IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විජයග්‍රහණ සිව් වන සැමරුම ගාලු මෝදර

තිස් වසරක යුද්දය සිව් වසරකට පෙර නිමා කිරීමේ විජයග්‍රහාණ සැමරුම ගාලු මෝදර පිටියේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපතිගේ මූලිකත්වයෙන් දැන් පැවැත්වේ. සටන් බිමේ සිටි ත්‍රිවිධ හමුදා, පොලිස් විරුවන් විශාල පිරිසක්  ද මේ අවස්ථාවට එක්වූහ. ඔවුන් දියෙන් ගොඩින් හා උඩින් ධීර වීර හපන්කම් දැක් වු ආකාරය  අදත් ප්‍රදර්ශනය වේ.

මහින්ද රාජපක්ෂ ජනපති,  එකළොස් දහසක්  රණවිරුවන් ද ආරාධිතයන් අමතමින් පැවැසුයේ යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බවයි. එක් සේසත් කළ රටේ යුද බිය හා මර බිය ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ප්‍රේමදාස ඝාතනයේ සිට සාම දූතයකු වූ රජිව් ගාන්ධි  ඝාතනය දක්වා විස්තර කළ ජනපති සටන් විරාමයක් මගින් ධීර ලෙස රට පාවාදුන්නැයි චෝදනා කෙළේය. රට බේරාගත් රණවිරුවන් අන්තර් ජාතික අධිකරණයට රැගෙන යාමට කැස කවන්නේ යැයි ජනපති චෝදනා කෙළේය.



අදහස් (0)

විජයග්‍රහණ සිව් වන සැමරුම ගාලු මෝදර

චන්දි Saturday, 18 May 2013 10:11 AM

ගරු ජනාදිපතිතුමනි,අපේ ධීර වීර ත්‍රිවිද හමුදාවට අචාර උපහාර දැක්වීම සදහා වසරේ එක් දිනක් වෙන්කර එය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න.(ස)

:       0       0

රංජනී Saturday, 18 May 2013 07:38 PM

ජනාධිපතිතුමාටත්,ත්‍රිවිධ හමුදාවටත්,පොලිසියටත් අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

නෙතුමි Monday, 20 May 2013 12:02 AM

චන්දි, වචන කියන්නේ හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද එයට විවිද අර්ථ තියන නිසා. ඔබ මගේ අදහස නිහතමානිව තේරුම් ගත්ත එක ගැන සතුටුයි.(නදී)

:       0       0

නෙතුමි Sunday, 19 May 2013 05:19 PM

චන්දි, ඔබ නොදන්නවා වෙන්න බැහැ ඔබ ගොම බින්දුවක් යැයි ප්‍රකාශ කල පුද්ගලයාම තමා ඔය මුට්ටිය කිරිවලින් පුරවන්න වැඩි ප්‍රතිශතයක දායකත්වයක් දුන්නේ. අද ඔබට එය ගොම බින්දුවක් උනාට, මෙහිදී ජනපති හෑල්ලු කරනවා නොවේ. ඔහු අණදුන්නා පමණි, එයට පමණක් බැහැ යුද්ධයක් දිනන්න.(නදී)

:       0       0

රොහාන් Saturday, 18 May 2013 10:29 AM

පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමා කළ විරක්‍රියාව සෑම සිංහලයෙකුගේම හදවතේ ලියවී ඇත.(ස)

:       0       0

රොෂාන් සෞදි Saturday, 18 May 2013 10:30 AM

ජනතිපති තුමාට හා ත්‍රිවිද හමුදාවට අපේ උපහාරය !(ස)

:       0       0

චන්ද්‍රා - ඇමරිකාව Saturday, 18 May 2013 07:57 PM

චන්දී , මැයි 18 කෙරෙන්නෙත් ඒකම තමයි.(නදී)

:       0       0

ප්‍රසංකා Saturday, 18 May 2013 10:36 AM

සරත් ෆොන්සේකා ගැන මොකුත් කතාවක් නැද්ද? (ස)

:       0       0

චන්දි Saturday, 18 May 2013 08:15 PM

මැදපෙරදිග රටවල දුක්විදින අපට මෙවැනි තොරතුරු සමග පොටෝ ගෙන දෙන ලංකාදීප පුවත් පතට මගේ ගෞරවය හා ස්තුතිය පුදකරන්නේ හද පිරි සතුටිනි. (අ)

:       0       0

සිල්වා Sunday, 19 May 2013 12:20 PM

හෙළයේ මහ සෙන්පති සරත් ෆොන්සේකා, ඔබ සැබෑ වීරයෙකි. නොමැකෙන නාමයකි. ඔබට අපේ උපහාරය අද දින! එය ඔබද අමතක නොකළ මැනවි හෙලයනි (නි)

:       0       0

සමන්ති Saturday, 18 May 2013 10:48 AM

ජනාධිපති තුමාට සහ සියලුම රණවිරුවන්ට අපේ උපහාරය. නමුත් තවත් අය මෙයට උර දුන් බව අමතක වී ඇති බවයි මටනම් පේන්නේ.(ස)

