තව දින කිහිපයකින් ඇරැඹීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් උළෙල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙයි. ඔලිම්පික් ගම්මානයේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය පිරිස බඳවා ගැනීමට කොන්ත‍්‍රාත් සමාගම අපොහොසත් විය. අවසානයේදී බි‍්‍රතාන්‍ය හමුදාවෙන් සෙබළුන් 3500 දෙනකු බඳවා ගත් නමුත් ඔවුන්ට ගෙවිය යුතු අධික මුදල සමාගමට අතිරේක බරක් වී ඇත.
ලන්ඩනයට බලපාන අස්වාභාවික වසන්තයත් සමග දිනපතාම වාගේ ලැබෙන වැසිවලින් ඔලිම්පික් බිම් පුංචි ජලාශ බවට පත් වී තිබේ.
වැසි නිසා ඔලිම්පික් උද්‍යාන කටයුතු ද පමා වී ඇත.
ලන්ඩනයේ බොහෝ පාරවල ඔලිම්පික් ලාංඡුනය ඇඳ එම මාර්ග සෙසු වාහනවලට තහනම් කිරීම නිසා ලන්ඩනය පුරාම වාහන තදබදයක් පවතී. බස් හා ටැක්සි රියැදුරෝද ඊට විරෝධය පළකරති.
ලොකුම ප‍්‍රශ්නය වීමට ඉඩ ඇත්තේ ආගමන නිලධරයන් 5500 ක් දෙනා හීත්රෝ ගුවන් තොටේ අරඹන්නට යන වැඩ වර්ජනයයි. ඔලිම්පික් උළෙලේ මංගල දිනයට එතියි සිතන තිස්දාහකට පමණ එයින් හිරිහැර වෙතියි කියති. ඔලිම්පික් ගමේ වැඩ ද අවසන් වී නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇරඹුමම කදුලක් වෙලා (දී)
බලාගෙන යද්දි දැන් ලංකාවෙ කට්ටිය ඉස්සර වගේ නිකන්ම මෝඩයෝ නෙමෙයිනේ. (නි)
නාලකලා හිතාගෙන ඉන්නේ එයා ඉන්නේ ලෝකේ හොදම රටේ කියල. ඔය ඉන්න රටේ දැන් අම්මා තාත්තා පවා නැති මිනිස්සු ඉන්නේ. දැන් ඔහේලා ලන්ඩන් ඉදගෙන ලංකාවේ අඩුපාඩු කතා කරනවා. අනේ මෙහෙමත් මිනිස්සු... (නි)
නාලක හරියටම හරි. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)
නාලක කියන්නේ ඇත්ත. ඔබ වගේ කෙලින් ඇත්ත කතා කරන අය හරි අඩුයි. රට හදන්න කලින් මිනිස්සු හදලා ඉන්න ඕනේ. (නි)
අපිට තිබුන ප්‍රශ්න වල හැටියට ඕකත් ප්‍රශ්නයක්ද? අපේ ගෝඨාභය මහත්තයට කිව්‍වා නම් ඔලිම්‍පික් නෙමෙයි, මුලු එංගලන්තයටම ආරක්ෂාව සලසල දෙයි. අපිට තියෙන්නේ ඒ වගේ ශක්තිමත් හමුදාවක්. (නි)
විරාජ්, යන්නේ කොහෙද, මල්ලේ පොල්. නාලක ලංකාවට බැන්නේ නැහැ. ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)
