IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලතා වල්පොලට ලැබුණු උපන් දින තෑග්ග

2016-11-27-ent-120

දශක හයකට අධික කාලයක් මුළුල්ලේ තම මියුරු හඬින් පේ‍්‍රක්ෂක හදවත් ආමන්ත‍්‍රණය කරමින් සිංහල චිත‍්‍රපට සංගීතය තුළින් සදාතනික මුද්‍රාවක් තබන්නට වෙහෙස වූ ඇය කලාශූරී ලතා වල්පොල, සිංහල සංගීතයේ ආදරණීය ගී කෝකිලාවිය පසුගියදා, සිය 82 වැනි ජන්ම දිනය සැමරුවා. එදා 82 වැනි උපන් දින සැමරුම ඇයගේ ජීවිතයට ගෙන දුන්නේ කෙදිනකවත් නොදැනුණු පුදුමාකාර සතුටකි. ඒ තම සමකාලීන ගායිකාවක් වූ සිනමා අඹරේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක සමග වසර ගණනාවක් තිබූ විරසකයට තිත තබමින් ලතා මහත්මියගේ උපන් දිනය දා මිත‍්‍රත්වයට අලූත් පණක් ලබා දෙමිනි. එලෙසින් පණ ලැබුණු මිත‍්‍රත්වයේ සතුට බෙදා හදා ගන්න කලාශූරී ලතා වල්පොල මහත්මිය සඳැල්ල අප සමග එකතු වුණේ මෙලෙසිනි.

 

අසූ දෙවැනි උපන් දිනයට විශේෂ තෑග්ගක් ලැබුණා නේද?

2016-11-27-ent-118මගේ උපන්දිනය දවසේ ඇන්ජලීන් ටෙලිෆෝන් එකෙන් කතා කරලා මට සුබ පැතුවා. මට හරිම පුදුම හිතුනා. ඇන්ජලීන් සුබ පතද්දි මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටුණා. ලොකු බර දෙයක් ඔළුව උඩ තියාගෙන ඉඳලා බිමින් තිබ්බා වගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනුණා. ඇන්ජි මාත් එක්ක කතා කරපු එක තමයි උපන් දිනය දවසේ ලොකුම තෑග්ග වුණේ.

 

ඇන්ජලීන් මහත්මිය ඔබට කතා කළේ වසර කීයකට පස්සෙ ද?

මට මතක විදිහට අවුරුදු තිස්පහකට විතර පස්සේ

 

සුබ පතලා මොනවද ඇය ඔබට කිව්වේ?

දැන් පරණ දේවල් ඔක්කොම අමතක කරන්න කියලා මට සුබ පතල හොඳටම ඇඬුවා. මටත් දුකේ බෑ. මමත් හොඳටම ඇඬුවා.

 

ඉතින් වසර තිස් පහක් විරසක වෙලා ඉඳලා පරණ දේවල් ඔබට අමතක කරන්න පුළුවන් වුණා ද?

මම මේ අවුරුදු අසූ දෙකටම කිසිම කෙනෙක් එක්ක අමනාප වෙලා ඉඳලා නැහැ. එදා දැක්ක, එදා හිටපු ලතාම තමයි මම අදත්. සංගීත ක්ෂේත‍්‍රයට සම්බන්ධ මාත් එක්ක වැඩ කරපු වාදකයෝ, ගායක ගායිකාවෝ කිසිම කෙනෙක් එක්ක අද වෙනකම් මම රණ්ඩු වෙලා නෑ. නැති තැන එක එක්කෙනාට දෝෂාරෝපණ කරලා නැහැ. මට අද වෙනකම් කවදාවත් තරහකාරයෝ ඉඳලා නැහැ. මම හිතන්නේ ඒක තමයි මම ලබපු ජයග‍්‍රහණය. අදටත් අපේ පරණ අය හම්බ වුණාම බොහෝම සුහදව කතා කරනවා. එදා වගේම හැමකෙනාගෙම ගෞරවය ආදරය මට අදටත් තියෙනවා. පුංචි පුංචි දේවල්වලට ඇන්ජලීන් මාත් එක්ක කතා නොකර හිටියට මගේ හිතේ කවදාවත් තරහක් තිබුණේ නැහැ. එයා මාත් එක්ක කතා කරන්නෙ නැති නිසා මගේ හිතේ ලොකු වේදනාවක් තිබුණා.