:       0       0

සිල්වා Sunday, 19 May 2013 12:30 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා ඔබට අපේ ප්‍රණාමය . අපි එය සිහිකරමු හදවතින්. ජනාදිපති තුමා ඇතුළු සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය.(නදී)

:       0       0

අනුර Saturday, 18 May 2013 11:05 AM

ජනදිපටි තුමනි, රණවිරුවනි ඔබලා අපේ ජිවයයි. අද අප නිදහසේ ඉන්නේ ඔබලා නිසයි.!(ස)

:       0       0

ඩී.උපුල් Saturday, 18 May 2013 08:33 PM

කව්රුහරි සපත්තු කුට්ටමක් අරන් දෙන්නකෝ.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 18 May 2013 11:17 AM

ගොඩක් හොදයි. හැබැයි රණවිරුවණ් කල ඒ කැපවීම අපේ රට කරවන අයගෙ නැහැනෙ. එහෙම වුණා නම් මේ රට අද වෙද්දි මොනතරම් දියුණුවක් ලබලා තියෙයිද? ගොඩක් දේවල් සංදර්ශණ වලට විතරයි සීමා වෙලා තියෙන්නෙ. එහෙම වුණා නම් අද වෙනකොට ඔය ඩයස් පෝරාවෙ කයිවාරු ඉවරයි. (නි)

:       0       0

ඩිල්ෂානි Monday, 20 May 2013 12:33 AM

යුද්දය දිනා දුන් ඔබට සදා ජය. ෆොන්සේකා මහතාණෙනි.(නදී)

:       0       0

ප්‍රදීපා Saturday, 18 May 2013 11:22 AM

ජනාධිපතිතුමනි, උත්සව පැවැත්වීමට අධික වියදමක් දරනවාට වඩා ආභාධිත රණවිරුවන්ට යම්කිසි සහනයක් සලසනවානම් අද වැනි දවසක එය වඩාත් උචිත නොවන්නේද? ඔවුන් ආභාධිත උනේ යුද්දය නිසාය. අද අපි නිදහසේ වේලක් ඇර වේලක් කාලා හරි ජීවත්වෙන්නේ ඔවුන්ට පින් සිදු වන්නටය. උත්සවයකට වඩා අපිට ඔවුන් නොවටින්නේද? (ස)

:       0       0

නිශාන්ත Saturday, 18 May 2013 11:30 AM

ගාලු මෝදර නෙමෙයි.... ගාලු මුවදොර (ගෝල් ෆේස්)

:       0       0

සදුනි Saturday, 18 May 2013 09:12 PM

උදේට ගෙදරින් ගියාම ආපසු එන්න වෙයිද නැද්ද කියන, හැමතැනම බෝම්බ පිපිරුණු යුගයක් අපි පසුකල බව දැන් ගොඩ දෙනෙකුට අමතක බව පෙනෙනවා.ජනපතිතුමනි ,ආරක්ෂක ලේකම්තුමනි,රණවිරුවනි,ඔබට අපේ උපහාරය. (නි)

:       0       0

සම්පත් Wednesday, 12 June 2013 12:34 PM

කවුරු කොහොම කිව්වත් යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් අවසන් වෙන තෙක්ම අපේ රට වෙනුවෙන් හදවතින්ම හිටපු කෙනෙක් හැටියට මට නම් කියන්න තියෙන්නේ මේ මෙහෙයුමට දායකත්වය දුන් ජ‍නාධිපතිතුමාට,ආරක්ෂක ලේකම්තුමාට,හමුදාපතිතුමාට,අපි වෙනුවෙන් ජීවිතය කැපකළ අපේ වීරයන්ට,අපේ හමුදාවේ සහෝදරන් හැමදෙනාටම මේකේ ගෞරවය ලැබෙන්න ඕනෑ. ඔයාල හැමෝටම ගොඩක් පින්...ඒ හැමෝම අපේ වීරයෝ. (නි)

:       0       0

චන්දි Saturday, 18 May 2013 11:39 AM

ප්‍රසංකා,මුට්ටියකට කිරි දොවල ඒකට ගොම බින්දුවක් වැටුනොත් මොකද වෙන්නේ කියල දන්නවනේ..(ස)

:       0       0

සමන්ත Saturday, 18 May 2013 09:17 PM

හිටපු යුධහමුදාපති අමතකද? (නි)

:       0       0

සරත් Saturday, 18 May 2013 09:21 PM

ඔබතුමාගේ ආණ්ඩු කාලේදී යුද්ධය ඉවර කරපු එක ඉතිහාසේ ලියවේවි. නායකයෙක් මිනිස්සු පත්කරන්නේ රටට මොනවාහරි කරන්න. (නි)

