සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 251 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී අද පත්වීම් ලිපි බාරදුන්නේය. එම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වෛද්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුද ඊට එක්වූහ.\

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්න ඔයා හෝ ඔයාගේ පවුලේ කව්රුවත් වෛද්‍ය විද්‍යාලයක හෝ වෙනයම් එකක ඉගෙනගෙන නැතිව ඇති. එහෙම නම් දන්නවා කොයි තරම් මුදලක් දෙමව්පියෝ පොත් පත් නේවාසිකාගාර ප්‍රවාහන ආහාර ඇදුම් පැලදුම් ආදියට වියදම් කරනවද කියලා. සමහර දෙමව්පියෝ ඉඩම්,කුඹුරු පවා උගස්කරනවා විකුණලා ඔය තත්වයට ගෙනත් තියෙන්නේ. බදු මුදල් වලින් නෙමෙයි. අනික අපේ රටේ බදු මුදල් වලින් ඉගෙන ගන්නේ වෛද්‍යවරු විතරක්ම නෙමෙයි. මෙතන තියෙන්නේ පැහැදිලිවම ඊර්ෂියාවක්.(නදී)
මගේ අයි. පී. ලිපිනය ලංකාවේ වුනේ දැනට මාස කීපයකට කලින් මම පාවිච්චි කරන පරිඝනකය පවා ක්‍රියාත්මක වෙන්නේ ඉංගීසි නොවෙන භාෂාවකින්. ඉතින් ඔය කියන කතාව ගැන හරිම පුදුමයි. එත් මම හිතාගෙන හිටියේ ලංකාදීප අපේ රහස්‍ය භාව රකිනවා කියල. කොහොම උනත් අයි. පී. ලිපිනය රහස්‍ය භාවය ඔවුන් රැකිය යුතුයි. අමුණුගමගේ ප්‍රකාශය වෙනුවෙන් කල හැකි යමක් මම සිටින රටේ නීතියට අනුව සොයා බලන්නම්. වෛද්‍යවරු ගැන මම කියපුව ඉතින් ගොතපු කතාද කියල ලංකාවේ චැනලින් සෙන්ටෙර් වලට දවසක් හරි ගියපු අය දන්නවා ඇති. අමුණුගම මතක තියාගන්න ඔබ හෝ ඔබේ පව්ලේ කෙනෙක් වෙනුවෙන් ඔබ ඔය කතා කරනවා ඇත්තේ. හැබැයි මාතර නීති සිසුවියගේ ඇත කපා දැමීමට සිදුවන තැනට කටයුතු සිදු වීමට ඉඩහැරීම වෙනුවෙනුත් ඔබ වෛද්‍යවරු වෙනුවෙන් කතා කළා මට මතකයි. හැබැයි දැනගන්න ඔබේ ඔය කියන දේවල් ඔබේ දරුවොන්ටත් සිදු වෙනවා දවසක. ඔබේ දුවගේත් එලෙස අතක් හෝ කකුල කැප දැමීමට උන දවසටත් ඔබ ඔය අදහස්මද දක්වන්නේ ? එසේ නොවෙනවා කියල හිතන්න එපා. ඔබ ඒවා සාමාන්‍ය දේවල්කියලා කියනවනම් ඔබේ දුවටත් එය සාමාන්‍ය දෙයක් ලෙසම සිදුවේවි. එහෙම කියනකොට දැනෙනවා නේද ඔබේ කියපු දේ බරපතල කම. මා කියන්නේ සියලු දේම අනුන්ට සිදුවෙනකම් හොද උනත් තමාට වෙනකොට අමාරු වෙයි කියා.(නදී)
චාමික, ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිට රට ඉන්න කෙනෙක් කිව්වට ඔබේ අයි.පී. ලිපිනය තියෙන්නේ ලංකාවේ එකක්. එහෙම වුනේ කොහොමද? ඔබ බොරුවට වෛද්‍යවරුන්ට බනින්න ඕනෑකමට බොරු කතා ගොතන්න. ඒත් අපිව රවට්ටන්න බැහැ. (නි)
