විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහගේ ගෙදර ළඟ ඇණය ගැලැවූ අත් බෝම්බයක් තිබිණැයි කියන සිද්ධිය මුල් කැරගෙන රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය රටපුරා වැඩ වැරීම නිසා රෝගීහු දස් ගණනක් අමාරුවේ වැටුණාහ. බොහෝ දෙනක් හිස් අතින් ආපසු ගියහ. ත‍්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුනට අමතරව හෙද හෙදියෝ ද, සුළු සේවකයෝ ද වැඩ වැරූහ. හෙදියන් නිල ඇඳුමේ ඒප‍්‍රනයට සමාන ඒප‍්‍රනයක් සුළු සේවිකාවන් අඳිතියි හෙදියෝ වර්ජනය කළහ. නිල ඇඳුමේ එම ඒප‍්‍රනය ඉවත් නොකරන්නැයි සුළු සේවිකාවෝ වර්ජනය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගහපු එකට රටේ නීතිය තියෙනවා. අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාන්න එපා. පෞද්ගලික සේවා වර්ජනය කරනවාද? මේ ගොල්ලන්ටත් හරියනවානේ (අ)
සාමාන්‍ය මිනිසුන්ට අපහසුවක් වන ආකාරයට වර්ජන කරන සියල්ලන්වම සාමාන්‍ය මිනිසුන් විසින්ම ගල් ගසා මරා දැමිය යුතුයි. (නි)
ප්‍රයිවට් චැනල් කරන දොස්තරලත්,පෞද්ගලික රෝහල්වල සේවය කරන දොස්තරලත් මේ වර්ජනය කරනවද?(ස)
මෙයාලා වර්ජන පිටින් දාල දවස් කිහිපයකට නිවාඩු ගන්නයි හදන්නේ..(ස)
නිමාලිගේ කතාවට මාත් එකඟයි..(ස)
ත්රිකුණාමලය රෝහලේ සුළු සේවිකාවන්ට ඒප්‍රනය දුන්නේ ලෙඩ්ඩුද ? (ස)
ඔයාලා ඔක්කොටම ඉගෙන ගන්න තිබුන චාන්ස් එක තමයි දොස්තර මහත්තුරුන්ටත් තිබුනේ..ඔයාල ඉගෙන ගත්තේ නැති උනාට ඒ මහත්තුරු හොඳට ඉගෙන ගෙන වැදගත් රස්සාවක් කරනවා. ඒ මහත්තුරු විතරයි ද ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ? එතකොට ඔයාලා ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මල තාත්තලගේ සල්ලි වලින් විතරද? යොදවපු මහජන මුදල් නාස්ති උනා, ඔයාලා ඉගෙන ගත්තේ නැති නිසා.. එත් ඒ මහත්තුරු ඉගෙන ගත්ත.. එකම දේ තියෙන්නේ මේ රටේ උගත්තුන්ට නිසි සැලකීමක් නැති එක..(ස)
මෙතන අදහස් දක්වන අයට තියෙන්නෙ පැහැදිළි ඊරිසියාව.. වෛද්‍ය වෘතිය විතරයි අද වෙනකොට දේශපාලනීකරණය වී නැත්තෙ.. මෙම වැඩ වර්ජනයෙන් බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීමයි.. මහජන මුදලින් ඔවුන් ඉගෙන ගෙන ජනතාවට සේවය කිරනවා නමුත් කවුරුවත් මහජන මුදල් නාස්තිකරමින් ඉගෙන ගන්නේ නැති කොටස ගැන කතා කරන්නෙ නැහැ..!!(නු)
අනෙක් අය ඉගෙනගත්තේ මහජන මුදලින් නෙමෙයිද? ඒ අය ඒවා නාස්ති කළා ඒකයි තියෙන වෙනස..!!(නු)
බොහොම ඉස්සර හිටිය සෞඛ්‍ය ඇමතිතුමා කියල කෙනෙක් ඔය වගේ දේවල් වලදී ලෙඩ්ඩුන්ට කරදර නොවී ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. අනේ එහෙම කෙනෙක් දැන් ඉන්නවා නම් කොච්චර හොඳද. (නු)