නාලක දන්නේ ටිකයි. තමන්ගේ මවුබිමට ගරහන්න එපා. තිස්ස කියන්නේ ඇත්ත. මම ඉන්නෙත් ලන්ඩන් තමයි.නාලක, හොදට හොයලා බලලා කතා කරන්න. (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ අපි ඉන්නේ ලෝකේ හොදම රටේ කියල. දැන් ඔයාල ලන්ඩන් ඉදගෙන ලංකාවේ අඩුපාඩු කතාකරනවා. ........ (ස)
ලන්ඩන් යන්න කලින් ටීවී එක බලන්නකෝ. එතකොට තේරෙයි ලෝකේ මොනවද වෙන්නේ කියලා.... (නි)
ඇරඹුමම කදුලක් වෙලා, ඔලිම්පික් බලද්දී මා
ලංකාවේ තිබ්බනම් කොහොම වෙයිද (දී)
ක්‍රීඩකයො හතර දෙනයි. නිලධාරීන් දහ දෙනයි. එන්න මේ රට. (ත)
නාලක, ඔයා ඇරගන්න ආසා නිසා මෙහෙම කියනවද දන්නෙ නෑ..හැබැයි කියපු කතාවනම් කැතයි. මමත් ලන්ඩන් ඉඳන් තමයි මෙහෙම ලියන්නෙ. කසාද බැඳපු නෝන චොකලට් කේක් හදල දුන්නට එයා ඔයාට මව්කිරි දීල ලොකු මහත් කලේ නෑ නෙද? එක නිසා ඔයා අම්මා චොකල්ට් කේක් හදන්න දන්නෙ නෑ කියල බනිනවනම් ඒක වැරදියි නේද? නොනගෙ කේක් එක වර්නනා කලාට කමක් නෑ අම්ම කරපු දේවල් අමතක නොකර. (දී)
කවුද නාලක කියන්නේ? එයාට දැන් බලා ගන්න පුලුවන් වෙන්නේ මොකක්ද කියලා. (නි)
ඔලිම්පික් කියන්නේ හොදට සැළසුම් කරලා කරන ලෝකයේ විශිෂ්ඨතම වර්ණවත් ක්‍රීඩා මංගල්‍යයයි. (නි)
නාලකගේ සැර.... පුහ්.. මැස්සෙක් ගිය උඩ කිවුවලු. (නි)
බීබීසී සේවය කියන්නෙ තවම පාරවල්වල ප්‍රශ්ණ තියෙනවා කියලයි.(නු)
තරගේ සවුත්තු වෙයිද (දී)
ඕව ලේසි වැඩ නෙමෙයි (දී)
ලන්ඩන් වලටවත් ලංකාවටවත් බණින්න එපා. මෙවර ඔලිම්පික් උළෙල අන් සියළුම උළෙලවල් වලට වඩා අලංකාරව පැවැත්වේවි. (නි)
කැනඩා පුවත්වලත් කිව්වා ලන්ඩන්වල යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා...(නු)
මම ටැක්සි කාරය මම ආරලා යන්න හරිම සුරයා. මොකක් හරි ටැක්සි ප්‍රශ්නයක් නේ (දී)
නාලක කියපු දෙය නිවැරදියි. (නි)
නාලක හැබැයි ඔස්ට්‍රලියාවේ පුවෘති වලට නම් ලන්ඩන් වල ප්‍රශ්ණ තියනවා කියල පෙන්නුවා .. හැබැයි සුදු මහත්වරුම තමයි එහෙම කිව්වේ ... අනේ මන්ද මේවා ....(නු)
