ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 276ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 40ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.මැතිවරණය ජයග්‍රහණය සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුව තිබිණි .
රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජය හිමි කරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන් ජය වේවා (ම)
ට්‍රම්ප් මහතාගේ කතා එලෙසම කිසිදාක සිදුනොවේ. ඔහුටත් තව ඔබාමා කෙනෙක් හෝ හිලරි කෙනෙක් වීමට අනිවාර්යයෙන් සිදුවේ. (නි)
හිලරිට දැන් හෙරළි කන්න කියමු (නි)
ඒ රටේ මිනිස්සු මෝඩ නැහැ. රටට වැදගත් නිවැරදි තීන්දුවක් ගන්න තරම් ඒ අය බුද්ධිමත් (නි)
හුසේන්ලාගේ පුදුම සහජීවනයක්නේ තියන්නේ බලාගෙන ගියාම. (නි)
නව ජනාධිපතිට සුබ පැතුම්! ඔබගේ පාලනය තුළින් අනෙකුත් රටවලට කරන බලපෑම් නවතීවි කියා පතනවා. ලොව තුළ සුහද වාතාවරණයක් ගොඩ නඟන්න ඔබතුමාට හැකි වෙන්න කියා මම පතනවා (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් ට අපේ සුභ පැතුම්. (ම)
හිලරි පැරදුනාට සතුටු වෙන මහත්තුරු ට්‍රම්ප් කාන්තාවන් ගැන අසභ්‍ය ලෙස කතා කරන වීඩියෝව දැකල නැද්ද දන්නේ නැහැ. තමුන්ගේ නායකයනුත් ඒ වගේ නිසා කමක් නැතුව ඇති.(ම)
සහජීවනයට මරු පහරක්. දැනටමත්, අවාසනාවන්ත සහ අසාධාරණ ලෙස ලේ වැගිරෙන සිරියාව, ඉරාකය, පලස්තීනය වැනි රටවල්වල ජනතාවට තවදුරටත් යකඩ හස්තයෙන් දැඩිව පහරකන්න සිදුවෙනවා නොඅනුමානයි. (ම)
ඇමරිකාව කියන්නේ ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති උඩ වැඩ කරන රාජ්‍යයක්. අපේ රටවල් වගේ නෙවෙයි. ඒකයි ඇමරිකාව තවම ලෝකයේ බලවත්ම රට විදියට තියෙන්නේ. ජනාධිපති පදවියට පත්වෙන පුද්ගලයා අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් වෙන්නෑ.(ම)
මමත් කැමතිවුනේ හිලරි දිනනවට නමුත් අලියනේ දිනුවේ, හිතට පොඩි සහනයක්, ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට සහ මුළු ලෝකයටම යහපතක් වේ කියා සිතනවා. (ම)
හුසේන්ලට හරියට රටට අමාරු ඇති නේද? තවම තේරිලා නැහැ (නි)
අපේ රටට වින කරපු කෙනා පරාද කරමින් ජය ගත්.. ඩොනල්ඩ් ට්‍රම්ප් ට ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම් ..! (ම)
යම් යම් වැරදි ඇතත් ඔහු පුදුම මිනිසෙකි. මෙතෙක් ලොව අත්දුටු පුදුමාකාර ධෛර්යවන්තයෙකි. කවුරුත් සිතුවේ ඔහු අන්ත පරාද වන බවය. ඔහු සැළෙතියි සැමදෙනාම සිතුමුත් ඔහු නොසැලුනේය. මහන්සියෙන් වැඩකොට දිනන්නට වුයේය. තේරීම් ඡන්දයේ බාගයක් දුර යනවිට ඉතිරි වුයේ ඔහු පමණි. ඉතිරි සියල්ලෝ පරාජය භාරගෙන ඉල්ලා අස්වුහ. ඔහු සටන අත් නොහැරියේය. නාමයෝජනා ලැබුණද ඔහු දිනාවි යැයි කිසිවෙක් නොසිතුහ. හෙතෙම වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඉතිහාසත්මක ජයක් ලැබුයේය. ඒ පුද්ගලයා අන් කවරෙකුවත් නොව 45වන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ය. අපි ඔහුටත් ඔහුගේ ධෛර්යයටත් හදවතින් සුබපතමු!