:       0       0

සදුනි Sunday, 19 May 2013 01:12 PM

ජීවන්, ඔයා අදත් ජීවත් වෙන්නේ මේ රණවිරුවෝ එයාලගේ ජීවිතය අපි වෙනුවෙන් කැපකළ නිසා.ඔබේ හිතේ කෘතවේදීත්වය බින්දුවක් වත් නැද්ද? (නි)

:       0       0

සරත් Saturday, 18 May 2013 11:53 AM

ඉතාම හොඳයි. ලස්සනට තිබුණා.(ස)

:       0       0

හේරත් Saturday, 18 May 2013 09:38 PM

30 වසරක ශාපයෙන් තුන් හෙළය එකසේසත් කරනට අභිමානවත්ව නායකත්වය දුන් ජනාධිපතිදුන්ටත් දෑත දිරිය දුන් තුන් හෙළයේ සියලු විරුවන්ටත් මැදවච්චිය කිලිනොච්චිය පටලවා නොගත් ඔබටත් මටත් ආචාරයයි මේ! ජයවේවා! තුන් හෙලයටම ජයවෙවා! (නි)

:       0       0

පීටර් Saturday, 18 May 2013 09:44 PM

සැමදෙන ඇත. රණවිරු ෆොන්සේකා නැත (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 18 May 2013 11:57 AM

ප්‍රසංකා, විජයග්‍රහණය සමහරු තමුන්ගේ සාක්කුවේ දාගන්න හදනවා. (නි)

:       0       0

රෝහිත Saturday, 18 May 2013 09:46 PM

අපේ හිටපු හමුදාපතිතුමාත් හිටියා නම් සර්ව සම්පූර්ණයි (නි)

:       0       0

හේරත් නිකවැරටිය Saturday, 18 May 2013 12:01 PM

ආයුබෝවේවා ....මහරජාණනි..!(ස)

:       0       0

සුනිල් Saturday, 18 May 2013 09:55 PM

කාටද ආඩම්බර

:       0       0

ලුම්බිණි Saturday, 18 May 2013 12:20 PM

යුද්ධය සමරන අතරේම ජන කොටස් අතර සාමය දියුණු කිරීමේ වැඩත් කළා නම් නේද හොඳ? අනික යුද්ධය නිසා විඳවපු මිනිසුන්, තවමත් ඒ නිසා දුක් විඳිමින් ඉන්න මිනිසුන් ගැනත් හිතන එක සහ ඒ අය වෙනුවෙන් යමක් කරන එක මීට වඩා වැදගත් නැද්ද? (නි)

:       0       0

සුපුන් සේනානායක Saturday, 18 May 2013 10:34 PM

අති උතුම් අපේ ජනාධිපතිතුමනි, අපේ රට බේරා දුන් ඔබට මගේ සහ ඇෆ්රිකන් වල ඉන්න සියළුම ලාංකික ජනතාවගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

අකලංක Saturday, 18 May 2013 11:07 PM

අමල් වැනි කුහක ආත්මාර්තකාමි පුද්ගලයන් ත්‍රිවිද හමුදාවේ සිටියා නම් අදටත් ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබෙනු ඇත. යුද්ධය අමිහිරිය. අප එය වසර 30 අත්වින්දෙමු. නමුත් මෙම යුද්ධය ඇති කළේ දේශපාලකයන්ම විසිනි. ඔවුන් පත් කර පාර්ලිමේන්තුවට එව්වේ මේ රටේ ජිවත්වන අපය. අද රටෙහි කිසියම් විනාශකාරී සිදුවීමක් සිදුවනු ඇද්ද එයට වග කිව යුත්තේද එම දේශපාලකයන්ම මිස වැටුප ගැන තම ජීවිතය ගැන නොසිතා වැඩ කරන රණවිරුවන් නොවන බව මම කියා සිටිමි . (නි)

:       0       0

සුජානි Saturday, 18 May 2013 11:08 PM

යුද්ධය අමතක වී ඇති අපේ රටේ අයට මේකත් වටිනවා යුද්ධයක් තිබුන බව දැනගන්න (නි)

:       0       0

ස්වර්ණ Saturday, 18 May 2013 11:41 PM

අතිගරු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ සරත් ෆොන්සේකා මැතිතුමන්ට අපේ උත්තමාචාරය පුද කරමු! ඔබලා ශ්‍රී ලංකාව බේරා ගන්න ආපු දෙවියෝය. අපි ඔබලාට සදා ණයගැති වෙමු. (නි)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 11:59 PM

අපරාදේ සල්ලි ,උතුරේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදන්න තිබුනා. (නි)

:       0       0

තිලක් Sunday, 19 May 2013 12:45 AM

මීට වැඩ හොද නැද්ද යුද්දෙන් අත පය නැති වුණ, රණ විරුවන්ට කෘතිම අත් කකුල් ටිකක් දුන්නා නම්? යුද්දෙන් ඇස්, අත, පය නැති වුණ අයට මොකද්ද මේවගෙන් ලැබෙන්නේ? (නි)

:       0       0

කැටවල Saturday, 18 May 2013 12:50 PM

අපේ අයට ඉක්මනින් හැමදෙයක්ම අමතකවීම ඉතාම කණගාටුයි. (ස)

