IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලෙඩ්ඩු කබලෙන් ලිපට

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ ගෙදර ළඟ ඇණය ගැලැවූ අත් බෝම්බයක් තිබිණැයි කියන සිද්ධිය මුල් කැරගෙන රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය රටපුරා වැඩ වැරීම නිසා රෝගීහු දස් ගණනක් අමාරුවේ වැටුණාහ. බොහෝ දෙනක් හිස් අතින් ආපසු ගියහ. ත‍්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුනට අමතරව හෙද හෙදියෝ ද, සුළු සේවකයෝ ද වැඩ වැරූහ. හෙදියන් නිල ඇඳුමේ ඒප‍්‍රනයට සමාන ඒප‍්‍රනයක් සුළු සේවිකාවන් අඳිතියි හෙදියෝ වර්ජනය කළහ. නිල ඇඳුමේ එම ඒප‍්‍රනය ඉවත් නොකරන්නැයි සුළු සේවිකාවෝ වර්ජනය කළහ.      



අදහස් (0)

ලෙඩ්ඩු කබලෙන් ලිපට

අසංක Saturday, 18 August 2012 06:38 AM

ඔයාලා ඔක්කොටම ඉගෙන ගන්න තිබුන චාන්ස් එක තමයි දොස්තර මහත්තුරුන්ටත් තිබුනේ..ඔයාල ඉගෙන ගත්තේ නැති උනාට ඒ මහත්තුරු හොඳට ඉගෙන ගෙන වැදගත් රස්සාවක් කරනවා. ඒ මහත්තුරු විතරයි ද ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ? එතකොට ඔයාලා ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මල තාත්තලගේ සල්ලි වලින් විතරද? යොදවපු මහජන මුදල් නාස්ති උනා, ඔයාලා ඉගෙන ගත්තේ නැති නිසා.. එත් ඒ මහත්තුරු ඉගෙන ගත්ත.. එකම දේ තියෙන්නේ මේ රටේ උගත්තුන්ට නිසි සැලකීමක් නැති එක..(ස)

:       0       0

හර්ෂ Friday, 17 August 2012 04:14 PM

සියලු රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කල යුතු යැයි හැගේ....(ස)

:       0       0

නිපුන් Saturday, 18 August 2012 08:22 AM

මෙතන අදහස් දක්වන අයට තියෙන්නෙ පැහැදිළි ඊරිසියාව.. වෛද්‍ය වෘතිය විතරයි අද වෙනකොට දේශපාලනීකරණය වී නැත්තෙ.. මෙම වැඩ වර්ජනයෙන් බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීමයි.. මහජන මුදලින් ඔවුන් ඉගෙන ගෙන ජනතාවට සේවය කිරනවා නමුත් කවුරුවත් මහජන මුදල් නාස්තිකරමින් ඉගෙන ගන්නේ නැති කොටස ගැන කතා කරන්නෙ නැහැ..!!(නු)

:       0       0

මහේන්ද්‍ර Saturday, 18 August 2012 08:49 AM

අනෙක් අය ඉගෙනගත්තේ මහජන මුදලින් නෙමෙයිද? ඒ අය ඒවා නාස්ති කළා ඒකයි තියෙන වෙනස..!!(නු)

