IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්

සිය මව සපා කෑවේයැයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ දියණියක ජුනි මස 03 වැනිදා තෙක් රිමාන්ඩ්  කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය  අද  (20) රිමාන්ඩ් කරනු ලැබීය.

එලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් දියණිය දසුන් ඊෂා විජේවීරයි.

තමාට හා පුතාට හිරි හැර කළැයි ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මහත්මිය කළ පැමිණිල්ලක් අනුව ඊෂා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

රෝහණ විජේවීර මහතාගේ බිරිය සහ දරුවන්   වැලිසර නාවික හමුදා බාරයේ සිටින බවත්, පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනාගෙන් කිහිප දෙනකුටම කලක සිට දියණියගෙන් කරදර  බවට පැමිණිලි කළ බවත් පොලිස් ආරංචි කියයි.

තමා සපා කා සහෝදරයාට ද හිරිහැර කළ බවට පසුගිය 18 වැනිදා රෝහණ විජේවීර මහතාගේ බිරිය මහභාගේ පොලීසියට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අද  උදෑසන සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් මහභාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (0)

විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්

උදය Monday, 20 May 2013 10:58 PM

ලලිත් කියන කෙනා අමුතුම ලෝකෙක ඉඳලා ලියන්නේ. තාත්ත ගේ වැරදි වලට ලංකාවේ කොහෙවත් දරුවෝ හිරේ ගිහින් නැහැ. නාවික කඳවුරේ ඒ අය ඉන්නේ ඒ අයගේ ජීවිත තාත්ත ගේ වැරදි වලින් බේරන්න නිසා කියලා ලලිත් හොඳටම දැන ගන්න ඕනෑ. කී දෙනෙක් විරයන් ඉන්නවද තාත්තගේ ඉතිහාසයත් එක්ක (නි)

:       0       0

සුසිල් Monday, 20 May 2013 11:01 PM

ලලිත්, මේ ළමයි හිරේ දමලා හිටියේ නැහැ. වැලිසර නාවික කදවුර යටතේ නිවාස අඩස්සියේ හිටියේ.විප්ලවීය ලේ නිසා කේන්ති යනවා ඇති. (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 20 May 2013 11:13 PM

පව් එයාව මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න. රිමාන්ඩ් කරන්න එපා. (නි)

:       0       0

සරත් Monday, 20 May 2013 11:40 PM

ඇත්තටම මේ දරුවෝ ගැන ජේ වී පි එක හොයලා බැලුවා නම් කොතරම් වටිනවා ද? (නි)

:       0       0

ලක්මාල් Monday, 20 May 2013 11:42 PM

තාත්තගෙ අඩිපාරෙ යන දුවෙක් වෙන්න එපා (නි)

:       0       0

කුමාර Tuesday, 21 May 2013 12:19 PM

දේශපාලනේට සම්බන්ධයක් නැති මේ දරුවන් දැන්වත් හිර අඩස්සියෙන් මුදා හැරිය යුතුයි .මෙහෙම අසහන කාරී තත්ත්වයකට පත් වන්නේ දීර්ඝ කාලයක් බාහිර ලෝකයෙන් ඉවත් කර තැබීම නිසා. (ස)

:       0       0

අසෝක Tuesday, 21 May 2013 12:18 AM

තාත්ත මිනිසුන්ට දීපු වධ දැන් දුව පවුලෙ අයටම​ දෙනවා. මේවාට දරුවන්ටත් වන්ඳි ගෙවන්න සිදුවීම​ තමයි කණගාටු. (නි)

:       0       0

තිසල් Tuesday, 21 May 2013 12:43 AM

කරුණාකර ඔය දරුවන් නිදහස්කරන්න. කදවුරුගතව සිටීමෙන් දරුවන් දරුණු මානසික තත්වයන්ට මුහුණපා ඇති බව පෙනේ.කරුණාකර ඇය සිරගත නොකර මානසික ප්‍රතිකාර ලබාදී පුනරුත්ථාපනය කරන්න. කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.. (නි)

:       0       0

ලාරා Tuesday, 21 May 2013 01:06 AM

මම දන්නා ආකාරයෙන් මේ දුවනිය ඉන්නේ දරුණු මානසික විශාදියකින්.අනේ පින්වත් සිත් ඇති කෙනෙක් ඇයට පිහිට වෙන්න. (නි)

