IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල වහයි

(ඩබ්. ඒ. පියතිලක)
 
වසර 40ක කාලයක් සිට ගම්මාන  20ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරුන් නොමැතිකමින් රෝහල වසාදමා ඇතැයි ගම්වාසීහු කියති.
 
බාහිර රෝගී අංශයට සහ නේවාසික රෝගීන් රෝහලට බාර නොගන්නා අතර  සායනය පමණක්  අද (11) පැවැත්විණි.

මෙම රෝහලේ වෛද්‍යවරුන් හතරදෙනෙකු සිටිය නමුත් මේවන විට එක් වෛද්‍යවරයෙකුත්, හෙදියන් සිව්දෙනෙකුත් සහිතව කාර්යමණ්ඩලයේ 15දෙනෙකු පමණක් සිටින බවද එහි වෛද්‍යවරයෙක් පැවසීය.
 
මෙම රෝහලෙන්  දිනකට  600ක පමණ ජනතාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද අසන්නම මහරෝහල වන පොළොන්නරුව මහ රෝහල  ඇත්තේ  කිලෝමීටර්  30 පමණ දුරකින්  බැවින් ඔවුන් පීඩාවට පත්ව ඇති බවද ගම්වාසීහු කියති.
 
පසුගිය වසර දෙක තුළ රුපියල් ලක්ෂ 110ක මුදලක් වැය කර වෛද්‍යවරුන්ගේ නිල නිවාස ඇතුළු  අංග සම්පුර්ණ රෝහලක් බවට මෙය පත් කර තිබේ. නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණ දෙකක් සහිතව රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනීමට  පහසුකම් ඇති   බවද ප්‍රදේශවාසීහු කියති.
 
 පොළොන්නරුව  ප්‍රදේශීය සෞඛ්‍ය අධක්ෂක  වෛද්‍ය  ඩී.එස්. ඒ. ජයසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ කීය.
 
 “මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හිටියා. එක් වෛද්‍යවරයෙකු සේවය හැර ගියා. අනික් වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලැබුණා.  එම ස්ථාන මාරුවීම මම අනුමත නොකළත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි  එසේ කිරීමට මට සිදුවුණා.  එක් වෛද්‍යවරයෙකුට දිවා රාත්‍රී දෙකම සේවය  කරන්න බැරි නිසාත්, ප්‍රාථමික රෝහලක් ලෙස පවත්වාගෙන යන්නට බැරි නිසාත්, වෛද්‍යවරු පැමිණෙන තෙක් බාහිර රෝගී අංශය සහ නේවාසික රෝගීන් ඇතුළත් නොකර ගන්නා ලෙසට මම උපදෙස් දුන්නා. සායනය පමණක් පවත්වාගෙන යන ලෙස පැවසුවා ” යැයි කීය.
 
ඉදිරි දිනවලදි බාහිර රෝගී අංශය පමණක් පවත්වන බව  එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
 
වහාම මෙම රෝහලට වෛද්‍යවරුන් ලබාදීමට කටයුතු කරන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (34)

වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල වහයි

චන්න Wednesday, 11 December 2019 05:40 AM

අපේ නව ආණ්ඩුව මහ මැතිවරණයෙන් පසු මෙම ප්‍රශ්නයට ස්ථීර විසදුමක් ගෙන දෙනු ඇත.

:       1077       22

samWednesday, 11 December 2019 06:43 AM

එතකං ප්‍රදේශවාසීන්ට ලෙඩ නොවී ඉන්න කියලත් කිව්වානම් හොඳයි.

:       5       1167

Binkunndaa. Wednesday, 11 December 2019 06:18 PM

නෑ නෑ, මහා අය යනවා වගේ සිංගප්පූරු රෝහලට ගියානම් ඉවරයිනේ..!!!

:       0       40

KapilaWednesday, 11 December 2019 09:53 AM

ආණ්ඩුව පත් කළ දොස්තරලට කියලාවත් ප්‍රශ්නය විසදන්න බැරිද? දොස්තරලා දැන් සෞඛ්‍යය සේවයේ වැරදි දැක්කම වැඩ වර්ජනය කරන්නෙ නැද්ද?

:       1       241

SaamanthaWednesday, 11 December 2019 11:10 AM

තාම සෞඛ්‍යය අැමති කෙනෙක් පත් කරලා නැතුවද? පත් කරන්නෙ මහා මැතිවරණයෙන් පස්සෙද?