ඇත්තටම මොකද්ද අනේ මේ ඒප්‍රනය.. (නු)
හරි බෝම්බ සිද්ධිය පැත්තකින් තියමු..අර හෙදියන්ගේ නිල ඇදුමේ ඒප්‍රන් එකේ සිද්ධිය ගැන මොකද කියන්නේ..පොඩි ළමයි වගේනේ මේ අය. (ස)
කුමාර කියපු දේ හරියටම හරි....(ස)
දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් දොස්තර වෙලා පෞද්ගලික රෝහල්වල දවසකට රුපියල් 30000ක් ලැබනෙඑකේ මැරෙන්න බය වෙන්න එපා දොස්තර මහත්තයෝ (අ)
අනේ දෙවියනේ..හැමෝම මෙහෙම වර්ජනය කරන්න ගත්තම රටට යන කල මොකක්ද ? (ස)
සමහරුන්ගේ ප්‍රතිචාර දිහෑ දැක්කහම හිතෙන්නේ රටේ ජනගහණයෙන් 100%ක්ම දොස්තරලා කියලයි. (නි)
අනේ මෙහෙම දොස්තරලා.. ජනතාවගේ සල්ලිවලින් දොස්තරලා වෙලා පස්සෙ පිටරට ගිහිං අපිටම බනිනවා.. දෙවියනි ඔබ කොහිද?(නු)
ඔයාලා ඔක්කොටම ඉගෙන ගන්න තිබුන චාන්ස් එක තමයි දොස්තර මහත්තුරුන්ටත් තිබුනේ..ඔයාල ඉගෙන ගත්තේ නැති උනාට ඒ මහත්තුරු හොඳට ඉගෙන ගෙන වැදගත් රස්සාවක් කරනවා. ඒ මහත්තුරු විතරයි ද ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ? එතකොට ඔයාලා ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මල තාත්තලගේ සල්ලි වලින් විතරද? යොදවපු මහජන මුදල් නාස්ති උනා, ඔයාලා ඉගෙන ගත්තේ නැති නිසා.. එත් ඒ මහත්තුරු ඉගෙන ගත්ත.. එකම දේ තියෙන්නේ මේ රටේ උගත්තුන්ට නිසි සැලකීමක් නැති එක.. මෙතන අදහස් දක්වන අයට තියෙන්නෙ පැහැදිළි ඊරිසියාව.. වෛද්‍ය වෘතිය විතරයි අද වෙනකොට දේශපාලනීකරණය වී නැත්තෙ.. මෙම වැඩ වර්ජනයෙන් බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීමයි.. මහජන මුදලින් ඔවුන් ඉගෙන ගෙන ජනතාවට සේවය කිරනවා නමුත් කවුරුවත් මහජන මුදල් නාස්තිකරමින් ඉගෙන ගන්නේ නැති කොටස ගැන කතා කරන්නෙ නැහැ..!! මේක විහිළුවක් නෙමෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව කතා කරන වෛද්‍ය මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීම, තර්ජනාත්මක දුරකථන ඇමතුම්, අවසානයේදී බෝම්බ. එක එක්කෙනා කියන විදිහට නටන්න කියලාද කට්ටිය කියන්නෙ? වර්ජනය කළාට කිසිම අමාරු ලෙඩෙක් නොබලා ඉන්නේ නැහැ. පොඩ්ඩක් කට්ටිය ඇස් ඇරලා පාට කණ්ණාඩි ගලෝලා බැලුවොත් හොදයි.(නු)
"මෙන්ඩිස් 2012-08-18 04:51:37 සාමාන්‍ය මිනිසුන්ට අපහසුවක් වන ආකාරයට වර්ජන කරන සියල්ලන්වම සාමාන්‍ය මිනිසුන් විසින්ම ගල් ගසා මරා දැමිය යුතුයි. " දවසක වැඩවැරුම නරකලු. එතකොට මෙයා මිනී මරන්න කතා කරනවා. කොහොමද වර්ජන විරෝධී හොඳ මහත්වරුන්ගේ හිත්වල තියෙන මානව හිතවාදේ? මේකෙන් පෙන්නේ වෙන මොනවත් නෙවෙයි, ඉගෙන ගන්න බැරිවුණා එකා තුළ ඉගෙනගත් එකා ගැන ඇති වෛරයයි. (නි)