:       0       0

රුවිනි Tuesday, 21 May 2013 02:37 AM

ඒ ළමයට මානසික රෝගයක් ඇති සමහරවිට. එහෙම නම් ඊට ප්‍රතිකාර කරන්න. ඒ ළමයි හැදුනු කාලය ගැනත් ටිකක් හිතන්න. (නි)

:       0       0

මෝහමෙඩ් Tuesday, 21 May 2013 03:08 AM

ලලිත් ඔබ හරි.එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවේ සිටින සමහර ඇමති ගොල්ලොන්ගේ පවුල් වල අයත් දාන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Saturday, 25 May 2013 01:35 AM

අනේ හැබැවටම මේ රටේ මිනිස්සු දන්නා තරම. විජේවීරගේ පවුල කඳවුරේ කැමත්තෙන් ඉන්නවා මිස හිරේ දමලා නැහැ . වැඩි ආරක්ෂාවට එයාලට ආරක්ෂාවදීමට රජය ගත් පියවරක්. මොකද විජේවීර නිසා මරුන අයගේ පවුල් වලින් මෙයාලට කරදරයක් වෙනවට. මම දන්නා විදියට රටේ මැති ඇමතිවරු ඇරුනම මෙයාලට විතරයි මෙහෙම ආරක්ෂාවක් දීල තියෙන්නේ. කොටින්ම රට බේරා ගත් හමුදාපතිටවත් මෙහෙම ආරක්ෂාවක් දීල තියේද? හිරේක නම් ඉන්නේ ජ වී පෙ සහෝදරවරු විරුද්ධ වෙන්න එපායැ මුලින්ම. ආරක්ෂාව පමණක් නොව සියලුදේ සපයන්නේ රජයෙන්. තව මොනවද කලයුත්තේ. එක දුවක් පළමු පන්තියේ විද්‍යා උපාධිධාරිනියක්.(නදී)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 03:49 AM

ජනතා විමුක්ති කාරයෝ ඔක්කොම එකයි. හැබැයි විජේවීරගේ දුව ගැන නම් මට හරිම දුකයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 21 May 2013 04:21 AM

මෙම දරුවන් සහ බිරිඳ කළ වරද කුමක්ද? මෙය මානව හිමිකම් අහිමි කිරීමක් නොවේද? (නි)

:       0       0

සංජු Saturday, 25 May 2013 01:30 PM

මම ආසයි මේ පිළිබද තොරතුරු දැනගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 21 May 2013 05:59 AM

බලදාරියනේ, මේ ළමයව දැන් කසාද බැඳලා දෙන්න කාලේ හරි (නි)

:       0       0

රාමා Tuesday, 21 May 2013 06:44 AM

මළ පෙරේතයෙක්වත් වැහිලද දන්නෙ නැහැ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 May 2013 07:50 AM

මේ අය මේ විදියට හමුදා භාරයේ තියා ගෙන ඉන්න එක වැරදි දෙයක්. අපි මේ අය ගැන කණගාටු විය යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 May 2013 07:50 AM

ඔයා කලබල වෙන්න එපා දුවේ. මේක මණ්ඩලේ කචල් එකක්ද කොහෙද? (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 07:59 AM

ඇයි මේගොල්ලෝ තාම හමුදා භාරයේ ඉන්නේ?ආයේ කැරලි ගහයි කියලා බයටද?කොටි හොල්මන් අවතාර කුරුල්ලෝ වගේ නිදහසේ සැප විදිනවා. මේ ම්නිස්සු තාමත් හමුදා භාරයේ? (නි)

:       0       0

ඉස්රු Tuesday, 21 May 2013 01:23 PM

ඉබුලේ කටු උල් කරන්න ඕනේ ද?(නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 21 May 2013 08:17 AM

මේ ගොල්ලන් සිංහල නිසා වෙන්න ඇති තාමත් හමුදා බාරයේ පසු වෙන්නේ.(නදී)

:       0       0

දමිත් Monday, 20 May 2013 06:00 PM

පව් නේ

:       0       0

දිනේෂ් Monday, 20 May 2013 06:08 PM

දුකයි

:       0       0

තලල්ලේ කොල්ලා Tuesday, 21 May 2013 08:30 AM

තාමත් නාවික හමුදා බාරයේ ඉන්න එකනම් වැරදියි.(නදී)

