මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීමෙන් එහි ආ හත් දෙනෙක් දිවි බේරා ගත්හ.
ලොරිය දුම්රියේ හැපෙන්නට පෙර ඔවුහු එළියට පැන ගත්හ. රියැදුරු සහ තරුණියෝ හය දෙනෙක් එහි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නිලධාරීන්ට මොලයක් නැහැ ඔය ගැටළු විසදන්න. නැතුව මුදල් නොවෙයි ගැටලුව.(නදී)
ලංකාවට දුම්රිය හඳුන්වා දී ම ජනතාව මරා දැමීමට කල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක්.(නදී)
කොහොමද අනේ එයාගේ ඇරිල්ල.(නදී)
අපි ගේට්ටු නොදැම්මයි කියලා ආණ්ඩුවට නොබැන දුම්රිය හොයාගත් කෙනාට බණිමුද? (නි)
රටේ මහජන ආරක්ෂාවට ප්‍රමුඛතාවය නොදී බාල් නටමින් මහජන මුදල් නාස්ති කිරීම ගැන නැවත වාරයක් සිත බැලිය යුතුය (නි)
මේකේ ඉවරයක් දකින්න බැරිද? අපේ ඇමති මන්ත්‍රීලට ඉන්න යෙන්චයියො ගණන අඩු කරලා අනාරක්ෂිත ගේට්ටු වලට දාන්න. (නි)
මේ සතියේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක වුන දෙවැනි අනතුර මේ. මාසෙකට දෙක තුනක් රට පුරාම වෙනවා. මේවා ගැන බලලා මේ අනතුරු වලක්වන්න බලධාරියෝ, ප්‍රාදේශීය දේශපාලකයෝ නම් එමටයි. ඒ වුනාට අනතුරුත් එමටයි. (නි)
ලොරිය වීනශ වී තියෙන විදියට හිතෙන්නේ ඒක රේල් පර උඩ නැවතිලා වගේ. වෙලාව තිබිලා තියෙනවා ඔක්කොටම පැනලා දුවන්න. කොහොම නැවතුනද දන්නේ නැහැ. (නි)
මෙවැනි අනතුරු වලදි මුලින්ම වගකිවයුත්තේ දුම්රිය හරස් මග හරහා රථය පදවන රියැදුරා.මෙවැනි ස්ථාන වලට දුම්රිය ගේට්ටු සවි කිරීමේ වගකීම තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට සහ ඇමතිතුමාට. විදුලි දුම්රිය වැනි මහා පරිමාණ කෙරුම් වලට යාමට ප්‍රථම තමන්ට ඡන්දය දෙන අය ගැනත් සිතිය යුතුමයි. ඒ වගේම මහා කෙරුමන් මේවා ගැන සොයන්නේ නැත්නම් ජනතාවට සේවය කිරීමට ප්‍රාදේශීය සබාවට යන නියෝජිතයන්ට, මෙවැනි දුම්රිය හරස් කපොලු වලට යකඩ පීප්ප ගේට්ටු හෝ දමා මුරකරුවන් යොදවන ලෙසට බලකර සිටිය යුතුයි. සේවකයන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදලින් මිස ඔවුන්ගේ සාක්කුවෙන් නෙමෙයිනේ. (නි)
මගුක් කන්න වාසනාව තිබිලා. අනේ සාදු! (නි)
මෙවන් රියදුරන්ගේ රියදුරු බලපත් සදහටම අහෝසි කල යුතුයි. දන්නේ නැති නිසා අහන්නේ දුම්රියේ අලාභ කව්ද පියවන්නේ.(නදී)
ඩිමො බට්ටාගෙ හයිය පෙනෙවනේ. ඉන්දියන් මල ජරාව ගන්නේ නැතුව නියම ජපන් බඩු ගන්න.(නදී)
අන්න කෙල්ලෝ, ඒගොල්ලන්ගේ පින්තුරත් දැම්මනම් හරි අගෙයි. මොකද මේ කට්ටිය වීර ක්‍රියාවක් කරලයි පන බේරාගෙන තියෙන්නේ.(නදී)
කන්තවො ටික වසනාවන්තයි. නමුත් ලොක්ක වැඩ පෙන්නන්න ගිහින්වගේ. අමතක වෙලා බට්ටෙක් බව. කොහොමත් බොහො පිරිමි කාන්තාවන් ඉදිරියේ ශිල්ප දක්වන්න යනවා එවැනි අයට හොඳ පාඩම්.(නදී)