:       0       42

Udaya Wednesday, 11 December 2019 06:02 AM

වෛද්‍යවරුන් දේශපාලනය කරන්න ගියාම තමන්ගේ යුතුකම් අමතක කරනවා. කරුණාකර දැන්වත් දේශපාලනය හෝ වෛද්‍ය වෘත්තිය යන දෙකෙන් එකක් තෝරාගන්න. මෙවැනි ප්‍රශ්ණ ඔබලාටම විසඳාගත හැකියි. මෙහි 'බලධාරීන්' කියන්නේත් ඔබලාම තමයි. රජය අපහසුවට පත් නොකරන්න.

:       47       368

Mahee Wednesday, 11 December 2019 06:20 AM

ඉස්සර ඕවට මාරු කරන වෛද්‍යවරු ඒ මාරුව අවලංගු කර ගන්න ලොකු ලොක්කෝ පස්සේ ගියා. වෛද්‍ය පාදෙනිය සමිතියේ සභාපති හැටියට සාමාජිකයන්ගේ පැත්ත ගත්තා. දැන් ඉතින් පාදෙනිය මහත්තයා සෞඛ්‍ය ලේකම් වශයෙන් "Catch 22" තත්වේ ඉඳගෙන මොකද කරන්නේ කියලා අපි බලන් ඉන්නවා.

:       0       142

jessWednesday, 11 December 2019 08:16 AM

එහෙම කියන්න එපා. මගෙ නෝන කිලිනොච්චිය පැත්තෙ මහ දුෂ්කර එකකට තමයි මුලින්ම ගියේ. අපි දෙන්නම කලුතර සහ ගාල්ලේ. ඉතින් කොහෙත්ම අපි දන්න කියන පැත්තක් නෙවෙයි. අවුරුදු දෙකෙන් මාරුවීම් දෙනව කියල පොරොන්දු වුනා. එහෙ ගිහින් අවුරුදු 2 ක් හෙන කට්ටක් කාලා අවුරුද්දක් වත් නැති පොඩි එකාව මාසෙකට සැරයක් විතර දැකලා වැඩ කරලා අවුරුදු දෙකක් ගියහම මාරුවීම ආවහම ඒක දෙන්න බැහැලු. අන්තිමට තවත් අවුරුද්දක් කට්ට කාලා යුනියන්, අමාත්‍යාංශ ගානෙ මාස ගණන් රස්තියාදු වෙල යන්තන් ආවේ. එහෙම ආවම මෙහෙම කියන එක වැරදියි. එක්කෝ ඒ පැත්තෙ දොස්තරලව ඒවට දාන්න ඕනේ. නැත්තන් හරිහමන් විදිහට මාරුවීම් දෙන්න ඕන.

:       258       352

ManojWednesday, 11 December 2019 10:11 AM

හිතන්නකෝ රට ගිහින් වැඩ කරලා අපමණ දුක් විදලා අවුරුදු 2 ක් ලංකාවට නිවාඩුව හම්බෙන අයට කොහොම දුකක් ඇත්ද?

:       43       237

hesha Wednesday, 11 December 2019 06:29 AM

කමක් නෑ තාප්ප වල චිත්‍ර අදිනවනේ....

:       18       233

athuraThursday, 12 December 2019 05:01 AM

ඇත්ත ඇත්ත ඕකත් මහින්ද පැරදුණු ගමන් ආපු සිංහලේ රැල්ල වගේ තමයි. දැන් කෝ ඒ ඇඳුම් ස්ටිකර්...?

:       0       26

Nilmini Wednesday, 11 December 2019 06:59 AM

අවශ්‍යම දේ කරනවනේ. තාප්ප ජරා කරන එක. ලෙඩ්ඩු මැරුණට කමක් නැහැ

:       30       146

Uditha - London Wednesday, 11 December 2019 07:06 AM

වෛද්‍යය විද්‍යාලෙන් පිටවෙන අය අනිවාර්යෙන්ම දුෂ්කර සේවයට යොමු කරන්න ඕන.

:       11       80

ගොට්ටා Wednesday, 11 December 2019 08:15 AM

ඕක වැහුවට කමක් නෑ. සිංගප්පුරුවේ රෝහල් වැහුවොත් මරාගෙන මැරෙයි.