:       0       0

උපුල් Monday, 20 May 2013 06:22 PM

කරුමේ

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 08:36 AM

හරි මහත්වරුනේ රෝහණ විජේවීර මහත්තය අසාධාරනෙට එරෙහිවුනු බවත් අපේ රටතුල ජාතිවාදී හෝ ත්‍රස්තවාදීන් විදිහට සලකන බවත් මම දන්නවා. ඒවා හොද උනත් නරක උනත් මේ ළමයින් බාහිර ලෝකයෙන් වෙන් කිරීම වැරදියි කියලා මම කියන්නේ. ඒ අයට නිදහසේ ලංකාවේ බැරිනම් වෙන රටක හෝ ජීවත් වීමට අයිතිය තියෙන්න ඕනා. මේ ගොල්ලෝ සිංහල අය වගේම නියම තාත්තා කෙනෙක්ගේ දරුවන් ඒකට කව්රුත් බයයි.(නදී)

:       0       0

සමන්ත Monday, 20 May 2013 06:25 PM

ඔය පෙරමුණේ බහුතරය කොහොමත් මිනීමස් කනවා. (නි)

:       0       0

පුබුදු Tuesday, 21 May 2013 08:36 AM

මොනවා කරන්නද ඉතින් අපි

:       0       0

මංජු Monday, 20 May 2013 06:31 PM

හපොයි! මෙයාට ටයිසන්ව වැහිලද? (නි)

:       0       0

සනත් Tuesday, 21 May 2013 01:53 PM

හිරුෂ, ජයන්ත ජේ.වී.පී කාරයෝ මේ ලියපු කීදෙනෙක්ගේ අම්මලා, තාත්තලා, සහොදර සහෝදරියෝ මරන්න ඇතිද ඒ කාලේ. හිතේ අමාරුවටයි ඔය විදියට ලියන්න ඇත්තේ.(නදී)

:       0       0

ජීවන්ත Tuesday, 21 May 2013 08:47 AM

චන්ද්‍ර, ඔයා හරි, ඔය විදියටම අහන්නකෝ ප්‍රභාකරන් ගේ බිරිඳත් දරුවොත් මරා දැම්මේ ඇයි කියල.(නදී)

:       0       0

වාසනා Monday, 20 May 2013 06:39 PM

මට තියෙන කේන්තිය

:       0       0

අසාද් Thursday, 23 May 2013 05:49 PM

තාත්තා මානසික රෝගියෙක් නේ දුවත් ඒවගේ ඇති.(නදී)

:       0       0

නිශාර්ඩ් පරීනි Tuesday, 21 May 2013 09:05 AM

ඒ දරුවට මානසික ආතතිය වැඩිවෙලා ඇති.(නදී)

:       0       0

ප්‍රේමදාස Monday, 27 May 2013 02:00 AM

විජේවීර කියන්නේ කවුද කියලා දන්නේ අය ලංකාවේ ඉන්නවා කියලා දන්නවා. ඒත් පෙන්නන්න එපා දාන්නේ ගොම කියලා. (නි)

:       0       0

චමිල Monday, 20 May 2013 07:15 PM

අපි මොනවා කරන්නද

:       0       0

හිරැෂ Tuesday, 21 May 2013 09:28 AM

මෝඩ කතා කියන්න කලින් සම්පූර්ණ සිද්ධිය මොකක්ද කියලා බලන්න ඕනේ ඔළුවක් තියෙනවානම්. අනික මේකට වි‍ජේවීර අදාල නෑ නේ. ළමයෙක් තමන්ගේ අම්මව හපලා. එච්චරයි. වි‍ජේවීරගේ දුව කියලා වෙන ලෝකෙක ළමයෙක් ද. මම දන්න විදියට තාත්තව හමුදාවෙන් අරන් ගිය දවසේ ඉදලා ඉල්නේ මානසික ආබාධයකින්. ගොඩක් අදහස් කුහක කමින් ලියපුවා කියලයි මට පේන්නේ.(නදී)

