IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදුලි ගාස්තු 12 සිට ඉහළට

විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය. ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය කොමිසමෙන් ඉල්ලා සිටියේය. කොමිසම මහජන අදහස් විමසීය. විදුලිබල මණ්ඩලයේ අනාගත පිරිවැය අවමකැර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඇතුළත්ව අවම සංශෝදන සහිතව විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර දුන් බව එම කොමිසම පවසයි. මෙම කොමිසමේ සභාපතිවරයා ජයතිස්ස ද කොස්තා මහතාය.



අදහස් (0)

විදුලි ගාස්තු 12 සිට ඉහළට

බුද්ධි Wednesday, 17 April 2013 10:52 PM

මේ වෙලාවට තමයි ප්‍රබාකරන් හිටියා නම් කියලා හිතෙන්නේ (නි)

:       0       0

මොහොමඩ් Thursday, 18 April 2013 01:44 PM

අවුරුදු.30ක යුද්ධය ඉවර වුණත් රටේ ජනතාවට කිසිම සහනයක් නැහැ. සියලුම දේ වැඩි වෙනවා (නි)

:       0       0

මොහිදීන් Thursday, 18 April 2013 02:34 PM

ඔය මදි කියන කතා. පොඩ්ඩක් ඉන්න තව ටිකක් වැඩි කරන්න කියන්නම් (ස)

:       0       0

නිශ්ශංක Thursday, 18 April 2013 01:20 AM

මේ ශාප ලෝකයේ දැන් ජන සමාජයත් දෙපිලකට බෙදිලා (නි)

:       0       0

නිශ්ශංක Thursday, 18 April 2013 01:23 AM

සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා... (නි)

:       0       0

පවන් Thursday, 18 April 2013 04:09 AM

මේවා මේ සිංහල ජාතිය නැතිකරන්න කරන බටහිර කුමන්ත්‍රණ. ලෙමන් පෆ් එකක් කාලා වතුර ටිකක් බීලා තව ටිකක් පටි තද කරගෙන ඉදිමු. (නි)

:       0       0

රත්න Wednesday, 17 April 2013 04:25 PM

ගිහිල්ලා, ගිහිල්ලා සිංහල අවුරුද්ද ගිහිල්ලා........, ( කරකල දෙකට නමල )... වරෙල්ල , වරෙල්ලා අඳුරෙ ඉන්න කාලෙ ඇවිල්ලා... (ස)

:       0       0

ජීවන්ත Wednesday, 17 April 2013 04:28 PM

ආයිත් සංශෝධනය කරමුද? (නි)

:       0       0

ආනන්ද Thursday, 18 April 2013 06:07 AM

මාසයකට දින 2,3ක් කරුවලේ හිදිමු. ජනගහනය වැඩි වෙන්නත් එපායැ. (නි)

:       0       0

පාල Wednesday, 17 April 2013 04:36 PM

ඔය තියෙන්නේ. අර ඇමරිකාවෙන් දෙන මුදල් අඩු කරද්දී, එහෙ බෝම්බ පුපුරද්දී මෙහෙ දෙපැත්තෙන්ම හුරේ දාපු අයට අප්‍රමාන සන්තෝෂද දැන්? (නි)

:       0       0

දම්මි Friday, 19 April 2013 07:50 PM

හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 17 April 2013 04:36 PM

වැඩි කරන්න අදහස් දුන්න මහජනයෝ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 18 April 2013 07:06 AM

රටේ මිනුසුන්ගේ රුධිරය බොන්නද මේ සැරසෙන්නේ? දෙවියන් වැඩ ඉන්න බව අමතක වෙලාද? (නි)

:       0       0

ශීලා Wednesday, 17 April 2013 04:37 PM

කෝ ඇමරිකන් විරෝධියෝ? ඊයේ බෝම්බෙට හුරේ දානකොට මම දැනගත්තා මෙහෙත් පත්තුවෙනවා කියලා. දැන් සනීපයිද? (නි)

:       0       0

පාර්වතී Wednesday, 17 April 2013 04:38 PM

අර ලෝකේ කොහේ හරි බෝම්බෙයක් පිපුරුවහම, ස්වභාවික ආපදාවක් ආවහම ඒ සියල්ල වෙන්නේ කරුමවාදෙට අනුවයි කියන අය මට කියන්න මේවා වැඩි වෙන්නේ මොන වාදෙට අනුවද කියලා (නි)