 

ඇන්ජි ඒ කාලේ ඉඳලම ටිකක් සැරයි. මට මොන දේවල් කිව්වත් ඒවා මගේ හිතේ කවදාවත් පැසෙව්වෙ නැහැ.

අනේ මට දෙයක් කියන්න අමතක වුණානේ.

ඇන්ජලීන්ගේ මුණුපුරා ඉමල් ජූඞ් පුතා අපි දෙන්නව යාළු කරන්න කාලයක් තිස්සේ ඉඳලම ලොකු උත්සාහයක් ගත්තා. හරිම හොඳ දරුවෙක්. එයා තමයි ආච්චිට බල කරලා තිබුණේ මට සුබපතන්න කියලා. මගේ හිතෙත් ලොකු ආසාවක් තිබුණා ඇන්ජි එක්ක කතා කරන්න. උපන් දිනය දවසේ ඇන්ජිත් කතා කරපු එක මට ලැබුණ ලොකු භාග්‍යයක්.

උපන් දිනය නම් මට විශේෂ නැහැ. උපන් දිනය කියන්නේ අපේ ගමන තවත් ළං වෙන එකනේ. වීසා එක ආවම අපි කවුරුත් යන්න එපැයි. මට සතුටු මැරෙන්න කලින් ඇන්ජලීන් මාත් එක්ක කතා කරපු එකට.

 

අවුරුදු තිස් පහකට පස්සේ ආදරයෙන් කතා කරද්දි ඒ හඬ ඇසුනම ඔබට මොකද හිතුණේ?

ඒ සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. ජීවිතේ අවසාන කාලයේ හරි ඇයට මාව මතක් වෙලා කතා කරපු එක ජීවිතේට ලොකු සැනසීමක් වගේ. සතුට වැඩිකමට ද කොහෙදෝ අපි දෙන්නටම ගොඩක් ඇඬුණා.

 

ඇය ඔබ එක්ක කවදාහරි දවසක මේ විදියට කතා කරාවි කියලා හිතුව ද?

මගේ හිතේ තරහක් තිබුණේ නැහැනේ. කවදාහරි යාළු වේවි කියලා හීනයක් වගේ දෙයක් හිතේ තිබුණා. ඒත් මුණුපුරා නැත්නම් කවදාවත් ඇන්ජලීන් මාත් එක්ක කතා කරන්නේ නැහැ. ජූඞ් පුතා හින්දා තමයි අවුරුදු තිහකට පස්සේ අපි දෙන්නා කතා කරේ. ඒ ගැන ඇත්තටම ඒ පුතාට මම ස්තූති කරනවා. ඇන්ජියි මමයි පිට මිනිස්සු නෙවෙයි. අපි දෙන්නාම ළඟ නෑදෑයෝ.

 

ඉතින් වසර තිස් පහකට පස්සේ යාළුවෝ දෙන්නා මොනවද කතා කළේ?

අපි දෙන්නා ආදරයෙන් කතා කළා. ”ආයෙත් මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙනවා. ආයෙ කවදාවත් කා එක්කවත් අමනාප වෙන්නෙ නැහැ” කියලා කිව්වා.

මම කිව්වා අනේ ඇන්ජි මම ඔයාගෙ ගේ ළඟින් අනන්තවත් එහෙට මෙහෙට යනවා. බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ කියලා. මට බයිපාස් සැත්කම කරපු වෙලාවෙ ඔයා මාව බලන්න ඒවි කියලා හිතුවා. ඒත් ඔයා ආවේ නැහැනේ කියලා. ආපු නැති නිසා මාත් හිතුව ඇන්ජි හොඳටම මාත් එක්ක තරහ ඇති කියලා.

ඇන්ජි අසනීප වුණා කිව්වම බලන්න යන්න හිත කිව්වත් තරහක් හිතේ ඇති කියලා මට යන්න බය හිතුණා. ඒත් එදා මම ටෙලිෆෝන් එක තියන්න කලින් කිව්වා ”ඔයා මාව බලන්න ආවේ නැති වුණාට මම ඔයාව බලන්න එනවා කියලා”

 

ඉතින් බලන්න ගියා ද?