බලා හිටියා කට්ටිය හිලරි දිනලා අපිට උදව් කරයි කියලා. හූ හූ හූ... (නි)
උණුසුම් සුබ පැතුම් ......(ම)
අර සුමනදාස ගොයියා හිලරි දිනනවා කියලද කියල තියෙන්නේ ? (ම)
සුබපැතුම් , ලෝක ත්‍රස්තවාදයට වෙනසක් වෙයි කියල හිතනවා, (ම)
තොටිල්ල පදවන අත අමෙරිකාව පාලනය කරන්නට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී ඇත. එසේ වතුදු ජීවන මංතලේ සත් වන දශකයේ පසු වන ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ව්‍යාපාරික සිටාණෝ අතට අමෙරිකා පාලන යෝධ සුක්කානම ලැබීම වෙනුවෙන් අප ද මෙසේ සුභාසිංසන පළ කරමි. (ම)
කවුරු ඇමරිකාවේ ජනාධිපති වුනත් අපට ලොකු වෙනසක් වෙයි කියන්න බැහැ.ඔය රටවල විදේශ ප්‍රතිපත්ති ආණ්ඩු මාරුවෙන විදියට වෙනස් වෙන්නෙත් නැහැ.ඒවා නොහිතා හිලරි වෙනුවෙන් පුද පූජා පැවැත්වූ අපේ අයට බලවත් කනගාටුව...! (බ)
ගහපු පොල් වැඩකළේ නෑ වගේ (බ)
මම ඊයෙත් ප්‍රර්ථනා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජය ලැබෙන්න කියලයි.මොකද එතුමා ඇමරිකාව විතරක් පාලනය කරන්න කැමති නිසයි .ඒ වගේම අපේ රට කැබලිවලට වෙන්කරන්න මෙතුමා සහබාගි නොවෙන නිසාත් තව දුරටත් විග්නෙෂන්රන්ගේ ෆෙඩරල් රාජ්‍ය සංකල්පය සිහිනයක් ලෙසම පවතීවි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට උණුසුම් සුබ පැතුම් !!!! (බ)
දැන් ක්ලින්ටන් පවුලේ සහ ඔබාමා පවුලේ ගෑවිච්ච ගෑවිච්ච අයට නඩු දාලා දවස ගානෙම උසාවි ගෙන්වන්න පටන් ගනීවිද දන්නෙ නැහැ (නි)
ලෝකයටම සැබෑ වෙනසක් සිදුවේවි. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි දික්කරන්න කාටවත්ම බැරිවේවි (නි)
මගේ ප්‍රශ්න මොකද කිව්වනම් ශ්‍රී ලංකාව කියල රටක් ලෝක සිතියමේ තියන බව ට්‍රම්ප් මහතා දන්නවාද මන්දා. (බ)
මැතිවරණ ප්‍රතිපල පිළිගන්න බෑ. මේක කොම්පියුටර් ජිල්මාට් එකක්. හොර ඡන්ද දාලා. මම තමා දිනුවේ. හිලරි ක්ලින්ටන් එහෙමවත් කියන්නකෝ. (බ)
ඇමරිකාවේ තියෙන්නේ ජාතිකවාදය මිසක් ලංකාවේ වගේ ජාතිවාදය නොවේ. (නි)
අපේ රටට විනකළ කෙනා පරාජය කරමින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම් ..! (නි)
හිට්ලර්ගේ වගේම ට්‍රම්ප්ගේත් ට්‍රම්ප් එක වුනෙත් ජාතිවාදයයි. මිනිහ කරපු රියලිටි ෂෝ එක නිසා සහ විකිලීක්ස් එකේ ජුලියන්ට පින්සිද්ධවෙන්න යම් වාසියක් ලබාගත්ත. ලොකුම පුදුමේ,ඇමරිකානුවන් ඉහතකී අදහස් තියෙන බිස්නස් කාරයෙකුට රට භාරදීපු එකයි. (බ)
මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. ලෝක ත්‍රස්තවාදයට වෙනසක් වෙයි කියල හිතනවා.හිලරි ක්ලින්ටන් දිනුවා නම්.අපිටත්???? (බ)
ඇමරිකන් ජනතාව තමුන්ගේ ජාතිකත්වයට ,අනන්‍යතාවයට, මුල්තැන දුන්නා කියලයි මට හිතෙන්නේ .ඒත් අපි අපේ ජාතිකත්වය බල්ලට දාලා ඇමෙරිකන් පැටන් හොඳයි කිය කිය වලිගෙ පාගගන්න දඟලනවා නේද ? (බ)
ලංකාවට හොඳ කලක් යයි (නි)
