2013 මාර්තු ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර ෂෝබස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ලොව මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 100 දෙනකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන් පළමු ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 73ක වත්කමක් ඇති මෙක්සිකෝ ජාතික කැරොල් ස්ලිම් හේලුය. දෙවැනි ස්ථානය අමෙරිකානු ජාතික බිල් ගේට්ස්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 67 කි. තුන්වන ස්ථානය ස්පාඤ්ඤ ජාතික අවන්සිපෝ ඔටේගාය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 57කි.
මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 10 දෙනා අතර කාන්තාවක් ද වන්නීය. ඇය ප්‍රංශයේ ලලියානේ බෙටන්කෝට්ය. වත්කම ඩොලර් බිලියන 30කි.
මුල් පෙළේ ව්‍යාපාරිකයන් 100 දෙනා ගෙන් 37 දෙනකු ඇමෙරිකා ජාතික ව්‍යාපාරිකයන් ය. පස් දෙනකු රුසියානු ජාතිකයන් වන අතර එක් අයකු චීන ජාතිකයකු ය.
කෝටිපති ව්‍යාපාරිකයන් අතර ලාබාලම ව්‍යාපාරිකයා වන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හිමි ඇමෙරිකා ජාතික 28 හැවිරිදි මාක් සුකර් බර්ග්ය. වත්කම ඩොලර් බිලියන 13.3කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැයිස්තුවේ 22,41,91 ඉන්දියානුවන්.(නදී)
මේකට වැටෙන්නේ සාධාරණ විදියට දියුණූ වුණ මිනිසුන්ගේ නම් පමණයි. (නි)
මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ආසියාවේම කෝටිපතියෙක් ලංකාවෙන් බිහි වුණානේ.කවුරුත් දන්නවද එයා කවුද කියලා....? (නි)
අනේ අපොයි ලංකාව! මේ රටකට ගිය කල දසාව .... (නි)
අපේ ආචාර්ය තුමාගේ නම නැද්ද? (නදී)
අපේ අයට ඔය මැදින් නම දාගෙන පුරුදු නැහැ. කවදා හරි අංක එකට ආපු දවසකම දාන්න කියයි (නි)
කෝටිපතියන් නැති වුණත් " කොටි " නම් ලෝකය පුරාම (නි)
පුදුමයි අපේ රටේ දේශපාලඥයෙක් නැති එක. (නි)
අපේ අහවලාගේ පුතාගේ නම නැද්ද? වෙන්න බැහැ. (නි)
මට මතක් වෙනවා අනේ පිඩු සිටාණන්ගේ කතාව. ඉතින් මෙයාලට බැරිද ලෝකයේ දුප්පත්කම නැතිකරන්න මේ සල්ලි වලින් පොඩි කොටසක් වෙන් කරන්න? (නි)
මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ ආසියාවේම කෝටිපතියෙක් ලංකාවෙන් බිහි වුණා නම්,අද ලෝකයෙන්ම ධන කුවේරයා අනිවාර්යෙන්ම බිහි වෙන්නේ ලංකාවෙන්. ඒක ඉර හද වගේ විශ්වාසයි. (නි)
