සිය මවට හා සහෝදරයකුට පහර දී නිවසේ දේපළ වලට අලාභ හානි සිදු කැර සාපරාධි බියක් ඇති කර මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින දසුනි ඊෂා විජේවීර මෙනවිය ජුනි 10 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස වත්තල මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (03) නියෝග කළාය.
ඇය ජ.වි.ප නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණියයි.
එමෙන්ම සැකකාරිය ජාතික වෛද්‍ය පරීක්ෂණ ඒකකයට වෙත ඇතුළත් කොට සම්පුර්ණ මානසික සෞඛ්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිය සෙනෙහස අහිමි දරුවෙක්ගේ ඉරණම... (නි)
අද පවුල් වල ඕවද වෙන්නේ?මෙතන වරද එයා විජේවීරගේ දුව වීම.පොඩි කාලේ ඉඳලා නොකළ වැරදී වලට ඒ ළමයා දඬුවම් වින්දා.තාත්තගේ නම කියන්න ලැජ්ජාවට කී පාරක් අසරණ වෙලා ඇද්ද?පොඩි කාලේ ඉඳන්ම කඳුළු ,නපුරු හීන,අපහාස...මේ දරුවාව අපි දිරිමත් කරමු.පටු විදියට නොබලා ආදරය කරමු.ඉස්සෙල්ලා ඔයාලා යහපත්ව හිතන්න (නි)
ඕවා දෙමාපියන්ගේ වැරදි. එයාගේ තාත්ත මරපු තාත්තලාගේ තව දූලා කීදෙනෙකුට ඔය ප්‍රශ්න බලපාල තියනවද කියලා හොයා බලන්න මාද්‍ධ උනන්දු වෙන්නේ නැහැනේ.(නදී)
වරුණ ඔයා හරි. හිතමු. මේ අසරණයෝ කෑම්ප් වලි ආණ්ඩුවේ එක එක තැන් වල හිටියා. කාලය , තාත්තා... පැත්තක දැමු මේ දරුවන්ගේ මනස මේ වෙනකොට ඔවැනි තත්වයට පත් වෙලා ඔයින් බේරුනා ඇති. (නි)
ඒ ළමයි පොඩිකාලේ ඉදලා හිරගෙවල්වල ඉදලා මනස විනාහ වෙලා. දෙමාපියන්ගේ වැරදිවලට ඒ අහිංසක ළමයි අදටත් දුක් විදිනවා. ඒ ළමයින්ට බුදු දහම පැත්තෙන්වත් පිහිටක් වෙන්න කවුරුහරි ඉදිරිපත් වුනොත් ලොකු පිනක්.පව් (නි)
වරුණ, සදුන් ළමයිනේ, අනේ මන්දා මටත් දැන් මේවා තේරෙන්නෙ නැහැ. ඔයාලගේ කීමත් හරිනේ. (නි)
මේ ළමයාගේ නියම මානසික තත්වය දන්නේ අම්මයි. අම්ම මේ ළමය ගැන බලාගනියි. රටේ මිනිස්සු ඒ ගැන කලබල විය යුතු නැත. ඇරත් ඔය කතාකරන කිසිවෙක් නොව ඇයට ආදරය කරන්නේ මව පමණි. මෙයා ඉගනගන්න වයසේ නොව කසාද බඳින වයසේ කෙනෙක්. අම්ම මේ කරලා තියෙන්නේ ඇයගේ සුබ සිද්ධිය තකා මානසික ප්‍රතිකාර ලබාදීමට පසුබිම සකස් කිරීමක් මිස මෙය සිරගත කිරීමක් නොවේ. ඇය පුවත් පතකට ලබාදී තිබුන ලිපිය කියවන්න. (ත)
වයස අවුරුදු 32 ක් මානසික පීඩනයක් නැද්ද අවිවාහකව ඉන්නකොට ඔයතරම් වයසට ගිහිල්ලත්. ඉක්මනට කසාදයක් බැදලා දුන්නනම් නිකම්ම සනීපවෙයි. (නි)
අම්මට හදාගන්න බැරිනම් උපදේශන පන්ති වලට දාලා හදන්න පුලුවන්ද? (ත)
දෙයියෝ සාක්කි
නිතිය ඉදිරියේ කවුරුත් එකයි (දී)
මේක මානසික රෝගයක්. දුවකට පිය සෙනෙහස නැතිවීම පොඩිකාලේම ලොකු මානසික කඩාවැටීමකට හේතු වෙනවා. මේකට හිරේදාලා තියලා හරියන්නේ නැහැ. (නි)
වරුණ, ඕයා හරි. ඇය දෙස බලන්න ඕනේ විජේවීරගේ දුව කියන හැගීමෙන් නම් එතනම වැරදියි. එයා තරුණියක්. කාගේ කවුද යන්න වැදගත් නෑ වගේම ඇය අපරාධයක් කරලත් නැහැ. මේක පවුල් ආරවුලක් විතරනේ. අනේ මන්දා අපේ නීතිය.(නදී)
පව්, එහෙම කරන එක හරි නැහැ. තාත්තටත් අසාධාරණයක් වුනේ. දුවටත් එහෙම කරන එක හරි නැහැ. කොහොම හරි හොද මාර්ගයට ගන්න ලැබේවා. (නි)
රෝහණ විජේවීර ගැන කියන්න ඕන නැහැනේ.(නදී)
අයියෝ සල්ලි (දී)
හුගක් අයව මේ තත්වෙට දාන්නෙ තමන් අවට ඉන්න අයමයි (නි)
වරදක් කරලා නම් ඊට නිසි දඩුවම ඕනේ (දී)
මම කියලා මොනවා කියන්නද මහත්තයෝ
දඩුවම් නොකර අවවාද කර නිදහස් කරන්න (නි)
අනේ එයාට මානසික ආතතියද කියලා බලන්න. මොකද තාත්තත් නැති එකේ ... ඒක ඒයාට මානසික වදයක් ද කියලා දන්නේ නැහැ නේද. පවු අනේ තරුණ ළමයෙක් නේද ... (නි)
මේවා පරම්පරාගත රෝග. බෙහෙත් නැහැ ඕවට (නි)
පුනර්බවය කියන්නේ මේවට (නි)
කවුද මේවාට වග කියන්නේ (දී)
මෙහෙමනේ වරුණ මහත්තයෝ,තැලෙන යකඩේ උඩපැන පැන තලලා අපට පෙන්වනවා නිතිය ක්‍රියාත්මක වෙනවා කියලා. තලන්න බැරි නම් නීතියේ සිදුරු වලින් රිංගලා යන්න ඉඩ හැරලා අපට කියනවා සාක්කි නැහැ කියලා. (නි)
මේවගේ සිද්ධියකට හිරේ යවනවට වඩා නරකද ඇග බැදලා අවවාද කරලා එලියට යවන එක? තරුණ ගැහැණු ළමයෙක් හිරේ යවන එක කොච්ච්චර අපරාධයක්ද?මිනි3,4, මරලත් ඇප දෙන රටක මේවගේ දෙයකට රිමාන්ඩ් කරන එක දෙවරක් සිතා බෙලිය යුතුයි නේද?.(නදී)
මම දන්නා විදියට ඇය ඉගෙනීමට දක්ෂ ළමයෙක්, පව් ළමයව හොද මාර්ගයට ගන්න පුළුවන් නම්.(නදී)