ට්‍රම්ප් දිනපු එක හොඳයි. හිලරි ක්ලින්ටන් දිනුවා නම් සමහරවිට තෙවැනි ලෝක යුද්ධයක් ඇති වෙන්න තිබුණා. (නි)
කව්ද දන්නේනෑ හිලරි නෝනා ට සෙත්පතා මෙහෙ පුජා පැවැත්වුවේ ?? (බ)
කොහොමවෙතත් හිලරි ක්ලින්ටන් වැනි උගත් පළපුරුදු ජනප්‍රිය චරිතයක් තමන් වෙත නැඹුරු කරවාගන්නට ද්‍රවිඩ ගෝලීය සංසන්දය වැනි සිංහල විරෝධී බලවේග සමත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයද ලංකාවට සමස්තයක් ලෙස හොඳක් වේයැයි හෝ සිංහලයාට හොඳක් වේයැයි සිතීම මුළාවක්. අපේ පාලකයින්ගේ දුර්වලකම් හොඳින් දන්නා ශ්‍රී ලංකාවිරෝධී ද්‍රවිඩයන් ට්‍රම්ප්ට ළංවෙන්නේ ඔවුන් ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව නව ජනාධිපතිට සහය දෙනවා කියමින් වෙන්න පුළුවන්. ඔවුන්ගේ උපක්‍රම ඒ තරමට බලවත්. අපි රජයක් ලෙස හැමදාම දුර්මුඛ වෙලා. (නි)
ප්රධාන නගර 35න් 31 ම ජයගත්තේ හිලරි. ගම් වල සිටින වැඩි අධ්‍යාපනයක් නොලද සුදු මිනිසුන් නිසා මේක වුණත් දැන් මොනවා කරන්නද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතනවා! (නි)
කවුද හිතුවේ මේ රජය එයි කියලා. සමහර අය උඩුබිරුවට, මොළේ තියෙන මහත්වරු යුතුකම් දන්නවා. (නි)
වෘත්තීය දේශපාලනය කරන පොරොන්දු දී බලයට පැමිණ ඩීල් දමන සැමටම ඇමෙරිකානු ජනතාව කණේ පහරක් ගසා ඇත. ලංකාවේ මෙවන් තත්වයක් කවදා ඇතිවෙයිද? (නි)
අපරාදෙ යාපනය පැත්තේ ගහපු පොල් ගෙඩි ටික (නි)
අපොයි! චැනල් ෆෝ හිලරිට මොකද වෙන්නේ දැන්? (නි)
ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති වල සුවිශේෂී වෙනසක් බලාපොරොත්තු නොවුණත් අන් රටවල් සමඟ සහජීවනය ටිකක් හෝ සාධාරනව, ඉදිරියේදී අලුත් නායකයා සිදුකරාවී කියලා හිතනවා. (නි)
හුසේන් මොහොමඩ්ලා වගේ අයට නම් ඩොනල්ඩ් මරු ඇති (නි)
ලකීගේ කතාව ඇත්ත. (නි)
ජයවේවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට! ඇමරිකානු ජනතාව පොත්තට නොව මොළයට තැන දෙන බව පේනවා! (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජය වේවා! කොටි සංවිධානය භංගවේවා! විනාශ වේවා! සමස්ත ලෝකවාසීන්ට නිදහසේ ජිවත් වෙන්නට ඉඩ ලැබේවා! (නි)
ජය වේවා!! (නි)
ලංකාව කොටින්ගෙන් යන්තම් බේරුනා. ට්‍රම්ප්ට ජය වේවා! (නි)
සුබ පැතුම්! දැන්වත් ලෝකය එකමුතුවේවා! ත්‍රස්තවාදය අවසන් වේවා! (නි)
නව ජනාධිපතිට සුබ පැතුම්! මින් ඉදිරියටවත් ලෝකයේ අනෙකුත් රටවල් වලට අනවශ්‍ය ලෙස බලපෑම් නොකරන විශිෂ්ට ජාතියක් ලෙස ඉදිරියට යාමට ඇමෙරිකා එක්සත් ජනපදයට මඟ පෙන්වන්න නව ජනාධිපතිට හැකි වෙන්නයි අපේ පැතුම! (නි)
සමහරුන්ට උණ ගැනෙයි. අපරාදේ පොල් ටික. කවුරු ආවත් කවුරු ගියත් අපිට වරදින එක මිසක් වෙනනම් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
ඊයේ කට්ටියක් පොලුත් ගැහුවා නේද හිලරිට දිනන්න පුළුවන් වෙන්න කියලා (නි)
