පාවහන් ව්‍යාපාරයක ආයෝජනය කරීම සඳහා වැඩි පොළියට දකුණේ තිදෙනකුගෙන් රුපියල් අසූපන් ලක්ෂයක් ගත් තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන පොලීසිය කියයි.
ඇය ගාල්ලේ අඹු සැමි යුවලකගෙන් රුපියල් ලක්ෂ 53ක් ද, තිහගොඩ කතකගෙන් රුපියල් ලක්ෂ 17ක් ද, කඹුරුපිටියේ අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ද වංචා කර ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහෙ කෝටි 400ක් වන්චා කරල තියෙද්දි මේව මොන කතාද?(ස)
ඔය සල්ලි ඒ අයට ලැබුණ විදිය හොයලා බලන්න.(ස)
සිංහලයා මෝඩයි කියන කතාව ඇත්ත තමයි, වෙලදාමට පොලියත් මිශ්‍ර කරන කට්ටියට මේ වගේ වෙලා මදි. (නි)
මොලේ නැතිව බිස්නස් කරන අයත් ලංකාවේ ඉන්නවා. (නි)
ආදායම් බදු දෙපාර්තමේන්තුවට දන්වන්න , හොරෙන් තියාගෙන හිටපු සල්ලි නේද? (නි)
කෝටි 399 ට දඩය කෝටි 6 ක් නම් ලක්ෂ 85 ට දඩය ලක්ෂ එකහමාරක් වත් නැහැනේ.ඕක මොකද්ද? (නි)
පොලි කාරයෝ රටට වහා.... (ස)
රටට ආදරය තියන යම් කිසි බල සේනාවක් තියේ නම් මුලින්ම මේ පොලියට දෙන හුන්ව අල්ලලා දඩුවම් දෙන්න. කිසිම මහන්සියක් නැතුව හම්බකරන ජාතියක්. හිගමනට සමානයි.(ස)
ලක්ෂ 1500 ඡන්දයට වියදම් කරන්න පුළුවන් අය ඉන්න රටකට මේකත් කජ්ජක්ද? (නි)
සක් විත්තෝ බෝඩිමේ සිටියදී , දැන් රටේ හැමතැනම ගේම දෙන්නේ සක්විත්තියෝ ! (නි)
පොලියට මුදල් දෙන්නේ ගන්න නිසා .නැතුව බලෙන් දෙනවා නෙමෙයි.මොකද අපේ රටේ බැංකුවලින් හදිසියකට සාමාන්‍ය අපි වගේ කෙනෙකුට ණයක් ගන්න පුලුවන්ද?මම රුපියල් 100000ක්බැංකුවකින් ඉල්ලුවා.රජයේ සේවකයෙක් වෙලත් මාස එකහමාරක් වුණා, ගන්න බැරිවුණා. (නි)
තණ්හාය ජායති සෝකෝ,තණ්හාව ශෝකයට මුලයි (නි)
හෙලදෙරණේ සිංහලයාව කොහොමත් හදන්න බැහැ. කරන්නෙම හරාම් වැඩනේ. පොලියට දීම, මත්පැන් පෙරීම සහ පානය කිරීම, සුදූ කෙලීම, ගණිකාවන්ට කාමර කුලියට දීම, ළමා අපචාර.... අනේ මන්දා කවදා මේවා නතරවේද? (නි)
පොලිකාරයෝ ලංකාවෙන් තුරන් වේවා! කිසිම හීතක් පපුවක් නැති ජාතියක්. මාවනැල්ල පැත්තේ පොලීකාරයෝ වැහි වැහැලා. මමත් පොලි ගනුදෙනු කරලා හොදට බැට කාපු පුද්ගලයෙක්. පොලිකාරයෝ මුදල් බලෙන් දෙන්නේ නැහැ. දීපුවා බලෙන් ගන්නේ. ගන්නකොට ගන්නේ දීපුවා වගේ දස ගුණයක්. පොලියට අරන් බලන්නකෝ රස කොහොමද කියලා (නි)
පොලියට අරන් තාම ගෙවනවා. පව්. (නි)