IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වැට් බදු හොරා කෑ උප කමිසුරු හිරේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 399ක වැට් බදු වංචාව සම්බන්ධ නඩුවේ  දෙවැනි විත්තිකරු වූ ආනන්ද අඹේපිටිය, හිටපු නියෝජ්‍ය කොමසාරිස්ට    මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය   මාස 14ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් පන් ලක්ෂයක දඩයක්  නියම කළාය.

එම නඩුවේ 11 වැනි විත්තිකරු වූ එස් එම් අෂ්රොප් නම් ව්‍යාපාරිකයාට අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය රුපියල් හය කෝටියක දඩ ද නියම කළාය.

දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුගේ සියලු දේපළ රාජසන්තක කරන බව ද විනිසුරුවරිය පැවසුවාය.

මේ දෙදෙනා පළමු චෝදනාවට වරද පිළිගත්හ.

එම නිසා නීතිපතිවරයා ඔවුනට එරෙහි තිබූ සෙසු චෝදනා ඉවත් කර ගත්තේය.



අදහස් (0)

වැට් බදු හොරා කෑ උප කමිසුරු හිරේ

අපොන්සු Tuesday, 30 April 2013 01:42 PM

මේකට නීතිඥයනුත් එක්ක එකතු වෙලා කරපු වැඩක්ද කොහෙද ඒක නඩු තීන්දුවෙන් පැහැදිලියි(නු)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 01:48 PM

කෝටි 399 කට මාස 14 ක්... ඕකෙන් පස්සේ කට්ටිය බයනැතුව හොරකම් කරාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

අමිල Tuesday, 30 April 2013 01:55 PM

එතකොට ඉතුරු කෝටි 393 ක මුදල? (නි)

:       0       0

රංජිත් Tuesday, 30 April 2013 01:58 PM

මේ වංචාවෙන් දඩ මුදල් ගෙව්වත් එයාට ඒක පාඩුවක් නැහැ.. මැරෙනකම් ජීවත්වෙන්න සල්ලි තියෙනවා... (නු)

:       0       0

රත්න Tuesday, 30 April 2013 02:04 PM

කෝටි 399කට දඩ ලක්ෂ 5 යි, මාස 14 යි; කෝටි 6යි, මාස 24 යි.( සෙසු චෝදනා සුපුරුදු ලෙස ඉවතට ) කොස් ගෙඩියට, පොල්ගෙඩි 8ට රු. 50,000යි.(උපදේශය - හොරකම් කරන්න ඕනේ කෝටි ගනන්)(නු)

:       0       0

බන්දුල කටාර් Tuesday, 30 April 2013 07:46 PM

වෙන රටවලනම් දඩ මුදල වංචාකල මුදලට වඩා ගොඩක් වැඩයි. නමුත් ලංකාවේ එකටත් ඩිස්කවුන්ට් දීල. දඩ මුදල ගෙව්වත් මේ වැඩෙන් එයාට තව කෝටි කීයක් ලාබද, ඒගොල්ල රජයට වංචාකල ඉතිරි මුදල පියවන්න බලාගන ඉන්නේ දුප්පත් ජනතාවගේ බත්පතෙන්.....? මේවගේ නීතියක් තියන රටක ඉපදෙන්න තරම් අපි අවසනාවන්ත උනේ ඇයි(නු)

:       0       0

රාජ් Tuesday, 30 April 2013 02:08 PM

මරුනේ.මටත් ඔහොම හොරකම් කරන්න පුලුවන් නම් ... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 April 2013 02:11 PM

අහෝ රටකට ගිය කලක්‍! හැබැයි ලාබය කෝටි 393ක්... (නි)

:       0       0

ලහිරු Tuesday, 30 April 2013 02:12 PM

සජිත් ඔයා ඉන්නවද? මේකත් දෙවියන් වහන්සේගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දමිත්-ඩුබායි Tuesday, 30 April 2013 02:12 PM

රුපියල් කෝටි 399ක්? මිනිසුන්ට ලක්ෂේ ලක්ෂේ දුන්නා නම් මොකද වෙන්නේ ?? (නි)

:       0       0

ජීවන්ත Tuesday, 30 April 2013 02:15 PM

අවවාදයයි, හොරකම් කරතොත් කෝටි ගණනින් කරනු. අවුරුදු 2 යි. නමුත් පොල් ගෙඩියට,කෙසෙල් කැණට අවුරුදු 10 යි. (නි)