:       6       105

රවින් Wednesday, 11 December 2019 08:49 AM

තාවකාලික විසදුමක් ලෙස පැරණි සහකාර වෛද්‍ය සේවය ඇති කළානම්............ ආපු ආපු ඇමතිලා පම්පෝරි දෙඩුවා මිස මෙවැනි ප්‍රයෝගික ප්‍රශ්න කෙරෙහි තම අවධානය යොමු කළානම් අද මේ ප්‍රශ්නය නැහැ. කොහොම උනත් දැන්වත් වැඩිපුර සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් කරගන්න කටයුතු යෙදුවානම් ?

:       16       33

Kamal Wednesday, 11 December 2019 08:56 AM

ලංකාවේ දේශපාලනය කරන හුගක් දෙනෙකුට වෙස් මූණු දාලා තියෙන්නේ. කොයි වෙලාවේ ෆියුස් එක යයිද දන්නේ නෑ.

:       7       3

godfrey Wednesday, 11 December 2019 09:07 AM

සජිත්ට ගමේ මිනිස්සු ඡන්දේ දීලා තිබුනොත් මේ කපේදී ඔය රෝහල ගොඩ ගැනීම සිහිනයක් වන්නට බැරිත් නැහැ.

:       2       124

Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 09:15 AM

පහුගිය යහපාලන රජය සමයේ හැම දේකටම උගුර ලේ රහවනතුරු, ගිරිය කඩාගෙන බෙරිහන් දීපු, රජයේ වෛද්‍යය සංගමයේ "ඩොක්ටර් පාදෙනිය" මේ දරුණු ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න ඉදිරිපත් නොවුනේ මොකද කියා රටවැසියා අසනවා.

:       9       104

ජයරත්න Wednesday, 11 December 2019 10:40 AM

පසුගිය වසර 5ක කාලයක් රටේ රජතුමාත් ඔය පැත්තේ කෙනෙක් නේද?

:       0       49

Aris Wednesday, 11 December 2019 11:16 AM

සයිටම් වැහුවේ නැත්නම් ඔහොම වෙන්නේ නැහැ.

:       0       4

Praba Wednesday, 11 December 2019 11:29 AM

වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් රට හැර යනවා. විශේෂඥ වෛද්‍යවරු බහුතරයක් විදේශ පුහුණුවෙන් පසු ලංකාවට එන්නේ නෑ. සොච්චම් පඩියකට බැනුම් අහගෙන වැඩ කරන්නේ මොන මෝඩකමකටද? පිටරටකට ගිහිල්ලා සුපිරි වැටුපක් සමග දෙයියනේ කියලා ඉන්න පුළුවන්කම තියෙද්දී... ඔය ගමේ මිනිසුන්ට බැරියැ සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්න.

:       6       111

Dasa P Wednesday, 11 December 2019 01:04 PM

බයවෙන්න එපා වෛද්‍ය සංගමය සංවිධානය වෙලා එක්කෙනෙක් මාසෙකට දවස ගානේ ඇලහැර ගිහින් ලෙඩ්ඩු බලයි.

:       0       18

කපුරුහාමි Wednesday, 11 December 2019 01:30 PM

අලුත් සෞඛ්‍ය ඇමතිනිවත් මෙයට විසඳුමක් දෙනකම් බලන් ඉන්නවා.

:       1       4

lalithmThursday, 12 December 2019 02:54 AM

හි හි.. බලාගෙන ඉන්න. එතකොට ඊළඟ ඡන්දෙට ඒ පළාතේ අයට මොනවා කරනව කියලද කියන්න පොරොන්දු වෙන්නේ...?

:       0       1

Piyathilaka Wednesday, 11 December 2019 07:29 PM

රෝහලකට පත් වීම් දෙන්නෙ සෞඛ්‍යය අමාත්‍යංශයෙන් මිසක් වෛද්‍යවරුන්ගේ හිතුමනාපෙට ඉස්පිරිතාල වලට යන්න බැරි බව අදහස් දාන අය අය දැන ගත යුතුය.

:       0       5

GuneSaturday, 14 December 2019 01:39 PM

ඒකනෙ කියන්නේ. පියතිලක මහත්තයට තියෙන මොලේ මේ මිනිස්සුන්ට නැති හැටි අම්මප. දැන් බලන්න මේ පින්තුරවල ඉන්න ළමයි වඩාගත්ත අම්මල ඕකවත් දන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යංශයට කරදර කරන්න එන හැටි. හරිනම් රජය අප්‍රසාදයට පත්කරනවාට විරුද්ධව නඩු දාන්න ඕන මේ ලෙඩ්ඩුන්ට විරුද්ධව.

