ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ.
ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වැද සිටිති.
පසුගිය දිනවල පැවැති විවිධ දේශපාලනික සමීක්ෂණ ඔස්සේ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බවට වාර්තා පළ වුවද ඡන්ද සටනේ අවසන් කාල සීමාවේදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගනුදෙනු සම්බන්ධ විවිධ පුවත් පළ වීම හේතුවෙන් ඇගේ ජනප්‍රියතාවය යම් තරමකට අඩුවූ බවද වාර්තා විය.
වෙනසක් බලාපොරොත්තුවන පිරිසගේ ඡන්දය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවනු ඇතැයි ද ඇතැම් වාර්තා සඳහන් කරයි. නමුත් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලදී කාන්තාවන් සම්බන්ධයෙන් පළ කළ ඇතැම් අදහස් දැඩි විවේචනයට බඳුන් විය. ඒ හේතුවෙන් ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අහිමිවීමට ඉඩ ඇතැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගතහොත් ඇමරිකාවේ ජනපති පුටුවට පත්වන පළමු කාන්තාව වීමේ භාග්‍යයද ඇයට උදාවනු ඇත.
ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව ඡන්දයට පෙර දිනකදී වුවද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එරට පුරවැසියන්ට හිමිව ඇති අතර ඒ අනුව ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා සහ නෙවාඩා ප්‍රාන්තවල පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇතැයි ද කියති. ඇමරිකාවේ වේලාවෙන් පෙරවරු 7ට ඡන්දය ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමිත්‍රා බස්නායක හිලරි ක්ලින්ටන්ට කැමතියි වගේ. හිලරි ක්ලින්ටන්ගෙන් ලංකාවට වෙන්නේ මොකක්ද කියලා හිතුවද? (නි)
මා හිතන විදිහට ජය ට්‍රම්ප් මහත්මයාට! හිලරි ගේ දෙබිඩි පිළිවත් ජනතාව දන්නවා . සමහර ආසියාතික රටවල් වගේ ඇමරිකානුවන් මෝඩ වෙන්නේ නෑ. (බ)
ඔලුව නෙමෙයි වෙනස් විය යුත්තේ. ක්‍රමයයි. ක්‍රමය වෙනස් නොවී ඔලුව වෙනස් පමණක් වෙනස්වන මේ ඡන්දෙන් අපේ වගේ රටකට කිසිම වැදගත්කමක් නැහැ. හැම වෙලේම ඔලුව විතරක් වෙනස් කරන්න උත්සහ කරන අපේ රටේ උදවියට මේ ඡන්දෙනුත් පොඩි ත්‍රිල් එකක් ලැබෙනවා වගේ පේනවා තියෙන අදහස් දැක්කම. (බ)
කව්රු දින්නත් පැරදුනත් මම අත හෙලෙව්වොත් කට හොලවන්න ලැබෙයි (බ)
හිලරි දිනුවොත් අපි කැමති , කොහොමත් අපේ මුස්ලිම් බලය ලෝකෙන්ම බලවත් කවුරු දිනුවත් මුස්ලිම් බලය නවත්වන්න කාටවත් බෑ,,දිනයක මේ මුළු ලොවම සත්‍යට යටයි . කවද හරි අපේම මුස්‌ලිම් ජනාධිපතිවරයෙක්අ අමෙරිකාවෙන් එනවමයි (බ)
ඩොනල් ට්‍රම්ප්ට ජයවේවා ජයවේවා (බ)
දේශපාලනය පවුල්වල බූදලයක් නොවිය යුතුය. එමනිසා ට්‍රම්ප් දිනන එක හොඳයි (නි)
ට්‍රම්ප් දිනන්න ඕනෑ. (නි)
ට්‍රම්ප් දිනුවත් හිලරි දිනුවත් විදේශ ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. අමෙරිකානු ජනතාව දිනවියයුත්තේ හිලරියි (නි)
ට්‍රම්ප්, ඔබේ ජය අපේ පැතුමයි! (නි)
හිලරි කියන්නේ යුද මානසිකත්වයෙන් පෙළෙන ගැහැනියක්. දිනුවොත් නම් ඉතින් අපේ රටට මොනවා කරාවිද දන්නේ නැහැ (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා නම් තම හොඳ. හිලරි දිනුවොත් ලංකාවට ෆෙඩරල් ලැබෙන එක නියතයි (නි)
මුන් දෙන්නම ඇරදුනොත් අපේ එකෙක්ව එතෙන්ට දා ගන්න බැරිද? (බ)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)
හැබයි කවුරු දිනුවත් ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ශක්තිමත් රුසියාව චීනය ඉරානය ඇතුළු ඇමෙරිකානු විරෝධී බලමුලුවකට. ඒ වගේම සිරියාව පත්වෙන ජනාධිපතිව ලෝක යුද්දයක් දක්වා ගෙනයවිද කියන ප්‍රශ්නය ලෝකයම බලාගෙන ඉදීවි (බ)
හිලරි දිනුවොත් මුස්ලිමුන්ගේ අවසානය .....(බ)
හිලරි දිනුවොත් ලංකාව කැබලි 3 ට වෙන්වෙනවා, එම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .(බ)
අපේ ඇමෙරිකන් පුරවැසියන් ඡන්දය දුන්නේ කාටද දන්නේ නෑ ? (බ)
