ලන්ඩන් නුවර මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය නව වසරට සුබ පතා ‘මහා අරහන්ත වන්දනා‘ පින්කමක් සංවිධානය කර ඇත. ජනවාරි පළමුවැනි සඳුදා සවස 6 සිට පසුදා උදය 6 දක්වා පැවැත්වෙන මෙම පින්කම දම් දෙසුම් සාකච්ඡා සහ පිරිත් දේශනා ඇතුළත්වෙයි. ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 8.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන මහරහත් වන්දනාව සජීවීව අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම අන්තර්ජාල ලිපිනය www.mahamvnawaimc.org වේ.
මහමෙව්නාව අසපුවේ සියලු හිමිවරු මෙම පිංකම මෙහෙයවීම සඳහා සහභාගී වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය ! දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මේ ලෝකයට පහළ වී වදාල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරවීමට පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහමෙව්නාව භාවනා අසපු සංචිතය ගෞතම බුදුසසුන බබළවමින් බොහෝ කල් ලොව පවතීවා ! මේ සියළු පින් අපි සතුටු සිතින් අනුමෝදන් වන්නෙමු. මහමෙව්නාවේ සිල්වත් සගරුවනට මේ පින්කම සාර්ථකව සිදුකරන්නට සියළු ශක්තිය ධෛර්ය ලැබේවා ! (නි)
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය ලොවට පතුරුවන මහමෙවුනාවට දෙවියන්ගේ උපකාරය ලැබෙවා! (නි)
මහමෙවුනාවේ තවත් වැඩක්. (නි)
මෙම වැඩසටහන සාර්ථක වේවා !! සියලු දෙනාට තෙරුවන් සරණයි (ස)