උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකාට ලොව දුප්පත්ම ජනාධිපති නාමය පට බැඳී ඇත. හැත්තෑ හත් හැවිරිදි ජනාධිපති එල් මුණ්ඩෝ ස්පාඤ්ඤ පුවත්පත් සමග පැවැසුවේ තම මුළු වැටුපම වාගේ පරිත්‍යාග කරන බවයි.
ඔහුගේ මාසික වැටුප ඩොලර් 12500ක් හෙවත් රුපියල් 1650000කි. එයින් ඩොලර් 1250 (රුපියල් 165000) තම වියදමට තබා ගනිමින් ඉතිරිය පොදුජනයා වෙනුවෙන් පිරිනමයි. ”මට ඒ මුදල හොඳට ඇති. ඊට වඩා අඩු මුදලකින් ජීවත්වන බොහෝ දෙනකු අපේ රටේ ඉන්නවා” උත්තර මන්ත‍්‍රීවරියක වන ඔහුගේ බිරියද ඇගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි. මොන්ටිවීඩියෝ ගොවිපොළක ජීවත්වන ඔහුට ඇත්තේ වොක්ස්වාගන් බීටල් රියකි. එහි වටිනාකම ඩොලර් 1945කි. තමාගේ ලොකුම වියදම එය බව ජනපති කියයි. ඔහුට බැංකු ගිණුමක් නැත. ඔහු කාටවත් ණය ද නැත.
ඔහුට සුරතල් බල්ලෙක්ද සිටියි. ධනවතකු වූ ඇමෙරිකා ජනාධිපති ජෝන් එස්. කෙනඩි සිය වැටුප පරිත්‍යාග කළේය. දුප්පත් පවුලක හැදුණුවැඩුණු හර්බට් හුර්මෝ ජනපති කිසි දිනක රජයේ වැටුප් නොගත්තේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ආදර්ශවත් නායකයන්. මේ වගේ නායකයන් තමයි ලෝකයට ඕන වෙලා තියෙන්නේ. අපේ රටෙත් ඉන්නවානේ මේ වගේ නායකයෝ. ඔබට සුභ පැතුම්..!(නු)
මෙවන් මිනිසුන් මුළු ලෝකෙටම වාසනාවකි.. දීර්ඝායුෂ පතමි..!(නු)
අන්න අපේ රටේ.. යන්න රට වටේ.. ලස්සන ශ්‍රී ලංකාවේ.. අනේ අපට ගිවිසුමක් ගහන්න තිබුණනම් කොච්චර වටිනවාද?(නු)
අපේ රටෙත් මේ වගේ කෙනෙක් හිටියනම් කොයි තරම් හොදද? (නු)
අපිට හිතාගන්නත් බෑ...ලෝකයේ ඉන්න හොඳම නායකයා ඔබ වෙන්න ඕනි. ඔබට දීර්ඝායු (ස)
අපිට හිතාගන්නවත් බැහැ ලෝකයේ ඉන්න හොදම නායකයා ඔබ වෙන්න ඕන... මහතානනි ඔබට දීර්ඝායුෂ..!(නු)
අයියෝ සල්ලි, අපේ ඇමැතිවරුත් පඩිය පරිත්තාග කරලා.... කොමිස් වලින් සතුටින් ජීවත් වන කස්ටිය ඉන්නේ... (නි)
ඉතින් අපේ රටෙත් ඔය විදිහෙ නායකයො ගොඩක් ඉන්නවා. තමන්ට ලැබෙන පඩියෙන් සතයක්වත් වියදම් නොකර, සියලු වියදම් අනුන්ගෙන්ම අරගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන.... (නි)
මේ ප්‍රවෘත්තියෙන් පසුව එයාට සතුරන් වැඩිවෙයිද දන්නෙ නැහැ. (නි)
මේක මේ හීනයක්.. ඇත්ත කතාවක් නෙමෙයි.. නැත්නම් අපේ රටෙත් මේවා ආදර්ශයට ගනී..!(නු)
වැඩක් කරන්නෙ නැතිව ඇති..!(නු)
මෙයා සිංහල නෙමෙයි වෙන්න ඇති..!(නු)
මේ වගේ නායකයින්ට "තිත" තැබිය යුතුය. මෙයා අනෙකුත් ජනාධිපතිවරුනට නරක ආදර්ශයක්. (නි)