මා හිතන විදිහට ට්‍රම්ප් මහත්මයාට ජය. එහෙනම් ලංකාවටත් ජය නියතයි . ට්‍රම්ප් මහත්මයා දිනේවා (බ)
හිලරිට ජයවේවා (බ)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! (නි)
මගේ රටට දළදා හිමි සරණයි, කවුරු ආවත්.... (නි)
අනේ මහමදුල්ලා තමුන්ලගේ ජනාධිපතියෙක් අවා කියන්නේ ඉතින් ලෝකේ එදාට විනාශේ මුලට පය තියනවා. එ්ක නිසා නිකන් ගොනෙක් වගේ හිතන්නේ නැතුව තමන්ගේ ඔලුවේ මොනාද තියෙන්නේ කියල හාරලා බලනවා හිලක් දාල.. (බ)
මේ දෙන්නගෙන් කව්රු දින්නත් එකයි. ඔලුව වෙනස් වුණා කියලා කරන්න තියෙන අනිවාර්ය න්‍යායපත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඔලුව වෙනස් වුණා කියලා ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ඔලුව වෙනස් වුණා කියලා සිදුවෙමින් පවතින සමස්ත ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් අඩු වැඩි වශයෙන් පොඩි පොඩි වෙනස්කම් පමණක් වෙයි. කෙසේ වෙතත් ඔලු වෙනස් කරනවෙලේ අපේ ඔලුව වෙනස් කරගෙන අලුතෙන් හිතන්න පටන්ගත්තනම් මීටවඩා වටිනාකියන දක්ෂ ජනතාවාදී නායකයන් හමුවේවි. මෙය ඇමරිකාවටත් වඩා අපේ රටට සම්බන්ධ කරගෙන සිතනවානම් වඩාත් හොඳයි. (අ)
හිලරි දිනුවොත් ලංකාවට ෆෙඩරල් ලැබෙන එක නියතයි (ම)
අනිවාර්යෙන්ම ඇමරිකාවේ මීළඟ ජනපති හිලරි ක්ලින්ටන්.(ම)
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා නම් තම හොද..මොකද එතුමා කියල තියෙනවා එතුමා ජනාධිපති වෙන්නේ ඇමරිකාවට විතරයි කියල..අනිත් මිනිස්සු මුළු ලෝකෙටම ජනාධිපති වෙන්න හදනවනේ.. (ම)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජය වේවා (ම)
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවම නීති විරෝධී කට්ටිය යවනවා ඒක ලොකු දෙයක් (බ)
හිලරි ලේකම් වෙලා හිටිය කාලේ අපිට කරපු දේවල් මතකනේ. ජනාධිපති වුනහම කොහොම හිටීද. මමනම් ට්‍රම්ප් ට. (බ)
මහින්ද රාජපක්ෂ ට ජය වේවා. (බ)
ට්‍රම්ප්ට ජය වේවා.මටත් ජය වේවා.(අ)
ට්‍රම්ප් හොදයි. අලුත් කෙනෙක් නිසා පොරොන්දු ඉටුකරවී.නීති විරෝධී අය එලවල සුද්දයක් දායි. හිලරි පුරුදු කෙනානේ එතකොට මහාභාණ්ඩාගාරය සුද්දයක් දායි. (අ)
මගේ අදහසට අනුව මේ දෙන්නාගෙන් එක් අයෙකුවත් සුදුසු නැහැ .ඒත් හිලරි මේ මැතිවරණයෙන් ජය ලබනවා. (අ)
සුමිත්‍රා බස්නායකගේ පිළිතුර අනුව මට නම් තේරෙන්නේ අර හැඳි මිටේ නුවණ ගැන (අ)
හිලරි ක්ලින්ටන් තමා සුදුස්සා ඇමෙරිකාව යළි ශක්තිමත් කිරීමට ඇය දිනනවා. (ම)
ඔය දෙන්නගේ කව්රු ආවත් ලංකාවට එකම සෙතේ. මොකද ඒ ලංකාව නොවන නිසා (බ)
සාමාගේ ඡන්දය ලැබෙන නිසා ට්‍රම්ප් දිනාවි (බ)
හිලරි වෙනුවෙන් ලංකාවේ කෝවිලක ශාන්ති කර්මයකුත් කරලා. එංගලන්තේ ඡන්දේට ලංකාවේ උන් ගිහින් සපෝර්ට් කරලා. මේ රට හදන්නේ නැතිව ලෝකය හදන්න යනවා (ම)
හිලරි දින්නොත් ලංකාව පරදිනවා. හිලරි පැරදුණොත් ලංකාව දිනනවා (ම)
ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි දිනන්න ඕනේ (ම)
ට්‍රම්ප් ඔබේ ජය අපේ පැතුමයි (ම)
දිනිය යුත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමුත් දිනන්නේ හිලරි කියල හිතෙනවා .ලංකාවට නම් එ්ක කොහෙත්ම හොද නැහැ මොකද හිලරි කොටි හිතවාදිනියක්.විග්නේශ්වරම්ට හොදයි (බ)
කවුරු ජනපති වුණත් ඇමෙරිකාවේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ.තමන් බලවත් තත්ත්වයට පත්වූ දා සිට ලෝකයේ රටවල් පාලනය කිරීමට යොමුවුණු රටක් විදියටත් ඇමෙරිකාව හඳුන්වන්න පුළුවන්. කියමනක් තියෙනවා ඇමෙරිකාවට සෙම්ප්‍රතිශ්‍යාව හැදුනොත් ඒක ලෝකයට උණසන්නිපාත තත්ත්වයක් වෙනවා කියලා. (බ)
කවුරු ආවත් ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්තිවල ලොකු වෙනස්කම් වෙන්නේ නෑ. ඒ නිසා මේ ඡන්දය ශ්‍රී ලාංකික අපට එතරම් වැදගත් වන්නේද නැත. (බ)
දැන්නම් ලංකාවේ මිනිස්සු මහින්දට හුරේ දාන එක ගැන පුදුම හිතෙන්නේ නැහැ ට්‍රම්පට හිලරිට ජයවේවා කියන හැටි දැක්කහම (බ)