IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක්

(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු.100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව අද (08) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසීය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.  

එහිදී වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 565 ක් දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර වතු වෘත්තිය සමිති සහ රජය මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක දීමනාවක් ගෙවිය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් වැටුප් පරිපාලක සභාවේ පැවති ඡන්දනයෙන් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාවට ඡන්ද 11 ක්ද, වතු සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද 8 ක් ලැබුණු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වු නිසා එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ගෙවිය යුතු වන බව මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම සාකච්ඡාවලින් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා හමු වී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (5)

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක්

විජේ Monday, 08 February 2021 01:29 PM

ජයවේවා...!!! තේ වලින් එන්නේ ඩොලර්. එහෙම තැන්වල වැඩිපුරම මැරෙන මිනිස්සුන්ට ලැබෙන්නේ හුළං... ඩොලර් වලින් ඩීල් කරන එවුන් රුපියල් 1000ක තියන වටිනාකම නොදන්න බව පුදුමයක් නොවේ. දේශපාලකයින් විතරක් නොවේ. වතු හිමිකරුවනුත් ලැජ්ජා විය යුතුයි. මේ අසරණ මිනිස්සුන්ට මෙච්චර කල් මෙහෙම සැලකීම සම්බන්ධව...

:       4       25

සෙනවි Monday, 08 February 2021 02:26 PM

ගව ඝාතනය තහනම් කිරීමට හැම කමිටුවම තීරණය කරලා බොහෝකල් බව නම් මතකයි.

:       3       23

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 February 2021 04:43 PM

මේ දහදිය හෙළන මිනිසුන්ගේ වැටුප වැඩිවීම ගැන සතුටුයි. ඒත්, මෙතන ප්‍රශ්නය තියෙන්නේ වෙනත් තැනකයි. මේ අහිංසක මිනිසුන්ගේ දහදිය කඳුළු හා ඔවුන්ගේ අඩු දැනීම උපයෝගී කරගෙන බලය ලබාගන්නා හා ඔවුන්ව තමන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් දක්කන්නා වූ ද්‍රවිඩ නායකයන් සටන පටන්ගන්නා තෙක් රජය මේ අසරණයින්ගේ ප්‍රශ්න ගැන සොයා නොබැලීමයි. මොවුන් ගැන සැබෑ අනුකම්පාවෙන් සොයාබලා කලට වේලාවට ඔවුන්ගේ ගැටළු විසඳන්නේ නම්, ඔවුන්ව සටන් හා පෙළපාලි සඳහා පෙළගැස්වීමට ජාතිවාදී නායකයන්ට නොහැකිවනු ඇත. සිදුවිය යුත්තේ එයයි.

:       0       2

ana Monday, 08 February 2021 05:11 PM

ස්තුතියි රජයට සහ වෙහෙස වූ සැමට. ඒත් අද රු.1000ත් මදි ජීවත් වෙන්න. වැඩ කරන මිනිහෙකුට රු.1500ක් වත් ගෙවන්න ආදායම් නැත්නම් ඔය වතු ව්‍යාපාරය අසාර්ථකයි.

:       0       2

Bandara Tuesday, 09 February 2021 03:03 AM

පවතින පිරිවැය සහ අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරි තේ නිෂ්පාදනයක් නොමැති බැවින් ද තේ මිල ස්ථාවර නොවන නිසාද බොහෝ කුඩා තේවතු හිමියන් පිරිවැය දරාගත නොහැකිව තේ වගාවෙන් ඉවත් වෙනු ඇත...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 28 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 35 0

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 253 0

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 141 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි
2025 අප්‍රේල් මස 30 337 1

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා


හිටපු පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිණිඅවියක් සොයාගනියි
2025 අප්‍රේල් මස 30 1024 1

වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 201 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 58 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1086 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site