අපිට නම් මේ කපේදී මෙහෙම මනුස්සයෙක් ලැබෙන්නේ නැහැ. (නි)
හොද පාලකයෙක්. (නි)
ණයත් නැහැ. බයත් නැහැ. (නි)
අපේ එක්කෙනත් එහෙම තමයි.. හරිම දුප්පත්..!(නු)
අපේ ජනාධිපතිතුමා වගේමයි.. (නු)
කොහොමද අපේ කෙනා..!(නු)
ශබට සදා සැප ලැබේවා.. ඔබ වන් අය රටට කීර්තියක්...!(නු)
ඔවා දෙනු පර හට.. තමා සම්මතෙහි පිහිටා සිට.. කියන්නේ මේකට තමයි.. අනේ අපේ කට්ටියත් මේ වගේ කරන්න පුළුවං නම් ලෝක බැංකුවට ණය නොවී ඉන්න පුළුවං..!(නු)
දිර්ඝායුෂ වේවා! අපෙත් කොච්චර ඉන්නවද? (නි)
අපටත් මේ වගේ නායකයෝ පහළවේවා (අ)
ඔබ තුමාට අපේ ආචාරය ..අපෙත් මේ වගේ අය ඉන්නවනේ..කටින් විතරයි...මටනම් පේන්න බෑ (ස)
මේ වගේ ජනපතිවරුන් අපේ රටටත් ආදර්ශයක්. (නි)
ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයත් පඩි රහිතව තම රාජකාරිය කල කෙනෙක්. (අ)
කටපුරාම මහරජාණෙනි කියලා අමතන්න පුලුවන් කෙනෙක්. (නි)
අපිට එහෙම කෙනෙක් ලබන්න පන නෑ නේ (ස)
Sebea minisek awankai අවංක සැබෑ මිනිසෙක් (අ)
මේ වගේ ආශාවන් නැතිව ජීවත් වන මිනිසුන් දැක ගැනීමට ලැබීමත් සතුටක්. දීර්ඝායුෂ ඔබට.!(නු)
ඒකට අපේ අය..!(නු)
ලංකාවට බැරිද දන්නෙ නැහැ ණයට ගන්න එයාව අවුරුද්දක්වත් ලංකාව පාලනය කරන්න..!(නු)
ඒ උනාට එහෙ මෙහෙ වගේ ආශ්චර්යයක් නැතිව ඇති..!(නු)
නියම මහත්මයෙක්. (නි)
අපේ රටේ නායකයාගේ කපාපු පළුව..!(නු)
ඇඩෙනවා දැක්කාම..!(නු)
බණ්ඩාර මේ වගේ නායකයෝ තමයි රටේ ඉන්න ඕන..!(නු)
අපේ රටේ ඇමතිතුමෙක්ගෙ වැඩිපුර තියෙන වාහනයක්වත් අරගෙන මේ රටේ නායකයාට යවමුද? දුක හිතෙනවා මෙයා ගැන..!(නු)
මමත් කවදාවත් රජයේ වැටුප්‘ ගත්තෙ නැහැ..!(නු)
ඉදිරියවත් අපේ රටෙත් මෙහෙම නායකයෝ පහළ වේවා..මේවා හොද ආදර්ශ..!(නු)
මේවා අපිට වහෙන් ඔරෝ යාලුවනේ. (නි)
මෙවැනි අය ඉස්සරනන් ලංකාවෙ හිටිය කියල මම අහල තියෙනව.(නු)
අපේත් එහෙතමා (අ)
ඉතිං ලංකාවෙත් මේ වගේ තමයි..!(නු)
එයාට සහෝදරයන්, නෑයින් පරපුරක් නැද්ද? (නි)
අපේ රටේ වගේමයි. (නි)
අපි මේම ලිපිය පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි..!(නු)
අයියෝ අපේ රටෙත් සතපහක් ගන්නෙ නැතුව ඔය ඔක්කොම මහජනතාවට පරිත්‍යාග කරන්නේ... (නි)
ආදර්ශමත් පාලකයෙක්..!(නු)
යාන වාහන පිරිවර ගැන වටිනා ඇදුම් ආයිත්ම්වලින් සරසිලා රගපාන අපේ අයට මේ වගේ සරළ ජීවිතය්ක ගෙවන මිනිසෙකුට තියෙන හිතේ සතුට තියෙනවාද?(නු)
අපේ රටේ අයටත් මේවා පෙනේවා..!(නු)
