IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විජය නික්ම ගොස් දින සීයයි

2016-11-18-ent-63

ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අති දක්ෂ තිරනාටක රචකයකු ලෙස ප්‍රකට ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද්විත්වය සිකුරු හතේ සහ සුහද කොකා අතිසාර්ථක ලෙස තිරගතවූ අතර එම චිත්‍රපටවල ප්‍රධාන චරිතය නිරෑපණය කළේ පසුගියදා අප අතරින් සඳහටම සමුගත් විජය නන්දසිරි ප්‍රවීණ රංගන ශිල්පියාය.

විජය නන්දසිරි කලාකරුවාණන්ගේ වියෝවට තුන් මසක් ගතවීමේ නිමිත්ත හේතුකොට ගෙන හදසර ගිරිරාජ් කෞෂල්‍ය පිළිසඳරකට කැඳවා ගත්තේ ඔහුගේ අතිජාත මිත්‍ර විජය නන්දසිරි පිළිබඳ මතකය ආවර්ජනය කිරීම සඳහාය.

 

ඔබට විජය නන්දසිරි නම් වූ පතිභාපූර්ණ රංගන ශිල්පියා මුලින්ම හමවූ දවස මතකද?

2016-11-18-ent-64ඔව්, ඒක රිද්මානුකූල මතකයක්. මගේ උපන්ගම කොලොන්නාව. ඉතිං ඒ පළාතෙ හිටිය අපේ ඥාති පිරිසක් එකතු වෙලා ‘කොලොන්නාව සොඳුරු මියැසිය’ පුංචි සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. අවුරුදු 12ක් විතර මම ඒ සංගීත කණ්ඩායමේ වාදකයෙක් හැටියට සම්බන්ධවෙලා හිටියා. ඒ කණ්ඩායම පටන් ගත්තෙ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහගේ මූලකත්වයෙන්. ඒ කාලේ ලේක් හවුස් ආයතනය මගින් පවත්වපු තරගයකට අපේ සංගීත කණ්ඩායමක් සහභාගි වුණා. ඒ තරගය විනිශ්චය කරන්න ඇවිත් හිටියෙ විජය නන්දසිරි අයියා. එදා තමයි මුල් වතාවට මම විජය අයියව සජීවීව දැක්කෙ.

ඊට පස්සේ විජය අයියාව අපි චිත්‍රපටවල විවිධ දුෂ්ඨ, වීර හා අහිංසක චරිත හරහා දැක්කා. විශේෂයෙන් මනමේ වේදිකා නාට්‍යයේ විජය අයියාගෙ රංගනය මගේ හිත ගත්තා. මට ගෞරවයෙන් මතක් කරන්නම ඕන දෙයක් තියෙනවා. මනමේ කුමාරයාගේ චරිතය රඟපාන්න වේදිකාවට නගින්න ඉස්සර විජය අයියා හොඳින් යටිපතුල් හෝදනවා. මම දවසක් ඇහුවා ඒ ඇයි කියලා. මම වේදිකාවේදි මනමේ කුමාරයාට රඟපාද්දි කුණු ගෑවිච්ච යටිපතුල් ප්‍රේක්ෂකයන්ට පෙනු‍ණොත් එයාලට හිතෙනවා මේ මනමේ කුමාරයා නෙවෙයි කියලා. එතකොට ඒක මනමේ කුමාරයාගේ චරිතයටත් කරන අසාධාරණයක්. නළුවෙක් විදියට අපි රකින්න ඕන ගෞරවයක් තියෙනවා. ඒකයි මම හැමදාම හොඳින් යටිපතුල් හෝඳගෙන වේදිකාවට නගින්නේ. ඒ තමා විජය අයියා දුන්න උත්තරය.

 

ඔබට රංගන ක්ෂේත්‍රයට එන්න විජය උදව් කළාද?

