IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වීදි ලාම්පුවක් කාරයකට කඩාවැටේ.

කොළඹ නාරාහේන්පිට පාර්ක් වීදියේ නවතා තිබූ මෝටර් රථයකට හදිසියේම වීදි ලාම්පුවක කොටසක් කඩා වැටුණේය. පෞද්ගලික සමාගමක විධායකයකුගේ මෙම මෝටර් රථය, ‘ශාලික’ ක‍්‍රීඩාංගනය අසල නවතා සිය පුත‍්‍රයා සමඟ ඔහු රථයෙන් බසිනවාත් සමගම වීදි ලාම්පුව රථයේ වහලට කඩාවැටුණේ විශාල ශබ්දයක්ද නංවමිනි.
රථයට සිදුවූ අලාභහානිය ගැන රක්‍ෂණ සමාගමට දැනුම්දීමෙන් නොනැවතී රථයේ හිමිකරු නාරාහේන්පිට පොලිසියටද මේ ගැන පැමිණිලි කළේය. වහා පැමිණි පොලිස් නිලධාරීන් අනතුර වාර්තා කොට වීදි ලාම්පු කොටස ඔවුන්ගේ භාරයට ගෙන මෙහි වගකීම භාර ගත යුතු කොළඹ මහ නගර සභාව කැඳවීය. කොළඹ මහ නගර සභාවේ නඩත්තු අංශයේ නිලධාරියෙක් මෙම අනතුරේ වගකීම භාර ගත්තේය. එයට සමාව අයැදි සිටියේය. මහ මග ගමන් කරන මගියකු ගේ හිස මතට මෙම විදි ලාම්පු කොටස කඩා වැටුණේ නම් ජීවිත අනතුරක් අනිවාර්යයෙන්ම සිදුවීමට ඉඩ තිබූ බව පෞද්ගලික සමාගම් විධායකයා කියයි.



අදහස් (0)

වීදි ලාම්පුවක් කාරයකට කඩාවැටේ.

කීර්ති Thursday, 18 April 2013 05:57 PM

සංවර්ධන ආශ්චර්යයට මෙය එතරම් හොද මදි... (නි)

:       0       0

පාල Wednesday, 17 April 2013 11:46 PM

තානාපතිකමක් දෙන්න මේ නිලධාරියට. ඔහු ඊට ඉතාම සුදුසුයි (නි)

:       0       0

කමල් Thursday, 18 April 2013 02:38 PM

නගර සභාව මේකට ඉක්මන් පිළියම් අරගෙනලු. වීදි පහන් යට වාහන නැවැත්වීම තහනම් කියලා පුවරු සවිකරන්න යනවාලු. (විහිළුවක් හොදේ, හැබැයි අපේ රටේ අය කරන්නෙත් විහිළුම තමා නේද?) (නි)

:       0       0

රිස්වාන් Wednesday, 17 April 2013 04:39 PM

ඔන්න දැන් පේනවා නේද විදුලි ගාස්තු ඉහළ යනකොට වීදි ලාම්පුවකටට් දරා ගන්න බැහැ කියලා. ඉතින් කොහොමද මේ මහජනතාව මේවා දරාගන්නේ? (නි)

:       0       0

ජීවන් Wednesday, 17 April 2013 04:40 PM

ඕක තමයි කියන්නේ වෙන රටක නම් නඩුත් දාලා, හිරෙත් ඇරලා, වන්දිත් අරන්, නිලදාරින්ගේ රස්සත් නැති කරනවා මේ වගේ වැරදි වලට. අවාසනාවකට මේ "උතුම්"රටේ එහෙම වෙන්නේ නැහැ. ඒකට මොකෝ පුරාජේරුකාරයෝ හිතාගෙන නම් ඉන්නේ කේතුමතී පුරයක් කියලා. (නි)

:       0       0

අනුර Wednesday, 17 April 2013 04:46 PM

වැරැද්ද පිලිගත්තු නිසා සමාව දෙන්න සර්. (නි)

:       0       0

අනුරාධ. Wednesday, 17 April 2013 05:40 PM

අනතුරක් නොවුණේ ඒ මහත්තයාගෙයි පුතාගෙයි වාසනාවට මෙන්ම යහපත්කම නිසා. (නි)

:       0       0

උපුල් Wednesday, 17 April 2013 06:31 PM

මේකනේ ජීවන්, අපේ ජනතාව කිරුල එහෙම පැළදගෙන රජ පැටව් වගේ ඉන්නේ, සියල්ල දත් කියලා හිතාගෙන. ඒත් ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් Wednesday, 17 April 2013 06:34 PM

මෝඩයෙක් වෙන්නේ නැතුව නගර සභාවෙන් වන්දියක් ගන්න බලන්න මහත්තයෝ. නැත්නම් ලගදීම ඉතුරු ටිකත් කාගේ හරි ඔලුවට කඩාගෙන වැටෙයි. (නි)

:       0       0

ධනංජය Thursday, 18 April 2013 12:36 PM

වැරැද්ද පිළිගත්තු එක හරිම වටිනවා. මොකද ලංකාවේ වැරැද්ද පිළිගන්න මිනිස්සු බොහොම අඩුයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 17 April 2013 07:21 PM

අනිවාර්යෙන් වන්දියක් ගන්න. (නි)

:       0       0

අසේල Thursday, 18 April 2013 01:02 PM

නගර සබාවට සතුටු ඇති. හේතුව, එම ලාම්පුව බිඳුනේ නැති නිසා නැවතත් සවිකරන්න පුලුවන්නේ (නි)

:       0       0

අසේල Thursday, 18 April 2013 01:05 PM

වාහනය වැරදි තැනක නැවැත්තුවා කියලා දඩ ගැහුවේ නැති එක පුදුමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 17 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1353 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site