අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි බිල වහාම අඩුකරන ලෙස ඉල්ලා අණ්ඩුවට බල කරමින් කොළඹ ලංකා විදුලි බල මණ්ඩල මුලස්ථාන ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණ මහජන පෙත්සමට අත්සන් ගැනීම ඇරැඹීය.
අම්බලංගොඩ බස් නැවතුම්පොල ඉදිරිපිටද ජනතා විමුකිති පෙරමුනේ සාමාජිකයෝ අද මහජන මෙත්සමකට අත්සන් ගත්හ.
කොටුව (ජයමාල් චන්ද්‍රසිරි)
අම්බලංගොඩ (දීපාල් සිල්වා)
හිඟුරාන (නවරත්න සමරතුංග)
රත්මලාන (සිරි මහබෙල්ලන)
පිටකොටුව (සුමින්ද සුදර්ශන පතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ සාක්කු ඔක්කොම සුද්ද කරලාද ආයුබෝවඩ පස්ස බලන්නේ? ඇයි මෙහෙම අසාදාරණ විදියට මිළ ඉහල දාන්නේ? (නි)
අපේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට අපිට මොනවාහරි සහනයක් දෙයි (නි)
මේගොල්ල කියනදේ ඇත්ත . රටේ අවාසනාවට කාටවත් තේරෙන්නේ නැහැ. (නදී)
මහත්තයෝ ඕක දැනෙන වැඩක් නෙවේනේ. කරන්න ලොකු වැඩ වර්ජනයක්. හැම ආයතනයක්ම සහභාගි කරගෙන මිනිස්සු නම් පාරට බහි. පුන්නක්කු වැඩි කරොත්. නමුත් මේ විදුලියනේ.(නදී)
රටේ අනවශ්‍ය ලෙස සංවර්ධන ප්‍රෝඩාවන් මවා පාමින් කරන දේවල් වල ප්‍රයෝජනයක් තියේද? පාඩු ලබනවා නම් එය ලාභ බවට පත් කර ගන්න බැරි මෙවන් අය මොකටද ? අර ඇත්තු මරපු සුද්දගේ වලට තාමත් හෙන ගහනවා. අහිංසක ජනතාව රවටන අයටත් එහෙම වෙයි. මේවා ලියන්න වීම ගැනත් පුද්ගලිකව කණගාටු වෙමි. එත් හිතේ ආවේගය ඊට වැඩිය ප්‍රබලයි (නි)
සෝමවංස - ටිල්වින් .රනිල්-තිස්ස , ඕනෙම කැස්සකට ජනතාව ගෙන් පෙත්සම් අත්සන් ගන්නා බව ජනතාව දන්නවා!!!විදුලි බිල නිසා කමක් නැහැ එක් අතකට. (නදී)
ජනතා විමුක්ති පෙරමුන එල්ලෙන්න වැල් හොයනව. විදුලි බිලත් ඒ අය එල්ලෙන්න වැලක් කරගෙන. ඒකක 30ක් පාවිච්චි කරපු අයට රුපියල් 100ක් වැඩිවෙලා නැහැ. ඒකක 60ක් පාවිච්චි කරපු අයටත් රුපියල් 200ක් වැඩිවෙලා නැහැ. අනිත් ඒකක ගානෙ ඉන්න අයටත් මහ වැඩිවීමක් නැහැ. මේ කියන දුප්පත් සහ මධ්‍යම පන්තියේ අයගෙන් ආදායම් බදු වශයෙන් රටට ශත පහක් ලැබෙන්නේ නැහැ. එවැනි අය 75%ක් රටේ ඉන්නව ඉතින් කොහොමද රටක් කරන්නෙ. මේ ගාන ගෙවාගන්න බැරි විදුලි පාරිභෝගිකයන්ට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුනටයි. විපක්ෂයටයි විතරයි. හරි නම් කරන්න තිබුනෙ ඒකකයට යන සම්පූර්ණ වියදම වන රුපියල් 23 ගානෙම ඒකකයකට ගානම් හැදුවනම් මෙහෙම කෑ ගහන එකක් නැහැ. (නදී)