:       0       0

වසන්ත Saturday, 18 August 2012 10:43 PM

ඔයාලා ඔක්කොටම ඉගෙන ගන්න තිබුන චාන්ස් එක තමයි දොස්තර මහත්තුරුන්ටත් තිබුනේ..ඔයාල ඉගෙන ගත්තේ නැති උනාට ඒ මහත්තුරු හොඳට ඉගෙන ගෙන වැදගත් රස්සාවක් කරනවා. ඒ මහත්තුරු විතරයි ද ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ? එතකොට ඔයාලා ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මල තාත්තලගේ සල්ලි වලින් විතරද? යොදවපු මහජන මුදල් නාස්ති උනා, ඔයාලා ඉගෙන ගත්තේ නැති නිසා.. එත් ඒ මහත්තුරු ඉගෙන ගත්ත.. එකම දේ තියෙන්නේ මේ රටේ උගත්තුන්ට නිසි සැලකීමක් නැති එක.. මෙතන අදහස් දක්වන අයට තියෙන්නෙ පැහැදිළි ඊරිසියාව.. වෛද්‍ය වෘතිය විතරයි අද වෙනකොට දේශපාලනීකරණය වී නැත්තෙ.. මෙම වැඩ වර්ජනයෙන් බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීමයි.. මහජන මුදලින් ඔවුන් ඉගෙන ගෙන ජනතාවට සේවය කිරනවා නමුත් කවුරුවත් මහජන මුදල් නාස්තිකරමින් ඉගෙන ගන්නේ නැති කොටස ගැන කතා කරන්නෙ නැහැ..!! මේක විහිළුවක් නෙමෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව කතා කරන වෛද්‍ය මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීම, තර්ජනාත්මක දුරකථන ඇමතුම්, අවසානයේදී බෝම්බ. එක එක්කෙනා කියන විදිහට නටන්න කියලාද කට්ටිය කියන්නෙ? වර්ජනය කළාට කිසිම අමාරු ලෙඩෙක් නොබලා ඉන්නේ නැහැ. පොඩ්ඩක් කට්ටිය ඇස් ඇරලා පාට කණ්ණාඩි ගලෝලා බැලුවොත් හොදයි.(නු)

:       0       0

සරා Friday, 17 August 2012 04:46 PM

මෙයාලා අනිත් හැම දේම පෞද්ගලීකරණය කරනකල් බලාගෙන හිටියා. කටක් හෙල්ලුවෙ නැහැ. අනිත් අන්ට මොනවා වුණත් කමක් නැහැ අපිට හරියනවා නම් කියලයි මෙයාලා හිතන් ඉන්නෙ. (නි)

:       0       0

ඩේවුඩ් Friday, 17 August 2012 04:45 PM

අකුරට නීති ක්‍රියාත්මක කළා නම් හරියටම හරි. (නි)

:       0       0

නදීර Friday, 17 August 2012 04:52 PM

වෛද්‍යවරයෙක් තව වෛද්‍යවරයකුට වස විස දිලා මරන්න හදන කොට, තමන් ළඟට බේහෙත් ගන්න එන ගෑනු අයව නිරුවත් කරල ඡායාරූප ගන්න කොට, වෛද්‍යවරු ගහගන්න කොට, ඒවට වර්ජනය කන්නේ කවුද කියල අහන්න කැමැති. මේ කවුරුත් මහජනතාගේ සල්ලිවලින් ඉගෙන ගන්න ගමන්, එයාල ගේ ලොකුවකම මහජනතාවට පෙන්නවන එක තමා කරන්නේ. (අ)

:       0       0

ලුම්බිණි Saturday, 18 August 2012 09:44 AM

බොහොම ඉස්සර හිටිය සෞඛ්‍ය ඇමතිතුමා කියල කෙනෙක් ඔය වගේ දේවල් වලදී ලෙඩ්ඩුන්ට කරදර නොවී ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. අනේ එහෙම කෙනෙක් දැන් ඉන්නවා නම් කොච්චර හොඳද. (නු)

:       0       0

ගයානි Saturday, 18 August 2012 09:49 AM

ඇත්තටම මොකද්ද අනේ මේ ඒප්‍රනය.. (නු)

:       0       0

Berty Saturday, 18 August 2012 11:07 AM

බෝම්බ ගහපු එකට රටේ නීතිය තියෙනවා. අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන්න එපා. පෞද්ගලික සේවා වර්ජනය කරනවාද? මේ ගොල්ලන්ටත් හරියනවානේ (අ)

:       0       0

ජයකොඩි Friday, 17 August 2012 07:55 PM

කුමාර හරියටම හරි (ස)

:       0       0

සෙනරත් Friday, 17 August 2012 08:06 PM

මේ අය පුද්ගලික බෙහෙත් දෙන එක තැනක් වත් වහනවද වර්ජනය කරනවා කියලා. නෑ. ඒ තැන්යල ගාණට බේත් ටික දෙනවා. (නි)

:       0       0

ශ්‍රියානි Saturday, 18 August 2012 01:08 PM

කුමාර කියපු දේ හරියටම හරි....(ස)

