ලන්ඩන් බෞද්ධ විහාරය ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙවරත් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දාන, සීල, භාවනාදී ආගමික වැඩසටහන් රැසක්ම සූදානම් කර ඇත. මේ අතරට එංගලන්තයේ ඉපදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් වැඩසටහනට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහභාගි වෙයි. පසුගියදා පොලොන්නරුවේදී පරීක්ෂාවට ලක්කරන ලද උල්කාපාත කොටස් සහ එමගින් එළිදරව් වුණ පිටසක්වල ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳව තමන්ගේ මතය සහ පිටසක්වල ජීවීන් පිළිබඳව බුදුදහමේ දැක්වෙන කරුණු අතර ඇති සමානතා ද පැහැදිලි කරන සිසුන් විශේෂ දේශනයක් දොස්තර ඥානිස්සර සුභසිංහ සහ කුසුම් සුභසිංහ ඉදිරිපත් කෙරෙන බොදු බැති ගී වැඩසටහනක් ද විශේෂාංගයෝයි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිල් වැඩසටහනක් පැවැත්වෙන බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී හිමියෝ පැවසූහ. ලන්ඩන් මහමෙව්නා අසපුවේදී දවස පුරාම සීල සමාධි වැඩසටහන් පැවැත්වේ. පොහොය දා සවස සිරි ගෞතම බෝධි වන්දනා වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
හවුන්ස්ලෝ අතුල දස්සන විහාරස්ථානයේදී අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පැවසූහ. විහාරස්ථ තරුණ දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් ඉදිකෙරෙන වෙසක් තොරණේ විදුලි බුබුළු දහසකට වඩා ඇතුළත් වන බව කස්සප හිමියෝ පැවසූහ.
ලන්ඩන් නුවර පමණක් ශ්‍රී ලාංකික විහාරස්ථාන දහයකට වැඩි සංඛ්‍යාවකි. මේ හැම විහාරස්ථානයකටම ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික හෝ විශාල පිරිසක් නිරන්තරයෙන් බණ භාවනාදී වැඩසටහන් සඳහා සහභාගි වීමට පැමිණෙති.
ලේච්වර්ත්, බර්මින්හැම්, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම් සහ ග්ලාස්ගෝ වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර යන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන වල වෙසක් උත්සව සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා නියමයිනේ! (නි)
පද්මා, ඔයත් සල්ලි වලට ටකරන් කෑල්ලට ආගම වෙනස් කරපු කෙනෙක් වගේ පෙනෙන්නේ. ධර්ම ප්‍රචාරය කියන්නේ ඉතා හොඳ දෙයක්. තව කෙනෙක්ව ධර්මය අවබෝධ කරදීලා එයාට සත්‍ය පෙන්නන එක ලොකු පිනක්. බෞද්ධයෝ කවදාවත් සල්ලි දීලා කට්ටිය අදින්නේ නැහ. අන් ආගමිකයෙක් බෞද්ධයෙක් වෙන්නේ සත්‍ය තේරුම් ගෙන. අපි අන් ආගමිකයෝ වගේ මිනිස්සුන්ව බලෙන් හරවන්නේ නැහැ (නි)
රංජනීට දුක හිතිලා. ඇයි ඒ? (නි)
ලංකාවේ තොරන් බලන්න යනවා වගේ කොහෙද අනේ මෙහෙ? (නි)
මෙහි ආගමකට ගරුකරන්න බැරි පිරිස ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ. ඒ තරම්ම ආත්මාර්ථකාමීයි (නි)
බලන්නත් ලස්සනයි
නියමයිනේ..(ස)
දන්සලකුත් තියේවි නේද ? (ස)
අනේ සාධු .. ! (ස)
