IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වතුර ඉල්ලා ගස් නගී

මදුරාවල බැල්ලපිටිය වැලිකැවැල්ල අක්කර අනූව ගම්මානයට පානීය ජලය ඉල්ලා ගැමියකු වන ප්‍රදීප් ප්‍රියධර්ම (42) මහතා ගස් නැග උපවාසයක් ඇරැඹීය.

ඔහුට සහාය දක්වමින් ගම්වැසියෝ පිරිසක් ගස යට සාමාකාමී විරෝධතාවක් පැවැත්වූහ.

‘මම ජීවත් වෙන්නේ එදිනෙදා කුලී වැඩ කරලා. වතුර දෙනවා කියලා මැනගනත් ගියා. ඒත් තාම දුන්නේ නෑ. අපිට බොන්නවත්, වැසිකිළි කැසිකිළි පහසුකම් සඳහාවත් වතුර නෑ.  දේශපාලඥයොයි, නිලධාරීනුයි හැමදාම අපිව රවටනවා විතරයි. ජලය දෙනකම් මම ගහෙන් බහින්නේ නෑ‘ යැයි ප්‍රදීප් ප්‍රියධර්ම ගස උඩ ඉඳගෙන පැවැසීය.



අදහස් (0)

වතුර ඉල්ලා ගස් නගී

ජයම්පති Tuesday, 29 January 2013 11:59 PM

ලබන පාර ඡන්දෙ එනනම්ම ගහ උඩ ඉන්න වෙයි.. ඡන්දේ එහෙම දාලා ආපහු ගහට නගින්න බලාගෙන බහින්න..!(නු)

:       0       0

බන්දුල කටාර් Wednesday, 30 January 2013 01:19 AM

ලැම්බොගානි වලට බදු අඩුකරලා රටක් දියුණු කරන්න බැහැ.. මුලින්ම රටේ ජනතාවගේ දැවෙන ගැටලු වලට පිලියමක් හොයන්න වෙයි...!(නු)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 04:02 PM

බහින්නනම් එපා මල්ලි ඔහොම්මම ඉන්න .පොලීසියෙන් ඇවිත් ඔයාව බස්සවනකම් (ස)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 04:06 PM

අලුත් වතුර ඇමතිතුමා මේ ගැන සොයා බලලා දැනට ගබඩාවල ගොඩ ගසා අති වතුර බෝතල් ටිකක් හෝ ගමට එවයි..! දැං ගහෙන් බහින්නකෝ..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 04:29 PM

ඔයා හිතාගෙන ඉන්නේ ඔයාව ගහෙන් පස්සලා තැඹිලි වතුර පොවයි කියලාද? (නු)

:       0       0

මොහොමඩ් - බේරැවල Tuesday, 29 January 2013 04:31 PM

මැන ගෙන ගියානම් ඇස්තමේන්තු හදනවා ඇති ඉබි ගමනේ.. රජයේ නිලධාරීන් ගැමියන්ට සලකන විදිහ නම් සාධාරණ නැහැ. ජලය යනූ මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එය හැකි ඉක්මණින් ‍හෝ නිසි වේලාවට ලබාදීමට කටයුතු කිරීම අදාල නිලධාරීන්ගේ වගකීමකි. මන්ද එය නිකං නොදෙන නිසා....(නු)

:       0       0

හිල්මි Tuesday, 29 January 2013 04:29 PM

වැසිකිළි කැසිකිළි සදහා බොහෝ දෙනා පාවිච්චි කරන්නේ කැළෑව නිසා ඒක නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මම හිතන්නේ. (නි)

:       0       0

නිලංග Wednesday, 30 January 2013 03:41 AM

අඬන්නෙ නැතිව කිරි එරෙන්නෙ නෑ. සටන් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් දේවල් අල්පයි. මොහු මුළු ගමම වෙනුවෙන් සටන් කිරීමට ඉදරිපත් වී සිටින වීරයෙක්. මොහුගේ සටන ලැම්බොගිනි ඉල්ලලා නෙවෙයි. බොන්න වතුර පොදක් සඳහා. මොහුට හිනාවෙන්න, අපහාස කරන්න එපා.(නු)

:       0       0

සුසන්ත Wednesday, 30 January 2013 03:42 AM

වතුර දෙන්න අපිට වෙලාවක් නැහැ.. අපේ අළුත් ඇමති මණ්ඩලේට ක්වාටස්,වාහන පර්මිට් දෙන්න සල්ලි ඕනෙ.ඔයාලා මැරෙණකම් ගහ උඩ හිටියත් වතුර දෙන්න වෙන්නේ නැහැ.. (නු)

:       0       0

මංජුලා Tuesday, 29 January 2013 04:47 PM

රොෂාන් සහ ගාමිණී, මේ විදියට කතා කරන්න එපා.. ඔබ ඇත්ත සිදුවීම දන්නේ නැත්නම්.. උත්සාහ කරන්න ඒ අයව තේරුම් ගන්න.. ඔබට සෑම දේම තිබෙන්න පුළුවං. බලන්න ඉහත ඡායාරෑප දෙස.. කොපමණ දුප්පත්ද කියලා.. ඔවුන්ව විහිළුවට ගන්න එපා.. (නු)