:       0       0

ranjith Wednesday, 11 December 2019 10:48 PM

පර්යන්තයේ තියෙන රෝහල්වල නේද දොස්තරලා අනිවාර්යයෙන් සිටිය යුතු...? අද වෙලා තියෙන්නේ මහ රෝහල් වල පිරිලා පොඩි රෝහල් වල පුරප්පාඩු පුරවන එක නේද හොඳ? මහරෝහල්වල තදබදය අඩු කරන්න.

:       0       2

සනා Thursday, 12 December 2019 12:40 AM

වෛද්‍යවරුන් සේවය හැරයාමට හේතුව ඉහත කමෙන්ට් වලින්ම වටහාගත හැකියි.

:       2       0

lalithm Thursday, 12 December 2019 02:49 AM

අර වෙදකමේ ගුණාත්මකභාවය පතා වර්ජන කරන දොස්තර අලුත්ගේ මහත්තයලාට බැරිද හුදීජනයාගේ ප්‍රයෝජනයට මේවා විවෘත කරන්න සහාය වෙන්න. එහෙම කළොත් අපි පිළිගන්නවා. ඒ ගොල්ලන් ටිකක් හරි මිනිස්සු ගැන හිතනවා කියලා...

:       0       2

sas Thursday, 12 December 2019 03:07 AM

දියබෙදුම ඉන්නේ ලාංකිකයන් නොවේද?

:       0       1

jayath Thursday, 12 December 2019 03:38 AM

මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට ඔවුන්ගේ ජීවිතවලට ඊනියා සංගම් වගකියන්න ඕනේ. මොකද රජයේ එම්.බී.බී.එස් යන්න අකමැතියි. ගියත් එක පයක් මෙහෙ තියාගෙන ඉන්නේ. ඔය පළාත්වල මිනිස්සුනට අමිල සේවයක් කරා ඉස්සර හිටිය සහකාර වෛද්‍ය වරු. ඒ අයට නිග්‍රහ කරා "බාගෙට ඉගෙනගත් දොස්තරලා " කියලා. එහෙම කරලා ඒ අයව නැතිකරලම දැම්මා. ( මේ ප්‍රශ්නෙදි මියගිය කාලෝ පොන්සේකා මහත්තය සහකාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී හිටිය වග එතුමාට ගෞරවයක් වශයෙන් සටහන් කරන්න ඕන )දැන් ඊනියා උපාධිධාරීන් එහාට යන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට ටිකක් තද විසඳුම ඕන. මොකද අනිත් රාජ්‍ය සේවකයෝ ඔක්කොටම දුෂ්කර සේවයේ ඉන්න පුලුවන්නම් දොස්තරලට විතරක් බැරිවෙන්න හේතුවක් නැහැ. මේ ලියන මමත් තරුණ කාලේ ඔය දුෂ්කර සේවයේ වසර 3ක් විතර හිටිය කෙනෙක්. දුෂ්කර උනත් ඕව හරිම සුන්දර පැති.

:       3       8

සනාThursday, 12 December 2019 04:26 AM

මෙතන වී ඇත්තේ දොස්තර සේවයෙන් ඉල්ලා අස්වීම... ඉල්ලා අස්වුණාම කොහොමද බලෙන් දාන්නේ?

:       3       0

Perera Thursday, 12 December 2019 08:20 PM

"එම ස්ථාන මාරුවීම මම අනුමත නොකළත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි එසේ කිරීමට මට සිදුවුණා". ඔන්න ඕක තමයි රටේ බොහෝ තැන්වල සිදුවෙන්නේ. රටේ පරිපාලනයට පුද්ගලික උවමනාවන් මත එක එකා තම තමන්ගේ වාසියට තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ පුද්ගලික උවමනාවන් ඉටු කරගන්නවා. අන්තිමේට ජනතාව තමයි පීඩා විඳින්නේ. මේ ක්‍රමවේදය නව ජනාධිපතිටවත් නව රජයටවත් නවත්වන්න පුළුවන් වුනොත් හොඳයි

:       0       0

sharm warn Friday, 13 December 2019 01:08 PM

කෝ අර පාදෙණිය ලොක්කා? උඩ පැනපැන මැරෙන්න හැදුවනේ සයිටම් එකේ ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් ලෙඩ්ඩු මරනවෝ කියලා... දැන් මොකද කියන්නේ? එයාගේ මාෆියාව මොකද්ද කියලා ඒ කාලේ පාරට බැහැපු අම්මලා තාත්තලාට තේරෙනවද දන්නේ නැහැ දැන්වත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1406 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 277 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 532 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 754 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 148 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 546 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site