:       0       0

සම්පත් Wednesday, 17 April 2013 04:39 PM

අනේ! ලොකු දෙයක් (නි)

:       0       0

චානක Wednesday, 17 April 2013 04:40 PM

දූෂණ ,වංචා, අක්‍රමිකතා හරියට අපි කළා වගේනේ. ඒ පාඩු අපෙන් පියවාගන්න බිල වැඩි කරන්න හදන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 18 April 2013 07:27 AM

ඊයේ අපේ ගෙදර ලයිට් බිල දීල ගියා. වෙන මාසවල බිල හදන්නේ 12 වෙනිදාට. මේ මාසේ බිල හැදුවේ ඊයේ(17) දා. 12 දින ඉඳලා නම් බිල වැඩිකරන්නේ අපේ ගෙදර බිල වැඩි වෙන්නේ 12 න් පස්සේ දවස් 06 ටද? මුළු මාසේටමද? අනේ මේක කවුරුහරි මට පහදලා දෙන්නකෝ. ඊයේ ඉඳලා හරියට කන්නේ වත් නැතුව මගේ හාමිනේ කල්පනා කරනවා. මගේ පැන්ෂන් පඩිය බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

රීටා Wednesday, 17 April 2013 04:43 PM

අනාගත පිරිවැය අඩු කරන්නද මෙහෙම කළේ? (නි)

:       0       0

අර්ජුන Thursday, 18 April 2013 07:33 AM

නියම වැඩක් තියෙනවා, ලෝටස් ටවර් එකට වෙලා වටේ බල බල ඉදිමු (නි)

:       0       0

නීලා Wednesday, 17 April 2013 04:46 PM

පිරිවැය අඩුකරගන්නලු මෙහෙම කළේ. අපේ රටේ අරක්කු බාගෙට,බත් පැකට් එකට,ටකරමට,සිමෙන්ති මිටියට,සොච්චම් රස්සාවට කඩේ යන අය ඉන්නකල් මේවා මෙහෙම වෙයි. (නි)

:       0       0

අර්ජුන Thursday, 18 April 2013 07:36 AM

බිල ආවහම බලමුකෝ මුළු මාසයටම අයකරලා නැද්ද කියලා (නි)

:       0       0

නසාර් Wednesday, 17 April 2013 04:47 PM

සම්බෝලයි බතුයි කාලා තමයි දැන් බිල ගෙවන්න වෙන්නේ. (නි)

:       0       0

බුද්ධික Thursday, 18 April 2013 07:46 AM

මරු...මරු ...ලොක්කන්ට දවසකට වියදම කෝටියයි. ජනතාව කරුවලේ. දුකේ... බක්මහ අකුණු තියෙනවා තවම. බලාගෙන හොදේ.... (නි)

:       0       0

තිලක් Thursday, 18 April 2013 09:36 PM

හිනාවට, පපුවට තඩි බාගෙන කතා කලාට රැවටිලා චන්දය දුන්න මෝඩයන්ටනම් මේ වැඩි වීම මදි. ඇරත් දුක මේ අවට ඡන්දය නුදුන්න අසරණ මිනිසුන් ගැනයි.(නදී)

:       0       0

පද්මා Wednesday, 17 April 2013 04:50 PM

මිත්‍රවරුනේ, ඉන්න ඉන්න තව කොරියවෙත් යුද්ධය පටන් ගත්තොත් මොනවා හරි වැඩි කරලා දෙන්නම්. ඔබලා තව තව ඇමරිකන් විරෝධී සටන් පාට කියන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 18 April 2013 07:47 AM

ඔය කොමිසම පත් කලේ මේ ටික කරන්න නම් ඒ ගොල්ලන්ට මුදල් වියදම් කරපු එක මහා අපරාධයක් නේද? මේ කොමිසමේ රජයේ සේවකයෝ, විශ්‍රාමිකයෝ, හමුදාවේ, පොලිසියේ ,පුද්ගලික අංශයේ කම්කරුවෝ ගොවියෝ වගේ නියෝජිතයෝ ඉන්න නැතුව ඇති නේද? අනේ මන්දා මට නම් පිස්සු වගෙයි. (නි)

:       0       0

විමල් Thursday, 18 April 2013 09:37 PM

ආසියාවේ ප්‍රකෝටිපතියන් ලංකාවෙන් බිහි වෙලා ඉවරයි.(නදී)

:       0       0

රිස්වාන් Wednesday, 17 April 2013 04:54 PM

මේ වගේ මහජනතාවගේ ප්‍රශ්න සේනා වලට පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

රත්නසිරි Wednesday, 17 April 2013 04:56 PM

ඔන්න මහත්තයෝ, කෙකර ගගා ඉඳලා දැම්මා බිත්තරේ (නි)

:       0       0

ෂෙහාර් Wednesday, 17 April 2013 05:12 PM

මේවා බටහිර කුමන්ත්‍රණ... (නි)

:       0       0

පාලිත Thursday, 18 April 2013 08:04 AM

යුද්ධය තියෙන කාලෙත් මෙච්චර අමාරුවක් තිබුනේ නැහැ . දුප්පත් ජනතාව නගා සිටුවන හැටි හොදට පේනවා. (නි)

:       0       0

කුමාර Thursday, 18 April 2013 03:58 PM

අද ඉදන් අපි හවස 6යේ සිට රාත්‍රී 10 දක්වා මිහිකත හෝරාව සමරමු නේද? (නි)

:       0       0

සිසිලියා Thursday, 18 April 2013 08:21 AM

විදුලිය වැද්දුවේ ඇයි ජනයට සිහල ... (නි)

:       0       0

සරත් Thursday, 18 April 2013 08:21 AM

මම නම් බලාගෙන හිටියේ ලැබෙන වැටුපට මොකද කරන්නේ කියලා. දැන් ඒකත් හරි. ඒත් විදින්න බැරි ඊලග අවුරුද්දෙත් පාඩුවට විදුලිය දෙන්නේ කියලා කියනකොටයි. (නි)

:       0       0

ඔෂිණි Wednesday, 17 April 2013 05:31 PM

දැන් කොමිසන් පත්කලයි කියලා මොකක්ද වුණ සෙතේ? ගාස්තු වැඩිවුනා මිසක. (නි)

:       0       0

අශෝක Wednesday, 17 April 2013 05:34 PM

මම වැඩ කරන්නේ ගුවන් සමාගමක. රටවල් ගාණක අපි යනවා. ලෝකේ වෙන කිසිම රටක ලංකාවේ වගේ ඉන්ධන, විදුලි ගාස්තු වැඩිකරන්නෙ නැහැ (නි)

:       0       0

යොහාන් Wednesday, 17 April 2013 05:36 PM

කවුද මේ කොස්තා මහත්තයා? (නි)

:       0       0

විහග Wednesday, 17 April 2013 06:01 PM

කොහොමහරි අන්තිමට මේවා ගෙවන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවටනේ (නි)

:       0       0

චම්පි Thursday, 18 April 2013 10:55 AM

ඉතිරි මන්ත්‍රීවරුන්ටත් ඇමතිකම් දුන්නා නම් හරියටම හරි (නි)

:       0       0

පද්මි Thursday, 18 April 2013 10:57 AM

අනේ, අපි බයේ හිටිය උපයෝගීතා කොමිසම අවසරේ ලබා නොදෙයි කියලා.. දැන් ඉතින් ඒ ප්‍රශ්නේ ඉවරයි. (නි)

:       0       0

ප්‍රසා Wednesday, 17 April 2013 06:12 PM

අපිට ඔය වැඩිවෙන ක්‍රමය (සුත්තරේ) ගැන අදහසක් දෙන්නකෝ

:       0       0

සෝමා Thursday, 18 April 2013 11:32 AM

අපට නිවන් සුව! (නි)

:       0       0

තිලක් Wednesday, 17 April 2013 06:42 PM

මේ වගේ රටට සේවය කරන පුද්ගලයින් අපට ලැබීමම මොන තරම් වාසනාවන්තද? අපේ අනාගත දරුවන් මොන තරම් වාසනාවන්තද? (නි)

:       0       0

තිලක් Wednesday, 17 April 2013 06:45 PM

පිරිවැය අඩුකරගන්න විදුලි බිල වැඩිකලාලු. කාට කියන්නද? (නි)

:       0       0

තිලක් Wednesday, 17 April 2013 06:45 PM

ඔන්න දැන් දේශප්‍රේමී ජනතාවට හොදට නින්ද යාවි. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 17 April 2013 06:47 PM

අපේ අනාගත දරුවන්ට අපි දායාද කරන්න යන්නේ දුප්පත්කමේ අන්තෙටම ගිය ඉතියෝපියාවක්, සොමාලියාවක් තමයි. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 17 April 2013 06:48 PM

මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු තිහකදී කරන්න බැරි වුණ විනාශයක් මේ අවුරුදු 5 තුලදි රටේ සිද්ධ වෙලා තියෙනවා. (නි)

:       0       0

විමුක්ති Wednesday, 17 April 2013 06:50 PM

නීලා, ඔබ හරි. (නි)

:       0       0

විමුක්ති Wednesday, 17 April 2013 06:52 PM

හිගන්නන්ට නම් හිගා කාල කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒත් මධ්‍යම පන්තියේ අපිට පුලුවන්ද හිගා කාල ජීවත් වෙන්න. මේ යන ක්‍රමයට නම් අපිටත් වෙන්නේ හිගා කන්නම තමයි. (නි)

:       0       0

කීර්ති Wednesday, 17 April 2013 06:54 PM

නොරෝච්චෝලේ විදුලි බලාගාරය විවෘත කරද්දී නම් කිව්වේ රටටම නෙමෙයි ඉන්දියාවට වුනත් විදුලිය දෙන්න පුළුවන් වෙනවා කියලා. (නි)

:       0       0

හෆ්සල් Wednesday, 17 April 2013 06:54 PM

අනේ මන්දා, අපේ අවුරුදු තෑගි ගැන හිතනකොට දුකේ බැහැ (නි)

:       0       0

කීර්ති Wednesday, 17 April 2013 06:57 PM

උගත් ආචාර්ය මහාචාර්ය වරු ජොබ් එක කරන්න බැරිව ගෙදර යනවා. මෝඩයන්ට ගිය රටක් මේක.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 18 April 2013 12:19 PM

අනේ! හාමිනේ, අවුරුදු සතුට නැත්තටම නැතිකළා දෙයියනේ! අනේ අප්පේ! අපිට තවත් නම් ඔහෙලගෙ ආශ්චර්යය එපා. රටක් හැටියට, ජාතියක් හැටියට ,යුතුකමක් හැටියට කියා කියා මේවත් කරන වැඩද , මං අහන්නේ? (නි)

:       0       0

විමල් Wednesday, 17 April 2013 07:02 PM

ත්‍රස්තවාදය තිබුන කාලේදී අපි දෙවියනේ කියලා තුන් වේල කාලා සතුටින් ජීවත් වුනා. දැන් වෙන්නේ අපිටත් අපේ දරුවන් සමග ගගට මුහුදට පැනලා ජීවිතය විනාශ කර ගන්නයි. (නි)

:       0       0

ලාල් Wednesday, 17 April 2013 07:07 PM

අපි සැමදාම මෝඩයන් ලෙස නැවත අපේ දේශපාලකයන්වම පත් කරගනිමු (නි)

:       0       0

ජගත් Wednesday, 17 April 2013 07:14 PM

ලගදීම අපේ රටටත් සයිප්‍රස් රටට වුණා වගේ වෙලා බැංකු ටික වහලා දාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Thursday, 18 April 2013 12:58 PM

විදුලිබල මණ්ඩලේ සිදුවන මහා පරිමාණ වංචා දුෂණ වලින් සිදුවන පාඩුව පිරිමහගන්න මහජනතාව පිට මේ විදියට බර පැටෙව්වම සේරම ‍ප්‍රශ්න විසදෙනවද...? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 April 2013 07:43 PM

ඡන්දයක්වත් ළං වුණා නම් තව පොඩ්ඩක් අඩුකර ගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 April 2013 07:56 PM

අපි ඇමති මණ්ඩලයත් තව වැඩිකරමු (නි)

:       0       0

රකිත් Friday, 19 April 2013 04:20 AM

තාම පටි තද කරගෙනද ඉන්නේ? දැන් තොන්ඩුව වැටිලා තියෙන්නේ බෙල්ලටම. (නි)

:       0       0

මනෝජ් Wednesday, 17 April 2013 08:03 PM

අපි තරු බල බලා සතුටින් ඉදිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 13 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1329 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 813 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1348 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 957 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site