සමන්ත, ඔබේ අදහස් ඉතාමත් තාර්කිකයි. ලංකාවේ බොහෝ දෙනා මේ වෘත්තිමය කුහකත්වයෙන් පෙළෙනවා. අඳබාල ඇතැම් ජන මාධ්‍යත් මේ තත්වයට වග කිව යුතුයි. ලංකාවේ වෛද්‍ය උපාධියට තිබෙන පිළිගැනීම කොතෙක්ද කියලා අපට වැටහෙන්නේ අප පිට රට ආ පසුයි. අපිට ලංකාවේ දොස්තර මහත්තුරුන් ගැන ආඩම්බරයි. ඔවුන් සැබවින්ම උගත්. එහෙත් පවත්නා දේශපාලන රටාව තුල උගත්කමට නිසි සැලකිල්ලක් නැති නිසා වෛද්‍යවරුන්ටත් නිකරුනේ බැනුම් වලට මුහුණ දෙන්න වෙනවා. (නි)
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් තරම් ඊර්ෂ්‍යාවට හා වෛරයට භාජනය වූ වෙනත් සේවයක් නැති තරම්. ඉඳහිට වෛද්‍යවරුන් අතලොස්සක් කරන වැරදි වැඩ වලට මහා ප්‍රචාරයක් ලබාදෙන ජන මාධ්‍යයන් අවුරුද්දේ 365 දවසේම වෙහෙස නොබලා වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයකගේ සේවය ගැන වචනයක්වත් කථා නොකිරීම කණගාටුවට කරුණක්. (නි)
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් තරම් ඊර්ෂ්‍යාවට හා වෛරයට භාජනය වූ වෙනත් සේවයක් නැති තරම්. ඉඳ හිට වෛද්‍ය වරුන් අතලොස්සක් කරන වැරදි වැඩ වලට මහා ප්‍රචාරයක් ලබාදෙන ජන මාධ්‍යයන් අවුරුද්දේ 365 දවසේම වෙහෙස නොබලා වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයකගේ සේවය ගැන වචනයක් වත් කථා නොකිරීම කණගාටුවට කරුණක්. මතක තබා ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන් බොහෝමයකට අළුත් අවුරුද්ද ,වෙසක්, නත්තල් වැනි දින වල තමන්ගේ පවුල් සමග ගත කරන්න ලැබෙන්නේ නෑ. ඉතාම කලාතුරකින් හැරුණ විට ප්‍රතිකාර ප්‍රමාද වී රෝගියෙකු මිය ගිය අවස්ථා අසන්නට ලැබෙන්නේ නැහැ. එවැනි වාර්තා වුනත් වැඩි අවධානයකින් පල වන්නේ වෛද්‍යවරුන් කරන සේවය පිළිබඳව පළවන වාර්තා අල්ප නිසයි. නමුත් සියළු දීමනා සහ නිවාඩු වෙලාවට ලබාගන්නා අනෙකුත් ඇතැම් රජයේ කන්තෝරු වල එක ලිපිගොනුවක් අනෙක් මේසයට යන්න කෙතරම් කල් ගතවෙනවාද? මා දන්නා පරිදි තමන්ගේ රාජකාරි ආවරණයට නිලධාරියෙකු නැති නම් කිසි විටෙක වෛද්‍ය නිලධාරියෙකුට නිවාඩු ලබාගන්නට බැහැ. වෛද්‍යවරයා නිවාඩු නිසා සති ගණන් මාස ගණන් වාට්ටු හෝ සායන වසා තැබෙන්නේ නැහැ. චෝදනා කරන පිරිස් මඳක් කල්පනා කර බලනවා නම් තමතමන් නිවාඩු ගැනීම නිසා, ආහාර ගැනීමට කාලය පැට කිරීම නිසා, තේ බීමට කාලය නාස්ති කිරීම නිසා සාමාන්‍ය ජනයාට කෙතරම් පීඩා ඇතිවී තිබෙනවා දැයි කියා වඩාත් හොඳයි. හැමදේටම වැඩවර්ජනය කළයුතුය යන මතයට මාත් විරුද්ධයි. නමුත් නොදන්නා කම නිසා මෙවැනි ආකාරයට වෛද්‍යවරුන්ගේ සේවාව පහත් කොට සැලකීමටත් මම විරුද්ධයි.(නදී)
මෙයාලගේ උජාරුව කොහොමද? කොළඹ ඉන්නවා 200 ට වැඩි පිරිසක්. ඒත් අනිත් නගර වල දොස්තරලා නැහැ. (නි)
එංගලන්තේ බදු ගැන අපි දන්නවා. ඒත් ප්‍රතිශතයක් විදියට බැලුවොත් ලංකාවේ බදු වැඩියි. එංගලන්තේ පැයක් වැඩ කලාම පවුම් 5 විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 1000 ක් විතර. ලංකාවේ දවසක් වැඩ කලත් 700-800 ගන්න අමාරුයි. එක නිසා මුදලින් බලන්න එපා ප්‍රතිශතයක් විදයට හිතලා බලන්න.(නදී)