:       0       0

ගීතා Friday, 17 August 2012 08:52 PM

හැමතැනම බල අරගලය. දොස්තරලා කී දෙනෙක් පහුගිය දවස් වල මරලා දැම්මද? ඒවට විරුද්ධව මොනවත් කළාද ඔය කට්ටිය. සංගමේ ලොකු දොස්තර කෙනෙක් නිසයි මේ හැටි උදවු..(ස)

:       0       0

අමිල Friday, 17 August 2012 09:06 PM

ඔක්කොම පොඩි බබාල වගේ..(ස)

:       0       0

නසාර් Saturday, 18 August 2012 02:31 PM

දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් දොස්තර වෙලා පෞද්ගලික රෝහල්වල දවසකට රුපියල් 30000ක් ලැබනෙඑකේ මැරෙන්න බය වෙන්න එපා දොස්තර මහත්තයෝ (අ)

:       0       0

කළණ Sunday, 19 August 2012 09:04 PM

සමහරු කියනවා දොස්තරලා ඉගන ගත්තේ අපේ සල්ලි වලින් කියලා. මොන තරම් කුහක කතාවක්ද? එක් කෙනෙක් දෙන්නෙක් වැරදි කළාට දොස්තරලා විතරයි රජයේ සේවයෙන් සැළකිය යුතු සේවයක් කරන්නේ. කොච්චර දේශපාලකයන්, කාර්යාල සේවකයන් ඉන්නවාද වංචා දුෂණ කරන? ඒ අයට බණින්නේ නැද්ද? මේක පැහැදිලි ඉරිසියාව. දොස්තරලා කියන්නේ අපි අතරින් හොඳටම ඉගෙන ගන්න කොටස. ඒ අයට වරප්‍රසාද ලබා ගන්න අයිතිය තියෙනවා. තම තමන්ගේ කර්මයේ හැටියට තමයි මිනිස්සුන්ට හොඳ රැකියා ලැබෙන්නේ. තමන්ට නැතිදේට ඉරිසියා කරන්න එපා. අනික ඔය කයිය ගහන මිනිස්සු බෙහෙත් ගන්නේ වෙද මහත්තුරුන්ගෙන් වෙන්න ඇති නේද? (නි)

:       0       0

පූජා Saturday, 18 August 2012 03:16 PM

අනේ දෙවියනේ..හැමෝම මෙහෙම වර්ජනය කරන්න ගත්තම රටට යන කල මොකක්ද ? (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 19 August 2012 11:49 AM

"මෙන්ඩිස් 2012-08-18 04:51:37 සාමාන්‍ය මිනිසුන්ට අපහසුවක් වන ආකාරයට වර්ජන කරන සියල්ලන්වම සාමාන්‍ය මිනිසුන් විසින්ම ගල් ගසා මරා දැමිය යුතුයි. " දවසක වැඩවැරුම නරකලු. එතකොට මෙයා මිනී මරන්න කතා කරනවා. කොහොමද වර්ජන විරෝධී හොඳ මහත්වරුන්ගේ හිත්වල තියෙන මානව හිතවාදේ? මේකෙන් පෙන්නේ වෙන මොනවත් නෙවෙයි, ඉගෙන ගන්න බැරිවුණා එකා තුළ ඉගෙනගත් එකා ගැන ඇති වෛරයයි. (නි)

:       0       0

රුවන් Friday, 17 August 2012 09:48 PM

ලංකාවේ අනිවාර්‍යයයෙන්ම පෞද්ගලික වෛද්‍ය පහසුකම් සලසන්න ඕන.(ස)

:       0       0

සිසිර කුමාර Friday, 17 August 2012 02:02 PM

මේක හරිම විහිලුවක්නේ.දැන් හැම එකටම වර්ජන. අහිංසක මිනිස්සුයි මේවයින් විදවන්නේ. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 17 August 2012 09:53 PM

හරි බෝම්බ සිද්ධිය පැත්තකින් තියමු..අර හෙදියන්ගේ නිල ඇදුමේ ඒප්‍රන් එකේ සිද්ධිය ගැන මොකද කියන්නේ..පොඩි ළමයි වගේනේ මේ අය. (ස)

