ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙස අසල වෙඩි සද්ද ඇසුණු බවත්, ඔහුගේ රියැදුරු විසින් හිස් පතුරොම් කොපු දෙකක් සොයා ගත් බවත් පොලීසියට පැමිණිලි කැර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති නමුත් වෙඩි තැබීමක් නොවූ බවයි. අසල ගෙදරක නත්තල සමරද්දී රතිඤ්ඤා පත් කළ බව ඔහු කියයි. විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙසට හෝ කිසිවකුට හානියක් වී නැතැයි මාධ්‍ය ප්‍රකාශක කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් ඔය ඕන සද්දයක් අදුරනව (දී)
දැන් ඉතින් රතිඤ්ඤාවක් පත්තු කළත් කියාවි බෝම්බ ගැහුවා කියලා. (නි)
රතිඤ්ඤා සද්දෙටත් බයවෙනවාද? අනේ පවු. (නි)
අර අහවලාගේ වැඩක්ද දන්නෙ නැහැ? (නි)
ඔන්න නායකයෝ (දී)
වෙඩි සද්දෙත් එක්කම රේසින් කාර් එකකුත් යනවා ඇහුණද දන්නෙ නැහැ? (නි)
නිනාව නවත්වා ගන්න බැහැ (දී)
මම දැනගෙන හිටියේ නෑ රතිඤ්ඤා වල පතුරම් කොපු තියෙන බව (ස)
හිනා යනවා මේ වැඩ වලට (දී)
සද්දෙන් කියන්න බැරිද මොකද්ද ඒ කියල (දී)
ඇත්තද
තවම නත්තල ලබලවත් නැතුව කවුද ඕවා පත්තුකරන්නේ? (නි)
යාපනයේ පත්තු කරපු රතිඤ්ඤා කොපු ගෙනැල්ලා මුදලාලිලා ඒවායින් රතිඤ්ඤා හදලා විකුණලා වගෙයි. (නි)
සද්ද දාලා බයකරන්න බැ වගේ (ස)
කාගේ වැඩක්ද කියලා ජනතාව දන්නවා. (නි)
එක හොදයි පැමිණිලි කල එක (දී)
මොකද්ද මේ කලබලේ
ඕකට තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. (නි)
දැන් ඉතින් කොස් ඇටයක්වත් අපිට පුච්චන්න බැරිවෙයි. ඒවා පුපුරන සද්දෙටත් මෙහෙම කියයිද කවුද දන්නේ? (නි)
උණ්ඩ කොපු තිබිලත් රතිඤ්ඤා??? (නි)
මේවගේ ඇත්ත නැත්ත දෙවියෝ තමයි දන්නේ (ස)
ජේ.වී.පී. කාලේ කළා වගේ රතිඤ්ඤා පත්තුකරන එක ආයෙත් තහනම් කරන්න වෙයිද මන්දා? (නි)
ඕකට තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා (ස)
කොහොමද වැඩේ (ස)
නත්තල් සීයා කෙනෙක් තුවක්කු බෙදන්න ආවද දන්නේ නෑ (ස)
වෙඩි තිබ්බේ නැත්නම් ඉතින් පැමිණිලි කළේ ඇයි දන්නෙ නැහැ. (නි)
මේ කාලේ රතිඤ්ඤා හදන්නේ පතුරන් වලින් වෙන්න අති (ස)
පතරොම් කොපු තිබුණා නම් කොහොමද රතිඤ්ඤා කියලා කියන්නේ? (නි)
අපි නම් දන්නවා මේ වගේ දෙයක් ගැන මෙතුමා ප්‍රශ්නකරයි කියලා. (නි)
තවත් නාටකයක්නම් ඕනේ නෑ. මේ තියෙන ඒවා හොඳටම ඇති (ස)
එතකොට රියැදුරු සොයාගත් බව කියන හිස් පතුරොමි කොපු ආවෙ කොහොමද? කියල හොයා බැලුවොත් හොදයි නේද? (ස)
නත්තල සමරන්න කියලා කිව්වේ.....අද දවස කවදද ?? (ස)
මේවා කරන්නේ කවුද කියලා ජනතාවගෙන් හංගන්න බැහැ. (නි)
දැන් හැමතැනම තුවක්කු නම් බදිනවා තමයි. හැබැයි මිනිස්සුන්ට නම් නෙමෙයි. (නි)
කවුරු කළත් වැඩේ වැරදියි. (නි)
ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තු යන්න පුලුවන්ද? (නි)
මේවා අහලා පණ පලයන් කිවුවලු. (නි)
මේක කාගේ වැඩක්ද ? (ස)
අවධානය ලබාගන්න කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ (ස)
මහත්තයෝ පරිස්සමෙන්..(නු)