IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විදුලි බිල වැඩි කළාට විදුර අකමැතිලු

ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවත්, විදුලි බිල ඉහළ යාමෙන් අනෙක් සියලු භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී විදුලිබල විෂය ගැන අදහස් දක්වමින් පැවැසීය.

‘විදුලිබල මණ්ඩඉලයේ පාඩු මකා ගැනිමට විදුලි බිල 20 වැනිදා සිට වැඩි කර තිබෙනවා. සියයට 2-3 කින් වැඩි වෙනවා නම් අපට එය දරාගත හැකියි.  මහජන උපයෝගිතා කොමිසම කියා එකක් තිබෙනවා. එයින් යෝජනා ගත්තා, සාකච්ඡා කළා. නමුත් විදුලි බිල වැඩි කළා. සමහර විට මාස හයකින් විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපට විදුලි බලාගාර තිබෙනවා නොරොච්චෝලේ එකක් හැදුවා. මම දන්නේ නැහැ මෙය කියාත්මක වෙනවාද කියලා. විදුලිබල මණ්ඩලය කිව්වේ මේ බලාගාර ක්‍රියාත්මක වන විට විදුලි බිල අඩුවෙනවායයි කියල. අප සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුයි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු වෙනවා සේම මේ ගැන කතිකාවතක් ඇති විය යුතුයි.‘



අදහස් (0)

විදුලි බිල වැඩි කළාට විදුර අකමැතිලු

චතුල වෙරෝනා Tuesday, 23 April 2013 12:18 AM

තාත්තද කිව්වෙ ඔහොම කියමු කියලා. (නදී)

:       0       0

සිල්වා Tuesday, 23 April 2013 12:25 AM

කහුරු මොනවා කිවුවත් විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා කොන්ද කෙලින් තියාගෙන කතා කරන කෙනෙක්. මම කලුතර දිස්ත්‍රික්කයට අයිති නැති වුණත් මෙතුමා ගැන මම හොදට අහලා තියෙනවා (නි)

:       0       0

උපාලි Tuesday, 23 April 2013 12:25 AM

ඔන්න පුතේ කරනවා නම් වැඩ. ඔය වගේ දේවල් කියලා සමහරු නම් පස්සේ නිශ්ශබ්ද වුණා. ඔබතුමා එහෙම කරන්න එපා, හොඳේ. (නි)

:       0       0

සුනිල් Tuesday, 23 April 2013 03:44 AM

විදුර මහත්තයෝ, කතාවෙන් නොව ක්‍රියාවෙන් කරලා පෙන්වන්න. (නි)

:       0       0

රකිත් Tuesday, 23 April 2013 04:17 AM

අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා රුපියල් බිලියන 225ක පාඩුව පිරිමසා ගන්න විදුලි බිල වැඩි කරන්න වුණා කියලා. විදුර මහත්තයෝ, අහන්නකො පාර්ලිමේන්තුවේදී, එතකොට සමහර ව්‍යාපෘති බිලියන 8000ස් ගණන් පාඩු වුණේ. ඒවා කොහොමද දුවන්නේ කියලා? (නි)

:       0       0

හේරත් Tuesday, 23 April 2013 05:12 AM

ඒ වුණාට මේවා විදුරගේ විදුලිය නෙමෙයිනේ. ඒක නොවැ ‍ප්‍රශ්නේ. (නි)

:       0       0

කැලුම් Tuesday, 23 April 2013 07:20 AM

තාත්තට අගමැතිකම දුන්නනම් ඔයාටත් වැඩිවීම හොදයි.(නදී)

:       0       0

ඉනාමලුව Tuesday, 23 April 2013 01:39 PM

අපේ අහවල් ඇමතිතුමාට ඇහෙන්න එහෙම කියන්න එපා. එයා කියයි විදේශිය කුමන්ත්‍රණයක් කියා. (නි)

:       0       0

නිමල් Tuesday, 23 April 2013 07:38 AM

වංචාවට, දූෂණයට,නාස්තියට පලි මේ රටේ සාමාන්‍ය ජනතාවද? කරන්න දෙයක් නැහැ. තමන් කැමති පක්ෂයේ නායකයා අතේ මළපහ කළත් සුවදයි කියමින් ඡන්දය දෙන වහල් ඡන්ද දායකයෝනේ මේ රටේ වැඩියෙන් සිටින්නේ. එදා සිංහලයා බේරාගත් අපේ සංඝරත්නයත් අද නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 07:39 AM

විධුර මහත්තයා ඔය වගේ මොන කතා කිවුවත්, එයත් ආණ්ඩු පක්ෂේ කෙනෙක්නෙ. (නි)

