ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා ඔහුට එම ශ්‍රේණියේ ගෙවීමෙන් 40% ක් පමණක් හිමිවන බවත් නැවත ටෙස්ට් පිටියට පැමිණෙන්නේ නම් සම්පූර්ණ ගෙවීම කිසිඳු බාධාවක් නොමැතිව හිමිවන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
‘‘මාලිංග මේ දක්වා මෙම ගිවිසුම පිළිගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැනුවත් කර නෑ. ගිවිසුමේ නීති රීති වලට අනුව ටෙස්ට් පිටියෙන් ඉවත් වූ ක‍්‍රීඩකයකුට ලබාදිය හැක්කේ මේ ප‍්‍රමාණය පමණයි’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ‘ලංකාදීප’යට පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිරගෙයි දම්මිකගෙයි අදහස් වලට මාත් එකඟයි....
40% ක් විතර නම් හොදයි
ලංකාව ගැන නොහිත අයි පී එල් ගහන මේවගේ අය මොකටද?
මුදල බෙදන අනුපාතය සහභාගි වන තරග අනුව බෙදුව නම් තමයි හොද
සමහර නිලියොත් ඉන්නවා ඒ අය රඟපෑමට එන්නේ ගණිකා වෘත්තියට අවශ්‍ය පසුබිම හදා ගන්න. රඟපෑමට ඇවිත් ප්‍රසිද්ධ වෙනවා පසුව ගණිකා වෘත්තියෙන් මුදල් උපයනවා.
සල්ලිත් හම්බ කරන්න ඕනා නමුත් ලසිත්ව ඔය ඉන්න තැනට ගෙනාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඒක නිසා දෙකම සමබර කරගෙන ඉදිරියට යා යුතුයි.
හැම කෙනාම බලන්නේ මොනයම් ආකාරයකට හරි මුදල් උපයන්නයි.ඒ නිසා මාලිංග කරන දේ වැරැද්දක්නෑ.
තමන්ගෙ දක්ෂතාවයෙන් හම්බකරන් කෑවට කමක් නැ රටේ සල්ලි නෙමෙයි ගසා කන්නේ...............
මම හිතන්නේ ලසිත් සල්ලි ගැන එච්චර හිතන්නේ නෑ. මොකද එයාට ජීවත් වෙන්න තරම් සල්ලි ප්‍රමාණවත්ව තියෙනවා
ප්‍රතිචාර ටික කියෙවුවහම දුක හිතෙනවා හරියට.අපේ රටේ මිනිස්සුන්ට කවුරු හරි සාධාරණව කීයක් හරි හොයන එක පේන්නම බෑ
මාලිංග දන්නවා ක්‍රිකට් ගැන.ඔහු සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්
මෙහෙම නොකළොත් හැමෝම රට ගැන නොහිතා සල්ලි ගැන විතරක්ම හිතයි.හොද තීරණයක්
සේරටම ඉස්සෙල්ලා ඔය දිල්හාර ට ගෙවන එක නවත්තලා මහරූෆ්ට ගෙවන්න බලන්න
සිරාජ්, ඇයි එහෙම කරන්නේ ඔයයි මහරුෆ් දෙන්නම එකම ජාතියකට අයත් නිසාද? සාධාරන හේතුවක් ඇතත් නැතත් තමන්ගේ පැත්තටම අදින පුරුද්ද නැති කර ගන්න. ඒක ඔයාලගේ තියෙන ලොකු දුර්වලකමක්. අනිකුත් ජාතීන් එක්ක ප්‍රශ්න ඇති වෙන්න හේතුවක්. ඔයාලගෙ අය ඉහල කලමනාකාරීත්වයේ ඉන්න සමාගම්වල 90% විතරම ඉන්නෙ ඔයලගෙ කට්ටියනේ. එහෙම කරන්න එපා ඒක අසාධාරනයි. හැමටම සමානව සලකන්න පුරුදු වෙන්න.
මාලිංගට බැණලා වැඩක් නෑ.එයා කරන්නේ රටට සේවයක්
මාලිංගගේ වටිනාකම දන්නේ වෘත්තීය ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර විචාරකයෝ පමණයි
පාලක මණ්ඩලය හරි.දක්ෂතාවය සහ විනය පටලවා ගන්න එපා
මාලිංග 100% ක්ම සාධාරණයි
ලොකු ලොක්කන්ට නිදන් ගන්න හොදනම් ඇයි මාලිංගට විතරක් නීති?
මාලිංගගේ වේගය නිසා ටෙස්ට් මැච් අමාරුයි තමයි.සල්ලි වෙන් කරද්දි නියමිත ක්‍රමවේදයක් හැදුව නම් හොදයි
හරිම නරකයි හොදේ
මාලිංගත 100% දුන්නොත් ටෙස්ටුත් ගහන අයට කීයක් දෙනවද?
