අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි.
ගම්පහ පාසල් කිහිපයකම සිසු සිසුවිය විභාගය පැවති අද (15) උදෑසන විභාගය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළ බව සිසුහු සහ ගුරුවරු පැවසූහ.
මේ අතර අද පැවති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ හයවැනි ප්‍රශ්නයේ ඇති සුශුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය ඇති ස්ථාන නම් කර ඇත්තේ වැරදියට බව සිසුහු ද ගුරුවරුද කියති.
ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි දේ නිසා විභාගය ගැන විශ්වාසය බිඳ වැටෙන බවයි. මේ ගැන විභාග කොමසාරිස්වරයාට සහ රහස් පොලීසියට ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ස්ටාලින් මහතා පවසයි.
(විභාග ප්‍රශ්න පත්‍රයේ සහ අනුමාන ප්‍රශ්න පත්‍රයේ සමාන බව කියන ප්‍රශ්න කිහිපයක්)
.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයේ අස්චාර්ය (දී)
වෙලා තියෙන්නෙ මේකයි.විභාග ප්‍රශ්නපත්‍රය හදලා තියෙන්නෙ අනුමාන එක කොපි කරලා. (ත)
හරි ශෝක්නෙ. ස්කීම් එකටනේ ආඩම්බර (දී)
විද්‍යාව ඉගෙන ගෙන නැති අය බව සමහර අය දාන කොමෙන්ට් වලින් පේනවා. දක්ෂ ගුරුවරුන් අනුමාන ප්‍රශ්ණ ඉදිරිපත් කලත් රූප සටහන් මේ විදිහට එක සමාන විය නොහැක. හොදම උදාහරණය 3 හා 4 ඡායාරූපයේ ඇති ප්‍රස්ථාර (ත)
ලංකාවේ අහිංසක ළමයි (දී)
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි (දී)
බලන්න මම කියන්නේ බොරුද කියල. ලබන වසරේත් ඔය වගේ දෙයක් වෙනවා (දී)
පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කළා නම් සති දෙකෙන් විසඳයි. (ත)
මට පේන්නේ විභාග දෙපාර්තමේන්තුව ගුරුවරයාගෙන් කොපි කරලා වගේ. (ත)
දන්නෝ දනිති ඔහු කවුද කියලා. (නි)
හරිනම් වගකිවයුත්තන්ට දෝෂාභියෝගයක් ගෙනෙන්න ඕනෑ. (නි)
සල්ලි වලට හැමදේම විකිණිලා. (නි)
හැමදාම වෙන දේ මේ පාර විතරක් නොවුනොත් (දී)
අයියෝ.... (දී)
අන්න වැඩ (දී)
දැන් පේනවා නේද මේක සැලසුම් සහගත වැඩක් කියල (දී)
අහිංසක ළමයි පව් (දී)
අනේ හොදයි (දී)
ලංකාවට අධ්‍යාපනයක් නැති කරලම දායි වගේ. (නි)
රටේ අනාගතය සමග සෙල්ලම් කරන්න එපා
දැන් ඉතිං ආයිත් කරමුකෝ විභාගේ. (නි)
මෙහෙම දේවල් වෙද්දී අපේ මානසික තත්ත්වයට වෙන්නේ මොකක්ද කියලා හිතන්න බැරිද? (නි)
දක්ෂ ගුරුවරුන්ට මෙවැන්නක් කළ හැකිය. (නි)
වහාම මොහු අත්අඩංගුවට ගත යුතුය , මෙය නම් සම්පූර්ණ හොරකමකි (ස)
උපරිම දඩුවම් දෙන්න (ස)