හොද වෙලාවට කට්ටිය පැනගෙන තියෙන්නේ. නැත්තම් කී දෙනෙක් හිටියද කියලවත් හොයා ගන්න වෙන්නේ නැහැ හැපිලා තියන විදියට.මේ වගේ අනාරක්ෂිත තැන් ගොඩක් තියනවා. තවත් වටිනා ජීවිත විනාශ වෙනකන් බලන් ඉන්නේ නැතුව මේවට නිසි පිළියම් යොදන්න (නි)
අර දොස්තර මහත්තයා හදපු ගේට්ටුවත් සවි කරන්න හිතුවොත් හොඳා නේද. හැම එකෙන්ම කොමිස් ගහන්න බලන්නේ නැතිව. (ස)
ලියෝ ජපන් නොවේ කොහේ හැදු එකක් උනත් දුම්රියේ හපුනොත් ඉවර තමා . පුළුවන් නම් ඔයා ජපන් වාහනයක නැගල දුම්රියේ හැපිලා පෙන්නන්න. (ස)
හයක් වට කරගෙන ඉද්දි කෝච්චි බල බලා ඉන්න වෙලාවක් තියනවයෑ? (නි)
මොකක්ද මේකෙන් අපට ගන්න පුළුවන් පාඩම? මගුල් ගෙවල් වලට බුලත් දීලා ආරාධදනා නොකර ඉන්නවද? එහෙම නැත්නම් මගුල් ගෙවල් වලට බුලත් දෙන්න ලොරි වලින් නොගිහින් ඉන්නවද? (නි)
අර මාතර වෛද්‍යවරයෙක් තමන්ම හදල සවිකරන්න තැනක් නැතුව ගෙදර හයිකරගෙන තියෙන දුම්රිය ගේට්ටුවවත් හයි කරනවාද? ඇයි මේ විදිහට මිනිස් ජිවිත ගැන නොසලකන්නේ? ඒ මනුස්සය හදලා තියෙන ගේට්ටුව අරගෙන සවිකළා නම් රටේ ජිවිතතත් ඉතුරු වෙනවා පිටරට යන සල්ලිත් ඉතුරුවෙනවා. හැබැයි ඇමතිලාට ලේකම්ලාට ලැබෙන කොමිස් එක අඩුවෙනවා. ඒත් කමක් නැහැ කොමිස් එක ටිකක් වැඩියෙන් හරි අරගෙන ඒ මනුස්සයාගේ ඒ ගේට්ටුව අරගෙන මේවාට සවිකරන්නකො (නි)
සුබ නැකතින් පටන්ගත්තු මංගල්ලෙට සුබ පතනවා. මට පුදුම මෙවන් අනතුරකදී මේ සම්බන්ධ ඇමතිවරු අඩු වශයෙන් කණගාටුව ප්‍රකාශ කරලවත් නැහැ. අර පාදුක්කේ වුනු මරණ ගැනවත් (නි)
දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. වහාම ලංකාවේ සෑම රේල් පීල්ලක්ම අයින් කරලා කොචිවිවල රෝද ගලවලා පරණ යකඩ බඩු මුදලාලිට විකුණලා, කෝච්චි වලට ටයර් හයි කරලා පාරේ දුවන්න සලස්වන්න ඕනේ. ප්‍රවාහන ඇමතිට වෙලාවක් තියෙනවද රේල් ගේට්ටු හයිකරන්න. අනික ජනාධිපතිට රටේ කොයිතරම් ප්‍රශ්න තියෙනවද? වරායට ප්ලේන් එන්නේ නැහැ, ගුවන්තොටුපොළට නැව් එන්නේ නැහැ. ඇමතිවරු රටේ මංකොල්ල ස්ත්‍රී දුෂණ,මිනීමැරුම්,අල්ලස් කොමිස් මහා පරිමාණයෙන් කරන කොට, ඒවා දිහා හිනාවීගෙන අප්පුඩි ගසන මහජන මෝඩයෝ ගැන කවර කැක්කුමක් රජතුමාට ඇවෙසිද? ජනතාව ගැන කව්ද අද හිතන්නේ. ඡන්දය දාපු අය හිගන්නෝ වෙලා ඉන්න ආසා දෙසපලකයෝ ඉන්න රටක් මේක.(නදී)
ලොරියේ රියදුරා මම හොයාගත්තා අනේ. ඔහු මොහොමඩ් රිස්වාන්. කෙල්ලෝ ටින රූපවතී, අචිනි, ලුම්බිනී, රංගශානි. දම්මි, සුභාෂිනී කෝච්චියේ රියදුරා ආනන්ද පිටිගල.(නදී)
අනේ ඔන්න මාමේ රියදුරා 6 ක් අරන් පැනපි. මේ රියදුරාගේ රියදුරු පතත් නැහැනේ.(නදී)
මම අද යාන්තමින් කොච්චියෙන් බේරුනේ. ගේට්ටුවේ වටිනාකම තේරෙන්නේ ඒ වෙලාවට තමයි. (ස)
ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ..බිහිරි අලියාට වීණා වාදනය කරනවා වාගේ.මේ වගෙ අනතුරු කවදා ඉවරවෙයිද?(ස)
වාහන පදවන රියදුරන් දුම්රිය හරස් පාරකදී රේල් පාර හරහා දමන විටදී සැලකිලිමත් වෙන්න. එතකොට මේ අනතුරු වළක්වාගන්න එක සුළු දෙයක්, සමහර වෙලාවට උණ බම්බු ගේට්ටු දැම්මම වහන අය රෑට නැහැ ගොඩාක් වෙලාවට. අපේ ගෙවල් ළඟ යන එන අපි තමා වහන්නේ. දුම්රිය රියදුරන් නලාව ශබ්ද කරනවා මහා මාර්ගය ආසන්නයේදීම. අපේ අය ඔය ගමටම ඇහෙන්න දාගෙන යන සින්දු රේල් පාර ලඟදි නවත්තලා පොඩ්ඩක් විමසිල්ලෙන් ගියානම් ඔය කෝච්චියේ නලාව සද්දේ ඇහෙනවනේ, එතකොට ළඟ එන අනතුර වලක්වා ගන්න පුළුවන්. අපි කොච්චර රේල් පාරවල් හරහා යනවද? විමසිල්ලෙන් යන නිසා මට කවදාවත් කරදරයක් වෙලා නැහැ. (නි)
දිනපතා සිදුවන දුම්රිය අනතුරු සම්බන්ධව ප්‍රවාහන ඇමතිතුමා , දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා වහාම ක්‍රියාත්මක වන පරිදි පියවරක් නොගන්නේ නම් මහ ජනතාව පියවරක් ගනී ඉදිරි කාලයේදී. (නි)
ලොරිය කිනිහිරේ තියල තැලුවා වගෙයි. කට්ටිය එලියට පැන්නේ නැත්නම් කීදෙනෙක් හිටියද කියලවත් හොයාගන්න බැරි වෙයි. වාසනාවන්. ඒත් පාදුක්කේ සිද්ධිය ගැන කම්පාව තවම හිතෙන් දුරුවෙලත් නැහැ.(නදී)
මගෙ අම්මෝ මෙහෙමත් හෑප්පිල්ලක් එක අතකට හයක් වට කරගෙන ඉද්දි කෝච්චි බල බල ඉන්න වෙලාවක් තියනවයෑ.(නදී)
ආ.. දැන් ආරක්‍ෂිත වැටක් දැම්මා නම් හරි. (නි)
රජතුමා වැඩ පෙන්නන්න ගොස් මංගල රථයට බරපතල හානි... කුමාරියන් හයදෙන දිවි බේරාගනී! (නි)
ඕක තමයි කියන්නේ කලු ගලේ ඔලුව හප්පගන්නවා කියලා. (නි)
අනේ අම්මපා මටනම් තේරෙන්නේ නැහැ මොනවා ලියන්නද කියලා, කමක් නැහැ වටිනා ජිවිත බේරුනානේ. හිත හදාගමු... (නි)
https://www.youtube.com/watch?v=4fR1lgWNnP4 (නි)
ඔය මගුල කරන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)
අපේ රටේ පාලකයෝ බලන්නේ කොමිස් ගහන්ඩ විතරයි.(නදී)
අනේ මන්දා අපේ කට්ටියට තියන හදිස්සිය.ඔය අනතුරු වලින් හිතාගන්න පුළුවන් අපේ ගොඩක් අයට කොච්චර පේනවද?කොච්චර දුර ඇහෙනවද?එතකොට මිනිස්සුන්ගේ සිහිබුද්ධියට මොකද වුණේ?අපේ අය කොහෙද අතරමන් වුණේ? (නි)
මොකෝ කියන්නේ? දැන්වත් උණබම්බු දාමුද? (නි)
අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකේ සිහියෙන් නෙමෙයි. නැත්නම් කොච්චි ගේට් එකක් නැති වුණත් සද්දේ හරි ඇහෙනවනේ වාහනේ යනවිට ? ගැනු ටික වාහනේ ඉදන් රටේ නැති පල් හෑලි කියව කියවා යනවිට රියදුරාට මොනවත් ඇහෙන්නෙ නැති වෙන්න ඇති. මම හොදට දන්නවා අපේ ලංකාවේ කාන්තාවෝ එයාර් පොර්ට් එකකට ගියාම ලංකාව බලා ගමන්කරන අනික් කාන්තාවෝ කට්ටි බෙදිලා හෑලි කියවනවා ප්ලයිට් එකේ ඉන්න අනිකුත් විදේශිකයෝ සබ්දය නවත්වන්නේ ඇතුලේ ඉන්න අරක්ෂකයින්ට කියලා. මේවා හොද පාඩම් ජීවත් වෙලා ඉන්න අයට (නි)
