IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැඩි කතාබහකට ලක්වූ එරින් මොරියාටි

2016-11-10-ent-59

මේ දිනවල "Crawlspace" නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වීම බොහෝදෙනා අතර කතාබහක් ඇති වී තිබේ. ඊට හේතුව මේ නමින් 1972දී, 1986දී සහ 2012දී චිත්‍රපට තුනක් තිරගත වීමය. මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාන එරින් මොරියාටි පිළිබඳවද වැඩි කතාබහක් ඇති වී තිබේ. ඊට අමතරව ඉහළ ආදායමක් ලබමින් තිරගත වන "Blood Father" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවනු ලැබුවේද ඇයයි. එරින් මොරියාටි වන ඇය මේ වන විට 22 වැනි වියේ පසුවන්නීය. ඇය උපාධිධාරිනියක් වුවත්, බොහෝ නැඹුරුතාවක් දැක්වූයේ රංගන ශිල්පිනියක් වීමටය. එම හේතුවෙන් ඇයට 2010 වර්ෂයේදී වෘත්තියට එළැඹීමට අවස්ථාව උදාවිය. ඇය වෙළෙඳ දැන්වීම් සහ විලාසිතා නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසියත්, ඇය පිළිබඳව බොහෝදෙනා නොදනිති. එයට හේතුව වූයේ ඇය දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ආදායම් අතින් සාර්ථක නොවූ නිසාය.

2010 වර්ෂයේදී විකාශන වූ "One Life to Live" නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ රංගන දිවියට එළැඹි ඇයට කථාංග 06ක් සඳහා අතුරු චරිතයකට දායක වීමටද අවස්ථාව හිමිවිය. ඉන්පසු 2010 වර්ෂයේදී Law "Order: Special Victims Unit" නම් රූපවාහිනී කතාමාලාව සඳහා ඇයට ආරාධනයක් හිමිවූ අතර, එහිදී ඇයට ප්‍රධාන චරිතයක් සඳහා අවස්ථාව ලැබිණි. එම අවස්ථාව ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙසද සටහන් වී ඇතැයි සඳහන් කරයි. 2012 වර්ෂයේදී තිරගත වූ %The Watch^ නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද ඇය පණපොවනු ලැබුවාය. එහෙත් එය එතරම් මූල්‍යමය අතින් පෝෂණය නොවූ චිත්‍රපටයක් ලෙස නම් විය.

කෙසේවුවද 2013 වර්ෂයේදී ඇයට නැවතත් රූපවාහිනී කතාමාලාවක් සඳහා වරම් හිමි විය. ඒ %Red Widow^ නම් රූපවාහිනී කතාමාලාවක් සඳහා වන අතර, එහිදී ඇය කතාංග 08ක් සඳහා දායක වී ඉවත් විය. එයට හේතු වූයේ එම වර්ෂයේදී ඇයට %The Kings of Summer^ නම් චිත්‍රපටය සඳහා ආරාධනා ලැබීමය.

2013 වර්ෂයේදී ඇය "The Kings of Summer" නම් චිත්‍රපටය සඳහා දායක වූවාය. 2014 වර්ෂයේදී ඇයට "After the Dark" චිත්‍රපටයට දායක වීමට වරම් හිමි විය. නැවත එම වර්ෂයේදීම "True Detective" නම් රූපවාහිනී කතාමාලාවට අවස්ථාව හිමිවූ අතර එම වසරේදී ඇයට චිත්‍රපට 03ක් සඳහා අවස්ථාව හිමි විය. පසුගිය ජූලි මාසයේ තිරගතවූ "Captain Fantastic" චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක විය.

2016 ඔක්තෝබර් මාසයේ තිරගත වූ "Blood Father" චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයකි. ඇය විසින් දායක වූ චිත්‍රපටයන් අතරින් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය වන්නේද මෙයයි.

මේ දිනවල ආන්දෝලනාත්මක් පුවතක් වූ "Crawlspace" චිත්‍රපටයේ වැඩකටයුතු තවමත් සිදුවෙමින් පවතී. බොහෝදෙනා අදහස් දක්වන්නේ එකම නම යටතේ චිත්‍රපට තුනක් එළිදැක්වී ඇති අතර, හතරවැන්නක් එළිදැක්වීමේ අභිවෘද්ධිය කුමක්ද යන්නයි. කෙසේනමුත් මෙම පුවත් එරින්ගේ ප්‍රසිද්ධිය සඳහා බොහෝසේ ඉවහල් වන බව විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි.

 

2016-11-10-ent-60



අදහස් (0)

වැඩි කතාබහකට ලක්වූ එරින් මොරියාටි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 27 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 48 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2266 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1819 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 635 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site