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රංගන ශිල්පියෙක් හැටියට නෙවෙයි. මම දෙවෙනි සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට. නෝනාවරුනි මහත්වරුනි ටෙලි නාට්‍යයෙන් තමයි කලා ලොවට මම මුල්වරට සම්බන්ධ වුණේ. එතනින් පස්සෙ තමයි මම විජය අයියට හා රොඩ්නිට දැඩි ලෙස සමීප වුණේ. එතනින් පස්සෙ මම හාස්‍යයෝත්පාදක නිර්මාණවලට සම්බන්ධ වුණේ. මේ ක්ෂේත්‍රය තුළ මම යම් නමක් හදාගෙන තියෙනවානම් ඒ රොඩ්නි හා විජය නන්දසිරි අයියා නිසා බව අනිවාර්යයෙන්ම කිව යුතු වෙනවා.

 

නෝනාවරුනි මහත්වරුනි තුළ ඔබේ කාර්යභාරය වුණේ මොකක්ද?

ඒක ඉන්දියාවේ ටෙලි නාට්‍යයක පිටපතක් ආශ්‍රයෙන් ප්‍රවීණ නළු ටෝනි රණසිංහගේ අනුවර්තනයක් ලෙසයි එළි දැක්වුණේ. මම ඒකට සන්දු කෑලි, විකට කෑලි එකතු කළා. මම විජය අයියාට එවැනි යෝජනා කළාම එයා ඒවා අගයලා සතුටින් පිළිගත්තා. මට නිතරම කිව්වා හාස්‍ය පැත්තෙන් හොඳ අනාගතයක් තියෙනවා කියලා. එදා මගේ යෝජනා ඔහු ප්‍රතික්ෂේප කළා නම් අද ගිරිරාජ් කෙනෙක් මතු වෙන්නෙ නැහැ. පසුකාලීනව අපි ගොඩක් සමීප වුණා. පසුව අපි හොඳ පවුල් හිතවතුන් වුණා.

 

ඔබේ නිර්මාණවල විජය නන්දසිරි සුවිශේෂි චරිත නිරෑපණය කළා නේද?

ඔව්, එතුමා, කතුර, සිකුරු හතේ, සුහද කොකා වැනි නිර්මාණවල ඔහුගේ දායකත්වය අතිවිශිෂ්ඨයි. මේ ක්ෂේත්‍රයේ ඔහු පතාක යෝධයෙක්වෙලා ඉන්දැද්දී මම පුංචි කූඹියෙක්. ඒත් මට ඔහු දැක්වූ ගරුත්වය හා ඔහුගේ නිහතමානීබව පුදුමාකාරයි.

 

අධ්‍යක්ෂවරයෙක් හැටියට ඔබ විජය නන්දසිරි කියන රංගන ශිල්පියා දැක්කෙ කොයි ආකාරයටද?

මගේ කලා ජීවිතයේ මා එදා මෙදා තුර දැක්ක නම්‍යශීලීම නළුවා තමයි විජය අයියා.

 

ජීවිතේ දුක් සැප බෙදාගත්තු හොඳ යාළුවෝ දෙන්නෙක් ඔබ දෙපළ?

අනිවාර්යයෙන්ම ජීවිතේ විවිධ දුෂ්කරතා, විවිධ ගැටලු ආවත් අපි ඒ දුක සැප බෙදාගත්තා.

 

ඒත් ඔහුගේ අවසාන මොහොතේ ඔබට ඔහු ළඟ ඉන්න බැරිවුණා?

ඒක ඉතාම අවාසනාවන්ත මොහොතක්. විජය අයියගේ මරණය ගැන ඒ කනගාටුදායක පුවත අපට ආරංචි වෙනකොට අපි හිටියෙ කටුනායක ගුවන්තොටුපොළේ මාසයක සංචාරයක් සඳහා යන ගමන්. ඒ ගමනට මාත් එක්ක රොඩ්නි හා ප්‍රියන්ත සෙනෙවිරත්නත් හිටියා. අපට ආපසු හැරෙන්න බැරි වුණා. ඒක මතක් වෙද්දී ඇති වෙන්නෙ දරාගන්න බැරි දුකක්.