ඔව්. දහතුන්වැනි ඉරිදා මම ඇන්ජලීන්ව බලන්න එයාගෙ ගෙදරට ගියා.

 

ඇය ඔබව පිළිගත්තේ කොහොම ද?

අනේ ලතා කියලා ආදරයෙන් මාව බදාගත්තා. මම කා එක්කවත් තරහ නැහැ. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා හරිම දුකෙන් කිව්වා.

 

යාළුවගෙ ගෙදරට ගිය පයින්ම ආයෙම ආව ද?

අපෝ... අපි පැය හතරක් විතර කතා කර කර හිටියා. ඇන්ජලීන් මාත් එක්ක හරිම සුහදව කතා කළා. ඒ කාලේ අපි දෙන්නා එකට චිත‍්‍රපටිවලට ගිය හැටි, සංගීත සංදර්ශනවලට ගිය හැටි, ඒ කාලේ සුන්දර මතකයන් ආයෙම අපි මතක් කළා. පරණ දේවල් ගැන හුඟක් හිනාවෙවී කතා කළා. පැය හතරක් ගියා කියලා දැනුනෙවත් නැහැ.

මට මතකයි ඉස්සර අපි දෙන්නා සංගීත ප‍්‍රසංගවලට ගියත්, චිත‍්‍රපටිවල ගීත ගායනා කරන්න ගියත් එකට, එක වාහනේ, එක සීට් එකේ තමයි යන්නේ. ඇන්ජි හරි මොඞ්. අපි දෙන්න කතා කළේ ඕප දුප නෙමෙයි. ලස්සන ඇඳුම් ගැන, කෑම හදන විදිහ ගැන, අන්න ඒ වගේ දේවල්. අපේ සෙට් එකේ අනිත් අය කොල්ලො ගැන කතා කරද්දි අපි වැඩිපුර කථා කළේ විලාසිතා ගැන.

ඉතින් ඉස්සර කොහේ සංගීත ප‍්‍රසංගයක් තිබුණත් අපි වෙලාවට කලින් ඒ තැනට යනවා. මොකද ලෑස්ති වෙන්න එපැයි. අපි හැමෝටම වඩා ඇන්ජිට අඳින්න ගොඩාක් වෙලා යනවා. අපි වගේ දඩබඩ ගාලා ඇන්ජිට ඇඳුම් අඳින්න බැහැ.

අම්මෝ ඒ වගේම තමයි ඇන්ජිගෙ හරිම නීති රීති. චුට්ටක් විතර සැරයි. ඇන්ජි කවදාවත් එයාගේ ප‍්‍රතිපත්තිවලින් එහා ගියේ නෑ. ඒ වගේමයි කවදාවත් ඇන්ජි අඩු ගණන්වලට සින්දු කිව්වේ නැහැ. කසිකබල් තැන්වලට ගියේ නැහැ. ඇන්ජි අඳින ඇඳුම් වුණත් ලොකු ගණන්වල සාරි ඇන්දේ. ඔය දෙකයි පනහේ සාරි ඇන්දේ නැහැ. මොන ප‍්‍රසංගයට ගියත් හොඳ කාමරයක්, ඒ පහසුකම් නැත්නම් ඇන්ජිට තරහ යනවා. ඒ හැමදේම හරිම පිළිවෙළට තියෙන්න ඕන. චුට්ටක් සැර වුණාට ගොඩක් තැන්වලට හිත හොඳ කෙනෙක් වුණා.

 

ඇත්තටම මොකක්ද ඔය විරසකය?

ඒ දවස්වල ඇන්ජිත් පත්තරවල දාලා තිබුණා මම ජෝති එක්ක සින්දු කියන්නේ නැහැ කියලා. ජෝතිත් පත්තරවල කියලා තිබුණා මම ඇන්ජි එක්ක සින්දු කියන්නේ නැහැ තරහයි කියලා. ඊට පස්සේ මට ජෝති එක්ක සින්දු කියන්න අවස්ථාව ලැබුණා. ඔය පරණ දේවල් දැන් වැඩක් නැහැනේ. ඒවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.

 

ඇන්ජලින්, ලතා, ජෝති කියන්නේ ඒ කාලේ වේදිකාවේ නැතුව බැරි චරිත?