:       0       0

තබුක් සිල්වා Sunday, 19 May 2013 01:10 AM

නිර්භයව ලෝකයාගේ බලපෑම් හමුවේ නොසැලී සැම අතින්ම රණවිරුවන් දිරිගැන්නු අතිගරු ජනාධිපතිතුමන්ට මගේ ප්‍රණාමය පුදන අතරම තිස් වසරක කුරිරු යුද්ධය අවුරුදු තුනකින් මුළුමනින්ම විනාශකරන්න සියලුම සැලසුම් සහගතව යුද බිමෙහි නියම නායකත්වය දෙමින් රණවිරුවන් දිරි ගන්නවමින් රට බේරා දුන් සරත් ෆොන්සේකා මහතාවත් මතක් කරමින් යුද බිමෙහි සටන් වැදුන රණවිරුවන් ඇතුළු රට වෙනුවෙන් ජීවිත පුදකළ සියලුම විරෝධාර රණවිරුවන් හට වැද නමස්කාර කරමි (නි)

:       0       0

සුසිල් Sunday, 19 May 2013 01:16 AM

කොටින්ටයි බටහිර හිකනලුන්ටයි ඇස් වල වල කටු අනිනවා වගේ ඇති. අපේ කොන්ද කෙලින් ජනාධිපතිතුමාට ඇතුළු හමුදාවට බුදු සරණයි ,රටටම ජයවේවා! (නි)

:       0       0

බන්දුල Sunday, 19 May 2013 01:36 AM

එදා භිෂණය පතුරුවමින් ප්‍රභාකරන් රට විනාශ කෙරුවා. අද සාමය පතුරුවමින් සමහර දේශපාලකයෝ මිනි මැරීම, කුඩු ඇතුළු මත්ද්‍රවය ජාවාරම්, ස්ත්‍රී දුෂණ, වංචා, රටේ සම්පත් සුරා කමින්, ඉපදෙන සිටින දරුවන් පවා ලෝකෙට ණයකරුවන් කරමින් රට විනාශය කරා ගෙනියනවා. බලගන ගියාම දෙකම එකයි (නි)

:       0       0

නිමල් සෞදි අරාබිය Sunday, 19 May 2013 01:45 AM

රණවිරුවන් සැමරීම අගය කළ යුතුයි. යුද්ධයට පණදුන් සරත් පොන්සේකා වැනි විරුවන් අද සමරු උළලේදී අමතක කිරීම කණගාටුවට කරුණකි.නොදත් දේශපාලනයට සරත් පොන්සේකා වැන්නෙක් ඇද දමා පැත්තකට වෙලා සිටින අනාගතයක් නැති දේශපාලුවන්ට අද වැනි දිනක කුමක් සිතෙනවා ඇත්ද? අපිට නම් ප්‍රශ්නයකි.අනිත් අතට මට කීමට ඇත්තේ, ඔබේ උගත්කම යට කරගත් මෝඩ අහංකාරකම හා නොදත් නුගත් දේශපාලනය නිසා ඔබ විසින්ම මේ තත්ත්වයට ඇද වැටුණු බවය. කව්රු අමතක කළත් අද රටේ ඔබව අමතක නොකරන පිරිසක් ඉන්නා බවත් කිවයුතුමය. සරත් පොන්සේකා විරුවනි, ඔබට දීර්ඝායු! (නි)

:       0       0

ශීලා Sunday, 19 May 2013 02:11 AM

සරත් ෆොන්සේකා නමැති උදාර මහා සෙනවියාට අපි ණයගැති වෙමු සදාකල්. (නි)

:       0       0

හේරත් Monday, 20 May 2013 07:20 AM

ඔන්න ඉතින් දෙයියනේ කියලා යුද්ධය දිනා ගත්තා කියමුකෝ. ඉතින් ඔය හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ ඔයිට වඩා අගයන්න වෙනවා නේද? (නි)

:       0       0

කුමාර Sunday, 19 May 2013 02:13 AM

මම මගේ රටට බරක් වී නැහැ. මොකද මම හම්බ කරන මුදල් ලංකාවට එවලා තියනවා. ඒ නමුත් අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. ඒ ගැන හරි දුකයි. ඒත් ලංකාවට මම ආදරෙයි (නි)

:       0       0

කමල් Sunday, 19 May 2013 02:35 AM

ජනාධිපතිතුමනි, ඔබටත් රණවිරුවන්ටත් අපි සදා ණයගැතියි, අපේ රට බේරා දුන්නට (නි)

:       0       0

සෙන්තිල් Sunday, 19 May 2013 02:37 AM

චන්දි,ඔබ ඇයි මැදපෙරදිග දුක් විඳින්න ඕනැ?ඔබව එම රටෙන් ආරාධනා කරලද ගියේ?කැමති නැත්තම් එන්න තියෙන්නේ තමුන්ගේ (නි)