මෙන්න මිනිස්සු ඔබට මගේ ප්‍රණාමය.(අ)
මේක කවුරුහරි දැකපු හීනයක්ද? නැතිනම් කවුරුහරි හදාපු ප්‍රභන්ධයක්ද? මෙපමණ කලක් මම හිතාගෙන හිටියෙ මේ වගේ අය ඉන්නෙ ලංකාවෙ විතරයි කියලා..!(නු)
අන්න නියම ආදර්ශමත් නායකයෙක් ඔබට දීර්ගායුෂ පතමි. (අ)
අනේ! එකම එක දවසකට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකෝ. (නි)
මෙවැනි ජනාධිපතිවරු අපේ ලංකාවෙත් පහළ වේවා..!(නු)
, මෙන්න සැබෑ පාලකවරු (අ)
කොපමණ ආදර්ශවත් නායකයෙක්ද ? අයතා ක්‍රමවලින් මුදල් නොසොයන බුරුතු පිටින් පවුල් ගස්වලට පොහොර නොදමන කෙළින් රාජකාරි කරන නායකයින්ට මහජනතාව පමණක් නොව ස්වභාව ධර්මයත් ආදරය කරයි. ඔහුට අපි සුභ පතමු ! (නි)
ඒකට අපේ අය..!(නු)
මෙන්න අදහන්න වටින මිනිස්සු (ස)
මොහුට ඇත්තෙන්ම ගරු කල යුතුයි (ස)
අපේ අය හිතනවා ඇති මේ වගේ මෝඩයෙක් කියලා.. මේවා අපේ රටේ මිනිසුන් දැන ගන්න ඕන..!(නු)
අපි දෙවෙනියට දුප්පත්. (නි)
අපේ රටෙත් මෙහෙමමයි. (නි)
මේවා බලලා වත් අපේ අය ආදර්ශයක් ගනීවිද?(නු)
අපේ රටේ නායකකාරකාදීන් කොහොමද නේද? (නි)
ඔබ වගේ කෙනෙක් අපිටත් හිටියා නම්... (නි)
ලබන ආත්මේවත් මෙවැනි රටක උපදීවා! (නි)
එතුමාට මාගේ උපහාරය!
හැබැයි අපේ කට්ටියට නම් වාහන දහයක් පහළොවක්වත් නැතුව වැසිකිළියටවත් යන්න බැහැ. (නි)
අන්න ඒකට අපේ අය... (නි)
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ....? (නි)
මේ වාගෙ මිනිස්සු ලංකාවෙ උපදින්න තව අවුරුදු 100ක් විතර යයි. ඒත් කමක්නැහැ කවදා හරි උපදින්න කියල මං අද ඉදල හැමදාම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (ස)
ආ අනේ ලංකාවට ඇවිල්ල බලන්න.. කවුද පොහොසත් එක්කෙනා කියලා.. (නු)
අපේ පාලක ඇත්තන්ට මෙයාව මුණගස්සන්න බැරිද?(නු)
සියලුම රටවල ජනාධිපතිවරුන්ට ඔහුව බැලීමට සැළෑස්විය යුතුය. (නි)
මමත් ඔබට දීර්ඝායුෂ පතමි.. ඔබ උතුම් රටට ආදරේ නියම මනුෂ්‍යෙයක්. !(නු)
හදවතක් තියෙන රාජ්‍ය නායකයෙක් වුනාම එහෙම තමයි.. මෙවැනි රජ්‍ය නායකයන් ලබන්න ඒ රටේ මිනිසුන් මොන තරම් වාසනාවන්තද?(නු)
අපි සෑම විටම අභාග්‍යසම්පන්නයි.. මක්නිසාද යත් අපිට මේ වගේ දේවල් ලබන්න වාසනාවන්ත නැහැ..!(නු)
ඇයි අපේ ජනපති ?? (ස)
මෙවැනි නායකයන් හදවතින් පොහොසත්.. ආදර්ශමත් නායකයෙක්.. ඔබට දීර්ඝායුෂ පතමි..!(නු)
මේ අදහස් දක්වන කිසිම කෙනෙකුට මේ තැන ලැබුණොත් ඔය කියන විදියට කරයිද?(නු)
එහෙත් මෙහේ වගේම තමයි. (නි)
දීර්ඝායුෂ ලැබේවා! (නි)
ජය ශ්‍රී උතුමාණෙනි! (නි)