:       0       0

ඩයස් Wednesday, 30 January 2013 05:09 AM

වතුර ඉල්ලන් ගස් නෑගලා වෑඩක් නෑ. පොලව හාරගෙන යටට ගියානම් නිකම්ම වතුර හම්බවෙන්න තිබුනා.උදව්වටත් කට්ටිය හිටිය එකේ එවගෙ සත්‍යක්ග්‍රහයක් කලනම් මාධ්‍යතුලින්ම විශාල ගරුත්වයක් ලබිලා ලංකාවේ උද්ගෝෂණ ව්‍යාපාරය වෙනස් මගකට යොමුකරන තිබුණි (අ)

:       0       0

සිල්වා තබුක් Tuesday, 29 January 2013 04:48 PM

උන්නත් දාහයි මලත් දාහයි..!(නු)

:       0       0

හර්ෂ අමරසිංහ Wednesday, 30 January 2013 06:13 AM

මේ මිනිස්සුන්ට එකතු වෙලා ලිඳක් කපාගන්න බැරි ඇයි උපවාස කරන වෙලාවේ. හැම දේම ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕනෑද? (අ)

:       0       0

සංජීව Wednesday, 30 January 2013 06:14 AM

මේ ප්‍රශ්නෙට ඔක්කොටම ඉස්සරවෙලා ඒ සම්බන්ධව ඇමැති කෙනෙක් පත් කළ යුතුයි (අ)

:       0       0

නීලා Wednesday, 30 January 2013 07:35 AM

කවුද දන්නේ ඔය කියන පළාතෙ ජල මට්ටම ගොඩක් පහළින් තියෙනවද කියලා. හොඳ ළිඳක් හාරගත්තා කියමුකෝ. මේ අයට ළිඳ බැඳගන්න මුදල් නැත්නම් මොනවා කරන්නද? ගමකට එක ළිඳක් ඇතිද? (නි)

:       0       0

සුජීව Wednesday, 30 January 2013 07:42 AM

මේ අයට පිහිට වෙන්න ආණ්ඩුවට නොහැකිද? කෝ රටේ සංවර්ධනය? (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 30 January 2013 07:45 AM

පව් අසරණ දුප්පත් මිනිස්සු (ස)

:       0       0

සෑම් Tuesday, 29 January 2013 05:24 PM

මට එන තරහා මේ අය දෙන පොරොන්දු වලට... අනේ ඇත්තටම මෙහෙමත් රටක්.. පව් අර පුද්ගලයා මුලු රට වෙනුවෙන්ම නේද ගහ උඩ ඉන්නේ..!(නු)

:       0       0

දෝහා Tuesday, 29 January 2013 05:32 PM

වතුර ඉල්ලලා ගහ උඩට නැග්ගට වැඩක් නැහැ. කොහෙන් හරි ලිඳක් හරගන්න බලන්න ගමේ කට්ටිය එකතු වෙලා. (ත)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 05:32 PM

අනේ අයියේ අක්කේ ඔයාලම නේද ඡන්දෙ දුන්නේ? (ත)

:       0       0

ඩෑම් Tuesday, 29 January 2013 05:35 PM

ඇවිත් මැණගෙන ගියාද? එහෙනම් ආපහු මනින්න එන්නේ නැවත ඡන්දයක් තියෙනකාලෙක තමයි..!(නු)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 05:38 PM

බලාගෙන මල්ලි හයියෙන් අල්ලගන්න. වතුර කෙසේවෙතත් ඔයාගේ ජීවිතේට අනතුරක් වෙයි ලිස්සලා වැටුණොත්. (ත)

:       0       0

විභූති Tuesday, 29 January 2013 05:48 PM

මංජුල නිවැරදියි. (නි)

:       0       0

හරුනේ Tuesday, 29 January 2013 05:50 PM

අයියෝ! මෙයා මේ මොන ගහකටද නැගලා තියෙන්නේ? (නි)

:       0       0

එසැන Wednesday, 30 January 2013 09:10 AM

ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු කරන වැඩ මේවා (දී)

:       0       0

කල්පනී Wednesday, 30 January 2013 09:30 AM

2015 ඡන්දෙ වෙනකල් ගහ උඩ ඉන්න වේවි, ඒත් වතුර ලැබෙන එකක් නැහැ. ඒ වුණාට වතුර දෙනවා කියලා බොරු පොරොන්දුවක්වත් ලැබේවි. එහෙනම් 2015 වෙනකල් ගහ උඩ ඉන්න.. (නි)

:       0       0

සුසිල් Tuesday, 29 January 2013 06:49 PM

තියෙන මිනිස්සුන්ට මේක දැනෙන්නෙ නැහැ. එයාලට මේක විනෝදයක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 29 January 2013 06:57 PM

එක පැත්තක වතුර වැඩි‍වෙලා මහ විනාශයක් වෙද්දී, තව පැත්තක බොන්නවත් වතුර නැතුව මිනිස්සු වේළෙනවා. (නි)

:       0       0

පිටිගල Tuesday, 29 January 2013 07:19 PM

ඔය දූෂිත දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩක් වෙන්නෙ නැහැ. ගමේ ඔක්කොම එකතු වෙලා හොද උල්පතක් හොයාගෙන හාරන්න. (නි)

:       0       0

රම්‍යා Thursday, 31 January 2013 01:45 AM

අහිංසක මිනිස්සු නම් ඇත්තටම පවු. ඒත් ඉතිං ගස් නැග්ගා කියලා වතුර ලැබෙයිද? (නි)

:       0       0

සංජේ Tuesday, 29 January 2013 07:47 PM

ඇමතිලා ඕනෑ තමයි. නමුත් හිටියත් කරන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 866 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2770 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2188 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2694 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1363 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1035 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site