යොහාන් මේ මහින්ද චින්තනයේ ආශ්චර්ය නෙවෙයි. සී.ඩබ්පිව්.ඩබ්පිව් කන්නන්ගර ආශ්චර්ය. කන්නගර මහත්තයා හිටියේ නැත්නම් ඔය පින්තුරේ ඉන්න 3/4ක් ඔතන නැහැ.(නදී)
දොස්තරලා හිටියට රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නැත්නම් ඒ සේවය කරන්න බැහැ. දැන් නිතර ඇහෙන දෙයක් තමයි අර බෙහෙත නැහැ. අර එන්නත නැහැ කියලා. කල් ඉකුත්වුණු බෙහෙත් නිසා රෝගීන්ට නැති ලෙඩ හැදෙනවා. මේවට රජයේ වගකීම කුමක්ද? (නි)
ලංකාවේ මොන ටැක්ස්ද අනේ,එංගලන්තේ ටැක්ස් ගැන දන්නේ නැතුවද? (නි)
චාමික ඇත්ත කියන්නේ. ටැක්ස් ෆයිල් එකක් ඕන නැහැ, අපි හැමෝම වැට් ගෙවනවා. ගන්න හැම කෝල් එකකක්ම ගානේ 25% ටැක්ස්. පෙට්රෝල් ලීටරයකට රු. 50 විතර ටැක්ස්. අහාර පාන බොහොමයකට බදු තියෙනවා. ඒක නොදන්නා දොස්තර කෙනෙක්ම තමා ටැක්ස් ෆයිල් එකක් තිබ්බ පලියට ලොකු කතාවක් කියලා තියෙන්නේ. (නි)
මමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කෙනෙක්. සල්ලි දීලා පන්ති යන්න උනෙත් නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත් අපේ ගොඩක් ගුරුවරු උ/පෙ දී හරියට ඉගැන්නුවේ නැති නිසා. දෙමව්පියෝත් අපිට වියදම් කලා තමයි. එත් අපිට රජයෙනුත් වියදම් කළා. අද විදේශීය විශ්වවිද්‍යාලයක වැඩිදුර ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ලංකාවේදී අපිට නොමිලේ ලැබුනේ ඉතාම අඩු තාක්ෂණික දැනුමක් කියන එක. හැබැයි ඒකවත් හම්බවෙන්නේ නැහැ නිදහස් අධ්‍යපනය නොතිබුනා නම්. දෙමව්පියෝ වියදමි කලේ අපේ එදිනදා ජීවිතයට කෑම, ඇදුම් නවතැන් වගේ දේවල් වලට. අද්‍යාපනය නොලබන දරුවන් වෙනුවෙනුත් දෙමව්පියෝ ඒවා කරනවනේ. ඒක නිසා දෙමව් පියෝ වියදම් කලේ කියන එක වැරදියි. හැබැයි අද දොස්තරලා ගැන කතා කරන්නත් ලැජ්ජයි. සල්ලි පස්සෙමයි දුවන්නේ. බේතක් හරියට ගන්න චැනල් එකට යන්න ඕනේ. මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ. තමන්ට ලෙඩ හැදෙන්නේ නැහැ වගේ හැසිරෙන්නේ. පරම්පරාවෙන් ආපු බුදලෙන් අපිට බේත් දෙනවා වගේ හැසිරෙන්නේ. හැබැයි මේ අය දැනගන්න ඕනේ ඔය ඔක්කොම පහසුකම් අපිට දෙන්නේ අපි කලින් ගෙවපු සල්ලි වලට කියලා. පිනට නෙවෙයි. මේ දේවල් නිසා මට නම් දොස්තරලා කියන්නේ ලංකාවේ ඉන්නේ අප්‍රසන්නම පිළිකුල් සහගතම වෘත්තිකයන්. සෞඛ්‍ය සේවකයෝ ඔක්කොම එහෙමයි. මෝචරියට එන මිනිය දෙන්නෙත් ගානක් අරගෙන. හෙදියෝ නම් මතක් වෙනකොටත් අප්‍රියයි. ඉතින් හැකියාවක් ලැබුන ගමන්ම අපි අපේ රට අතහැරලා යන්නේ ඒ නිසා. ප්‍රාදේශීය සභාපතිලගෙන් අපේ දරුවෝ බේරලා දෙන්න ඔය කාටවත් බැහැනේ. පාරේ වෙඩි තියල ගියොත් මගේ පවුලට මොකද වෙන්නේ? ඒ නිසයි අපි පිට රට යන්නේ. ඔය කෑගහන අයත් කෑගහන්නේ යන්න බැරි නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි. ඔයාලට පුළුවන් නම් ප්‍රපාතෙට වටෙන් රටින් පිට වෙනවා. බැරි නිසා පිට වුන අපිට බැන බැන ඔයාල ඉන්නවා. පුළුවන් උන දවසට ඔයාලත් පිට වෙනවා. ඕකනේ ඇත්ත කතාව.(නදී)