:       0       0

සුරංග Saturday, 18 May 2013 02:02 PM

ජයග්‍රහණයේ අයිතිය හැම රණවිරුවෙක්ටම අයිති දෙයක්, මෙම විජයග්‍රහණය "හිගන්නාගේ තුවාලයක්" කරගන්න හොඳ නැහැ.(ස)

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:18 AM

ශාමන්, ඔයා කොහේද ඉන්නේ? නිදහස් වෙලා අවරුදු හතරක් වෙනවා. කියවන්න දන්නේ නැත්නම් පින්තුර බලාවත් දැනගන්න. (නි)

:       0       0

යොහාන් Saturday, 18 May 2013 02:13 PM

ප්‍රශංකා-දැන් අපට එයාගෙන් වැඩක් නැහැ.(නදී)

:       0       0

නිල්මිණි කුමාරසිංහ Sunday, 19 May 2013 04:15 AM

අවුරුදු 30 කට පෙර යුද්දය ඇරඹීමට හේතුවූ ජාතිවාදී කරුණු තවමත් නොවිසදේ නම්, ප්‍රශ්න තවත් උග්‍ර වේ නම්, එය දිවිපිදු රණවිරුවන්ට කරන අපහාසයක් වේ! (නි)

:       0       0

රසාදරී මාලදිවයින Sunday, 19 May 2013 04:33 AM

ප්‍රදීපා, රටවල් වලට උත්සවද අවශ්‍ය දෙයකි. මට නම් හිතෙන්නේ මේ උත්සවය තවත් අලංකාර වුණා නම් කියලා. මේ පින්තුර ලෝකයම බලනවා. මේ ළමුන් ගේ ඇදුම් ලස්සනට සකස් කරලා නැහැ. රෙදි වල රැලි, වාටි අයන් කරලා නැහැ. රිබන් එක එක පාට. සෙරෙප්පු එක එක විදියේ. එක ළමයෙක්ගේ රෙද්ද බිම ඇදෙනවා. බාහිර ඔපයත් හරි වැදගත්. මේවා සියුම්ව කල්පනා කළයුතු දේ. රටවල් වල තත්ත්වේ මනින්නේ ඔය ඔක්කොමත් එක්ක. ජාතික උත්සව සංවිධායකයෝ මේ ගැන හිතන්න. (නි)

:       0       0

සාජ් Sunday, 19 May 2013 06:15 AM

චන්දි, ගොම තල්ලියකට කිරි බිංදුවක් දාලා වැඩකුත් නැහැනේ නේද ? :P (නි)

:       0       0

සමන් Sunday, 19 May 2013 02:59 PM

මනමාලි නැති මගුල් ගෙදර වගේ.(නදී)

:       0       0

තිසල් Sunday, 19 May 2013 07:03 AM

සරත් ෆොන්සේකා ? සුදුකොඩි ගැන කියල රණවිරුවන් දන්ගෙඩියට දක්කන්න ගියා කාටවත් මතක නැද්ද ?(නදී)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 02:52 PM

මේ කරන දේ හිත් පෑරීමක්.කොහොමද අපි ජාතිය සමගිය කරන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 19 May 2013 07:54 AM

කළ යුතු වැඩ එමටයි. මේවා බොරු වැඩ. (නි)

:       0       0

නුවන් Saturday, 18 May 2013 03:01 PM

සරත් ෆොන්සේකා ? (ස)

:       0       0

ඉස්මාලි Sunday, 19 May 2013 08:12 AM

මේකට සරත් ෆොන්සේකා මහත්මයටත් ආරාධනා කළා නම් වැඩේ අගය කරන්නෙමි. එතුමාටත් ස්ථානයක් තිබිය යුතුයි. (නි)

:       0       0

සමන් Saturday, 18 May 2013 03:09 PM

ඒ වුණාට යුධ ජයග්‍රහණයට හේතුවුණ රණවිරුවන්ගෙත් ලයිට් බිල වැඩිකරලනේ (නි)

:       0       0

චන්දි Sunday, 19 May 2013 08:58 PM

අනේ මට සමාවෙන්න. මන් අදහස් කරේ කොච්චර හොද කලත් පොඩි වැරද්දකින් සේරම යටවෙනවා කියන එක මිසක් කාටවත් අවමන් කිරිමක් නොවේ. ඇත්තටම මට සමාවෙන්න. (ත)

:       0       0

ක්‍රිෂ් Saturday, 18 May 2013 03:25 PM

මව් බිම නිදහස් කර දීමට දිවි පිදූ සොයුර සොයුරියන් සැමට අපගේ උත්තමාචාරය. ! (ස)

:       0       0

රූපා Sunday, 19 May 2013 08:35 AM

මේක සංවිදාන කොන්තරාත්තුව කාටද ගියේ.(නදී)

:       0       0

චමිල Saturday, 18 May 2013 03:27 PM

තමන්ගේ දෙමාපියන්, දූ දරුවන්, සොයුර සොයුරියන් බිරින්දෑවරුන් දෙවැනි කොට සලකා රට වෙනුවෙන් දිවි පිදූ සැමට ජාතියේ ආචාරය!(ස)