මේ මිනිස්සු මේවා කරන්නේ හොද සිහියෙන්ද කියලා මම අහන්නේ ලංකාවේ අන්‍ය ආගමිකයන්ට චෝදනා කරන ගමන් එහෙ මේවා කරන නිසා. බෞද්ධ අය ක්‍රිස්තියානි වෙද්දී හරවා ගත්තා කියන කටින්ම සුද්දෙක් බෞද්ධ වෙද්දී සත්‍ය අවබෝධ කළා කියන නිසා. අන්‍ය ආගමිකයින් සිංහල බෞද්ධ සංස්කෘතිය වනසනවා කියන ගමන්ම එංගලන්තේ සුද්දන්ගේ සංස්කෘතිය වනසන දේවල් කරන නිසා. (නි)
එහෙම තමා පද්මෝ. පන්දුවක් දාලා කඩුල්ලක් කැඩුනොත් ඒක ඉතා විශිෂ්ට පන්දුවක්, හරිද? නමුත් ඒ බෝලේටම 6 පාරක් වැදුනොත් ඒ පන්දුව ඉතා දුර්වල පන්දුවක්. ඔයාට තේරුනාද දැන්? (නි)
එහෙහ් අර සේනා මේ සේනා පාරවල් ගානේ කෑ ගගහා ගිහින් නැද්ද? (නි)
පද්ම, ඔය කවදාවත් අහල තියනවද සුද්දේකුට හාල් ගෝනියක් දීල බුද්ධාගමට හරවා ගත්ත කියල. සුද්දෝ බුද්ධාගමටඑන්නේ තමන්ගේ කැමැත්තෙන් පන්සල් හොයාගෙන. එත් ඔයගොල්ලෝ මිනිස්සුන්ව ආගමට ගන්නේ සල්ලි දීල. වරදාන දීල. අන්න ඒකයි වෙනස.(ස)
පත්මාගේ සටහන කිසිම අවබෝධයකින් තොරව පොදු දූසමාන ආරංචි මත පදනම් කරගත් මනසකින් ඇතිකරගත් එකක් බව පැහැදිලියි. ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ශ්‍රී ලාංකික විහාරස්ථාන අන්‍ය ආගමිකයන් බුදුදහමට හරවාගනීම සඳහා කිසිදු ආකාරයකින් කටයුතු කරන ආයතන නොවේ. ආගම් පතුරුවන අනෙකුත් කණ්ඩායම් වලට මෙන් ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය ශක්තියක් හෝ උවමනාවක් මේ තැන්වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට නැත. බුදුදහමේ හරය ගැන පැහැදී විහාරස්තානයන්ට පැමිණෙන අන්‍යාගමිකයන්ට අවශ්‍ය තොරතුරු සහ භාවනාදිය සඳහා උපදෙස් සහ පහසුකම් ලබාදීම ඔවුන් ආගමට හරවා ගැනීමට ක්‍රියා කිරීමක් නොවේ. මේ බොහෝදෙනෙක් උපතින් බෞද්ධයන් වුවන්ට වඩා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති අය බවද කිවයුතුය. ඔවුන් පෙනුමෙන් බෞද්ධයන් නොවෙති.සමහරවිට ඔවුන්ගේ මුල් ආගමද අත්හල අයද නොවෙති. බුදුදහමේ ඇති සත්‍යතාවය සහ එමගින් ජීවිතයට එකතුකරගත හැකි සැනසීම ලබාගැනීම මේ අයගේ බලාපොරොත්තුවයි. උදේ සවස පන්සිල් ගැනීම හෝ ඉන්නා තැන්වල පිරිත් තැටි වාදනය කිරීම ඔවුන් දන්නා බුද්ධාගම නොවේ. ඔවුනට එමඟින් අවාසියක් සිදුවී නොමැත. පත්මා වැනි "කියන්නන් වාලේ කියන අය" මේවග දැනගැනීම ඉතාම වැදගත්වෙයි.(නදී)
පත්මා ඔයා කරුණු දැනගෙන කතා කරන්න. බෞද්ධයෝ සල්ලි දීලා ආගම මාරු කරවන්නේ නැහැ. බුදු පිළිම පොඩි කරලා පාගවලා අනික් අය වගේ දහම ප්‍රචාරය කරන්නේ නැහැ.(නදී) .
කරුණාකර බුදු දහම සමග ඔය කියන විද්‍යාව පටලවන්න උත්සාහ ගන්න එපා.(නදී)
අපේ ලාංකියයෝ ගොඩක් ජීවත් වෙන්නේ අන්ධ භක්තියෙන්. වෙන ආගමක තියෙන හොඳ නරකවත් කියවලා තේරුම් ගන්න බයයි. එහෙම ඉගෙන ගන්න ගියොත් කියන්නේ අන්‍ය ආගමිකයින් බවට පත් වෙනවා කියලා. අපේ ජාතිවාද ආගම බේද නැති කරන්න හැමෝම සියලු ආගම් ගෙන අවබෝදයක් තියෙන්න ඕනෑ. ආගම් ව්‍යාපාර කර ගත්ත ලෝකෙක අපි අද ජීවත් වෙන්නේ (නි)