IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලුණුගම්වෙහෙරදී රිය අනතුරකින් 6ක් මරුට:3ක් රෝහලේ

(චන්ද්‍රසේන ගමගේ සහ පාලිත ආරියවංශ)
 
ලුණුගම්වෙහෙර, 22 කණුව අසළදී අද (09) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
 
මිය ගිය පිරිස ගාල්ලේ පදිංචිකරුවෝ වෙති. මොවුන් කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් බව අනාවරණය වී තිබේ.
 
මත්තල සිට වැල්ලවාය - මාතර මාර්ගය දෙසට පැමිණි වෑන් රථය පලු ගසක වැදී මෙම අනතුර සිදුවී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන් 9 දෙනෙකු සිට ඇත.
 
තුවාල ලැබූ තිදෙනා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූවන් අතර වෑන් රථයේ රියදුරාද වන බව පොලිසිය කියයි.
 
මිය ගිය අයගේ සිරුරු ලුණුගම්වෙහෙර රෝහලේ  තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

(ඡායාරූප - දිලීප් ජයසේකර)

 



අදහස් (24)

ලුණුගම්වෙහෙරදී රිය අනතුරකින් 6ක් මරුට:3ක් රෝහලේ

දුශාන් Monday, 09 March 2020 03:58 AM

කතරගමත් දෙයියෝ නෑ..

:       3       43

Walter WhiteMonday, 09 March 2020 06:25 AM

සමහර දේව ඇදහිලිත් නිකම් හිතින් මවාගත් ඒවා... ආගමම කියන්නේ පිස්සුවක්නේ... ඔන්න විනෝදයට සංස්කෘතික අත්දැකීමක් විඳින්න වගේ ගියාට අවුලක් නැහැ..

:       32       355

AsankaMonday, 09 March 2020 07:15 AM

ගෙනාව ආයුෂ ඉවරවුණා නම් මැරෙනවා. දෙයියන් අදාළ නැහැ. දෙයියන්ටත් එච්චරයි.. කාටත් එච්චරයි. පුළුවන් නම් නොමැරෙන කෙනෙක්ගේ නමක් කියන්න.

:       3       185

Walter WhiteMonday, 09 March 2020 07:42 AM

සමහර දේව ඇදහිලි නෙවෙයි..., ඔක්කොම දේවඇදහිලි සහ ආගම් කියන්නේ මිථ්‍යාවක්... මිථ්‍යාවක් කියන්නේ කෙප්ප කෙබර...

:       11       141

Dewa Monday, 09 March 2020 04:22 AM

මේක තමයි හයිවේ මේනියාව... ඕකට බෙහෙත් නැත.

:       4       75

rana Monday, 09 March 2020 04:38 AM

ඇයි මේ..?

:       3       18

raviMonday, 09 March 2020 07:51 AM

තමන්ගේ සහ පදවන වාහනයේ , තරාතිරම තේරුම් ගන්න බැරි අයට මේ වගේ අනතුරු සිද්ද වෙනවා. මෙයාලා මේ වැරදි චිත්‍රපටි බලපු අය.. චිත්‍රපටිවල කරන දේවල් සැබෑ ජීවිතයේ කරන්න අපහසුයි..!

:       1       35

ධම්ම Monday, 09 March 2020 04:51 AM

මිනිසුන් මියයනවිට දුකයි. මරණයට අත වනා ඉල්ලා සිටින්නවුන් ගැන තවත් දුකයි. මෙයට විසඳුම ලෙස පාර අයිනේ තියෙන පලුගස ඉවත් කිරීමට කෙනෙක් යෝජනා නොකළොත් තමයි පුදුමේ..

:       1       36

Walter WhiteMonday, 09 March 2020 06:21 AM

පරිසරයට, ගස්වලට අපි කොයිතරම් ආදරය කළත්, මේ වගේ අවස්ථාවකදී ගස ඉවත් කිරීම සුදුසුයි. වේගයෙන් ධාවනය කළ හැකි මාර්ගවල මාර්ගයට ඉතා සමීපව ගස් තියෙනවා කියන්නේ අනතුරුදායක දෙයක්...

:       106       4

almeida Monday, 09 March 2020 05:08 AM

ඉතාම හෙමින් ගිහිල්ලා තියෙනවා කියලා පේනවා. පැයට කිලෝමීටර 120 කින්වත් යන්න ඕනෑ. මේ විදිහට අලාභහානි වෙන්න.

:       0       108

Ranjith Monday, 09 March 2020 05:14 AM

කියන්න දෙයක් නැහැ.. නින්ද වෙන්න ඇති.. එළිවෙන යාමේ රිය පදවනවා නම් කරුණා කරලා කලින් දවසේ හොඳට නිදාගන්න. බොන්න එපා. ඒ වගේම වේගය පාලනය කරගන්න. සාමාන්‍ය මාර්ගයේ අධික වේගයෙන් ඔබ ගියත්, ගමනට ගතවන කාලෙන් ඔබට ඉතිරි කරගත හැක්කේ පැය 1/2 කටත් අඩු කාලයක්... ඔබට දැනෙන්න ඕනේ, වේගය වැඩිවෙද්දී වාහනයේ පාලනය ඔබ අතින් ගිලිහෙන බව... ඔබ විතරක් නෙමෙයි අනිත් අයවත් අනතුරකට කැඳවනවා. වෙන කියන්න දෙයක් නැහැ. එච්චරයි..

:       0       166

Chandana FMonday, 09 March 2020 05:52 AM

සත්තකින්ම...

:       0       15

sarath kuruMonday, 09 March 2020 07:59 AM

රංජිත්, ඔබ කියපු දේ සහතික ඇත්ත.

:       0       4

perera Monday, 09 March 2020 05:55 AM

ඔය වාහනයේ ගිය අය සේරම සීට් බෙල්ට් පැළදගෙන සිටියානම් මැරෙන්නේ එක්කෙනයි. ඉස්සරහ ආසනයේ ගිය කෙනා විතරයි. අනිත් අය ඔක්කොම මැරිලා තියෙන්නේ වීසිවෙලා ගිහින්. ලංකාවේ ඉතින් ඉන්නේ ඔක්කොම චන්ඩිනේ. යකඩෙන් හදල කියල හිතන් ඉන්නේ, ලංකාවේ කාර් වල පිටිපස්සේ යන අයත් සීට් බෙල්ට් දාන්නේ නැහැ. අම්මා, තාත්තා සීට් බෙල්ට් දාගෙන නමුත් පොඩි ළමයි ඉස්සරහ සීට් දෙක අතර හිටගෙන යනවා මම දැකලා තියෙනව. කාර් එකක් හැප්පිලා ඉස්සරහ වින්ඩ් ස්ක්‍රීන් එක කඩාගෙන එළියට විසිවෙලා ඒ කාර් එකටම යටවෙලා පොඩි ළමයෙක් මැරුනා. දැනට කලකට පෙර, ඕකට දඩ ගහනකොට පොලීසියට බනින මෝඩයෝ ඉන්නේ.

:       1       97

Gunda Monday, 09 March 2020 05:56 AM

මේ ජාතියේ වෑන් අනතුරට ලක් වෙනවා බොහොම වැඩියි .හේතුව මේවයේ රියදුරෝ හිතන්නේ මේවා රෙසින් කාර් කියලා. ගිය සතියේ ඔමාරගොල්ලේදී අනතුරට ලක් වුනෙත් මේ එකක්. මේවා තියෙන අය ප්‍රවේසමෙන් යන්න හිතට ගන්න.

:       0       51

NuwanMonday, 09 March 2020 07:18 AM

සහතික ඇත්ත. කේ.ඩී.එච් කිව්වම හිතන්නේ ලස්සනට කෑලි එල්ලලා ලයිට් දැම්මම මාර ආරක්‍ෂිත වාහනේ කියලා. ඒ වගේමයි ගණනුත්....වෙන රටවල ඩිලිවරි වෑන්, අපේ රටේ සැප වාහන, මේවා ඔරොත්තු දෙන්නේ නැහැ අධික වේගෙන් යන්න.

