
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
විජේනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර පෞද්ගලික මල්ශාලාව වෙත අද (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
එම අවස්ථාවට මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග සහ නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහත්වරු එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd