IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වැඩි මිලට රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් ප‍්‍රමිතියෙන් තොරයි

(තිළිණි ද සිල්වා)

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත්  2017 වසරේදී එරටින් අනුමත නොකරන ලද බෙහෙත් එන්නත් යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද  (07) පැවැසීය.

එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වී රෝගියා ජීවිතය අහිමි වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ පැවත්විණි.

එලෙස රුසියාව පවා අනුමත නොකළ එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදළ බලධාරීන් කටයුතු කර ඇතැයි එම විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.

විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා සාක්කි දෙමින් මෙසේද කීය.

පිළිකා රෝගීන් සඳහා 2017 වසරේදී රුසියාවෙන් අනුමත නොකළ බෙහෙත් එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.රුසියාවේ නිෂ්පාදිත අදාළ එන්නත රුසියාවේ පවා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත වූයේ 2017 මාර්තු මාසයේදීයි.එසේ වුවත් ශ්‍රී ලංකාවට එය පෙබරවාරි මාසය තුළඳීම ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා.

මෙම බෙහෙත ගෙන්වීම සඳහා පැවති තාක්ෂණික කමිටුවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ප‍්‍රසාද් අබේසිංහ මහතා ඊට තදින්ම විරුද්ධ වී තිබෙනවා.ඔහු ඊට එකඟ නොවන බවට ලිඛිත සටහනක් පවා තබා තිබෙනවා.

මෙයාකාරයෙන් ගෙන්වා ඇති එන්නත් මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වීමේ අවදනාමක් පවතිනවා.එලෙස හෘදයාබාධ ඇති වී රෝගියාගේ ජීවිතය අහිමිවීමට බොහෝ සෙයින්ම ඉඩකඩ පවතින්නේ යැයිද විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම පැමිණිල්ලේ වැඩිදුර සාක්කි ලබා ගැනීම පසුවට කල් තැබීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම තීන්දු කරන ලදී.



අදහස් (17)

වැඩි මිලට රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් ප‍්‍රමිතියෙන් තොරයි

Aruna Tuesday, 07 May 2019 01:05 PM

මේකත් අපේ සියල්ල දත් දොස්තරතුමාගේ වැඩක් ද ?

:       22       354

Nuwan Tuesday, 07 May 2019 01:29 PM

මේවා අහනකොට පුදුමාකාර අප්පිරියාවක් දැනෙනවා අපේ දේසපාලුවෝ ගැන. එළිපිට හොරකම් කරන තත්වයට මේ රට ගේනවා කොහොම හරි. පනින්න බලන් හිටපු රිලවන්ට ඉනිමං තිබ්බ සංහිදියාවක් කියලා ගෙනල්ල.

:       6       377

PerakumWednesday, 08 May 2019 08:01 AM

මහරගම පිළිකා රෝහලට අත්‍යාවශ්‍යව තිබු ඖෂධ වර්ගයක් පරිත්‍යාග කරලා අපි ලබාපු අත් දැකීම ඉතාම පිළිකුල් සහගතයි. සැපයු බෙහෙත් ඉන්වෙන්ටරියට ගන්න ඕන කියල ගබඩා භාරකරු අදාළ බිල් පත අපෙන් ඉල්ලා ගත්ත. ටික දවසකට පස්සේ අපිට ආරංචි උනා ඒ බෙහෙත් ටික ඒගොල්ල ප්‍රාදේශීයව මිලදී ගෙන ගබඩාවට ගත් බවට ලේඛන සකස් කර අදාළ මුදල වංචා කල බව. එවකට සිටි රෝහල් අධ්‍යක්ෂක අප කරන ලද පැමිණිල්ල යට ගැහුවා.

:       0       86

PerakumFriday, 10 May 2019 02:30 AM

එයාටත් කොටසක් ගිය බව පසුව ආරංචි උනා......! ලෙඩ්ඩුන්ට අත්‍යාවශ්‍යව තිබු ඖෂධයක් ලැබුන නිසා අපි හිත හදාගෙන නිශ්ශබ්ධ උනා.

:       0       0

liyanage Tuesday, 07 May 2019 01:45 PM

රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් සහ ඇස්බැස්ටෝස් ප‍්‍රමිතියෙන් තොර බව නොදැන සිටියද

:       0       171

Kumar Tuesday, 07 May 2019 02:27 PM

ඒ වැනි අකටයුතු කරන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නේ නැද්ද? මේ කොමිසන් සභාවලින් සිදුවෙන්නේ තිබෙන මුදල් ටිකත් වියදම් වෙන එක විතරයි.

:       16       341

Thusan Tuesday, 07 May 2019 02:42 PM

ඇමති රාජිත මේක ගෙන්න වලි කෑවේ ඇයි කියල දැන් තේරනවද?