:       0       0

සදුනි Tuesday, 30 April 2013 02:20 PM

අනේ...කෝටි 400 ක් හොරකම් කලාම මස 14 ක් හිරේ.පොල්ගෙඩි අටක් කැඩුවම .....?(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 02:22 PM

කෝටි 400ක් වංචා කරල මේ පොඩි ගානෙන් ඕක පියව ගන්න පුලුවන්ද? (නු)

:       0       0

සංජුලා Tuesday, 30 April 2013 02:36 PM

නඩුකාර හාමුදුරුවන්ටත් ගානක් දීල වගේ.. මොකද කෝටි 400 ට කෝටි 6යි ලක්ෂ පණහයි..!(නු)

:       0       0

දයා අලහකෝන් Tuesday, 30 April 2013 02:37 PM

විනිසුරුතුමනි ඉතා උත්කෘෂ්ඨයි.. රට අගාධයට යන්නේ මේ වගේ අය නිසා තමයි.,!(නු)

:       0       0

පැතුම් මිහිරංග Tuesday, 30 April 2013 09:09 PM

වංචාවක් උනත් මොකද නියම ලාබයනේ.... මාස 14ක් සැප වාට්ටුවක ඉදලා එයි.. එපමණයි..!(නු)

:       0       0

මහවැලි Tuesday, 30 April 2013 09:20 PM

බලන්න රටේ නීතිය..!(නු)

:       0       0

තිලක් Tuesday, 30 April 2013 03:12 PM

ඒත් කෝටි බරගාණක් ලාබයිනේ (නි)

:       0       0

අනිල් Tuesday, 30 April 2013 03:13 PM

රට කන සියළු ඇත්තන්ට තරාතිරම් නොබලා දඩුවම් ලබාදීමට අපේ රටේ අධිකරණයට සියලු ශක්තිය ලැබේවා! (නි)

:       0       0

චතුර Tuesday, 30 April 2013 03:25 PM

මොනවා වුණත් එතුමා හරිම සන්තෝෂ වෙනවා ඇති. මොකද තනිකර ශුද්ධ ලාභයක්නේ. සැබවින්ම ලංකාව ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය බවට නුදුරේදීම පත්වනු ඇති. ප්‍රීතී! ප්‍රීතී! විකසිත අනාගැනීමක්! (නි)

:       0       0

විජේසිංහ Tuesday, 30 April 2013 03:58 PM

පහු වෙලා හරි වරද පිලිගට්ටු එක හොඳයි. (ස)

:       0       0

නයන Tuesday, 30 April 2013 04:37 PM

පනවපු දඩුවම මදි මගේ හිතට නම්, කරපු වංචාවේ ප්‍රමාණයට. (නි)

:       0       0

ජූඩ්. Tuesday, 30 April 2013 05:16 PM

කොටි 399 වංචාකරලා අවුරුදු 5 හිටියත් අර කොටි 399ක් හොයන්න කාටද පුළුවන්.(නු)

:       0       0

හේරත් Wednesday, 01 May 2013 03:33 AM

පිස්සුද අනේ.....හිරේ ඉන්න කාලේ කෑම බීම, විදුලි බිල් අපේ මුනුබුරලා ගෙවන්න පොරොන්දු වුණා මතක නැද්ද? නඩු තින්දුත් අපටමයි ගහන්නේ. අනේ ශ්‍රි ලංකා! (නි)

:       0       0

හේරත් Wednesday, 01 May 2013 03:36 AM

මැයි දිනේට මාටියා ගැසීම සමරමු. මාටියට ජයවේවා! (නි)

:       0       0

කුමාරි Wednesday, 01 May 2013 05:01 AM

මේ අය අවරුදු 7 ක් හිරේ ( රිමාන්ඩ්)හිටිය මදි ද ?. (නදී)

:       0       0

උපාලි Wednesday, 01 May 2013 06:56 AM

සංජුලා කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඔය කෝටි ගණන් ගහන අය බැරි වෙලාවත් ගැස්සිලා ගියොත් ඔයිටත් වඩා ඉහල තැන්වලටත් බෙදන්න බලාගෙනයි ඒවා කරන්නේ. ඊ ළඟ වෙසක් එකට කට්ටිය එළියේ නෙමෙයිද බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 65 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 119 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 141 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1878 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site