:       0       0

දුමින්ද Friday, 17 August 2012 02:03 PM

කවුරුවත් අහිංසක ලෙඩුන් ගැන හිතන්නේ නැහැ. හැම දේටම වර්ජන. බෝම්බය ගැන පොලිසිය බලා ගනීවි. ඔයාලා කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ලංකාසිරි Friday, 17 August 2012 02:09 PM

ලොකු ලූණු වර්ජනය වගේද? (නි)

:       0       0

සරා Friday, 17 August 2012 02:12 PM

මෝඩයන්ට මේවා විහිලු වුණාට තමන්ට බෝම්බයක් ගැහුවොත් හෝ බෝම්බ ගහනවා කියල කිවුවත් ඇති පරාණ භය ඇතිවෙන්න. (නි)

:       0       0

නසාර් Friday, 17 August 2012 02:19 PM

ලූණු වලයි බෝම්බ වලයි එක අතකට මොකක්ද තියෙන වෙනස? (නි)

:       0       0

ස්ලික් Friday, 17 August 2012 02:19 PM

සම්පූර්ණ වරද රෝගීන් අතේ. මොකටද ඒ වෛද්‍යවරයාගේ ගෙදරට බෝම්බයක් දැම්මේ? කීදෙනෙක් මළත් කමක් නැහැ, බොම්බය දැමූ රෝගියා හොයාගන්න තුරු වර්ජනය නතරකරන්න එපා . (නි)

:       0       0

ඩී.සී. කේවීන් Friday, 17 August 2012 02:20 PM

සිසිර මේක විහිළුක් නොවේ. රට අරාජික වෙනව කියන්නේ. මේකට තමා. අද තිය ප්‍රශ්න දියා මතුපිටින් බලන්නේ නැතුව ආරම්භය බලන්න. (අ)

:       0       0

සෙනරත් Saturday, 18 August 2012 05:34 PM

සමහරුන්ගේ ප්‍රතිචාර දිහෑ දැක්කහම හිතෙන්නේ රටේ ජනගහණයෙන් 100%ක්ම දොස්තරලා කියලයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 02:34 PM

මම හිතන්නේ නම් දමලා තියෙන්නේ බී ලූණු ගෙඩියක්. කලබල නොවී වැඩට එන්න. (නි)

:       0       0

ජයාන් Sunday, 19 August 2012 12:52 PM

මෙහෙම ඉගෙන ගත්ත දොස්තරලාට වැඩිය අපිට හොදයි ඉගෙන නොගත්තු කොන්දොස්තරලා. (නි)

:       0       0

ජයාන් Sunday, 19 August 2012 12:49 PM

උගත්කම කියන්නේ දොස්තර කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි‍නේ. (නි)

:       0       0

කුමාර Friday, 17 August 2012 02:59 PM

මේක අපේ රටේ තියන හරිම අවාසනාවන්ත තත්වයක්, සමහරවිට මේ බෝම්බය යවන්න ඇත්තේ තරහකාරයෙක් වෙන්න බැරිද?මේවට නීතිය මගින් පිළිතුරු හොයන්න බැරිද? ඇයි මේ විදිහට මුළු රටේම අහිංසක ජනතාව අපහසුතාවට පත්කරන්නේ? බලන්න හෙට ආයෙත් තව දොස්තර කෙනෙකුට තමන්ගේ පෞද්ගලික හේතුවකට අසල්වැසියෙක් ගැහැවුවොත් හෙටත් මේ අය වර්ජන කරනවද? මේක හරිම අසාධාරණ වැඩක්. කොහෙත්ම අනුමත කරන්න බැහැ.රටේ නීතිය හරියට කරන්න පොලිසියට ඉඩ දෙන්න.එයාල එක කළේ නැත්නම් දෙවෙනි පියවර විදිහට වෙනත් දෙයකට යන්න.බැරිම වුණොත් මානව හිමිකම් ආයතන තියෙනවා ,ඒවාට පැමිණිලි කරන්න. මේවට අපේ රටේ ඉන්න අහිංසකයන් පළි නැහැ.අනික අපි ඉගෙනගත්තේ රටේ ඉන්න අහිංසකයන්ගේ බදු මුදලින්. අඩුම තරමේ අපි ඒකට සළකන්න ඕනෑ. දැන් බලන්න මේ ළගදි හම්බන්තොට පැත්තේ අවුරුදු 17 දුවෙක් මැරුණා,ඒකට හේතුව මා දන්නා තරමින් කජු කාලා බඩේ අමාරුව හැදුන එකට කනේරු ඇට කාලා කියල බෙහෙත් දුන්න එක නේ?(පුවත් පත් වලට අනුව) ඒ අහිංසකයන් මොකද කළේ? ඉස්පිරිතාලේ බඩු කැඩුවද ? වෙන කරන්න දෙයක් නැතිනිසා මානව හිමිකම් එකට පැමිණිලි කළා. වෙන්න ඕනෑ එකයි. රටේ නීතිය වෙන්නේ නැතිනම් කරන්න ඕනෑ දෙවැනි පියවර එයයි. අපි කැම්පස් එකේ කරපු ඒවා රජයේ සේවයට ආවහම කරලා බැහැ.දැන් අපිට වගකීමක් තියෙනවා.දොස්තර මහත්මයා, ඔබතුමාට වුණ සිද්ධියට මම හදවතින්න්ම කණගාටු වෙනවා. මේවා වෙන්න ඕනෑ සිද්ධි නොවෙයි. ඔබතුමා කියන්න මේ වර්ජන නවත්වන්න කියලා.එක ලොකු පිනක්. (නි)

