IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලොව සතුට සපිරි දරුවෝ ඕලන්දයේ

ලෝකයේ වඩාත්ම සතුටින්  ජීවත්වන ළමයින් ඕලන්දයේ  සිටින බව  එක්සත් ජාතින්ගේ ළමා අරමුදල 2013 වාර්තාව පවසයි.

සතුටින් ජිවත්වන ළමයින් සිටිනා දෙවැනි රට ස්වීඩනය වන අතර තුන්වැනි රට පින්ලන්තයයි.

සතුටින් ජීවත්වන ළමයින් සිටින රට ඕලන්දය විය. දෙමාපිය රැකවරණය , සෙනෙහස, සෞඛ්‍ය පහසුකම් , අධ්‍යාපනය ක්‍රීඩා, නිවාස හා පරිසර යන අංශ මෙම සමීක්ෂණයට පාදක කරගත්  බවත් ඕලන්දයේ  දිවි ගෙවන ළමයින්ගෙන්  සියයට අනුපහක්ම  වඩාත් සතුටින් ළමා කාළය ගත කරනා බවත් යුනිසෙප්  වාර්තා පවසයි.

 මෙම වාර්තාවේ  වර්ගීකරණයට අනුව එංගලන්තයේ 20 වැනි ස්ථානයටත් ඇමෙරිකා  එක්සත් ජනපද 21 වැනි ස්ථානයටත් පත්ව සිටියි.

 



අදහස් (0)

ලොව සතුට සපිරි දරුවෝ ඕලන්දයේ

සරත් Monday, 29 April 2013 06:21 AM

මේ වාර්තාවල් මම නම් පිළිගන්නෙන නැහැ. කවදාවත් ඔබගේ ගමට ඇවිත් ගමේ ළමයි කොහොමද කියලා හොයලා බලලා තියෙනවාද. මම හිතන්නේ අපේ රටේ ළමුන් අසතුටින් නැහැ. ඒත් අධ්‍යාපනය නිසා ටිකක් කරදරයි. ඔය අය ඔය සතුට කියන්නේ අවුරුදු 15 විතර වෙනකොට ගෑණු ලමයි හෝ පිරිමි ළමුන් තුන හතරක් ආශ්‍රය කරපු, කානිවල් වලට ගිහිල්ලා කාලා බීලා නටන, රෑට සමාජ ශාලාවලට ගිහින් හැසිරීම වැනි කරුනු දිහා බලලාද දන්නෙ නැහැනේ. එහෙම මැනිමකින් දීලා තියෙනවා නම් අපිට එපා කියමු ඒ මැනීම (නි)

:       0       0

ජයශ්‍රී Monday, 29 April 2013 08:08 AM

ඒ රටවල් වල හෝම්‍වර්ක් , ශිෂ්‍යත්ව විභාග නැහැනෙ. ඒ නිසා ළමයි සෙල්ලම් කරලා සතුටින් ඉන්නවා. (නි)

:       0       0

නිමල් Monday, 29 April 2013 08:24 AM

අනේ සරත්, ඕලන්දය එහෙම රටක් නෙවෙයි. ලෝකෙන්ම ජීවත් වෙන්න තියෙන හොඳම රටවල් වලින් එකක්. (නි)

:       0       0

ප්‍රිස්කෝ Monday, 29 April 2013 02:01 PM

ලංකාවේ දැන් කොච්චර ළමා අපචාර වෙනවද? ඉතින් කොහෙද ළමයි සතුටින් ඉන්නේ? පිටරට වයස 15 කියන්නේ හොඳට දැනුම් තේරුම් තියෙන වයසක්. මෙහෙ වගේ පිස්සු නටන්නෙ නැහැ. (නි)

:       0       0

කුරුවිට Monday, 29 April 2013 08:57 AM

සරත් සහතික ඇත්තයි.(නදී)

