උතුරුමැද, මධ්‍යම හා වයඹ ගොවීන්ගෙන් දින හයකට පෙර මිලට ගත් වී වලට මුදල් මෙතෙක් ගෙවා නැතැයි ගොවියෝ කියති.
ඔවුහු වී මිලට ගෙන වවුචරයක් දුන්නත් බැංකුව කියනුයේ මුදල් නැති බවයි.
බැංකු නිලධාරීන් කියා සිටින්නේ වී අළෙවි මණ්ඩලයේ බැංකු ගිණුම් වසා දමා ඇති බවයි.
වී අළෙවි මණ්ඩලයේ සභාපති කේ බී ජයසිංහ මහතා පැවසුවේ ගොවීන් මුවාවෙන් ව්‍යාපාරිකයන් වී අළෙවි මණ්ඩලයට වී තොග අළෙවි කිරීම නිසා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට අවශ්‍ය නිසා මුදල් දීම ප්‍රමාධ වන බවයි.
ගොවියනට පමණක් නිකුත් කැරෙන පෝරමය ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් රුපියල් දෙදහකට මුදලාලිලාට විකුණතියි කියති.
වී අළෙවි මණ්ඩල ඇතැම් කළමණාකරුවන් කියනුයේ මුදල් ලැබීමේ ප්‍රමාධයක් පවතින බවයි. ව්‍යාපාරිකයන්ගෙන් වී මිලදී ගැනීමක් සිදු නොවන බවත්, පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාර නිලධරයාගේ අධීක්ෂණය යටතේ ගොවීන්ගෙන් පමණක් වී මිලදී ගන්නා බවත් ඔවුහු කියති.
සම්බා කිලෝව රුපියල් 35ට ද, නාඩු කිලෝව රුපියල් 32ට ද වී අළෙවි මණ්ඩලය කියයි.
ගොවියකුගෙන් ගන්නා උපරිමය කිලෝ 5000කි.
පෞද්ගලික වෙළෙන්දෝ නාඩු රුපියල් 20-22ට ද, සම්බා රුපියල් 25-30ට ගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලඳ විදියට ඡන්දය පාවිච්චි නොකර නියම සිහලයෙක් විදිහට වැඩ කරන්න. (ස)
දැන්වත් තේරුම් ගමු මේ මුලාව. මේ මිනිස්සුන්ටත් දරුවෝ ඉන්නවා අවුරුද්දට බලාගෙන.(නදී)
සැප පුටුවල ඉදගන බඩ ගින්න නිවා ගන්න කන බත් පතේ තියෙන්නේ මේ ගොවියන්ගේ දාඩිය සහ මහන්සිය. කියන දේවල් වචනයට සීම නොකර ක්‍රියවෙනුත් ඔප්පු කළොත් නේද හොද. (අ)
දේශපාළුවන්ට අසරණ ගොවීන්ගෙන් වාසියක් නැහැනේ. (නි)
විශාල වී මෝල්හිමියන් රජයට සම්බන්ධි එමනිසා ඔවුන් අස්වනු නෙලන කාලයට රටින් වී ගෙන්වා වී මිල පහල දමනවා , මේ ගොවියොත් ඡන්ද කාලයට ගිහින් දේශපාලකයන්න ඡන්දය දෙනවා , එලවලු වගාකරුවන් දඹුල්ලේ අතරමැදියන් ගසාකනවා , (අ)
අර කෝටි ගණන් වියදම් කරලා බුදුපිළිම හදන සල්ලි මේ දුප්පත් ගොවියන්ට දුන්නම නරකද? (නි)
මේ මිලට වී අරගෙන ඒවා සහල් කරලා විකුණනකොට මිල රු 70 විතර වෙනවා එතකොටත් අපේ මිනිස්සු බනිනේ අන්ඩුවටමි අනේ මන්ද මේ දේවල් කොහොම විසදන්නද කියලා (අ)
මෙයාලටත් තියෙන්නේ හැමදාම හවසට දියවන්නාව වටේටයි, නුගේගොඩ පාර්ක් එකෙයි දුවලා ඇඟ අඩුකරගන්න. (අ)
මේ වගේ කැත වැඩ කරන වගකිවයුත්තන්ට හොදක් වෙන්න නම් එපා. ආශ්චර්ය මේකද? (නි)
බොදු බල සේනාවේ අවධානය පිණිසයි... (ස)
අනවශ්‍ය වියදම් කරන්න නම් ඕනතරම් සල්ලි තියෙනවා. මිනිස්සුන්ට සහනයක් වෙන දෙයක් කරන්න සල්ලි නෑ. කාට කියන්නද?. (ස)
මේවගේ අසදරනකම් කර,අහිංසක ගොවීන්ගේ සාපයට ලක්වෙන්නේ එපා. (අ)
ගිනි කාස්ටකෙට කළු ගැහුන වකුගඩු රෝගයෙන් පීඩා විඳින අපිට බත සපයන ගොවියාට සෙතක් ම වේවා ! (ස)
කිව්වෙනම් කොහොමද ? (ස)
අචිනිගෙ අදහස හරියටම හරි. මේ අහිංසකයන්ගෙ වේදනාව තුනීවෙන්න ලොකු තැන්වල ඉදලා පොඩිතැන දක්වා ඉන්න ඔක්කොම හොරුන්ට සහ ගහන්න ඕනෑ. (නි)
මේක තමයි ආශ්චර්ය සහ චින්තනය... (නි)
රටට සෙතක් කරන ගොවියන්ට සළකන්නේ මෙහෙමද? ආශ්චර්යය? (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමා දඹුල්ලේ අසරණ ගොවින්ට පිහිටක් වූවා සේම මේ අසරණයින්ටද පිහිට වන්න. (නි)
දුප්පතාටම පහර ගහන සියල්ලන්ටම ශාප වේවා! (නි)