වැරදි කරන්නට ඕනෑම මනුෂ්‍යයකුට ස්වභාවික නීතිය යටතේ අවකාශයක් හිමිවිය යුතු අතර යුක්තිය පසිද ලන්නට අධිකරණ පිහිටුවා ඇත්තේ මේ නිසාය. නීතිඥවරු කියන්නේ මේ වැරදි කළ හෝ නොකළ සැක කරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් පමණි. වරදකරු නම් දඩුවම් පමුණුවන්නටත් නිවරදිකරු නම් දඩුවමින් බේරා ගන්නටත් අධිකරණයට සහය වීම හැර මොවුන්ගේ වෘත්තියේ ඇතැයි මොවුන්ම සිතා ගෙන සිටින රහස කුමක් දැයි අපට නම් නොවැටහේ. මේ මොහොතේ ආසියාවේ ආශ්චර්ය කරා කෙමෙන් පිය නගන ශ්‍රී ලංකාවේ හතලිස් දහසක් පමණ සිය සහෘදයන් මිය ගිය උතුරු නැගෙනහිර මිනිසුන්ට සියලු සැප සම්පත් ලබා දී තිබෙන බව රජය පවසයි. නමුත් අපට අවසන් වශයෙන් පවසන්ට ඇත්තේ මේ මිනිසුන් හට සිය ජ්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්නට නම් මේ මොහොතේ ලබා දිය යුත්තේ රතු තීන්ත බවයි. (නි)
එන්ගලන්තේ ඇවිදලා නාලකට ලංකාව අමතක වෙලාවද්ද? (නි)
ගමරාළේ, සාධාරණ විවේචන අවශ්‍යයි තමයි. නමුත් ඒ ආසියාවේ රටවල් කොල්ල කාලා නැගී හිටපු අනික් බටහිර රටවල් වලට පක්ෂව නම් නෙමෙයි හොදද? (නි)
බීබීසී එකේවත් මෙහෙම දේවල් කිවුවේ නෑනේ.පුදුමයි. (නි)
නාලක, ඔයා ඔච්චර උඩ පැනගෙන සුද්දට ආවැඩුවට එයාලා ආසියාවේ අයව ගණන් ගන්නේ නෑ... නාලක ඔයාටත් ආසියාවේ කෙනෙක් හැටියට තමා සුද්දා සලකන්නේ.... නාලක ඔයාකොහේහරි රෙස්ටුරන්ට් එකක පිඟන් හෝදනවට වඩා අපට ලංකාව දාහකින් සම්පතක්... යම් කලකිරීමකට තියෙන්නේ අපරාද රැල්ල, දේශපාලන ගසාකෑම් සහ අවනීතිය.... (නි)
බොරු කියන්න එපා ..... දවස් 3 කින් වැස්සේ නෑ ..... (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ............ (ස)
ලංකාවේ මිනිස්සු දුප්පත් වුණාට අපේ රට පොහොසත් රටක්. මට ආඩම්බරයි ශ්‍රී ලංකා....... (නි)
කවුද මේ බනින්නෙ..(නු)
බලාගෙන යද්දි දැන් ලංකාවෙ කට්ටිය ඉස්සර වගේ නිකන්ම මෝඩයෝ නෙමෙයිනේ.ලේසියෙන් අන්දන්න බෑ මේ අයව..... (ස)
නාලක, මම ඔයාට මුකුත්ම කියන්නෙ නැහැ.හැබැයි, පින් සිද්ධ වෙයි. මෙහෙට එන්නේ නැතුව එහාටම වෙලා ඉන්න. (නි)
අපි බලමුකෝ ඔය කියන මහ ලොකු ජලාසේ...තව ටික දවසනෙ තියෙන්නේ පටන් ගන්න. අජිත් සහ ඉන්දික, ලංකාවේ ඉපදුනු අය විදියට අපි ලංකාවට ආදරෙයි. හැබැයි, අපි බොරු දේශ ප්‍රේමියෝ නොවෙයි. එසේම බටහිර ජීවත් වෙන ඉතා බහුතරයක් දෙනා නිත්‍යානුකුලව පැමිණි උදවිය. අද ලංකාවේ නීතිය කොහෙද තියෙන්නේ? අද උසාවියට මක් වෙලාද? (නි)
මේවා ලොකු වැඩසටහන්. එහෙම එකක අතපසුවීම් වෙන්න පුලුවන්. (නි)
ලංකාවේ අයට හරි ඉරිසියාවක්නේ තියෙන්නේ මේවා දකිද්දි......ඉරිසියාව නිසා තමයි ලංකාව දියුණු නොවෙන්නේ......(ස)
නාලක, ඔහේ එන්ගලන්තේ වුණාට අපි ලංකාවේ.තමන් උපන් රටට බණින අයට කියන නම දන්නවා ඇතිනේ. (නි)
සල්ලි වලට හැම දේම කරන්න බැහැ. (නි)
ඉන්දික ඔබ හරි. සමහරු ඉන්නවා රට පවා දීලා වීසා ගත්ත අය. එයාලට රටේ වෙන වැරදි විතරයි පේන්නේ. (නි)
නාලකගේ දෙමවුපියෝ ලංකාවේද ඉන්නේ? (නි)
නාලක,කියන දෙයක් විනීතව කිවුවොත් නේද හොද? අනික ඉපදුන රටට බණින්න එපා. (නි)
ඕකනේ බැරි වැඩ කරන්න එපා කියුවේ (දී)
ප්‍රශ්නයක් නැහැ මොකද එහෙ ත්‍රී වීල් රියදුරෝ නැතිනිසා (දී)
නාලකගේ කතාව හරියටම හරි.ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. (නි)
බැරි දේවල් නොකර හිටින් අබරෝ කිවුවලු. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... (නි)
නාලක ප්‍රශ්නේ මොකක් උනත් කරුණාකරලා ලංකාවට බනින්න එපා. අපේ මව් රටට අපි හරි ආදරෙයි. (නි)
හොද වැඩේ. සාධු.... සාධු.... සාධු..... (නි)
අනුන්ගේ වැඩ වලට අත දැම්මට මෙයාලට මෙයාලගේ වැඩක්වත් හරියට කරගන්න බෑනේ......(ස.වි)
තිස්ස , ඔහේ දන්නා දෙයක් නැහැ. බොරු කියන්න එපා හලෝ. තමුන් ජීවත්වෙන රටටම වින කරන ඔහේලා වගේ අයට හරියන්නෙම ලංකාව වගේ රටවල්ම තමයි. G4S එකට අදාල ආරක්ෂා විධි සපයාගත නොහැකි වීම මත හමුදා නිලදාරීන් 3500 දෙනා යෙදවීමට සිදුවීම නිසා එම මුදල (පවුම් මිලියන 82) හමුදාවට ගෙවන්නේ G4S සමාගම මගින්. G4S කියන්නේ ඔහේ නොදන්නවට බ්‍රිතාන්‍යයේ තියන විශාලතම සමාගමක්. එහි වසරක අදායම පවුම් බිලියන 7.5. ඉතින්, එම දඩ මුදල ඔහෙට බරක් උනාට එම සමාගමට බරක් නැහැ. අනික, හැම තැනටම වැස්සට ඔලිම්පික් තියන්නේ ස්ථාන කිහිපයක. ඒවා බහුතරයක් ආවරණය කරන ලද ස්ථාන. අනික සුද්ද වහිනකොට ආ වහිනවා කියල නිකන් ඉන්නවා කියල හිතුවද ලංකාවේ අය වගේ? මම ඊයේ, සහ අද උදෙත් ලන්ඩන් ගියා. සාමාන්‍ය තදබදය තමයි තියෙන්නේ. විශේෂ මං තීරු වෙන් කරලා තියන නිසා ඔලිම්පික් වාහන වලට ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඔහේ ලන්ඩනයේ ජිවත් උනාට එහි නිදහස ගැන දන්නේ නැහැ නේ. මෙහෙ සේවකයන්ට ඉල්ලීම් දිනාගන්න නිදහස තියනවා. ලංකාවේ වහේ සුදු වැන් එන්නේ නැහැ රැට. අනික, වර්ජනය ගැන සාකච්චා යනවනේ. ඉවසීමෙන් ඉන්නවා, කුහකය වෙන්නේ නැතුව. ඔලිම්පික් සඳහා පැමිණෙන සියලුම රටවල ක්‍රීඩකයන්ට (ලංකාවේ 4 දෙනා ඇතුළුව) සුබ පැතුම්! (නි)