හැමදාමත් වුණානේ ඕක. අවුරුදු දහයකට කලින් ආපු ප්‍රශ්නෙම ආයෙම එන්න පුළුවන්. ඒකනේ අනුමාන ප්‍රශ්න පත්තර කරන්න කියන්නේ. සාමාන්‍ය පෙල ඔහොම වුණාට පාසල් අධ්‍යාපනයෙන් පිටත තියෙන ප්‍රශ්න පත්තර වලට උත්තර ඔක්කොම වෙන තැන්වලින් ගන්න පුළුවන්. (නි)
ගුරුවරයගේ ප්‍රශ්න දෙපාර්ථමේන්තුව කොපි කරලාවත්ද ?? (ස)
මම දන්නවා ඒ කවුද කියලා (ස)
සිද්ධියට අදාළ ගුරුවරයාත් මාධ්‍යයට කිවුවේ ඔය කතාවම තමා. අනුමාන ප්‍රශ්නයක් නිවැරදිව ලබාදීම එකක්. ප්‍රශ්න පත්තරේ ඇති සංකීර්ණ රූපසටහන් පවා ඡායා පිටපතක් වගේ ආදර්ශ ප්‍රශ්න පත්තරේ පළවීම හුදෙක් අහම්බයක් සේ සැළකිය හැකිනම් ඔයාලා දන්නා විද්‍යාව මොකක්ද? එකක් දෙකක් නම් කමකුත් නැහැ , මෙතන ප්‍රශ්න 18ක් සමාන රූප සටහන් එක්කම. මේවා සාධාරණීකරණය කරන කට්ටියත් මේ වංචාවේ පාර්ශවකරුවන් විය යුතුයි. අඩුගානේ පුවතට අදාළ පින්තූර ටිකවත් බලලද අදහස් දමන්නේ? දැන් පේනවා නේද මේක සැලසුම් සහගත වැඩක් කියලා. වහාම මොහු අත්අඩංගුවට ගත යුතුයි. මෙය නම් සම්පූර්ණ හොරකමක්. මට පේන්නේ විභාග දෙපාර්තමේන්තුව ගුරුවරයාගෙන් කොපි කරලා වගේ. උපරිම දඩුවම් දෙන්න. (නි)
මේ මොන විනාසයක්ද (දී)
ළමයින්ගේ අනාගතය (දී)
සන්නස්ගල සර්ට කරපු ටික මතකයිනේ. කෝ ඒ විදිහට පරීක්ෂණ පිට පරීක්ෂණ තියන්න (දී)
ඇත්තම කිව්වොත් මේක අසාධාරණයි. (ත)
අනේ මන්දා................(නු)
ඔය තියෙන්නේ සාකිත් එක්කම. (ත)
මම මේ අවුරුද්දෙ පළමු වතාවට විභාගය ලියන සිසුවියක්.එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරැද්දට අපි ඔක්කොටම ආපහු විභාගය ලියන්න වෙනවද?අවුරුදු එකොළහක් මහන්සි වෙච්ච දේවල්වල ප්‍රතිඵලය අරගෙන විභාගෙ ඉවර වෙන්නෙ කවදද කියලයි බලන් ඉන්නේ.මේ සම්බන්ධයෙන් ගන්න තීරණයකදි නිවැරදි සිසුන්ට අසාධාරණයක් වෙනවා කියන එකත් හිතලා බලන්න.(නු)
හොදයි.. අනාගතයේ ගොඩක් දොස්තරලා බලා ගන්න පුළුවං..!(නු)
මට හිතෙන්නේ මේක දක්ෂ ගුරුවරයකු විසින් අනුමාන කර සෑදූ ප්‍රශ්ණ ලෙසයි.. ප්‍රශ්ණපත්‍රය පිටවුනා කියලා හිතන්න බැහැ..!(නු)
ළමයින්ට දෙවියන්ගේම පිහිටයි..!(නු)
ලංකාවට අධ්‍යාපනයක් නැති කරලම දායි (දී)
දක්ෂ ගුරුවරුන්ට අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන එක සුලු වැඩක්. ගුරුතුමාට ජය වේවා! (නි)
ලංකාවේ අධ්‍යාපනය නැත්තටම නැති කිරීමේ කුට ව්‍යාපාරයක වැඩක් ඕක (දී)
අධ්‍යාපන ඇමතිතුමා මේක විසදයි. (නි)
මේක හැමදාම වෙන වැඩක්නේ. (නි)