අපේ උන්දැලා වගේ නැතුව කියපු දේ කරන කෙළින් මිනිහෙක් කියලා හිතනවා. ලෝක පොලිස්කාරයාගේ භූමිකාවෙන් ඇමරිකාව ඉවත්වීම, ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම ඇතුලුව... උණුසුම් සුභ පැතුම්! (නි)
එතකොට අපි ගහපු පොල්? (නි)
සුබ පැතුම්! (නි)
මගෙනුත් උණුසුම් සුබ පැතුම්! ජයවේවා! දැන්වත් ලෝකෙටත් ලංකාවටත් සහනයක් ලැබේවි (නි)
ට්‍රම්ප්ට ජය වේවා! ඊයෙත් මම කිව්වා වගේම සමහර ආසියාතික රටවල් වල වගේ ඇමරිකානුවන් බඩ ගැන හිතලා වැඩ කරන්නේ නැහැ. රට ගැන හිතලා තමන්ගේ වටිනා ඡන්දය දීලා තියනවා. අපෙත් හිත් නිදහස් දැන්. ඔහුට සුබ පතනවා ! (නි)
මගේ ඡන්දය අපතේ ගියේ නැහැ. (නි)
උණුසුම් සුබ පැතුම්! මේ ජයග්‍රහණය ලොවේ ජීවත්වන සියලුම සත්වයන්ගේ සැපතට හේතු වේවා! (නි)
ට්‍රම්ප් මහත්මාට අපේ සුබ පැතුම්! හිලරි වෙනුවෙන් පොල් ගහපු අයට දැන් සැප ඇති. (නි)
ජයවේවා! (නි)
උණුසුම් සුබ පැතුම් !!!!!!!!!!!!!(ම)
ඇමරිකන් ජනතාව ගත් නිවැරදි තීන්දුවක්. (ම)
අපේ රටේ ජන්දිපතිතුමා කිව්වා නේද දිනන්නේ හිලරි නෝනා කියල..කොහොමද එහෙනම් මෙහෙම වුණේ..? (ම)
සහජීවන අජීරණ කාරයන්ට හොඳ පාඩමක්. එක පිරිසක් බලන් හිටිය හිලරි ඇවිල්ල ආගමන නීති ලිහිල් කරලා එක කට්ටියකට සහෝදරයෝ වගේ ඇමරිකාවේ ඉන්න දෙයි කියල. (ම)
ලෝකය පුරා නැඟීඑන ජාතිවාදී රැල්ලට තවත් උදාහරණයක්. මේ සුදු වර්ණවාදීන් අපේ රටවලට හොඳට සළකයි කියලා නම් හිතන්න එපා. (නි)
අපේ එක්කෙනා හෙට පත්තරෙන් දැනගනීවි. (බ)
නියමයි (බ)
මෙතුමා ඊයේ වෙනකම්ම මැතිවරණය වංචා සහගතයි කියලා කියපු නිසා දැන් ප්‍රතිඵල අවලංගු කළානම් හරි .(බ)
හිලරි දිනුව නම් ආයෙත් කොටි නැගිටිනවා (බ)
තිළිණ, අපි නම් ඒ වගේ කතාවක් අහලා නැහැ (නි)
තිලින, කොහෙදිද එහෙම කිව්වේ? ඔයාට රහසින් කිව්වද? (නි)
උත්සාහවන්තයා ජයගනී (නි)
හිලරි දිනවන්න කියලා උතුරේ පොල් ගහලා ඉටිපන්දම් පත්තු කළා නේද? කොටි හෙවණැලි දැන් කියයිද දන්නේ නැහැ මේකත් මහින්ද දෙවියන්ට අල්ලස් දීලා කළ දෙයක් කියලා. (නි)
හරිම සතුටුදායක ආරංචියක් (නි)
ලැබියයුත්තාට එය ලැබෙනවාමයි (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජය වේවා! (නි)
උණුසුම් සුබ පැතුම්! ඇමරිකන් ජනතාව ගත් හොඳ තීන්දුවක්. (නි)
ලෝකයේ සාමය අගයන ජනතාවට යම් සැකයකින් පසුවීමට සිදුවෙනු ඇත. (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
අපේ අය පත්තර කියවනකොට හැමදාම පෙරහැර ගිහින් ඉවරයි. දැන් ඉතින් ගෙදර තියෙන මුව හමට තලන්නයි වෙන්නේ. (නි)
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ජය වේවා!! ඊයේ කට්ටියක් පොල් ගැහුවත් එක්ක. වෙන්න දෙයක් තියනවා නම් ඒක සක්කරයටවත් වළක්වන්න බැහැ. (නි)
ජය වේවා! ඔබේ ජය ශ්‍රී ලංකාවෙත් ජයයි (නි)
මෙහෙ දඟලපු අයට දැන් කොහොමද දන්නෙ නැහැ (නි)
සුබ ගමන්! (නි)