අම්මෝ ඔව්... ඒ කාලේ මට මතකයි ප‍්‍රසංගයකට ගියහම මිනිස්සු අපට බහින්න දෙන්නේ නැහැ. චිත‍්‍රපටි පන්සීයකට විතර මම සින්දු කියලා තියෙනවා. ඒ හා සමානව ඇන්ජලිනුත් සින්දු කියලා තියෙනවා. එදා අපි චිත‍්‍රපටවලට කියපු සින්දු අද යනකොටත් අපේ හඬින් දන්නවා. ඒ කාලේ මිනිස්සු සින්දු ඇහුවේ මූණ බලලා නෙමෙයි හඬ අහලා. මිනිස්සු ආදරේ කළේ අපේ මූණට නෙමෙයි. අපේ හඬට.

 

ඇන්ජලීන් මහත්මිය එක්ක එකට ගීතයක් කිව්වොත් නරක ද?

මම ඇයව බලන්න ගෙදරට ගිය දවසෙත් ජූඞ්ගෙ සංගීත කාමරයක් තිබුණා. අපි දෙන්න ඒකට ගිහින් සින්දු කිව්වා. අවුරුදු ගණනකට පස්සේ ඒ පුතා ඇන්ජියි මමයි කියපු පරණ සින්දුවක් සොයාගෙන.

”අනේ මට ඒකෙ වචන නම් මතක නැහැ”

ඇන්ජිට කියා ගන්න ටිකක් අමාරු වුණා. වොයිස් එක හරියට එන්නේ නැහැ. තවම අසනීපයිනේ එයාට. ටික දවසක් යද්දි හොඳ වේවි. ඇන්ජිට ඉක්මනටම සුව වෙන්න කියලා මමත් යාඥා කරනවා.

ජූඞ් එයාගෙ මුණුපුරා, අපි දෙන්නට කියන්න සින්දුවක් හදනවා කියලා කිව්වා. වේදිකාවට නම් දැන් අපිට නගින්න බැහැ.

 

ආයෙම ඇන්ජලීන් බලන්න යනව ද?

ඔව්. දවසක් රැුයක් ගත කරලා යන්න එන්න කිව්වා. මම අනිවාර්යෙන්ම ඇන්ජලීන්ව බලන්න යනවා. එයා එක්ක කතා කර කර ඉන්න ආසයි. ආයෙම බලන්න එනකොට ඇන්ජිට චොකලට් කේක් එකක් ඕන කිව්වා. ඒක අරන් ඉක්මනට ඇන්ජි බලන්න යනවා.

ඇත්තටම මම දෙයක් කියන්න ද? ඒක කියන එක හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මම මේ ටික කියන්න ඕනේ.

ඇන්ජිගේ හඬ වගේ හඬක් මේ ලෝකේ ආයේ ඉපදෙන්නේ නැහැ. ඇයට තියෙන්නේ ඇයටම ආවේණික වූ හඬක්. දශක ගාණක් චිත‍්‍රපට සංගීතයට කොයි තරම් සේවාවක් කරපු ගෑනියෙක් ද? ඇය දැන් රෝගාතුර වෙලා. ඇන්ජලීන් ගුණතිලක කියන්නේ පොඩි ගෑනියෙක් නොවෙයි. මේ ආණ්ඩුව පුදුම ආණ්ඩුවක්. රටේ කලාකාරයන්ට සලකන්නේ නෑ. ඇයි බැරි රජයේ ලොක්කන්ට ගිහිල්ලා සැප දුක් බලන්න. චිත‍්‍රපටි ගීත කියපු නිසා අපි පීචං වෙලා ඉන්නේ. ඇන්ජලීන්ට දවසකට බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. ඇන්ජි කාටවත් ඔලූව නවන ගායිකාවක් නෙමෙයි. ටිකක් ආඩම්බරයි. අහංකාරයි. ඒත් රජයට යුතුකමක් තියෙනවා ඇයට යමක් කරන්න. මට ඇන්ජි කොච්චර බැන්නත් මම කවදාවත් කොතැනකදිවත්, පත්තරේකවත් එයාට හිත රිදෙන වචනයක්වත් කියලා නැහැ.

 

නදීශා අතුකෝරල

 

2016-11-27-ent-119



අදහස් (0)

ලතා වල්පොලට ලැබුණු උපන් දින තෑග්ග

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1654 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 726 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 245 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 347 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 157 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site