ජේ.වී පී ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
එයාලට කරන්න දෙයකුත් තියෙන්න ඕනෑ. (නි)
ඉස්සර බස් ගිනි තිබ්බා. ට්‍රාන්ස්පෝමර් විනාශ කළා. දැන් පුදුම හිතේ අමාරුවක් රට ගැන තියෙන්නේ. 88 ය කලින් හිටිය අයනම් ඕකට අත්සන් තරන්නේ නැහැ. (නදී)
අනේ විලි ලැජ්ජාවත් කියා දෙයක් නොමැති තරම්. 1971,1989 ට්‍රාන්ස්ෆෝමර් වලට බෝම්බ ගසා විනාශ කල කාලයේ ඔය අත්සන් කරන පෙත්සම තිබුනේ ජවිපේ කා ලඟද හැබෑට? (නදී)
ඔය වැඩේ කරනවට වඩා පහසුයි ඉරවල් දෙකක් තියන ග්‍රහලෝකයක් හොයාගෙන පදිංචියට ගියා නම් (නි)
ගොඩක් හොදයි. දිගින් දිගටම මෙහෙම මිල වැඩිවෙනකොට කොහොමද මේ රටේ ජිවත් වෙන්නේ? ඡන්දෙ දුන්නු අපිට ගහන්න ඕනෑ. මම නම් කියන්නේ ඔක්කොම එකතුවෙලා ඡන්දෙ නොදී හිටියා නම් හරි. මොකද මේ කවුරුවත් අපි ගැන බලන්නේ නැති නිසා. (නි)
දවසේ හොඳම විහිලුව, සෝබන වැඩ.(නදී)
අන්තිම පින්තුරේ දැක්කම මට නම් බඩ පපුව හෝස් ගාලා දාලා යනවා (නි)
විදුලි බිල වැඩිකරලා අපිව නන්නත්තාර කලා මදිවට ඊයේ අර 2500 න් මාසෙම කන්න උගන්වපු විහිළුකරපු මහත්තයව ගෙනල්ලා මාසෙට ලාම්පු තෙල් වලට ලයිටි බිලට වඩා යනවා කියල තවත් මිල සුත්ර්යකුත් ගෙනත් පෙන්නලා. මේ රටේ ඉන්නේ හරක් කියල හිතනවද දන්නේ නැහැ මේ අන්දයෝ.(නදී)
ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ හොඳ දෙයක්. අපිත් මෙම විදුලි බිල වැඩි කළාට විරුද්ධයි. (නි)
ඇත්තෙන්ම මේ මිනිස්සුගේ න්‍යාය වර්තමානෙට ගැලපෙන්නේ නැති වුණත් රට ගැන ඇත්තටම ආදරයක්, බුද්ධියක් තියන පක්ෂයකට තියන්නේ මේක විතරයි මට නම්. (නි)
මුළු රටම දැන් නම් පාරට බහින්න ඕනෑ කාලේ ඇවිත්. නැත්නම් රටම විනාශ වෙන එක ස්ථිරයි. (නි)
හැමදේටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න අයට ඇයි බැරි විදුලි බලය වැඩි කළාට විරුද්ධව ස්ට්‍රයික් එකක් කරන්න? එහෙම කළොත් බිල අඩු කරන්න වෙනවා.හැමදේම නිකම් දේශපාලන ප්‍රෝඩාවන් විතරයි. (නි)
පක්ෂ බේදයකින් තොරව මෙයට සියලු දෙනාම සහය දක්වන්න. (නි)
අනේ නිකන් යන්න අයියලා ඉස්සර ට්‍රාන්ස්පෝමර් විනාශ කරලා.(නදී)
ශ්රී ලාංකිකයන්ට ඊළග අවුරුදු තෑග්ග ඩිසල්... (නි)
ඕක පලක් නැටි දෙයක් ඔයාල නිකන් සවුත්තු වෙන වැඩක් 3න් 2ක් දීපු කට්ටිය සද්දයක් නෑ හොද වැඩේ.(නදී)