හැටන් බෝක්කුවක් යටින් සොයාගෙන වටවල රෝහලට බාර දුන් දැරියගේ බාරකාරත්වය ඉල්ලා සියයකට වැඩි පිරිසක් රෝහලෙන් විමසීම් කර ඇත.
ඇයට අවශ්‍ය රෙදිපිළි හා කිරිපිටි වර්ග ද සැපයීමට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මව සොයා ගත නොහැකි වූ බව පරිවාස නිලධරයෝ හැටන් මහේස්ත්‍රාත්ට කීහ.
මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේ දැරිය උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට බාර දෙන ලෙසයි.
ඉපදී දවසකට පසු අතහැර දැමූ මේ දැරිය මූලික ප්‍රතිකාර කිහිපයක් සදහා තවත් දින කිහිපයක් රෝහලේ සිටිය යුතු බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අයේෂා ශ්‍යාමලී වෙත්තසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු පිනක් (ත)
දිලුක,මම දෙන්නම් ඔයාට දරුවෙක්. මගේ ළඟ ඉන්නවා. (නි)
ළමා ආරක්ෂණ භාරයට අරන් දරුවා රැක ගැනිමට හැකි දරුවන් නැතිව අසරණ වූ ගෑණු කෙනෙකුට දරුවා දෙන්න. (ස)
පව් කගේ උනත් දරුවෝ. (ස)
මොනවා වුණත් දරුවා මරන්නේ නැතුව මෙහෙම කරපු එක හොදයි. ඔය වගේ අම්මලාට මේ කියන්නේ... මිනිස්සු ඕනෑතරම් ඉන්නවා දරුවෝ නැතුව,පින් සිද්ද වෙනවා මෙහෙම කරපු එක. ලස්සන දරුවා... බුදුසරනයි දරුවට. මොනවා වුණත් අපේ රටේ දරුවෙක්. (නි)
පවු !!! (නි)
බැදීම් වැඩි වෙන තරමට අසාවන් වැඩිය අසාවන් වැඩි වන තරමට මිනිසාගේ අද්යත්මය බිදී යනු ඇත (ත)
අපේ බල සේනාවට දුන්නා නම් හරිනේ. (නි)
දරුවන්ට ආදරේ කී දෙනෙක් ඉන්නවද? මේ පැටියව එයාලට දෙන්න.(නදී)
ළමයාගේ අම්මාව සොයා ගත්තත් ළමයාව බාරදෙන්න එපා, මේ ආත්මෙයම දඬුවම් ලැබෙයි. මේ සුරතල් මුණ දකින කොට කොහොමද හිතෙන්නේ මේවගේ දාලා යන්න? මේවගේ සිද්දීන් ගොඩාක් ලංකාවේ වෙනවා....දෙවියනේ මේ මොනවද වෙන්නේ?.......(නදී)
මොනවා උනත් වසනාවන්ට දරුවෙක් (ස)
මට දෙනවා නම් මමත් හදාගන්න ලෑස්තියි.(නදී)
දරුවෝ නැති අම්මාලා දරු සුරතල් බලන්න පෝලිමේ දරුවාගේ වාසනාව වෙන්නත් පුළුවන්.(නදී)
මව සොයාගන්න. මේ වගේ මවිවරු නිසා අසරණ වෙන්නේ පුංචි දරුවෝ. මේවා ජාති ජාතිත් පඩිසන් දෙන වැඩ.(නදී)
ලස්සන බබා මට දෙන්න.(නදී)
මේ කුඩා බිළිඳාව පෝෂණය කල මවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා... (ස)
මම මේ බබාට ආදරෙයි. මට බබාපා නැහැ.(නදී)
මේ වගේ වැඩක් කරන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද?අනේ අහිංසක කිරි සප්පයා. (නි)
කහල ගොඩක විසිකළත් වාසානාවන්ත දැරිවියක්. අනාගතේ අපේ රටේ ශේෂ්ඨ තැනක් මේ දැරියට හිමි වේ.(නදී)
වදපු අම්මට දරු කැක්කුම නැති උනාට දරු කැක්කුම තියෙන අම්මල අපේ රටේ ඕනෙතරම් ඉන්නවා.(නදී)