ලසිත් අකමැතිනම් කාටවත් බලකරන්න බැහැ.IPL ගියාම ඕනතරම් සල්ලි හම්බකරන්න පුඵවන්. වේග පන්දු යවන්න වෙන කෙනෙක් හොයා ගන්න.
අපේ රට් නම ලෝකයට ගෙනියන්නේ ක්‍රිකට් පාලක මන්ඩලය නෙමේ. ක්‍රිකට් ගහන අය. මෙතනදි තැන දෙන්න ඕන ක්‍රීඩකයන්ට. මෙතන තියෙන්නේ ගානෙ ප්‍රශ්නයක් නෙමේ.
සල්ලිවලට ගොඩක් දේ කරහැකි.මාලිංග විතරද ලංකාවෙ ඉන්නෙ,
ගමෙන් අපු හුග දෙනෙක්ට මුල අමතක වෙනවා එයාට වඩා වැඩ වෙන කෙරුමෙක් නැහැ කියල සිතනවා මේක ගොඩක් ගමෙන් අපු අයට තිබ්බා .
ක්‍රීඩකයන් දාඩිය මහන්සියෙන් රට වෙනුවෙන් උපයල දෙන දේ පාලක අංශය ඉවර කරහම, ක්‍රීඩකයන් තමන් ගැනම විතරක් කල්පනා කරලා වැඩ එක පුදුමයක් නෙවෙය්. මාලින්ගව ඔය තත්වයට පත්කළ අය මේකට වගකියන්න ඕන. වටිනාකමෙන් 60% ටෙස්ට් වලට 20-20 සහ එක්දින මැච් වලට 40%. මේවා කැකිල්ලේ තීරණ.
ඔව් මාලින්ග විතරක් නොවේ ලංකාවට ඉන්නෙ කියලා හිතුවට ලෝකෙට නම් ඉන්නෙ මාලින්ග විතරය කියලාය ජාත්යන්තර විචාරකයොනම් කියන්නෙ
කෙසේ වෙතත් ක්‍රිකට් පාලක මණ්ඩලය අරගෙන තියෙන්නෙ හොඳ තීරණයක්.
මාලිංග ඔබ රටේ අභිමානය රැකගනිමින් ඉදිරියටම යා යුතුයි...
මාලි දක්ෂය නොසේල්වන්න.....
මුලදි රට වෙනුවෙන් පස්සේ.......
අයි පී එල් වලින් ලැබෙන සල්ලි හොඳටම ඇති.
සමහර දේශපාලකයන් ලංකාවේ නම කනවා. මාලිංගලා ලංකාවේ නම ලෝකේ බබලවනවා සමහර දේශපාලකයෝ රටේ සල්ලි ටික නාස්ති කරනවා මාලිංගලාට ලංකාව එපා වෙලා ලෝකේ වටේ හිඟාකන්න වෙනවා.
ගාණක් නෑ ඕන එයාට.ඔය අඩුව පිටරටවල සෙල්ලම් කරලා හොයා ගනී
මාලිංග IPL ගහල සල්ලි ගේන්නේ ලංකාවට. ඒකියන්නේ විදේශ විනිමය. ලංකාවට විදේශ විනිමය ගේන අයට සලකන්නේ මෙහෙමද?
දක්ෂ බව ඇත්ත. ඒත් මේ වගේ අය සල්ලි වලට පුළුවන් නම් කවුරු වුණත් විකුණයි...
මාලිංගට උණ අසාධාරණය ගැන නෙමෙයි පේන්නේ එයා ipl ගහන එක
නැගපු ඉනිමගට පයින් ගහන්න එපා......
මාලිංග සල්ලීම නෙවෙයි ජීවිතය කියන්නේ...
මාලිංග සල්ලි වලට ක්‍රිකට් ගහනවා කියන අය දන්නවද දන්නෑ මාලිංග කවදාවත් ලංකාව වෙනුවෙන් එක්දින හෝ 20-20 තරඟ සෙල්ලම් කරන්න බෑ කියපු නැති විත්තිය. මාලිංග කියන්නේ ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න බෑ කියල විතරයි. එහෙම කියන්නේ ඔහු පන්දු යවන ඉරියව්වේ විදියට ටෙස්ට් තරඟයකදී පන්දු වර 20 ක් 30 ක් යැවීම අපහසු නිසයි. ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා කට්ටිය දන්නවා ඇති ලෝකයේ දක්ෂ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම (උදා: Shane Bond(NZ), Jason Gillespie(AUS), Shaun Tait(AUS) ) අබාධ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම සමු ගත්තා. මාලිංග පන්දු යවන්නේ ඒ හැමදෙනාටම වඩා අමාරු ඉරියව්වකින්. මාලිංග ටෙස්ට් තරඟ වල ක්‍රීඩා කරන්න ගියොත් ඔහුටත් ඉක්මනින්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න වෙයි. එතකොට ඔය කෑ ගහන අයට සතුටු වෙන්න පුළුවන්.
ලංකාවේ කොච්චර සෙල්ලම් කළත් අන්තිමට ඔච්චර තමයි