පළමු ස්ථානය ඇමෙරිකාවේනේ. හොදයි කියන්න බලන්න එහෙනම් එයාවත් ලැම්බෝගිනි,ෆෙරි කාර් ප්ලේන් එකේ ගෙනත් තියෙනවද කියලා. (නි)
කොටින්ගෙන් අල්ල ගත්තු රත්තරන් ටිකයි,හැමදාම රේගුවෙන් අල්ල ගන්න රත්තරන් ටොන් ගානයි එකතු කළොත් ලෝකයෙන්ම පොහොසත් ලංකාවනෙ. (නි)
කවුරු කොහොම කිවුවත් ලෝකයෙන්ම කෝටිපති පවුල ඉන්නේ ලංකාවේ. (නි)
දැනට අවුරුදු 2 කලින් පළමු කෝටි පති 10 දෙනා අතරට ඉන්දියාවෙ 3 දෙනෙක්ම ඇතුලත් වෙලා තිබුනා. ඉන් එක්කෙනෙක් ලෝකේම 3 වෙනි කෝටිපතියා.(නදී)
අනේ අපේ කෙනෙක්ගේ නමක් දාන්න අමතක කරලා .... (නි)
අපෙන් කවුරුවත් නැද්ද? (නි)
මොකද නැත්තේ? අපේ කෙනා තමයි මුලට එන්න හිටියේ. ඒත් ඉතින් තාමත් සල්ලි ගනිනවා, මෙදා පාරත් මිස් වුණා. (නි)
ඇයි ලංකාවෙන් කවුරුත් නැත්තේ? (නි)
මට දුකයි මේකේ අදහස් දාපු අය ගැන. එයාලා දන්නේ ලිඳ ඇතුලේ වෙන දේ විතරනේ. ලංකාව කියන්නේ මහා ලොකු රටක් කියලා හිතාගෙන ඉන්නේ. (නි)
අනිවාර්යයෙන්ම දේශපාලඥයෙක් සිටිය යුතුයිනේ? (නි)
ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගය විදේශ රැකියා. ලක්ෂ ගානක් රට ගිහිල්ලත් අවුරුද්දට ගේන්නේ ඩොලර් බිලියන 6යි. අපේ රටේ තත්ත්වය හිතාගන්න පුළුවන් නේද? (නි)
කුමාර, නැව් නොඑන වරායවල් හදන්නේ, ගුවන් යාන නොඑන ගුවන් තොටුපොළවල් හදන්නේ, පස්ස පුරවල තාර දාල ආදී වීගී මාර්ග හදන්නේ, සත පහකට වැඩක් නැති චන්ද්‍රිකා යවන්නේ පිනටද?(නදී)
කෝ අපේ අය නැද්ද ? (ස)
බලන්නකෝ... ඔතන අපේ නමක් අද හෙටම තියේවි. (ස)
අපේ රටේ නම නොදාන තරමට හොඳයි. නැත්නම් අපිට ලැබෙන ආධාර තව අඩුවෙයි. (නි)
කවදා හරි මමත් මේ ගොඩට එනවා (දී)
අපේ රටේ අය වත්කම් ප්‍රදර්ශනය නොකරන හින්දා බේරිලා ඉන්නවා. නැත්තම් ලංකාව තමා 1ට එන්නේ. (නි)
මට නම් හිතෙන්නේ අපිට තරම් සතුටක් මේ අයට නැතුව ඇති (නි)
කොටිපතියො මැදපෙරදිග ඉන්නවා. ඔවුන්ගෙ නම් ප්‍රසිද්ද කරන්න එන්නෙ නැ. (නදී)
අපේ කව්රුත් නැද්ද? වෙන්න බෑ.(නදී)
ඔය නාම ලේඛනයේ හැටියට අපේ රටෙනුත් 1/2 ක් වත් ඉන්න ඕන අනිවාර්යයෙන්ම හරි විදියට නම්. චන්දෙ ඉල්ලන්න ගියත් බැරකම් ප්‍රකාශ නොදෙන අපේ නායකයෝ ඔය ලැයිස්තුවට නම දායි.(නදී)
අනේ අපේ අයත් ට්‍රයි කරන්නකෝ (නි)
ලංකාවෙ ඇමති මණ්ඩලේ කව්රුත් නැද්ද ?(නදී)
මගේ නමනම් දාන්න එපා හොදේ.(නදී)
මෙය සම්පූර්න අසත්‍යයක් මෙතන අපේ රටේ අයගෙ නම් දාල නෑ. මෙන්න නියම ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)
මගේ නම නැහැනේ.
