ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත්වන ළමයින් ඕලන්දයේ සිටින බව එක්සත් ජාතින්ගේ ළමා අරමුදල 2013 වාර්තාව පවසයි.
සතුටින් ජිවත්වන ළමයින් සිටිනා දෙවැනි රට ස්වීඩනය වන අතර තුන්වැනි රට පින්ලන්තයයි.
සතුටින් ජීවත්වන ළමයින් සිටින රට ඕලන්දය විය. දෙමාපිය රැකවරණය , සෙනෙහස, සෞඛ්‍ය පහසුකම් , අධ්‍යාපනය ක්‍රීඩා, නිවාස හා පරිසර යන අංශ මෙම සමීක්ෂණයට පාදක කරගත් බවත් ඕලන්දයේ දිවි ගෙවන ළමයින්ගෙන් සියයට අනුපහක්ම වඩාත් සතුටින් ළමා කාළය ගත කරනා බවත් යුනිසෙප් වාර්තා පවසයි.
මෙම වාර්තාවේ වර්ගීකරණයට අනුව එංගලන්තයේ 20 වැනි ස්ථානයටත් ඇමෙරිකා එක්සත් ජනපද 21 වැනි ස්ථානයටත් පත්ව සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකී, අපිට තැනක් නැහැ කොල්ලෝ , මොකද ළමයින්ට වැඩියෙන්ම වද හිංසා කරන රට මේකනේ (නි)
ලංකාවේ දැන් කොච්චර ළමා අපචාර වෙනවද? ඉතින් කොහෙද ළමයි සතුටින් ඉන්නේ? පිටරට වයස 15 කියන්නේ හොඳට දැනුම් තේරුම් තියෙන වයසක්. මෙහෙ වගේ පිස්සු නටන්නෙ නැහැ. (නි)
අපේ රටට තැනක් කොහෙද? දුෂණ වලින් ඇති අපිට අංක 1 (නි)
උසස් පෙළට ළකුණු 21ක් නිකන් ලැබුණු රටක්, විභාග ප්‍රශ්න පත්‍ර දරුවන්ට කලින් ලැබෙන රටක්. පොඩි කාලෙදිම ගැහැණු දරුවන්ට දේශපාලකයන්ගේ නොකැළැල් ආදරය ලැබෙන රටක් වුණහම අපේ දරුවන් සතුටින් නෙමෙයිද ඉන්නේ? (නි)
දරුවන්ගේ මානසික පීඩනය,ගෙදර වැඩ ප්‍රමාණය, අධයාපනයට ඇති ඇල්ම, ගෙදර පරිසරය, විෂය දැනුම බාහිර ක්‍රියාකර කම් මත. මේ කතා කරන්නේ දරුවෝ ගැන මිස තරුණ ළමයි ගැන නොවේ.(නදී)
සරත් සහතික ඇත්තයි.(නදී)
අනේ සරත්, ඕලන්දය එහෙම රටක් නෙවෙයි. ලෝකෙන්ම ජීවත් වෙන්න තියෙන හොඳම රටවල් වලින් එකක්. (නි)
ඒ රටවල් වල හෝම්‍වර්ක් , ශිෂ්‍යත්ව විභාග නැහැනෙ. ඒ නිසා ළමයි සෙල්ලම් කරලා සතුටින් ඉන්නවා. (නි)
මේ වාර්තාවල් මම නම් පිළිගන්නෙන නැහැ. කවදාවත් ඔබගේ ගමට ඇවිත් ගමේ ළමයි කොහොමද කියලා හොයලා බලලා තියෙනවාද. මම හිතන්නේ අපේ රටේ ළමුන් අසතුටින් නැහැ. ඒත් අධ්‍යාපනය නිසා ටිකක් කරදරයි. ඔය අය ඔය සතුට කියන්නේ අවුරුදු 15 විතර වෙනකොට ගෑණු ලමයි හෝ පිරිමි ළමුන් තුන හතරක් ආශ්‍රය කරපු, කානිවල් වලට ගිහිල්ලා කාලා බීලා නටන, රෑට සමාජ ශාලාවලට ගිහින් හැසිරීම වැනි කරුනු දිහා බලලාද දන්නෙ නැහැනේ. එහෙම මැනිමකින් දීලා තියෙනවා නම් අපිට එපා කියමු ඒ මැනීම (නි)
අපේ රට පළමුතැන, මැරතන් දුවද්දී මැරිලා වැටෙන ළමයි සිටින. (නි)
මන් හිතන්නේ අපේ රටේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ වැඩියෙන්ම අපරාද කරපු අය වෙන්න ඕනේ.(නදී)
කෝ සදරුවන්? නැද්ද අදහසක් දාන්නේ? (නි)
ඇයි ශ්‍රී ලංකාවට තැනක් නැත්තෙ, අපි කළුද? දරුවන් පාලම් බෝක්කු වලට වීසි කළ හින්දද?දරුවන් විලාප ගහද්දී මව චෙරියෝ!බැයි! කියා සොර සැමියගේ යතුරු පැදියෙන් ගිය නිසාද? අනේ ! ලෝකයේ දරුවන් අසතුටින් ඉන්න රට කුමක්ද කියා තෝරනවා නම් එයින්වත් පළවැනි තැන අපිට දෙන්නකෝ. (නි)
කරුණාකරලා අපේ රටේ ස්ථානය මොකක්ද කියලා කියන්න පුලුවන්ද. (නි)
අපේ මන්ත්‍රීලගේ පවුල් ගත්තා නම් ලංකාව අනිවාර්යෙන්ම පළවෙනියා වෙනවාමයි.(නදී)
ලංකාව කොහොමත් ලිස්ට් එකෙත් නැතුව ඇති හේතුව ළමයින්ව වැඩියෙන්ම දුෂණය කරන්නේ ලංකාවෙනේ.(නදී)
මේක බොරුවක් අපිත් ඉන්නව පලමු තෑනට අද උදෙත් ලමයි දෙන්නෙක්ගෙ මල සිරුරු හමූවුනේ.(නදී)
ලංකාවෙත් ඉන්නවා, විශේෂයෙන්ම කොළොන්නාව පැත්තේ. (නි)