:       0       0

විමල් Tuesday, 21 May 2013 09:29 AM

මෙයාලා හිරේ නෙමෙයි ඉන්නේ. මෙයාලගෙම ඉල්ලීම ආරක්ෂාව යටතේ නාවික හමුදා කදවුරේ ජීවත් වෙනවා. ලොකු ළමයි රජයේ රස්සාවක් කළා. සියළුම වියදම් රජයෙන් කරන්නේ.(නදී)

:       0       0

සස්මික Tuesday, 21 May 2013 09:40 AM

මේ ළමයි සාමාන්‍ය සමාඡය ගැන අවබෝයක් නැතිව ඇති. මොවුන් කුඩා කල සිට නිවාස අඩස්සියේ මනස විකෘති වෙලා ඇත්තේ. තාත්තා මේ සමාඡයේ වැරදි රටට පෙන්නුවා ඹහු විශිෂ්ඨ නායකයේක්. ඹහුගේ දරුවන්ට අත්වු ඉරනම ඛේදවාචකයක්.(නදී)

:       0       0

සේන Wednesday, 22 May 2013 02:08 AM

අපේ සමහර ඇමති පුතාලා කරන වැඩ ගැන ඇහුවම මේකත් ප්‍රවෘත්තියක්ද?(නදී)

:       0       0

රසාදරී මනමේන්ද්‍ර Monday, 20 May 2013 07:39 PM

එහෙම කළේ නැත්නම් අප්පගේ දුව නෙමෙයි (නි)

:       0       0

චමින්ද Monday, 20 May 2013 07:54 PM

මට ඔබ ගැන කනගාටුයි

:       0       0

ඉන්දික Tuesday, 21 May 2013 10:00 AM

පූස් පැටියෙක් වුනත් හිර කරන්න ගියාම අහුවෙන කෙනාව හපා කනවා හුරනවා. මේ දියණියත් ළමා කාලයේ ඉදලම ශාරීරිකව මෙන්ම මානසිකවත් හිරකරලනේ ඉන්නෙ ඒක නිසා ලෙකු මානසිත ගැටළු ඇති. මිනී මරපු කොටි නිදහසේ පිණුම් ගහන්න ඉඩ දීල මේ දරුවන් තවදුරටත් හිර කරන් ඉදල මොවුන් හැමදාටම සරණාගාතයො කිරීම ද වුවමනාව.(නදී)

:       0       0

විජේවීර Monday, 20 May 2013 08:03 PM

දුවේ මොකද්ද මේ කර ගත්තේ

:       0       0

සුමිත් Tuesday, 21 May 2013 10:09 AM

තාත්තගේ දුවනේ පරන දේවල් කරන්න හිතුනද දන්නේ නැහැ.(නදී)

:       0       0

එල් විජිත් ප්‍රසන්න Tuesday, 21 May 2013 02:47 PM

මේ සමහර අයගේ අදහස් දකිනකොට මට හිතෙන්නේ දේශපාලුවන් විසින් මේ මිනිසුන්ව කොච්චර ගොනාට අන්දලාද කියලා. මේ මිනිසුන් මේ විදියට හිතන තාක් මේ දේශපාලකයෝ අපේ රට ප්‍රපාතයට ගෙනියනවා.(නදී)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 07:13 PM

නයාගේ පැටව් නයි පැටව් මිසක් ගැරඩි පැටව් නෙමෙයි නේද සහෝදරයා? (නි)

:       0       0

ලලිත් Monday, 20 May 2013 08:16 PM

තාත්ත කල වැරදි වලට අහිංසක දරුවන් මේ විදිහට හිරේ නොදම හිරේ හිරේක තියනකොට මනස විකුර්ති වෙන එක පුදුමයක් ද ??? (අ)

:       0       0

දියෝ Friday, 24 May 2013 09:10 PM

ඔයාටත් මතක නැහැ කියන්න. එතකොට නිදහස් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 03:03 PM

මේවා පවුල් ප්‍රශ්න උනත් මේකෙන් පෙන්නේ නොහැදියාව. තමන් වැදු අම්මට එක බඩ වැල කඩන් ආපු මල්ලිට ඔහොම නම් . පිට අයට කොහොමද ?(නදී)

