෙන දර්ශනයක්. බුදුදහමේ සිසිල මුළු ලොව පුරා පැතිරේවා (ස)
හැම එහෙකටම බොදු බලසේනාව අල්ලගෙන කෑගහන්න එපා මෝඩයෝ වගේ. එදා අනගාරික ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුණානඳ හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි හිටපු කාලේ ඔය කතා කියන මෝඩයෝ හිටියා නම් කියයි ජාතිවදියෝ කියලා. ඒ උතුමන් කරපු කැපවීම නිසා තමයි අද ලංකාව මෙහෙම තියෙන්නේ. මෝඩ අදහස් ඇති මිනිස්සු ගැන හරි දුකයි. එයාලා නහය ගාවට ගිලෙනකන් දන්නේ නැහැ (නි)
සිංහලයා මෝඩයා, කැවුම් කන්ඩ ශූරයා. මේවා නිකම් කියපු දේවල් නෙමෙයි. බත් පැකට් එකටයි, අරක්කු වීදුරුවටයි ඕන කෙනෙක් පස්සේ යනවා අපි.(නදී)
රිලවා ගැන ජනාධිපතිටත් කියලා. ඉන්දියාව එහෙනම් හොදද?(නදී)
අපේ වර්ථමාන භික්ෂූ පරපුරටත් වැදගත් ආදර්ශයක්. (නි)
අපේ හාමුදුරුවන්ට ගහලා මෙහෙ එනවා රිලව් බලන්න. (නදී)
සිංහලයෝ කියන්නේ උතුම් ජාතියක් කියලා අපි දැක්කා අවුරුදු 30 ක යුද්දයෙන් රටම නිදහස් කර ගත්තු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන හිර බත් කද්දි. (නදී)
කිසිදු සත්ත්වයෙකුගේ ජීවිතය මිළ කළ නොහැකියි. (නි)
කව්රුවත් ඔය ලක්ෂයේ තෑග්ග එපා කියපු මනුස්සයා ගැන කතාකරන්නේ නැත්තෙ ඇයි? (නි)
සුනිල් අයියේ, සුරංගනා කතා කියන්න එපා (නි)
"සීගිරි ගැමියා ලක්ෂයේ තෑග්ගත් නොගනී" !(නදී)
ශුද්ධාවත් බෙද්ධ පිරිසක් ඉන්දියාවෙන් පැමිණ මෙරට බෙද්ධයන්ට බොද්ධාගම ඉගැන්වු දුර්ලබ අවස්ථාවක්.(නදී)
මෙතන අනවශ්‍ය අදහස් දරන අය මේ පිරිස මෙහෙම දෙයක් කරන්න තරම් කාරුණික වීම ගැන කියන්න දෙයක් නැද්ද?(නදී)
සිංහලයෝ කියන්නේ උකුම් ජාතියක් කියලා ලෝකයට දැනගන්න මේ සත්ක්‍රියාව හොදටම ඇති.(නදී)
අවිහිංසාවාදී බව කොතරම් අගනේද? (නි)
හෙමන්ත දෙයක් කියන්න කලින් හිතුවොත් නරකද?(නදී)
හොද වැඩක්. (නි)
ඉන්දියාවේ ස්ත්‍රී දූෂන වෙනුවෙන් උපවාස කලා නම් නේද හොද?(නදී)
අපිට ඔය නිකම් ඉදලා ගුටි හම්බ වුනේ. තව උපවාස කළොත් මොනවා හම්බවෙයිද කියලා හිතාගන්න බැහැ.(නදී)
මනුස්සකම තාම ගමේ තියෙනවා.(නදී)
රිස්වාන් හිතුවේ රිලවව හලාල් කළ කියලද?(නදී)
ඒපාර මෙහේ ඇවිල්ලත් උපවාස කරන්න පටන් ගත්තද ?(ස)
ජාති ජාතිත් පලදෙන හොද වැඩක් හාමුදුරුවනේ (දී)
සත් ක්‍රියාවක්.(නදී)
හේරත් ගේ කතා මසුරන් දාන්න වටින කතාවක් ඔබට ජය. (ස)
එම හිමිවරුන් කර ඇත්තේ සත් ක්‍රියාවක්. එය අපි අගය කලයුතුයි. එමෙන්ම, රිලවා බේරාගත් සත්පුරුෂයා රුපියල් ලක්ෂයක මුදල ප්‍රතික්ෂේප කිරීම ලංකාවට ආඩම්බරයක්. එම හිතවතාට අපගේ ගෞරවනීය උපහාරය! අදහස් දක්වන පිරිසට: සැම දෙයකම නොපිට බලන්න එපා! සුභ වාදී වෙන්න.(නදී)
මන්ද ගැහුවේ ලංකාවේ අයම නේද ? අසරණ සතුන්ට උගුල් ඇටවීමෙන් වැලැකී සිටීම නේද හොඳ . තමන්ව මන්දකට, අසුවුනොත් කොතරම් වේදනාවක් ඇතිවේ ද ?(නදී)
හිමිවරු තියන්නේ බුදුන්ගේ දූතයින්. ලෝකයට එය ආරක්ෂාවක්.(නදී)
ඔබ සියලු දෙනාටම තිබෙන්නේ උණුවන හදවත්, ගොඩාක් පිං (දී)
වචන වලින් කියන්න බැහැ කල වැඩේ (දී)
ඔන්න බෞද්ධ රටේ හැටි. ආඩම්බරයි. හරිම ආඩම්බරයි. අපේ කී දෙකේ ඕක දකින්න ඇතිද ? (ස)
හේරත් මහත්තයා යමක් කියන්න කලින් හිතලා බැලුවොත් නරකද ? (ස)
හොද වැඩේ කවුරු කළත් (ස)
සත්තුන්ට සලකනවා කියන්නේ බොහොම පින් සිද්ද වෙන වැඩක් (දී)
මන්ද කපා මුදා හරි. ? (නදී)
ෙමන්න නියම ෙබෟද්ධ භික්ශුන්වහන්ෙස්ලා. ඔබලාට අෙප් පුනාමය.ලංකාෙවි බල ෙස්නාවට ෙෙමතුීය කරැණාව කියාදුන් ෙමාෙහාතක්.
ඔයාලා මොකද ඔච්චර තමන්ගේ රට ගැන හීනමානයකින් පෙළෙන්නේ (ස)
බොහොම පිං (දී)
ජිවිතයක් ඒ බේරා ගත්තේ (දී)
තෙරුවන් සරණයි ඔබ සැමට (දී)
අපේ ශ්‍රී ලාංකිකයන් ගැන අපි ලැජ්ජා වෙන්න ඕනෑ. මේ සතාව බේරගන්න පිටරටකින් එනකල්ම හිටියා? (නි)
ලක්ෂේ එපා කිව්ව කෙනාගේ පින්තූරයක්වත් දාලා නෑනේ. වීර ක්‍රියාව කලේ එයානේ (ස)
අනේ අනේ සුනිල් මහත්තයෝ, එහෙනම් අර කිරි සප්පයයි,අම්මාවයි කෙල්ලෙක් හින්දා මරලා දැම්මේ ඉතාලිකාරයොද ? අර කහවත්තේ ගෑණු දූෂණය කරලා මරලා දැම්මේ ඉතාලියේ ද ? තාත්තා තමන්ගේම දුවට දස වද දීලා මරලා දැම්මේ ඉතාලියේ ද සුනිල් මහත්තයෝ ? (නි)
අපරාදේ ලක්ෂය... (නි)