:       0       0

නිමල් Friday, 17 August 2012 03:04 PM

ස්ට්‍රයික් කරන දවස් වලට වැටුප් කපන්න. මෙහෙම අවුරුද්දකට කී වතාවක් නම් මෙයාලා ස්ට්‍රයික් කරනවද? (නි)

:       0       0

රංග Friday, 17 August 2012 03:19 PM

මේක විහිළුවක් නෙමෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව කතා කරන වෛද්‍ය මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීම, තර්ජනාත්මක දුරකථන ඇමතුම්, අවසානයේදී බෝම්බ. දේසපාලුවෝ කියන විදිහට නටන්න කියලාද කට්ටිය කියන්නෙ? වර්ජනය කළාට කිසිම අමාරු ලෙඩෙක් නොබලා ඉන්නේ නැහැ. පොඩ්ඩක් කට්ටිය ඇස් ඇරලා පාට කණ්ණාඩි ගලෝලා බැලුවොත් හොදයි. (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 18 August 2012 04:51 AM

සාමාන්‍ය මිනිසුන්ට අපහසුවක් වන ආකාරයට වර්ජන කරන සියල්ලන්වම සාමාන්‍ය මිනිසුන් විසින්ම ගල් ගසා මරා දැමිය යුතුයි. (නි)

:       0       0

Jayanath Priyantha Saturday, 18 August 2012 08:48 PM

අනේ මෙහෙම දොස්තරලා.. ජනතාවගේ සල්ලිවලින් දොස්තරලා වෙලා පස්සෙ පිටරට ගිහිං අපිටම බනිනවා.. දෙවියනි ඔබ කොහිද?(නු)

:       0       0

හරිශ් Saturday, 18 August 2012 06:15 AM

ප්‍රයිවට් චැනල් කරන දොස්තරලත්,පෞද්ගලික රෝහල්වල සේවය කරන දොස්තරලත් මේ වර්ජනය කරනවද?(ස)

:       0       0

විභූශ Saturday, 18 August 2012 06:13 AM

මෙයාලා වර්ජන පිටින් දාල දවස් කිහිපයකට නිවාඩු ගන්නයි හදන්නේ..(ස)

:       0       0

ෂාන් Friday, 17 August 2012 03:42 PM

කුමාර හරියටම හරි. (නි)

:       0       0

මොනාලි Saturday, 18 August 2012 06:18 AM

නිමාලිගේ කතාවට මාත් එකඟයි..(ස)

:       0       0

හරිශ් Saturday, 18 August 2012 06:28 AM

ත්‍රිකුණාමලය රෝහලේ සුළු සේවිකාවන්ට ඒප්‍රනය දුන්නේ ලෙඩ්ඩුද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 26 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1792 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1375 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 391 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 524 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 236 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site