මෙහෙම ඉගෙන ගත්ත දොස්තරලාට වැඩිය අපිට හොදයි ඉගෙන නොගත්තු කොන්දොස්තරලා. (නි)
උගත්කම කියන්නේ දොස්තර කෙනෙක් වෙනවා කියන එක නෙමෙයිනේ. (නි)
සමහරු කියනවා දොස්තරලා ඉගන ගත්තේ අපේ සල්ලි වලින් කියලා. මොන තරම් කුහක කතාවක්ද? එක් කෙනෙක් දෙන්නෙක් වැරදි කළාට දොස්තරලා විතරයි රජයේ සේවයෙන් සැළකිය යුතු සේවයක් කරන්නේ. කොච්චර දේශපාලකයන්, කාර්යාල සේවකයන් ඉන්නවාද වංචා දුෂණ කරන? ඒ අයට බණින්නේ නැද්ද? මේක පැහැදිලි ඉරිසියාව. දොස්තරලා කියන්නේ අපි අතරින් හොඳටම ඉගෙන ගන්න කොටස. ඒ අයට වරප්‍රසාද ලබා ගන්න අයිතිය තියෙනවා. තම තමන්ගේ කර්මයේ හැටියට තමයි මිනිස්සුන්ට හොඳ රැකියා ලැබෙන්නේ. තමන්ට නැතිදේට ඉරිසියා කරන්න එපා. අනික ඔය කයිය ගහන මිනිස්සු බෙහෙත් ගන්නේ වෙද මහත්තුරුන්ගෙන් වෙන්න ඇති නේද? (නි)
කුමාර හරියටම හරි. (නි)
කවුරුවත් අහිංසක ලෙඩුන් ගැන හිතන්නේ නැහැ. හැම දේටම වර්ජන. බෝම්බය ගැන පොලිසිය බලා ගනීවි. ඔයාලා කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
ලොකු ලූණු වර්ජනය වගේද? (නි)
මෝඩයන්ට මේවා විහිලු වුණාට තමන්ට බෝම්බයක් ගැහුවොත් හෝ බෝම්බ ගහනවා කියල කිවුවත් ඇති පරාණ භය ඇතිවෙන්න. (නි)
ලූණු වලයි බෝම්බ වලයි එක අතකට මොකක්ද තියෙන වෙනස? (නි)
සම්පූර්ණ වරද රෝගීන් අතේ. මොකටද ඒ වෛද්‍යවරයාගේ ගෙදරට බෝම්බයක් දැම්මේ? කීදෙනෙක් මළත් කමක් නැහැ, බොම්බය දැමූ රෝගියා හොයාගන්න තුරු වර්ජනය නතරකරන්න එපා . (නි)
සිසිර මේක විහිළුක් නොවේ. රට අරාජික වෙනව කියන්නේ. මේකට තමා. අද තිය ප්‍රශ්න දියා මතුපිටින් බලන්නේ නැතුව ආරම්භය බලන්න. (අ)
මම හිතන්නේ නම් දමලා තියෙන්නේ බී ලූණු ගෙඩියක්. කලබල නොවී වැඩට එන්න. (නි)
මේක අපේ රටේ තියන හරිම අවාසනාවන්ත තත්වයක්, සමහරවිට මේ බෝම්බය යවන්න ඇත්තේ තරහකාරයෙක් වෙන්න බැරිද?මේවට නීතිය මගින් පිළිතුරු හොයන්න බැරිද? ඇයි මේ විදිහට මුළු රටේම අහිංසක ජනතාව අපහසුතාවට පත්කරන්නේ? බලන්න හෙට ආයෙත් තව දොස්තර කෙනෙකුට තමන්ගේ පෞද්ගලික හේතුවකට අසල්වැසියෙක් ගැහැවුවොත් හෙටත් මේ අය වර්ජන කරනවද? මේක හරිම අසාධාරණ වැඩක්. කොහෙත්ම අනුමත කරන්න බැහැ.රටේ නීතිය හරියට කරන්න පොලිසියට ඉඩ දෙන්න.එයාල එක කළේ නැත්නම් දෙවෙනි පියවර විදිහට වෙනත් දෙයකට යන්න.බැරිම වුණොත් මානව හිමිකම් ආයතන තියෙනවා ,ඒවාට පැමිණිලි කරන්න. මේවට අපේ රටේ ඉන්න අහිංසකයන් පළි නැහැ.