:       0       0

අජිත් Tuesday, 21 May 2013 10:47 AM

ඔය විදියට හිරභාරයේ තියාගෙන ඉන්න එකේ ප්‍රතිපල තමයි. මේ කට්ටිය මොන වරදක් කලාටද, මේ දඩුවම දෙන්නේ. නිදහස් කරන්න. කේ.පී. ල, කරුණලා නිදහස් කලානම් මෙය කරන්න බැරිද?(නදී)

:       0       0

ජයන්ත-නවසීලන්තය Tuesday, 21 May 2013 10:50 AM

හිරුෂ හරියටම හරි මෙතන ප්‍රතිචාර දාන බොහෝ දෙනා විජේවීර කියන බුද්ධිමත් පුද්ගලයා ගැන හරි ලියවිල්ලක්වත් කියවලා නැහැ. නිකම් කටට එන වචන ලියනවා. කිසිම දේශපාලන හෝ සමාජමය අවබෝධයක් නැතිව මිනිස්සුන්ට ගරහන්න හොඳ නැහැ. මේ ළමයාට වයස 32යි. විවාහයක් නැහැ අරමුඅනක් නැහැ. ඉන්නේ හමුදා කඳවුරක මානසික අසහනය ඇති. අම්මටත් දරාගැනීමේ ශක්තිය දැන් අඩු ඇති. මේවා සමාජ ප්‍රශ්න මිසක විජේවීරගේ හෝ ජේවීපී ප්‍රශ්න කියලා ප්‍රතිචාර දාන්නේ මෝඩ මිනිස්සු. කරුණකරලා අනිකාගේ දුර්වලකම් වලට පහර දෙන්න එපා.(නදී)

:       0       0

නාලක Monday, 20 May 2013 09:11 PM

නිකන් අත්අඩංගුවට ගන්නේ නැහැ

:       0       0

ලංකා Tuesday, 21 May 2013 03:24 PM

දෛවයේ සරදමක්

:       0       0

තබුක් සිල්වා Monday, 20 May 2013 09:41 PM

ලලිත්, එය මා කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. පියා වැරදි කළේ අසාධාරණයට මිස වැරදි ආකල්පයකින් නොවෙයි. (නි)

:       0       0

විමලාවතී Monday, 20 May 2013 10:02 PM

දුක තමයි. වෙන කියන්න දෙයක් නැහැ. ඇහේ කදුළු මේ ඇඩෙනවා මට (නි)

:       0       0

දිලිනි Monday, 20 May 2013 10:04 PM

තාත්තා රට කෑවා, දුව අම්මව කෑවා.(නදී)

:       0       0

එල්. විජ්ත් ප්‍රසන්න Monday, 20 May 2013 10:11 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. (නි)

:       0       0

ශානිකා Monday, 20 May 2013 10:10 PM

මට මොකුත් කියන්න නැහැ

:       0       0

අනුර Monday, 20 May 2013 10:17 PM

මෝඩකමට මම මේ අහන්නේ. 'වරදේ ස්වභාවය අනුව දඩුවම වැඩි නැද්ද ?' මිනී මරලත් එළියේ ඉන්න පුළුවන්නේ දැන්. (නි)

:       0       0

නෙතුමි Monday, 20 May 2013 10:33 PM

ඇත්තෙන්ම තාමත් ඔවුන්ගේ පියා කල වැරදි හුවා දක්වමින් ඔවුන්ව ප්‍රසිද්ධ කිරීම වැරදියි. ඔවුන්ටත් පෞරුෂත්වයක් තියෙනවනේ. අනික තාමත් අත්අඩංගුවේ තබා ගැනීමට මොවුන් කඝ වරද මොකක්ද? කීයක් වැරදි කළ අය දැන් නිදහස්ද? කන්න බොන්න දීලා මොන දේ දුන්නත් නිදහස් ජීවිතයක් නැහැනේ. (නි)

:       0       0

සමරේ Monday, 20 May 2013 10:35 PM

තාත්ත රටම හපා කෑවනේ ! (නි)

:       0       0

සුදත් Monday, 20 May 2013 10:42 PM

ලලිත්, එයාලව හිර කරලා නෙමෙයි ඉන්නෙ. එයාලගෙ ඉල්ලීම පිට, ආරක්ෂාවට තමා කඳවුරේ ඉන්නෙ. මම දන්න විදිහට ලොකුදුව හොඳට ඉගෙන ගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1525 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 669 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1471 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 6916 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 806 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 301 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site