මේ වගේ දේවල් සිද්ධවුන පළමු අවස්ථාව මේක නෙවෙයි. ඒත් මෙහෙම අපරාධ කරන අයට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එක නම් ගොඩක් කණගාටුදායකයි. මේ වගේ වැඩ කරන්නේ දක්ෂ ගුරුවරු නෙමෙයි. තමන් දරුවන් සමත් කරන්න හරියට ඉගැන්වීම් කරනවා නම් මේ වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අයට දෙන්න පුලුවන් උපරිම දඬුවම් ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ වැඩේට හවුල් වුණ විභාග දෙපාර්තමේන්තුවේ හරි රජයේ වෙනත් ආයතනයක හරි නිලධාරීන් ඉන්නවා නම්, තරාතිරම නොබලා ඔවුන්ටත් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුයි. (නි)
නොසැලකිලිමත් කම් නෙවයි ඕක. මේක සැලසුම් කරලා කරන වැඩක් (දී)
විභාග ප්‍රශ්ණපත්‍ර පිට නොවී රැක ගන්න විභාග කොමසාරිස්ටත් වගකීමක් තියනවා.කොහොම වුනත් ඉස්සර ලංකාවෙ විභාග ගැන තිබ්බ විශ්වාසෙ දැන් නම් හුගක් අඩුවෙලා (දී)
අනේ හැබෑට තාම හරියට වැඩක් කරගන්න බැරි හැටි. (ත)
අනේ හොදයි ලංකාවේ අධ්‍යාපනයට දෙවි පිහිටයි (දී)
ඒකත් නෑවා...... (දී)
අයියෝ අධ්‍යාපනය (දී)
"අසංක 2012-12-15 23:21:57 මට හිතෙන්නේ මේක දක්ෂ ගුරුවරයකු විසින් අනුමාන කර සෑදූ ප්‍රශ්ණ ලෙසයි.. ප්‍රශ්ණපත්‍රය පිටවුනා කියලා හිතන්න බැහැ" සිද්ධියට අදාළ ගුරුවරයාත් මාධ්‍යයට කිවුවේ ඔය මුසාවාදයම තමා. අනුමාන ප්‍රශ්නයක් නිවැරදිව ලබාදීම එකක්. ප්‍රශ්න පත්තරේ ඇති සංකීර්ණ රූපසටහන් පවා ඡායා පිටපතක් වගේ ආදර්ශ ප්‍රශ්න පත්තරේ පලවීම හුදෙක් අහම්බයක් සේ සැලකිය හැකිනම් ඔයාලා දන්නා විද්‍යාව මොකක්ද? එකක් දෙකක් නම් කමකුත් නෑ , මෙතන ප්‍රශ්න 18ක් සමාන රූප සටහන් එක්කම. මේවා සාධාරණීකරණය කරන කට්ටියත් මේ වංචාවේ පාර්ශව කරුවන් විය යුතුයි. අඩුගානේ පුවතට අදාළ පින්තූර ටිකවත් බලලද අදහස් දමන්නේ? (දී)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිබිදීමක් (දී)
අහිංසක දරුවන් සමඟ සෙල්ලම් කරන්න එපා.විභාග ගැන තියෙන විස්වාසය නැත කිරීම වැඩිහිටියන් ලෙස කවුරුත් වග කිහන්න ඕන. (දී)
හරිම ශෝක්. කෝ මේවා හොයන්න සාධාරණ කමිටුවි නැද්ද. දානවනම් අධ්‍යාපන ඇමති තුමා ප්‍රමුක කමිටුවක් පත් කරමු (දී)
හරි ශෝක්නේ කාටද ආඩම්බර (දී)
ගණන් ගන්න එපා (දී)
උත්තර හතරත් කිසිම වෙනසක් නැහැනේ. ප්‍රශ්න පත්තරේ උස්සලම තමයි. අධ්‍යාපනය කනවා. (ත)
අධ්‍යාපනයට ජය වේවා! (නි)
කොමිසමක් දාන්නකෝ. ඒ ඇති. (නි)
කලින් වතාවල වුණ විට මේවාට දඩුවම් දුන්නා නම් නැවත මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)
දාන්න අයෙත් කොමිසමක්. (ත)