:       0       0

ශිලා Sunday, 19 May 2013 08:37 AM

මෙන්න තවත් උත්සව අවස්ථාවක්.අර පොදුරදමඩුලු උත්සවේට රෝල්ස් රෝයෙස් මෝටර් රථ 200 පමණ ඇනවුම් කරලලු නේද? (නි)

:       0       0

අමල් Saturday, 18 May 2013 03:29 PM

ත්‍රස්තවාදීන්ගෙන් බේරීමට කළ යුද්ධය නම් අවුරුදු 30ක් ගතවෙද්දි නම් අවසන් වුනා කියමුකෝ. ඒත් දැන් ජීවත්වෙන්න කරන යුද්ධය කවදයින් අවසන් වෙයිද? කවදද ඒ නිදහස සමරන්නේ...(ස)

:       0       0

ජීවන් Sunday, 19 May 2013 08:38 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ උපහාර රණවිරුවන්ටද? (නි)

:       0       0

ශාමන් Saturday, 18 May 2013 03:31 PM

කවදා නම් අපි නිදහස් වන්නෙමුද මේ යුද්ධෙන්.(ස)

:       0       0

සුධීර Sunday, 19 May 2013 08:39 AM

මම නම් අහන්නේ මෙච්චරයි. මේක කරන්න බටහිරින් හෝ ලෝකේ වෙනත් රටවලින් කීයක්වත් ණයට ගත්තාද? (නි)

:       0       0

නිමල් Sunday, 19 May 2013 08:52 AM

වීරෝදාර රණවිරුවන් මෙහෙයවූ ප්‍රධානම සෙන්පතියා මෙතන නැහැ නේද? (නි)

:       0       0

රෝහන Saturday, 25 May 2013 11:20 PM

සමන් කියපු දේ තමයි මටත් කියන්න වෙන්නේ මනමාලි නැති මගුල් ගෙයක්. ජෙනරාල් නැති හමුදා උත්සව මොටද. (නදී)

:       0       0

පෙරේරා Saturday, 18 May 2013 03:38 PM

සුභපතනවා

:       0       0

ජීවන් Sunday, 19 May 2013 09:41 AM

යුද්ද කෙරිල්ල ඉවරවෙලා දැන් ගොඩක් කල්නේ.අනික ඒකටනේ අපි චන්දෙ දීලා,දීමනා,වරප්‍රසාද,සැප,නම්බුව,උසස් ජිවන රටාවක්,උසස් සිවිල් තත්වයක් සහ අනෙකුත් සියලුම දීමනා දීලා ඔතෙන්ට යැවුවේ.අනික අපි බලෙන් ඇරියේත් නැහැනේ.ඔබතුමාලමනේ ඉදිරිපත් වුණේ. (නි)

:       0       0

පද්මා Sunday, 19 May 2013 09:42 AM

යුද්දේ ඉවරවෙලා දැන් ගොඩක් කල්නේ. අනික ඔය තිස් අවුරුදු යුද්දෙට අපි කොච්චර බදු ගෙවල ඇද්ද? කවදද ඒවා ඉවර වෙන්නේ.... (නි)

:       0       0

සුබසිංහ Sunday, 19 May 2013 09:43 AM

මෙරටේ යුද්ධ ඇතිකලෙත් දේශපාලකයෝ.ඒවා නැති කරන්න ඕනෑත් දේශපාලකයෝ මිසක් අපිද. (නි)

:       0       0

අනුරාධ. Sunday, 19 May 2013 09:49 PM

පැවැති ත්‍රස්තතවාදයෙන් රට බේරා සියලු පුරවැසියන්ට නිදහසේ ජීවත්වන්නට ඉඩසලසාදුන් සියලුම අය ජාතියේ වීරවරයන් සේ සලකා ඒ සියලුම දෙනාට මාගේ හිසනමා ආචාර කරනවා. (අ)

:       0       0

අකිල කුලරත්න Sunday, 19 May 2013 10:06 AM

ගාලු මෝදර නොව ගාලු මුවදොර කියා නිවැරදි කරන්න.

:       0       0

රකිත් Monday, 20 May 2013 10:23 AM

යුධ ජයග්‍රහණයේ ගෞරවය එක් පාර්ශවයකට පමණක් බැර කිරීමට තැත් කිරීම දේශපාලන ක්‍රියාවකි. මධ්‍යස්ත ශ්‍රී ලාංකිකයා එය පිළිනොගනී. මගේ මතය නම් ජිවිත පුජාවෙන් සටන් කරපු රණවිරුවන්ට එම ජයග්‍රහණයේ ගෞරවය ප්‍රථමයෙන් හිමි වීය යුතුය. ඉන්පසුව, එය සඳහා දේශපාලන නායකත්වය දුන් ජනාධිපතිවරයාටත්, ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධ කල ආරක්ෂක ලේකම්වරයාටත්, හිටපු හමුදාපතිවරයා ඇතුළු අනෙකුත් සේනාංක නායකයින්ටත් සාමුහිකව හිමි විය යුතුය. මේ සෑම පාර්ශවයක්ම දේශපාලනය මැදිහත්වීමට පෙර එකිනෙකා පිළිබඳව කල ප්‍රකාශ මේ අවස්ථාවේ මතක් කිරීමටද කැමැත්තෙමි.(ස)