ඔන්න එන්ගලන්තෙත් වෙන වැඩ..... (නි)
නාලක, කියන දෙයක් ලංකාවට බණින්නේ නැතුව කිවුවා නම් ඉවරනේ. (නි)
නාලකගේ ප්‍රතිචාරයට ඉඩක් ලැබුන එකම ලොකු දෙයක්. නාලකගේ කීමට මමත් එකඟයි. මෙම තීරුවල ප්‍රතිචාර ලියන අය බොහෝ දුරට මාතෘකාවෙන් පිට යනවා... මෙවයේ ලියන ගොඩාක් අය පක්ෂග්‍රාහී, ආගම්වාදී සහ ජාතිවාදී අය. ඇත්ත ඇති සැටියෙන් බලා තේරුම් ගන්නා අය බොහෝම අඩුයි..... (නි)
ලස්සන තරග වලියක් බලන්න ලැබුනොත් ඇති , අපේ සුරයෝ 4 දෙනාටත් ජයක් අත් වේවා (දී)
කවුරු මොනවා කිවුවත් හොදම ඔලිම්පික් උළෙල මේ පාර තියෙන්නේ ලන්ඩන් වල. (නි)
නාලක අයියේ, වැරදිලාද සිංහල පත්තරයක් බැලුනේ? දවස් දෙකක් ලන්ඩන් ගියේ පාපන්දුවක නැගලද? (නි)
නාලක අපි ලන්ඩන් වල නෙමෙයි ඉන්නේ. තමුන් එහෙ ගිහින් සුද්දෙක් උනාට ලංකාවට බනින්න එපා. ඔලිම්පික් නිසා බ්‍රිතාන්‍යයේ ඇති වෙලා තියන දැවෙන ප්‍රශ්න ටික BBC එකේ දැම්මේ නැති උනාට russia Today එකේ නිවුස් බලන මිනිස්සු දන්නවා. (දී)
ඔලිම්පික් උළෙලේ මුවාවෙන් 1936 ජර්මණියේ පැවති ඔලිම්පික් උළෙලේදි ඔත්තු සොයා, ලෝකය ආරක්ෂා කරන රටටක් වන ජර්මණියට කුඩුවෙන්නට ගැහැව්වා. ඕකට තමයි කියන්නේ කල කල දේ පල පල දේ. (අ)
මොකද්ද තියෙන ප්‍රශ්නේ මට කියන්න මම විසදන්නම් (දී)
නාලක සුද්දන්ට පුදුම විදියට ආවඩනවනේ. (නි)
අපේ රටේ මෙහෙම උනානම් කපෝතියි.......රට කොතරම් බලවත් උනත් වැරදි විය හැකියි......(ස.වි)
නාලක,බොරුවට සුද්දන්ට ආවඩන්න එපා.බොහෝ දුරට ලංකාවේ අසාර්ථකම ඔලිම්පික් එක මේක වෙන්න පුලුවන්. (නි)
නාලකගේ කතාව හරි (දී)
නාලක සහෝ,ඔහෙම ඉන්න .මෙහෙටනම් එන්න හිතන්නවත් එපා..(ස)
නාලක,අමතක කරන්න එපා මේක ඔයාගේ මවුබිම කියලා.සුද්දන්ට රට පාවලා දුන්නේ ඕගොල්ලෝ වගේ කට්ටිය තමයි. (නි)
නාලක කියන්නේ ඇත්ත .අපි අපේ රට හදාගමු....(ස)
කමක් නැහැ කියමුකෝ. අපෙන් ගිය කට්ටියට සුභ පැතුම් (දී)
කොහොමද ඔලිම්පික් තියන්න අපේ රටට දුන්නනම් (දී)
ලන්ඩන් වලත් ප්‍රශ්න නම් අපිට දුන්නනම් මොනවා වෙයිද (දී)