 

විජය හා ඔබ අතර සිදුවූ අමතක නොවන සිදුවීමක් ඔබට මතක් කරන්න පුළුවන්ද?

හරි අපූරු සිදුවීමක් වුණා අපි දවසක් මීගමුවෙ &කුස පබාවතී* වේදිකාගත කරපු දවසක. ඒක ඉරිදා දවසක්. හරියට එදා රූ අපේ &එතුමා* රසවත් කොටසක් රෑපවාහිනියේ විකාශය වෙනවා. මට වගේම විජ අයියටත් ඒ කොටස බලාගන්න ලොකු වුවමනාවක් තිබුණා. නාට්‍ය ඉවර වෙච්ච ගමන් අපි ළඟ පාත ‘එතුමා’ බලන ගෙයක් හොයාගෙන ගියා. ඒ ළඟම ගේක ඇහුණා ‘එතුමා’ එකේ තේමා ගීතය යනවා. මායි විජය අයියයි ඒ නාඳුනන ගෙදරට ගිහින් ‘එතුමා’ බලන්න අවසර ඉල්ලුවා. අපි දෙන්නව හඳුනාගෙන ඒ ගෙදර කට්ටිය පුදුමයටත් සතුටටත් පත්වුණා. ඒ පවුලේ සමහර අය කාමරවලට ගිහින් හොඳ ඇඳුම් ඇඳගෙන සාලෙට ආවා. අන්තිමේදි මායි විජය අයියයි ‘එතුමා’ බලනවා. ඒ ගෙදර කට්ටිය හැමෝම අපි දෙන්නා දිහා බලන් ඉන්නවා.

 

ඔබ විජය තුළ දැක්ක හොඳම ගුණාංගය මොකක්ද?

ඔහු හොඳ යාළුවෙක් වගේම උතුම් මනුෂ්‍යයෙක්. හොඳ පියෙක්, ආදර්ශමත් ස්වාමිපුරුෂයෙක්. මම දන්න විදිහට ඔහුගේ බිරිය දේවිකා මිහිරාණිගේ පවුලේ අය දේවිකාට වැඩිය ආදරය කළේ විජය අයියට. මගේ දුවගෙ මංගල්ලෙදි හරියට පියෙක් වගේ ඉදිරියට ඇවිල්ලා අවශ්‍ය සියලු දෙයක්ම හොයලා බලලා කළේ විජය අයියා.

ඔහුගේ පවුල වෙනුවෙන්, බිරිය, දරුවෝ වෙනුවෙන් විජය අයියා මහන්සි වුණා. දවසක් අපි රෑපගත කිරීම්වල යෙදිලා ඉන්න අතරතුර මම දැක්කා විජය අයියා එයාගෙ ජංගම දුරකථනයෙන් Viber තාක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියාවල ඉන්න එයාගෙ මිණිබිරිය හුරතල් කරනවා. නළුවෙක් හැටියට ඔහු කිසිම වෙලාවක නෑ බෑ කිව්වෙ නැහැ. ඕනෑම අභියෝගයක් භාර ගන්න ඔහු පැකිළුණේ නැහැ. ඒ වගේ ජවයක් හා ශක්තියක් ඔහුට ලැබුණෙ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ. ඔහුට ඉවසීමේ හා දරාගැනීමේ පුදුම ශක්තියක් තිබුණා.

 

ඔහුගේ සැබෑ නොවුණ හීනයක් එහෙම තිබුණද?

ඔව්, විජය අයියාට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. මට හොඳ පිටපතක් ලියලා දෙන්න කිව්වා ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න. ඒක ඔහු තුළ තිබුණ අදහසක් විතරයි.

 

I රමේෂ් උවයිස්

 

 



අදහස් (0)

විජය නික්ම ගොස් දින සීයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1318 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 134 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 831 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1165 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 322 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 689 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 208 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site