:       1       33

Walter White Monday, 09 March 2020 06:18 AM

හරිම කණගාටුදායක සිදුවීමක්, වාහනයේ ඉස්සරහ කුඩුපට්ටම් වෙලත් ඩ්‍රයිවර් තුවාල ලබලා විතරයි, පිටුපස අසුන් වල සිටි අය මිය ගිහින්, මේකට හේතුව සීට් බෙල්ට් දාගන්නේ නැතිකම, අනතුර වෙනකොට වාහනේ අධික වේගයකින් ධාවන වෙනවා නම් වාහනය වගේම ඇතුලත සිටින මිනිසුන්ටත් ඒ වේගය තියෙනවා, මිනිසුන්ගේ ශරීරයේ අභ්‍යන්තර අවයවයන්ටත් ඒ වේගය තියෙනවා, දැන් වාහනය දෘඩවස්තුවක ගැටිලා ක්ෂණිකව වේගය නතර වුනාට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට එහෙම වේගය නතර කරගන්න බැහැ.. ඔවුන් වාහනය තුල බඳෙහි ගැටෙනවා. අභ්‍යන්තර අවයවත් ශරීරය තුල ඝට්ටනය වෙනවා, මොලය හිස් කබල තුළත්, අනෙක් වැදගත් අවයව ඉල ඇට කූඩුව තුලත් ඝට්ටනය වෙලා තුවාල වෙනවා. පිටට පෙනෙන්න ලොකු තුවාල නොතිබුනත් සුෂුම්නාව බිඳෙනවා මොලයේ දරුණු තුවාල අභ්‍යන්තර අවයවයන්හි දරුණු තුවාල ඇති වෙනවා. ඒ නිසයි වාහන වල සීට්බෙල්ට් සහ එයා බෑගයන් වගේ ආරක්ෂක උපාංග සවිකර තිබෙන්නේ, මේවා වලින් නියමිත ආරක්ෂාව ගන්නත් ආසන පටි පැළඳ සිටීම අනිවාර්යයි. කරුණාකරලා වේගය පාලනය කරගන්න. ආසන පටි පළඳින්න. නීතිවලට අනුකූලව රිය පදවන්න.

:       6       50

මුණසිංහMonday, 09 March 2020 09:13 AM

ඉතාම නිවැරදි විග්‍රහයක්. සියලු දෙනා සිතට ගන්න.

:       0       7

ajith Monday, 09 March 2020 07:25 AM

මේ ලගකදී පාරවල් අයින්වල ගස් හිටවන්න ගත්තනේ. එතකොට මැරෙන එක තව වැඩි වෙයි.

:       111       1

AsangaMonday, 09 March 2020 08:20 AM

හලෝ ගොන් කතා නොකියා මොලේ පරීක්ෂා කරගන්න.

:       1       48

raviMonday, 09 March 2020 10:27 AM

ලංකාව වගේ රටක.. හැමපාරක් දෙපැත්තේම ගස් සිටුවිය යුතුයි. එතකොට පාරේ තාර රත්වෙලා වාහන, මනුස්සයින්ව පාරේ ඇලවෙන්නේ නැහැ. මේ මාර්ග ඉක්මණින් කැඩිලා බිඳිලා ගරා වැටෙන්නෙත් නැහැ..! වාහනය පදවන්නන් දැනගත යුතුයි. තමන්ගේ වාහනය මාර්ගයේ ඉවතට පැනීම වළක්වාගන්න. පාර අයිනේ තියන ගස්, කොළන් ඇවිත් වාහනවල හැපෙන්නේ නැහැ...!!! නිදිමත.. මත්වතුර.. මත්ද්‍රව්‍ය.. සල්ලාල රිය පැදවීම් තමයි මෙව්වට හේතු...!!! දැන් මෙතන ගහක් වෙනුවට .. පොඩි ළමයි රොත්තක් හිටියානම්...

:       1       9

nalinTuesday, 10 March 2020 10:12 AM

හා නියම මොලේ. දෙන්නෙක්ම කියල තියෙනවනේ. පාර අයිනේ ගස් අයින් කරමු. ඒ වගේම ලයිට් කණු, පාළම්, හෙල්, කඳු, බස් හෝල්ට් , අයින් කරලා, මිනිස්සුන්ට අයිනේ ඉන්නත් තහනම් කරන්න. අනේ අපි මේ ඉන්නේ කී වෙනි ශත වර්ෂයේද ? කොහොමද අපි ඉස්සරහට යන්නේ ? ඔක්කොටම කලින් රියදුරන්ගේ විනය හදන්නම ඕනේ. නැත්නම් නම් මොනවා කතා කළත්, දඩ ගැහුවත්, හිරේ දැම්මත් අනිත් එකා ඒකම කරනවාමයි. ලංකාවේ හැටි එහෙමයි.

:       0       12

raviTuesday, 10 March 2020 11:03 AM

අනේ ඔව් .. එහෙම කරමු. දැන් මේ එලවාගෙන එන වාහන මේ අයට වඩා වැනෙනවානේ.

:       0       0

කපුරුහාමි Monday, 09 March 2020 10:23 AM

හරිම කණගාටුදායකයි. හැමදාම බැලුවම කොහේ හරි රිය අනතුරක්... රියදුරාලගේ නොසැලකිල්ලද? සමහර රියදුරන් යනවා නෙවෙයි ඉගිල්ලෙන්න හදනවා...

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 138 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 153 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 423 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 597 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 497 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 731 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site