අනුපාතය 6:1 ක් නේ. හොඳ සිහියෙන් නෙමේ රිය පදවල තියෙන්නේ.(නදී)
රියදුරන්ගේ නොසැළකිල්ල නිසා තමයි මෙවැනි විනාශකාරී දේවල් සමග මිනිස් ජීවිත බිලිදෙන්න වෙන්නේ (නි)
අපි සියලුදෙනාම එකට එකතුවෙලා ඇමතිතුමාට කියමු මේකට පිලියමක් කරන්න කියලා. එසේ බැරිනම් ජනාදිපතිතුමාට කියමු. ලංකාදීප පුවත්පත ඒකට අපිට උදවු කරාවී. (නි)
දුම්රිය දෙපාතමේන්තුවට ප්‍රතිපාදන නොමැති නම් වෙනත් විකල්පයකුත් නොමැති නම් අඩුම තරමේ දුම්රිය වලට යොදලා තිබෙන නමක් උපයෝගී කරගෙන ලොතරැයි ටිකට් පතක් ආරම්භ කළ හැකිය. එවිට ආරක්ෂක ගේට්ටු හැදෙනවා, දුම්රිය බාධාවකින් තොරව ඉදිරියට ඇදෙනවා, මිනිස්සුන්ට සුවිප් ඇදෙනවා , රුහුණු කුමාරි කෝටී 2 අද අදිනවා, අපිට එහෙම ඇහෙනවා... (නි)
දැන් මේක දිනපතා අහන්න ලැබෙන ප්‍රවාත්තියක් බවට පත්වෙලා. රජය මේකට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ, රියදුරෝ සැලකිලිමත් වෙන්නෙත් නැහැ. බලධාරීන්ගේ ඇස් දැන්වත් අරුනොත් හොඳයි. නැත්නම් ජීවිත කීයක් බිලිවෙයිද කියන්න බැහැ. ලොරිය රොටියක් වෙලා. (නි)
ආරක්‍ෂිත ගේට්ටුවක් ඇති තැනකදී මෙහෙම වුණා නම් අනිවාර්යෙන්ම රියදුරාගේ වරද. එහෙම නැතුව අනාරක්ෂිත තැනකදී මෙහෙම වුණා නම් ඒකෙ වරද පටවන්න ඕනෑ කවුරුන් හටද...? එම තැන අනාරක්ෂිත වීම ගැන වගකිවයුත්තේ කවුද ..? රියදුරා පිටම වරද පටවලා අත හෝදගන්නේ නැතුව වගකිවයුත්තන් විසින් දැන්වත් මෙයට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන්න, තවත් වටිනා ජීවිත විනාශ වෙනකල් බලා නොයිද. (නි)
මේ පින්කාරියෝ 6ය දෙනා මැරුනේ නැති නිසාද පින්තුර දාලා නැත්තේ? (නි)
අතට ගත් විට ඔබෙ රථය,ඉගිලිලා නොයනු ! සලකනු මග සලකුණු නීතිය පිලිපදිනු! ඉස්සර නම් රේඩියෝ එකේ ඕවගේ ඒවා ගියා. (නි)
ඉවත් කළ යුත්තේ රේල් පාරද? තාර පාරද? මිනිස්සුන්වද? වාහනද ? (නි)
ජපානයේ නම් කෝච්චියක් ආවත් නැතත් (රේල් ගේටුව ඇරලා තිබුනොත් )සියලුම වාහන නියමිත ඉරෙහි නතරකර නැවත ගමන ආරම්භ කළයුතුය.තව කාරණයක් ජපානයේ යම්කෙනෙකු දුම්රියට පැන දිවිනසා ගතහොත් දුම්රියේ සියලු ප්‍රමාද ගාස්තු මියගිය පුද්ගලයාගේ නෑයන් විසින් ගෙවිය යුතුය. (නි)
ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීමට යන මුදලින් උණ බම්බු ගේට්ටු ටිකක් හදලා සමෘද්ධිලාභියෝ ටිකක් ඒවා බලාගන්න පත් කළා නම් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන්නේ. (නි)
රියදුරා සහ තරුණියෝ 6 දෙනෙක්? (නි)
ඔන්න ඉන්දියාවෙන් ගෙනා බඩු වල හැටි. පපඩම් පොඩි කෙරුවා වගේ ටය්ර් 3 තියෙන්නේ. මේක නිකන් හනුමා ගහලා වගේනේ. (නි)