:       0       0

චාන්ද Tuesday, 23 April 2013 08:18 AM

ජනතාවට ඔබ ආඩම්බරයක්. පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තියාගෙන කාටවත් බය නැතුව ඔබ වගේ කෙලින් අදහස් ඉදිරිපත් කරන්න අනිත් අය බයයි වගේ නේද? (නි)

:       0       0

කීර්ති Monday, 22 April 2013 07:15 PM

විදුලි බිල ඉහල නැංවීම ගැන කුණු හරප මතක් වෙන නිසා සටහනක් කරන්නේ නැහැ...(අ)

:       0       0

රත්න Monday, 22 April 2013 07:26 PM

ඡන්දයක් කිට්ටුද? (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 07:31 PM

ඔබ මන්ත්‍රීවරයෙක් නම් ඔබට පුළුවන් , මේක පාර්ලිමේන්තුවේදී විවාද කරන්න. එහෙම බැරිනම් ජනතාවගේ අදහස් අහලා මේ ප්‍රශ්නයට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කරන්න. ජනතාව ඔබට සහයෝගය දේවි (නි)

:       0       0

නිලංග Tuesday, 23 April 2013 08:38 AM

කවුද බොලේ මේ ගණන් කාරයා? (නි)

:       0       0

බුද්ධි Monday, 22 April 2013 08:13 PM

මොලේ තියෙන එක්කෙනෙක්වත් ඉන්න එක අපිට ලොකු හයියක්. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 23 April 2013 08:50 AM

විදුර මහත්තයෝ, ඔබතුමා මේ වෙලාවේ ජනතාවගේ පැත්ත අරගෙන උද්ඝෝෂණයක් සංවිධානය කරන්න. අපේ සහයෝගය දෙනවා. මමත් කළුතර. (නි)

:       0       0

වසා Tuesday, 23 April 2013 08:51 AM

හොරණදී විරෝධතාවයක් කරමු විදුලි බිලට විරුද්ධව. එතකොට එයාලට තරු පෙනේවි. (නි)

:       0       0

උපුල් Monday, 22 April 2013 08:19 PM

මහත්තයෝ, පාර්ලිමේන්තුවේදී දාන්න බලන්න හොඳ සද්දයක්. එතකොට තමයි අපි දැනගන්නේ කොන්ද පණ තියන එක්කෙනෙක් හරි ඉන්නවා කියලා. (නි)

:       0       0

නලින් Monday, 22 April 2013 08:46 PM

මේ ඇත්තටම අපට ආදරේටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මදූ Monday, 22 April 2013 08:59 PM

මේ ටික කාලය ට සිද්ද උණු හැම දෙයක්ම දරා ගන්න බැරි දේවල් තමා?(නදී)

:       0       0

උපුල් Tuesday, 23 April 2013 10:17 AM

සිල්වාගේ අදහසට මත එකගයි. එතුම ආණ්ඩුවේ වුණාට ජනතාවට අසාධාරනයක් වෙන තීන්දු වලදී ඒක වැරදියි කියලා කියන්න මෙතුමාට ශක්තියක් තියෙනවා . මීට පෙර බොහෝ අවස්ථා වලදී අප එය දැක තිබෙනවා . එතුමා ආණ්ඩුවේ හිටියත් වැරැද්ද වැරදි විදියට දකින්න එතුමාට පුළුවන්. (නි)

:       0       0

විරාජ් Monday, 22 April 2013 09:18 PM

උපුල් ,සිල්වා ඔබේ අදහස් හරි,විෂිල් ඕන නැ,බල්ටි ඕන දන්න සද්දයක් පාර්ලිමේන්තුවේ, (අ)

:       0       0

අමිළ Monday, 22 April 2013 09:35 PM

ජනතාවගේ වීරයෙක් වෙන්න අවස්ථාවක්. කොන්දක් තියෙන අයත් ඉන්නවා එහෙනම්. මෙයාව මට මතක නැහැ. දාන්න පින්තූරයක්.(නදී)

:       0       0

කුරුවිට Monday, 22 April 2013 09:53 PM

විදුලි සැර වැදිලා ඉන්න අපට විහිළු කරන්න එපා.(නදී)

:       0       0

සරත් Monday, 22 April 2013 10:28 PM

වරාය, ගුවන්තොටුපොළ හදන්න්න කලින් විදුලිබලඅගාරය හැදුවනන් ඕක නැතිකරන්න තිබුනා.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Monday, 22 April 2013 11:42 PM

මේ හැම ඉහළ දැමීමකින්ම දුප්පතාටයි බර උහුලන්න බැරි. (නි)

:       0       0

වීරසේකරගේ Monday, 22 April 2013 11:50 PM

එකෙක් රයිගම පැත්තේ, අනික .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 564 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 753 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 456 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 947 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1751 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 429 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site