දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 399ක වැට් බදු වංචාව සම්බන්ධ නඩුවේ දෙවැනි විත්තිකරු වූ ආනන්ද අඹේපිටිය, හිටපු නියෝජ්‍ය කොමසාරිස්ට මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මාස 14ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් පන් ලක්ෂයක දඩයක් නියම කළාය.
එම නඩුවේ 11 වැනි විත්තිකරු වූ එස් එම් අෂ්රොප් නම් ව්‍යාපාරිකයාට අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය රුපියල් හය කෝටියක දඩ ද නියම කළාය.
දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුගේ සියලු දේපළ රාජසන්තක කරන බව ද විනිසුරුවරිය පැවසුවාය.
මේ දෙදෙනා පළමු චෝදනාවට වරද පිළිගත්හ.
එම නිසා නීතිපතිවරයා ඔවුනට එරෙහි තිබූ සෙසු චෝදනා ඉවත් කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුතුමනි ඉතා උත්කෘෂ්ඨයි.. රට අගාධයට යන්නේ මේ වගේ අය නිසා තමයි.,!(නු)
සංජුලා කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඔය කෝටි ගණන් ගහන අය බැරි වෙලාවත් ගැස්සිලා ගියොත් ඔයිටත් වඩා ඉහල තැන්වලටත් බෙදන්න බලාගෙනයි ඒවා කරන්නේ. ඊ ළඟ වෙසක් එකට කට්ටිය එළියේ නෙමෙයිද බලන්න. (නි)
මේ අය අවරුදු 7 ක් හිරේ ( රිමාන්ඩ්)හිටිය මදි ද ?. (නදී)
මැයි දිනේට මාටියා ගැසීම සමරමු. මාටියට ජයවේවා! (නි)
පිස්සුද අනේ.....හිරේ ඉන්න කාලේ කෑම බීම, විදුලි බිල් අපේ මුනුබුරලා ගෙවන්න පොරොන්දු වුණා මතක නැද්ද? නඩු තින්දුත් අපටමයි ගහන්නේ. අනේ ශ්‍රි ලංකා! (නි)
බලන්න රටේ නීතිය..!(නු)
වංචාවක් උනත් මොකද නියම ලාබයනේ.... මාස 14ක් සැප වාට්ටුවක ඉදලා එයි.. එපමණයි..!(නු)
වෙන රටවලනම් දඩ මුදල වංචාකල මුදලට වඩා ගොඩක් වැඩයි. නමුත් ලංකාවේ එකටත් ඩිස්කවුන්ට් දීල. දඩ මුදල ගෙව්වත් මේ වැඩෙන් එයාට තව කෝටි කීයක් ලාබද, ඒගොල්ල රජයට වංචාකල ඉතිරි මුදල පියවන්න බලාගන ඉන්නේ දුප්පත් ජනතාවගේ බත්පතෙන්.....? මේවගේ නීතියක් තියන රටක ඉපදෙන්න තරම් අපි අවසනාවන්ත උනේ ඇයි(නු)
කොටි 399 වංචාකරලා අවුරුදු 5 හිටියත් අර කොටි 399ක් හොයන්න කාටද පුළුවන්.(නු)
පනවපු දඩුවම මදි මගේ හිතට නම්, කරපු වංචාවේ ප්‍රමාණයට. (නි)
පහු වෙලා හරි වරද පිලිගට්ටු එක හොඳයි. (ස)
මොනවා වුණත් එතුමා හරිම සන්තෝෂ වෙනවා ඇති. මොකද තනිකර ශුද්ධ ලාභයක්නේ. සැබවින්ම ලංකාව ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය බවට නුදුරේදීම පත්වනු ඇති. ප්‍රීතී! ප්‍රීතී! විකසිත අනාගැනීමක්! (නි)
රට කන සියළු ඇත්තන්ට තරාතිරම් නොබලා දඩුවම් ලබාදීමට අපේ රටේ අධිකරණයට සියලු ශක්තිය ලැබේවා! (නි)
ඒත් කෝටි බරගාණක් ලාබයිනේ (නි)
මේකට නීතිඥයනුත් එක්ක එකතු වෙලා කරපු වැඩක්ද කොහෙද ඒක නඩු තීන්දුවෙන් පැහැදිලියි(නු)
නඩුකාර හාමුදුරුවන්ටත් ගානක් දීල වගේ.. මොකද කෝටි 400 ට කෝටි 6යි ලක්ෂ පණහයි..!(නු)
කෝටි 400ක් වංචා කරල මේ පොඩි ගානෙන් ඕක පියව ගන්න පුලුවන්ද? (නු)
අනේ...කෝටි 400 ක් හොරකම් කලාම මස 14 ක් හිරේ.පොල්ගෙඩි අටක් කැඩුවම .....?(නු)
අවවාදයයි, හොරකම් කරතොත් කෝටි ගණනින් කරනු. අවුරුදු 2 යි. නමුත් පොල් ගෙඩියට,කෙසෙල් කැණට අවුරුදු 10 යි. (නි)
රුපියල් කෝටි 399ක්? මිනිසුන්ට ලක්ෂේ ලක්ෂේ දුන්නා නම් මොකද වෙන්නේ ?? (නි)
සජිත් ඔයා ඉන්නවද? මේකත් දෙවියන් වහන්සේගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)
අහෝ රටකට ගිය කලක්! හැබැයි ලාබය කෝටි 393ක්... (නි)
මරුනේ.මටත් ඔහොම හොරකම් කරන්න පුලුවන් නම් ... (නි)
කෝටි 399කට දඩ ලක්ෂ 5 යි, මාස 14 යි; කෝටි 6යි, මාස 24 යි.( සෙසු චෝදනා සුපුරුදු ලෙස ඉවතට ) කොස් ගෙඩියට, පොල්ගෙඩි 8ට රු. 50,000යි.(උපදේශය - හොරකම් කරන්න ඕනේ කෝටි ගනන්)(නු)
මේ වංචාවෙන් දඩ මුදල් ගෙව්වත් එයාට ඒක පාඩුවක් නැහැ.. මැරෙනකම් ජීවත්වෙන්න සල්ලි තියෙනවා... (නු)
එතකොට ඉතුරු කෝටි 393 ක මුදල? (නි)
කෝටි 399 කට මාස 14 ක්... ඕකෙන් පස්සේ කට්ටිය බයනැතුව හොරකම් කරාවිද දන්නෙ නැහැ (නි)