:       0       0

චානක Sunday, 19 May 2013 10:10 PM

යුද්දයකින් දිනුමක් ලැබෙනවා කියන්නේ උමතු පුද්ගලයෝ. යුද්දයක් එන්නට පෙර වලක්වා ගන්න කටයුතු කිරීමයි යුද්දයෙන් දිනුවා කියලා උදම් අනන්න පුළුවන් වන්නේ.(නදී)

:       0       0

පද්මිණි Sunday, 19 May 2013 10:32 AM

පින්තුරයක්වත් දකින්න නැති අසහාය සෙන්පති සරත් පොන්සේකා මැතිදුණි, අපේ ජාතියේ හදවතේ ඔබේ නාමය සනිටුහන් වී ඇත. (නි)

:       0       0

ප්‍රභා Saturday, 18 May 2013 05:04 PM

ගාලු මෝදර? මේක කොහෙද තියෙන්නේ?(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 19 May 2013 10:49 AM

අප රට දැය සමය වෙනුවෙන් දිවි පිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසීයේ සොල්දාදුවන්ට අපි සදා ණය ගැතියි. යුද්ධයේදී ආබාධිත සෙබළුන්ද ආදරයෙන් සිහිකරමි. ලක්මව වෙනුවෙන් සටන් කල සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි. (නි)

:       0       0

සමන් Sunday, 19 May 2013 10:50 AM

නිමල් සෞදි, ඔබ හරියටම හරි. මමත් ඔබට එකගයි (නි)

:       0       0

අෂේන් Saturday, 18 May 2013 05:28 PM

ශ්‍රී ලාංකේය අභිමානය.(ස)

:       0       0

පෙරේරා Saturday, 18 May 2013 05:30 PM

යුධ ගිනි බිය නිම කළ රණ විරුවන්.. පෙන්වයි ලො‍වට සිරි ලක් බිම අභිමන්.. (ස)

:       0       0

රජින්ද Saturday, 18 May 2013 05:39 PM

කොමාන්ඩෝස්......(නදී)

:       0       0

දිසා Sunday, 19 May 2013 10:57 AM

අනේ දැන්වත් මේ සෝබන නවත්වන්න .අසරණ මිනිස්සුන්ට මෙවැනි දරුණු විදුලි බිල් ඇතුළු ජීවන වියදම දරා උසුලා ගත නොහැකි තත්වයක් තුල ,මේ දේවල් වලට වැය කිරීම සර්ව සාදාරණද? අපි කොටින් පරදවා රට එයින් මුදා ගත් බව මුළු ලෝකයම දනී. නමුත් රටේ හුදී මහා ජනතාව අන්ත අසරනතාවෙකට ඇද දැමු බව අද මේ කාටත් අමතක බව කනගාටුවෙන් කිව යුතුව ඇත. (නි)

:       0       0

දිසානායක Sunday, 19 May 2013 11:02 AM

මමත් විරුද්ධයි.සැබෑ විරුවෝ ඉන්නේ ටික දෙනයි.මට මේ විදිහට කතා කරන්න අයිතියක් තියනවා.මොකද මමත් අද එක කනක් නොඇසෙන ආබාධිතයෙක්.අපි අපේ වගකීම කරලා ඉවරයි. අපිට සම්මාන අවශ්‍ය නැහැ (නි)

:       0       0

නෙතුමි Saturday, 18 May 2013 06:04 PM

අවුරුදු 30ක් පවතී යුද්ධය දිනපු බව ඇත්ත,, එහෙත් එයට උර දුන්නු බොහෝ පිරිසක් ඇත, කලයුත්තේ අප්‍රසන්න යුද්ධය නැවත නැවත සිහි කර ඒ වෙනුවෙන් බොහෝ පිරිසකගේ දෑස් කඳුලින් පිරවීම නොව, එයට ශක්තියක් වූ සියලුදෙනාට ගෞරවයත් ජීවත් වීමට අත්වැලක් වීමය, දැන් රටේ අනාගතය ගොඩ නැගිය යුතුය.(ස)

:       0       0

චන්දි Sunday, 19 May 2013 11:03 AM

සෙන්තිල්,මට එන්න කිවුවට ස්තුතියි. ඒත් මගේ දරු දෙන්නගේ ප්‍රශ්න ටික විසදගන්න ඔයා උදව් කරනවද?අනෙක ඔයාට තරහා යන්න දෙයක් මම කිවුවේ නැහැ. මම ස්තුති කළේ ලංකාදීප පත්තරේට. ඔයාට ලියන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