අනික අපි ඉගෙනගත්තේ රටේ ඉන්න අහිංසකයන්ගේ බදු මුදලින්. අඩුම තරමේ අපි ඒකට සළකන්න ඕනෑ. දැන් බලන්න මේ ළගදි හම්බන්තොට පැත්තේ අවුරුදු 17 දුවෙක් මැරුණා,ඒකට හේතුව මා දන්නා තරමින් කජු කාලා බඩේ අමාරුව හැදුන එකට කනේරු ඇට කාලා කියල බෙහෙත් දුන්න එක නේ?(පුවත් පත් වලට අනුව) ඒ අහිංසකයන් මොකද කළේ? ඉස්පිරිතාලේ බඩු කැඩුවද ? වෙන කරන්න දෙයක් නැතිනිසා මානව හිමිකම් එකට පැමිණිලි කළා. වෙන්න ඕනෑ එකයි. රටේ නීතිය වෙන්නේ නැතිනම් කරන්න ඕනෑ දෙවැනි පියවර එයයි. අපි කැම්පස් එකේ කරපු ඒවා රජයේ සේවයට ආවහම කරලා බැහැ.දැන් අපිට වගකීමක් තියෙනවා.දොස්තර මහත්මයා, ඔබතුමාට වුණ සිද්ධියට මම හදවතින්න්ම කණගාටු වෙනවා. මේවා වෙන්න ඕනෑ සිද්ධි නොවෙයි. ඔබතුමා කියන්න මේ වර්ජන නවත්වන්න කියලා.එක ලොකු පිනක්. (නි)
ස්ට්‍රයික් කරන දවස් වලට වැටුප් කපන්න. මෙහෙම අවුරුද්දකට කී වතාවක් නම් මෙයාලා ස්ට්‍රයික් කරනවද? (නි)
මේක විහිළුවක් නෙමෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව කතා කරන වෛද්‍ය මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීම, තර්ජනාත්මක දුරකථන ඇමතුම්, අවසානයේදී බෝම්බ. දේසපාලුවෝ කියන විදිහට නටන්න කියලාද කට්ටිය කියන්නෙ? වර්ජනය කළාට කිසිම අමාරු ලෙඩෙක් නොබලා ඉන්නේ නැහැ. පොඩ්ඩක් කට්ටිය ඇස් ඇරලා පාට කණ්ණාඩි ගලෝලා බැලුවොත් හොදයි. (නි)
මේක හරිම විහිලුවක්නේ.දැන් හැම එකටම වර්ජන. අහිංසක මිනිස්සුයි මේවයින් විදවන්නේ. (නි)
සියලු රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කල යුතු යැයි හැගේ....(ස)
මෙයාලා අනිත් හැම දේම පෞද්ගලීකරණය කරනකල් බලාගෙන හිටියා. කටක් හෙල්ලුවෙ නැහැ. අනිත් අන්ට මොනවා වුණත් කමක් නැහැ අපිට හරියනවා නම් කියලයි මෙයාලා හිතන් ඉන්නෙ. (නි)
අකුරට නීති ක්‍රියාත්මක කළා නම් හරියටම හරි. (නි)
වෛද්‍යවරයෙක් තව වෛද්‍යවරයකුට වස විස දිලා මරන්න හදන කොට, තමන් ළඟට බේහෙත් ගන්න එන ගෑනු අයව නිරුවත් කරල ඡායාරූප ගන්න කොට, වෛද්‍යවරු ගහගන්න කොට, ඒවට වර්ජනය කන්නේ කවුද කියල අහන්න කැමැති. මේ කවුරුත් මහජනතාගේ සල්ලිවලින් ඉගෙන ගන්න ගමන්, එයාල ගේ ලොකුවකම මහජනතාවට පෙන්නවන එක තමා කරන්නේ. (අ)
කුමාර හරියටම හරි (ස)
මේ අය පුද්ගලික බෙහෙත් දෙන එක තැනක් වත් වහනවද වර්ජනය කරනවා කියලා. නෑ. ඒ තැන්යල ගාණට බේත් ටික දෙනවා. (නි)
හැමතැනම බල අරගලය. දොස්තරලා කී දෙනෙක් පහුගිය දවස් වල මරලා දැම්මද? ඒවට විරුද්ධව මොනවත් කළාද ඔය කට්ටිය. සංගමේ ලොකු දොස්තර කෙනෙක් නිසයි මේ හැටි උදවු..(ස)
ඔක්කොම පොඩි බබාල වගේ..(ස)
ලංකාවේ අනිවාර්‍යයයෙන්ම පෞද්ගලික වෛද්‍ය පහසුකම් සලසන්න ඕන.(ස)