භූවිද්‍යා හා පතල් කාර්යංශය අම්පාර වඩිනාගල ගමට ගොස් භූ කම්පන තරංග මිනුම් උපකරණ ස්ථාන කිහිපයක සවි කෙළේය. වඩිනාගල හා අවට ගම්වල පොළොව සෙළවීම පිළිබඳව ගැමියන් කළ පැමිණිල්ලක් අනුව එම කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ජානක අජිත්ප්‍රේම මහතා ද තවත් විද්‍යාඥයෙක් ද අද එහි ආහ. ඔවුන් පැවසුවේ අම්පාරට නුදුරු ප්‍රදේශයක පසුගිය පළමු වැනි දා භූකම්පනයක් සිදු වූ බව පමණක් වාර්තා වී ඇති බවයි. අජිත් ප්‍රේම මහතා ගැමියන් හමුවේ කියා සිටියේ මේ කම්පනවලින් කිසිම භායනක තත්ත්වයක් ඇති නොවන බවයි.
සබැඳී පුවත්....
වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියුවාට මටනම් අබ මල් රේණුවක් වත් විශ්වාස නැහැ (දී)
බය වෙන්නේ නැහැ මොකටද බය වෙන්නේ (දී)
මෙකත් මානසික රෝගයක් කියයිද දන්නේ නෑ..........(ස)
ඕකෙන් කොහොමද භූමිකම්පා මනනිනේ (ස)
මමනම් බයයි ඒ උනාට (දී)
මොනවා හරි උනදවසට ඔය කවුරුත් නැහැ (දී)
මොනවා හරි උනොත් ඔය කියපු කට්ටියම වග කියන්න ඕනේ (දී)
5 වන රුපය කොහෙන්ද හොයා ගත්තේ ඔය උපකරණයන් හෝම වාර්තාවක් එන්නේ නැ (ස)
පොලව හෙල්ලෙද්දි බය වෙන්න එපාලු ?????????. (ස)
ව්‍ඩිනාගල ඉන්න මිනිස්සු පරිසමෙන් (දී)
කොළඹ ඉදන් කියනවා බය වෙන්න එපා කියලා, වඩිනාගල ඉන්න මිනිස්සු තමයි දන්නේ ඒකේ තියෙන හැගීම (දී)
බාලාගෙන්... කාලගුණ දෙපාර්තමේන්තුව වගේ තමයි කොයි කවුරුත්. (ත)
බයවෙන්න එපා කියන්නත් හේතුවක් ඇති. අනිවාර්යෙන්ම හෙල්ලෙන්න හේතුව මෙයාලා දන්නවා ඇති. කවුරු හරි මොනවා හරි හාරනවා ඇති. (ත)
පොලෝ තලය සෙලවුණාට කමන් නෑ. කට්ටිය නොසෙල්වී ඉන්න. (ත)
වඩිනාගල හෙල්ලුනාට බය වෙන්න එපා කොළඹට මොකුත් වෙන්නේ නැහැ ඒකද කියන්නේ (දී)
බය වෙන්න එපා කියන්නේ මෙයාලා පොළව යටට ගිහින් සෙලවීම නවත්වයිද ? (ස)
බය වෙන්න එපා ????????? භූ කම්පනක් ඇතිවුණත් බය වෙන්න එපා .මාර භූ විද්‍යාඥයෝ.(ස)
ජීවිතත් එකක් සෙල්ලම් කරන්න එපා. (ත)
එහෙනම් බය වෙන්න වෙලාව හරි (ස)
සුනාමියෙදි ඇතිවුණ කම්පය තවම අපේ හිත්තුළ තිබෙනවා මහත්තයෝ. (ත)
දැන් බය වෙන්න දෙයක් නෑ . ටිකක් ඈත ගමකට පදිංචිය වෙනස්කර ගත්තොත් හොඳයි (ස)
ළඟදිම මුලු රටම හෙල්ලිලා යන වැඩක් වෙයිද දන්නේ නෑ. (ත)