:       0       0

උපුල් Sunday, 28 April 2013 07:33 PM

අපේ රට පළමුතැන, මැරතන් දුවද්දී මැරිලා වැටෙන ළමයි සිටින. (නි)

:       0       0

කුමුදු Sunday, 28 April 2013 07:33 PM

ලංකාවෙත් ඉන්නවා, විශේෂයෙන්ම කොළොන්නාව පැත්තේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 28 April 2013 07:42 PM

මේක බොරුවක් අපිත් ඉන්නව පලමු තෑනට අද උදෙත් ලමයි දෙන්නෙක්ගෙ මල සිරුරු හමූවුනේ.(නදී)

:       0       0

සජිත් Sunday, 28 April 2013 07:46 PM

ලංකාව කොහොමත් ලිස්ට් එකෙත් නැතුව ඇති හේතුව ළමයින්ව වැඩියෙන්ම දුෂණය කරන්නේ ලංකාවෙනේ.(නදී)

:       0       0

චමත් Sunday, 28 April 2013 07:59 PM

අපේ මන්ත්‍රීලගේ පවුල් ගත්තා නම් ලංකාව අනිවාර්යෙන්ම පළවෙනියා වෙනවාමයි.(නදී)

:       0       0

ටිකී Sunday, 28 April 2013 08:18 PM

කරුණාකරලා අපේ රටේ ස්ථානය මොකක්ද කියලා කියන්න පුලුවන්ද. (නි)

:       0       0

ගාමිණී Sunday, 28 April 2013 08:48 PM

ඇයි ශ්‍රී ලංකාවට තැනක් නැත්තෙ, අපි කළුද? දරුවන් පාලම් බෝක්කු වලට වීසි කළ හින්දද?දරුවන් විලාප ගහද්දී මව චෙරියෝ!බැයි! කියා සොර සැමියගේ යතුරු පැදියෙන් ගිය නිසාද? අනේ ! ලෝකයේ දරුවන් අසතුටින් ඉන්න රට කුමක්ද කියා තෝරනවා නම් එයින්වත් පළවැනි තැන අපිට දෙන්නකෝ. (නි)

:       0       0

පාල Monday, 29 April 2013 10:15 AM

දරුවන්ගේ මානසික පීඩනය,ගෙදර වැඩ ප්‍රමාණය, අධයාපනයට ඇති ඇල්ම, ගෙදර පරිසරය, විෂය දැනුම බාහිර ක්‍රියාකර කම් මත. මේ කතා කරන්නේ දරුවෝ ගැන මිස තරුණ ළමයි ගැන නොවේ.(නදී)

:       0       0

දයා Monday, 29 April 2013 10:55 AM

උසස් පෙළට ළකුණු 21ක් නිකන් ලැබුණු රටක්, විභාග ප්‍රශ්න පත්‍ර දරුවන්ට කලින් ලැබෙන රටක්. පොඩි කාලෙදිම ගැහැණු දරුවන්ට දේශපාලකයන්ගේ නොකැළැල් ආදරය ලැබෙන රටක් වුණහම අපේ දරුවන් සතුටින් නෙමෙයිද ඉන්නේ? (නි)

:       0       0

මුරුගන් Sunday, 28 April 2013 09:55 PM

කෝ සදරුවන්? නැද්ද අදහසක් දාන්නේ? (නි)

:       0       0

උපුල් Sunday, 28 April 2013 10:56 PM

මන් හිතන්නේ අපේ රටේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ වැඩියෙන්ම අපරාද කරපු අය වෙන්න ඕනේ.(නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 29 April 2013 11:29 AM

අපේ රටට තැනක් කොහෙද? දුෂණ වලින් ඇති අපිට අංක 1 (නි)

:       0       0

ජ.හේරත් Monday, 29 April 2013 04:11 AM

ටිකී, අපිට තැනක් නැහැ කොල්ලෝ , මොකද ළමයින්ට වැඩියෙන්ම වද හිංසා කරන රට මේකනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 252 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 111 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 682 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1558 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 209 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 100 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site