(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් කෝටි 8823 ක් පමණ වන අතර ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී ඇති බරපතල මූල්‍ය අරමුදල සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන ඇති ඉන්ධන වලට ගෙවිය යුතු ණය මුදල ඉතා විශාල බැවින් කෙරවලපිටිය බලාගාරයට ඉන්ධන ලබාදීම ඛණිජ තෙල් සංස්ථාව පසුගියදා නතර කර තිබුණි.
මේ තත්ත්වය හේතුවෙන් අමාත්‍යාංශයේද අවසරයකින් තොරව පසුගියදා විදුලි කප්පාදුවක්ද සිදුකර තිබුණි.
අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුකර ජනතාවත් රජයත් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්විමේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගැනීම සඳහා දැනට විදුලිය ලබාගන්නා පෞද්ගලික සමාගම් දෙකක ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි
Asanga Thursday, 06 February 2020 12:41 AM
හරියට අතීසාරෙට අබුඩය ගහනවා වගේ වැඩක්.
lanka Thursday, 06 February 2020 01:05 AM
විදුලි බල මණ්ඩලය බරපතල මුල්‍ය ගැටළුවක් දක්වා ගියේ එහි පාරිබෝගිකයන්ගේ වරදෙන්ද , නිලධාරීන්ගේ සහ පාලකයන්ගේ වරදින්ද ? අමතක කරන්න එපා ,දේශපාලන වාසි වෙනුවෙන් දුප්පත් කම තුරන් කරන්න කියලා දුප්පත් ජනතාවට සහනාධාර ලෙස නොමිලේ විදුලිය දීලා හෝ තේරුමක් නැතුව අධික ලෙස සේවකයන් බඳවාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.
d.upul Thursday, 06 February 2020 01:50 AM
මේ වගේ වැඩ වලටද ජනතාව ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ? ගමේ පොල් කඩන සයිමන් අයියට කිව්වනම් අනුමැතිය දෙනවනේ.