රත්න ඔබ "මේ කට්ටියත් අපේ "ටැක්ස්" සල්ලි වලින් ඉගෙනගෙන" කිව්වට ඔබට ටැක්ස් ෆයිල් එකක්වත් නැතුව ඇති! අනිත් කාරණය ටැක්ස් ගෙවන බොහෝ දෙනෙක් පිටරට ගිහින් හරි බෙහෙත් කරගනීවි. මේ වෛද්‍යවරුන්ගේ පිහිට කොහොමටත් උඹලා අපි වගේ දුප්පත් අයටම විතරයි (නි)
කීයක් ගියාද වියදම දැන් ඔය උත්සවේට? (නි)
රත්න,ඔබටත් නිදහස් අධ්‍යාපනයෙන් විද්‍යාඥවරයෙක් වන්න තිබුනා.ඔබ කරලා තියන්නේ රටේ මහජන මුදල් කාබාසිනියා කරපු එක.නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගත් මේ වගේ මිනිස්සුන් දිහා ඔහොම බලන එකට කියන්නේ වෘත්තිය කුහකකම කියලා.එහෙම බලනකොට ඔබ මහජන මුදල් වනසපු කෙනෙක් (නි)
හිපොක්‍රටිස් කියපු විදියටම "ග්‍රීක් ස්ටයිල්"එකට මිස "ශ්‍රී ලංකන් ස්ටයිල්" එකට වැඩ නොකරන්න මනුස්සකම පහල වේවා! (නි)
වරුණ ඔබගේ අදහසට මල් මිටක්. පැත්ත ගියත් ඇත්ත කතා කරන ඔබ වගේ අවංක මිනිස්සු අද රටට අවශ්‍යයි.(නදී)
මේක ඉතින් වසරක් පතා වෙන දෙයක් නොව.හැම අවුරුද්දෙම වෛද්‍යවරු, ගුරුවරු, හෙදියෝ, හමුදාවේ අය ටිකක් එලියට එනවනේ. ඇයි මේ සංදර්ශන.(ස)
මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිතුමා පඩංගුවටම බහිවි වගේ.(නදී)
බුදු සල්ලි පඩංගුවේ.(නදී)
රත්න, අර අලුත් උපාධිදාරීන් අරගෙන ඇට වර්ග බෙදන්න දාලා තිබ්බේ. ඒ ගොල්ලන්ට උගන්වන්න වැය වුන සල්ලි ගැන ඔයාලට ප්‍රශ්ණයක් නැහැ නේද? (නදී)
මෙන්න මහින්ද චින්තනයේ ආශ්ච්ර්ර්ය, ජයවේවා. (ස)
ඔය තියෙන්නේ සංදර්ශන. ගෙදරින් ගේනවද ඔය රස්සා.(නදී)
අනේ වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනෑ මේ වගේ කට්ටිය. අසරණ රෝගීන් ගැන සිතා මානුෂවාදී විදියට රාජකාරිය අවංකව සේවය සපයන්න (නි)
මේ කට්ටියත් අපේ "ටැක්ස්" සල්ලි වලින් ඉගෙනගෙන, ටික දවසකින් පටන් ගනියි අපිව සල්ලි වලට "චැනල්" කරන්න. තව ටික කාලෙකින් පඩි මඳි, සැලකුම් මඳි, දුශ්කර සේවා දැමුවා, "බදු නැතිව වාහන" නැහැ අරකද, මේකද කියලා "ස්ට්‍රයික්" කරාවි. උගන්නන්ට බදු සල්ලි දීපු උන් බෙහෙතක් නොලැබීම මැරිලා යාවි. සමහර අය ශිෂ්‍යත්ව ලැබිලා රටින් පනීවි. ඉන්පස්සේ පස් පඩංගුවේ ලංකාවටත්, වැසියන්ටත් බනීවි. (නදී)
යහපත් අවංක සේවයක් ඉටු කරන්න ඔබ සැමට සුභ පැතුම් ලංකාදීප පාඨක සැම වෙනුවෙන් (නි)
ඔතන දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් සිටී නම් කරුණාකර අසරණ රෝගීන් ගැන සිතා ඔවුන් වෙනුවෙන් අවංකව සේවයට කැපවෙනවා කියා අදිටන් කරගෙන වැඩ බාරගන්න (නි)