චන්දි Sunday, 19 May 2013 11:06 AM

සාජ්, ඔයා හරි. ඒ දෙකම එකම තේරුමනේ. (නි)

:       0       0

අනුර Saturday, 18 May 2013 09:20 AM

කැනඩාවේත් ලංකාවේ වගේ දොස්තරලා ඉන්නවා. (නි)

:       0       0

රංගශානි Saturday, 18 May 2013 06:15 PM

අප සියලුම ශ්‍රී ලාංකිකයන් ජනපතිතුමනි, ඔබතුමාට හා රණ විරුවන්ට සදා ණයගැති.(ස)

:       0       0

චන්දි Sunday, 19 May 2013 11:17 AM

කුමාරගේ කතාවට මමත් එකග වෙනවා. අපි හම්බකරන සල්ලි ලංකාවට එවනවා. අපි තමා විදෙස් විනිමය ලංකාවට එවන්නේ. සමහරක් අය ඒක දන්නෙවත් නැහැ (නි)

:       0       0

ජ.හේරත් Saturday, 18 May 2013 06:37 PM

මේ යුද්දේ තවත් හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නේ නැහැ කියපු , කියපු විදියටම වැඩේ අහවරක් කළ ශ්‍රී ලංකා පුත්‍ර ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා නැතුව මොන සැමරුම්ද ? (නි)

:       0       0

සාලි Saturday, 18 May 2013 09:53 AM

අපරාදේ සල්ලි නාස්ති කරන්නේ. මේවට නිකම් කොල්ලෝ කෙල්ලෝ මැරෙනවා (නි)

:       0       0

ජ.හේරත් Saturday, 18 May 2013 06:49 PM

විනාඩියක් පමණි , මාතෘකාව යුද ජයග්‍රහණ සැමරීම. තහනම් වචනය ජනරාල්. දෙමුද ඇට්ටි හැලෙන්න.(නදී)

:       0       0

සදරුවන් Saturday, 18 May 2013 06:48 PM

එදා මෙදා තුර මව්බිම ලෙයින් තෙත් කරමින් බේරාගත් සිංහයින්ට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ඉස්මාලි Sunday, 19 May 2013 11:27 AM

දිසා මහතා මෙය අඩු තක්සේරුවෙන් කතාකරන බව පෙනේ. එය වහාම නවත්තන්න. මේක තමයි සිංහලයාගේ මුල අමතක වීම. අපි මුස්ලිම් වුණත් මුල හොඳට මතකයි. (නි)

:       0       0

වසන්ත Saturday, 18 May 2013 09:56 AM

ත්‍රිවිද හමුදාවට පඩිය වැඩි කළානම් හොඳ නැද්ද? (ස)

:       0       0

ගජන් Saturday, 18 May 2013 07:05 PM

සරත් ෆොන්සේකා සෑම සිංහලයෙකුගේම හදවතේ ලියවී ඇත. ඔබතුමාට හා රණ විරුවන්ට සදා ණයගැතියි.(ස)

:       0       0

ටෙඩී Saturday, 18 May 2013 07:05 PM

අප සිහල ජාතියට විශාල ආඩම්බරයක්. සමහර විට ද්‍රවිඩ ජාතියට අසහනයක් විය හැකියි. අපි මේ ජයග්‍රහනය නිහතමානිව සමරමු. එය සියලු ලාංකිකයින්ට අයිති දෙයක්. (නි)

:       0       0

අමිල Saturday, 18 May 2013 10:03 AM

යුද්දේ කියල ජනතාවට බර පටවලා ඒ දවස්වල, දැන් මේ වගේ සංදර්ශන වලිනුත් ජනතාවට බර පටවන්න නේද හදන්නේ?හොඳ නැද්ද යුද්දේ නිසා අසරන වුනු මිනිසුන්ට මේ මුදල් වලින් පිහිට වුනා නම්? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 18 May 2013 07:07 PM

ප්‍රසංකා, හිටපු හමුදාපතිවරයා නැතිනම් කිසිම උත්සවක් පවත්වන්න පුලුවන්ද? හෘදයට එකගව හිතන්න. ඔයාගේ නමට ගැලපෙන අයුරින් උසස් නායකයන් අමතන්න. මුලින්ම ඉගෙනගෙන ප්‍රතිචාර දාන්න. (නි)

:       0       0

රනිල් Saturday, 18 May 2013 10:05 AM

ප්‍රේමදාස මහතා කිවොත් නේද හොද?(නදී)

:       0       0

දීප්ත Saturday, 18 May 2013 07:13 PM

මේක හරියට මනමාලිය නැති මගුල් ගෙයක් වගෙයි. මෙය කුරිරු යුද්ධය වෙනුවෙන් දිවි පිදු, තම අත් පා, ඇස් පූජා කළ රණවිරුවන්ට ඔවුන්ගේ දරු පවුල් ශක්තිමත් කර ගැනීමට අත්වැලක් සපයන දිනයක් කර ගනිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 440 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 477 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 869 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site