:       0       57

sana Tuesday, 07 May 2019 03:43 PM

මේ කියන කතාව අනුව තාක්ෂණික ඇගයුම් කමි‍ටුවේ එක් වෛද්‍යවරයෙක් එරෙහි වෙලා තිබෙනවා. එතකොට අනෙක් වෛද්‍යවරු ඒකට මොකද කියලා තිබෙන්නේ?පුද්ගලික මත අනුව නොව සැබෑ වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව කටයුතු කරනවා නම් එහෙම බෙදීමක් වෙන්නේ කොහොමද?

:       0       75

Nimal Tuesday, 07 May 2019 03:52 PM

ඇමතිතුමා නම් කියයි මේකත් වෛද්‍ය සංගමයේ වැරද්දක් කියල.

:       1       65

Nimal Tuesday, 07 May 2019 06:48 PM

කවුරු හරි ගාන කඩා ගත්තානම් ඒ ඇතිනේ. ලෙඩුන්ට මොනවා උනත් මොකෝ? උඩ ඉදන් යටටම දුෂණය වුනු රටේ වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද අපි?

:       0       128

Malith Wijenayake Tuesday, 07 May 2019 06:59 PM

මේ දොස්තර කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්... මේ දොස්තරව මෙහෙම කියන්න පෙලඹුවේ ජනාධිපතියි, දොස්තර සංගමයේ නඩයයි, ‍ ඖෂධ මාෆියාවයි එකතු වෙලා... මොකද ජනාධිපතිට බලං ඉන්න බෑ එයා සෞඛ්‍ය ඇමැති කාලේ කලේ නැති ජනතාවට සහන දීලා බෙහෙත් මිල අඩු කරලා කරන වැඩ ටික මේ සෞඛ්‍ය ඇමති කරන නිසා... වගේම එයාගේ ගොබ්බ වැඩ වලට රාජිත විරුද්ධ නිසා දැන් මඩ ගහලා වට්ටන්න හදනවා... ඒකට හරි යන්න වෛද්‍ය සංගමයටයි ඖෂධ මාෆියා කරයන්ටයි ඉස්සර හිටියා වගේ පඹයෙක් නැති නිසාත් උන්ට රාජිතව නටවන්න බැරි නිසාත් උනුත් එකතු වෙලා... අනික මේ සාක්ෂි දෙන්න ආපු දොස්තර රාජගිරියේ සෙලින්කෝ රෝහලේ රාජකාරි වෙලාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා මාට්ටු උනාම බේරෙන්න ජනේලෙන් පැනලා පයිප්පේ දිගේ බැහැපු මිනිහා... අනික බාල බෙහෙත් ඒ කාලේ ගෙන්නලා මාස්පතා ලක්ෂ ගණන් කොමිස් අරන් මාට්ටු වෙච්ච එකෙක්.. අනික ඖෂධ සමාගම් වලින් ලක්ෂෙ ගානේ අරගත්තු දුෂිත දොස්තරයෙක්නේ...

:       137       4

rocky Wednesday, 08 May 2019 02:16 AM

ලෙඩා මලත් බඩ සුද්ධ වෙනවා නම් ඒ මදැයි. බේත මොකක් වුනත්, ඉහලම කොමිස් පාර වදිනවා නම් ඒක තමයි, හොඳම බේත! ලෙඩ්ඩු මැරෙනවා නම් ඒක ඔවුන්ගේ වරදක්. කොහොමටත් ඉතින් මැරෙන ලෙඩ්ඩු නේ. කොමිස් පාරක් ගහගන්න ඔවුන්ගෙන් ඉඩ සැලසෙනවා නම් ඒකෙන් ඔවුන්ට මොන තරම් ලොකුපිනක් ලැබෙනවා ද?

:       0       13

යාපා Wednesday, 08 May 2019 02:28 AM

තමන්ගේ සාක්කු පුරවාගැනීම සදහා අහින්සක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දෙන මෙවැනි අමනයින්ට වැහි නැති හෙන ගහනවා.

:       0       47

gbase Wednesday, 08 May 2019 02:33 AM

රාජිත ඔයා නම් ඊයා හලෝ

:       0       137

Perakum Wednesday, 08 May 2019 07:27 AM

දෙකට කපාපු ගැඩවිල් පණුව වගේ දඟලන වෛද්‍ය ( GMOA ) සංගමය මොකෝ සද්ද නැත්තේ? රාජිතත් එක්ක සංධානයක් ගහලවත්ද?

:       49       61

Sumudu Saturday, 11 May 2019 02:25 AM

GMOA එක තමයි ඉස්සෙල්ලම ඕක ගැන කිව්වෙ. එතකොට උන්ට බැන බැන හිටියා.....

:       0       0

Sumudu Saturday, 11 May 2019 02:25 AM

GMOA එක තමයි ඉස්සෙල්ලම ඕක ගැන කිව්වේ... එතකොට ඒ අයට බැන බැන හිටියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 906 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 919 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 533 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 322 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 435 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 601 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site