මම ජිනීවා යනවා. පෙලපාලි යනවා .මගේ නමත් නැත. අපේ පාර්ලිමේන්තුවේ අයත් නැත. පළාත් අයත් නැත. සි .ජේ.ත් නැත. ප්‍රභාත් නැත. අසාධාරණේ වෙනුවෙන් සටන් මෙහෙය වනවා. (නදී)
මගේ නම නැ වගේ. තවම මගේ වෙලාව නරක නැහැ වගේ. නැතිනම් ආදායම් බදු වලට අහුවෙන්න තිබුනා.(නදී)
ලංකාවෙත් කෝටිපතියෝ ඉන්නවා, රජයට අදායම් බදු ගෙවන්න සිද්ද වෙන නිසා පෙන්නන්නේ නැහැ.(නදී)
මේක නම් වෙන්න බැහැ,පළමු තැන අපේ කෙනෙක්... (නි)
මේ සියදෙනා අතර ලංකාවේ එක්කෙනෙක් හරි ඇති. (නි)
කෝටිපති මුල් පෙලේ අය ගැන කරපු සමික්ෂණය හරි කියලා මමත් හිතනවා. එහෙත් ප්‍රබලයා ඇමරිකාවේ කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
අනේ වාසනාවන්.(නදී)
අපේ දේශපාලඥයන් කවුරුත් නැද්ද? (නදී)
මෙතන දාල තියෙන්න තමුන්ගේ උත්සාහයෙන් ව්‍යාපාරවලින් හම්බකරගත් උදවියගේ පමණයි. ජනතාවගෙන් කොල්ල කාලා හම්බකරගත් අයගේ ඒවා නොවේ. ඒ කයි අපේ අයගේ නම් දාලා නැත්තේ.(නදී)
මේ ලයිස්තුවේ ඉන්නේ වැඩකට නැති ව්‍යාපාරිකයන් වෙන්න ඇති. නමුත් නියම ව්‍යාපාරික ඇහින් බැලුවොත් අපේ ලොකු ලොකු කට්ටිය ඔතන ඉන්නම ඕන. අයි ඉලව්වේ, මෙච්චර මහන්සියෙන් (කුඩු) බිස්නස් කරලත් අපේ එකෙක්ගේ නම නෑ කිව්වම අපටත් තරහ යනවනේ. (නදී)
තනි පුද්ගලයින් ගැන කරපු සමීක්ෂණයක් වගෙයි, මොකද කෝටිපති පවුල් ගැන සමීක්ෂණයක් කළානම් අනිවාර්යයෙන්ම ආසියාවේ ආශ්චර්යයෙන් පවුලක් දෙකක් තියෙනවා මුල් 100 ඇතුලත.(නදී)
ණයක් ඉල්ලනවා නම් ඕං අවස්ථාව... (නි)
ඔය ගොඩේ ලංකාවේ දේසපලඥයෙක් වත් නැති කණගාටුවට කාරණයක් මොකද හැම දෙයකින්ම කප් ගහල ඉදිරියෙන්ම ඉන්නේ ලංකාව නිසා.(නදී)
රිස්වාන්, මුල් 100 නෙමෙයි මුල් 1000ම හොයලා බැලුවා, පුදුමයි! ඒත් ඇත්තයි, අපේ කවුරුවත් නැහැ. මට පෙනෙන්නේ අපේ අය ජාත්‍යන්තරයත් අන්දලා වගේ. (නි)
රකිත් එහම වෙන්න බැහැනේ.ලංකාවේ දේශපාලකයෙක් සහ කුඩු වෙළෙන්දෙක් ඉන්නවා.මම හිතන්නේ මේ දෙදෙනා වත්කම් ටික හරියට පෙන්නලා නැතිව ඇති. අපි මේකට විරෝධය පළ කරමු. එතකොට නිවැරදි කරයි. (නි)
අපි අව්‍යාජ මෘදුකාංග මිලට ගත්තා නම්, සදා පළවැනි තමා. (නි)
ඉදිරි සමික්ෂණය අපේ රටෙන් කවුරු හරි යයි. දැන් ඉතිං අපේ රටට අඩු ඒ අය විතරයි (නි)
අනිවාර්යෙන්ම මේකට අපේ රටේ කෙනෙක් ඇතුලත් විය යුතුයි.නැත්නම් මේ සමීක්ෂණය වැරදියි. (නි)
ඕකට අපේ පළාත් ලොක්කෙක් ගේ නමත් තියෙන්න ඕන (ස)
මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා කුමන්ත්‍රනයක්. ඇයි මේකට ලංකාවෙන් කවුරුවත් නැත්තේ? (නි)