ලක් සතොස අද සිට දඹුලු ගොවියාගෙන් ලොකුලූනු කිලෝව රුපියල් 65 ගණනේ මිලට ගනියි. යුද හමුදාව ප්‍රවාහන පහසුකම් සැලැසීය. ගොවියකුගෙන් කිලෝ 1000ක් මිලට ගනියි. ලූනු මිල රුපියල් 35 දක්වා පහත වැටී ඇතැයි ලංකාදීප එසැන වෙබ් අඩවිය සිකුරාදා පළකළ පුවතින් පසුව ගොවියාට සහන සැලැසී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හොදයිනේ
මේ ගොවියන්ගේ අස්වනු දුටුවහමත් අපේ හිත් පිරෙනවා. ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ලැබේවා! (නි)
කවුරු කළත් මේවා හොඳ වැඩ. ජය වේවා! (නි)
කුමාර ඔබ හරි....(ස)
රට බේරගත්තා වගේම රාජ්‍ය ආයතනත් බේරා ගැනීමට රාජ්‍යය ආරක්ෂාවට ඉන්න යුධ හමුදා සහය යොදාගැනීම හොද වැඩපිළිවෙලක්. සාධාරන මිළකට ගන්නවා නම්,රාජ්‍ය ආයතන හරහා හරි පාලනයක් වෙනවා නම් ගොවියාටත් වාසියි. අපිටත් වාසියි. අතරමැදියන්,කළුකඩකාරයන් දුකේ. (නි)
මගෙ ස්තුතිය ලංකාදිපට ඹබෙ සේවය අගය කරමි (අ)
හැම පළාතකම ගොවීන්ට මෙහෙම සළකනවා නම් තමයි හොද. (නි)
ඔය කිලෝ ග්‍රෑම් 1000 අරන් මොනවා කරන්නද? පවු ගොවියන් අක්කර 1/2 කට ලක්ෂ 5ක් විතර වියදම් කරලා මහන්සි වෙලා අතින් පාඩු ලබනවා. අපේ සමහර මහත්වරුන් අතරමැදියන් වෙලා ඉතා අධික ලාබයක් ලබනවා. මේකද සාධාරනය? මේ රටේ දැන් සාධාරනයක් තියෙනවාද? (නි)
අපිට මොකද අනේ
මෙතනදී මම දකින්නේ අපේ රටේ තියන වගා ක්‍රමයේ අඩුපාඩුවක්. මොකද එක කාලෙකදි හැමෝම ලූණු හදනවා. තව වෙලාවක ගෝවා, තක්කාලි හදන්න ගත්තහම හැමෝම තක්කාලි හදනවා. මේක වෙනස් වෙන්න ඕනෑ. අපේ ගොවි නියාමකලාට පුළුවන් ගොවියන්ට උදවු කරන්න.අපේ පරිභෝජනයට ගැළපෙන ආකාරයට වගා කරන්න ඕනෑ. කොපමණ කොටසක් අපි රට යවනවද? කොපණ කොටසක් විනාශ වෙනවද? මේවා හොදින් ගවේෂණය කරලා තමයි අපි වගාව තෝරාගන්න ඕනෑ. නැත්නම් හැමදාම බැණ බැණ ඉන්න වෙනවා.අපේ ඇමති තුමත් මේවා හොයල බලලා උපදෙස් දෙන්න ඕනෑ. (නි)
අනේ හොඳයි, කාට හරි හොදක් වෙනවානම්. (ත)
දඹුල්ලේ කොයින්ද ඡන්දයක්? (නි)
මේ මිනිස්සු නිසයි අපි කන්නේ බොන්නේ (දී)
පාලකයිනි, අපේ ගොවියාට සාධාරණයක් කරන්න. අපි කන්නේ ඔවුන් නිසා (දී)
ලන්කාදීපේ යන ලිපිවල හැම පාඨක ප්‍රතිචාරයක්ම මම කියවනවා. රටින් පිට ගිය ගොවියෙක්ම තමාදන්නේ අපේ රටේ ගොවි දෙවිවරු විදින්නේ නරා දුකක් කියලා..... කටකියන්නද... මේ දුක.... (දී)
කරවල කෑල්ලක් දාල තෙල්දැම්මනම් නියමයි...(ස)
මමනම් ගියා සතියේ ළුණු 1kg ගත්තේ රු 100/- ගානේ අස්චර්යද මන්ද ........... (දී)
පොහොර සහනාධාරයට කරගහන්නෙත් බදු ගෙවන සාමාන්‍ය ජනයා, හමුදාව නඩත්තු කරන්නෙත් බදු ගෙවන සාමාන්‍ය ජනයා, සතොසේ පාඩුවලට කරගහන්නෙත් බදු ගෙවන සාමාන්‍ය ජනයා, ආනයනය කරන ළූණු වලට ගහන බද්දට කරගහන්නෙත් බදු ගෙවන සාමාන්‍ය ජනයා. මේ ඔක්කොම කරලා මහජයනයටම තමා වැඩි මිලට ළූණු ගන්න වෙන්නෙත්. (දී)
හොඳ වැඩක් , ඇමති තුමාට මනාපයක් දෙමු . (දී)
ළුණු ගොවියාට ජය වේවා (දී)
අහිංසක මිනිස්සු (දී)
මේ ගහ වැටිල තියෙන්නෙ ලූනු පාත්තියක් උඩටද (දී)
හොද සේවාවක් ලංකාදීපෙන් (දී)
දඹුල්ලේ ඡන්දෙ නිසා ගොවියා ගොඩ ,,,,,, (දී)