විදුලි ගාස්තුවට කළ නව සංශෝධන අහෝසි කර පෙර තිබූ තත්ත්වයටම පහළ නොදමන්නේ නම් සංවිධානය කළ පරිදිම මැයි 21 වැනිදා ඒකාබද්ධ වැඩ වර්ජනය සහ ජාතික විරෝධතා දිනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ලිපියක් මගින් ජනාධිපතිවරයාට අද දන්වා ඇත.
සියලු සංශෝධනවලින් පසුව ද විදුලි බිලෙහි සියයට සියයකින් ගාස්තු වැඩිවීමක් සිදුව ඇතැයි කියන එම කමිටුව ඒකක 61 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ඉහළ දැමූ ගාස්තු ඒ අයුරින්ම ගෙවන්නට සිදුව ඇතැයි ද සිය ලිපියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කියා සිටී.
ඒ අනුව වාර්ෂිකව රුපියල් කෝටි 2400 කට වැඩි මුදලක් සාමාන්‍ය ජනතාවගේ විදුලි බිලට එකතු කර අය කර ගැනීම බරපතල අසාධාරණයක් යැයි කියන එම කමිටුව නාස්තිකාර වියදම් හා අසාර්ථක ව්‍යාපෘතිවලට යට කරන මුදල් අඩු කොට ඔවුන්ට සහන දිය නොහැකි මන්දැයි විමසා සිටී.
වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් තාවකාලික කැඳවුම්කාර කමිටුව හැටියට චන්ද්‍රගුප්ත තේනුවර, මහින්ද ජයසිංහ, සුනිල් ද සිල්වා, කේ.වේලායුදන්, මුදිත කරුණාමුනි, ඇන්ටන් මාකස් හා වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ අස්සන්වලින් යුක්තව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! මාත් මේ කල්පනා කරන්නේ අපේ ගෙදර බිලත් කීයක් ඒවිද කියලා. දුප්පතාගේ වර්ජනයට ජයවේවා! (නි)
පැරිස් ඉන්න සේරම්ලට ඕවා තේරෙන්නෙ නැහැ. ලංකාවේ ඇවිත් ටික දවසක් ඉඳලා බලන්න. ලංකාවේ මිනිස්සු පිනට පහසුකම් විඳින්නේ ඒ වගේ හතරවරම් බදු ගෙවලා. (නි)
යුද්ධය විතරයි අපිට නැති වුණේ. ඒ දුක අපි තවම විඳිනවා. (නි)
ජනතාව මහජන නියෝජිතයන්ව පත්කර ගත්තේ තවමත් එයාලට බැණ බැණ තමන්ගේ වැරදි වසා ගන්න නොවෙයි. අවුරුදු 19ක් හොඳටම ඇති සැලසුමක් ඇතිව වැඩ කරනවා නම්. (නි)
හරි හරි රංජනිලා සේරමලා වගේ කුලියට කෑගහන අය. ලංකාවේ හිටියත් ලෝකේ වෙන දියුණු රටකට ගියත් ජන්ම පුරුද්ද අත් හරින්නේ නැහැ. අපි අපේ නිදහසේ ජීවත් වීමේ අයිතිය තහුරු කරගන්න උත්සහ කරමු, විනයක් නැති ලොක්කන්ගෙන්. (නි)
දුක තමයි රංජනී. මන රන්ජනීය ලංකා... (නි)
සේරම් පැරිස් කියන දේ මට තේරෙනවා. ඒත් මහත්තයෝ මේ වැඩි කිරීම කරන්නේ මේ රට පාලනේ කරපු අයයි. එයාල පත් කරපු නිලදාරියෝ කරපු හොරකන් වලින් වෙච්ච පාඩුව මකාගන්ටයි. හරි නම් කලයුත්තේ නඩු අහල හොරුන්ගේ දේපල පිස්කල් කරලා විකුණලා පාඩුව හොයාගන්න එකනේ. අපේ ඇගේ ගහලා හරි යනවද. මොකෝ අපෙන් අහලද ඕවා කලේ.(නදී)
ඇත්තටම පිටරට ඉන්න නෝන මහත්තුරු(හැමෝම නෙවෙයි ) ටිකක් කල්පනාවෙන් අදහස් දැම්මොත් හොඳයි නේද? පිටරට වල විදුලිබිල ලංකාවට වඩා වැඩි වුණ පලියට "ලංකාවේ ඉන්න අයට නම් හරි ශෝක්, ඕක ටිකක් වැඩි කරහම මොකද, ලංකාවේ අය පිනට කන්න ඉන්න ජාතියක්" වගේ අදහස් දන්නා එපා. අපි ඇත්තටම බලන්න ඕනෑ කෙනෙකුගේ විදුලි බිල අදායමෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා. ගොඩක් සංවර්ධිත රටවල කෙනෙකුට විදුලිය වෙනුවෙන් ගෙවන්න වෙන්නේ තමුන්ගේ(සාමාන්‍ය අදායමක් සහිත පුද්ගලයෙකුගේ) අදායමෙන් 1%-2% වැනි ප්‍රමාණයක්. නමුත් ලංකාවේ එම අගය 5%-6% ත් ප්‍රමාණයක් වෙනවා. එවැනි තත්වයක් යටතේ මෙම වැඩිවීම සාධාරණ වන්නේ කොහොමද? ඒ වගේම රාජ්‍ය ආයතන වල පවතින දුෂණ සහ වංචා හේතුවෙන් එම ආයතන පාඩු ලබන විට එවැනි දුෂණ සහ වංචා නැති කරන්නේ නැතුව එම පාඩුව ජනතාවගේ කර මතට දැමීම සාධාරණ වන්නේ කොහොමද? (නි)
සේරමලා,රන්ජනිලා වගේ වන්දිබට්ටයෝ කරන්නේ නොදැනෙන්නට හෙන්චයියකම් කරන එක. (නි)
මට ලැජ්ජයි රන්ජනී සහ සේරම් ගැන. අපිත් ඉන්නේ ඔහේ තමයි. මෝඩ කතා කියන්න එපා. ලංකාවේ විදුලි බිල වැඩිවෙලා තියෙන්නේ 60% කින් පමණයි. මෙහෙ බඩු මිල වැඩිවෙන්නේ ශත ගානෙන්. ඒ වගේම මේ රටවල කොපමණ සහනාදාර තියෙනවද?නිහතමානිව අදහස් ප්‍රකාශ කරන්න. අපි අපේ රටට ආදරෙයි (නි)
මොහතකට හිතමු ඉතාම අමාරුවෙන් (නොකළ හැකි වුනත්) ඒකක 60ක් සහ 61ක් පාවිච්චි කරපු පවුල් දෙකක් ගැන. ඒකක 60 පවුලේ බිල රු 231 ((3*30) (4.70*30)). ඒකක 61 පවුලේ බිල රු 610. (10*61). එතකොට එක ඒකකයක් වැඩිවූ පමණින් රු 379ක් වැඩිපුර ගෙවීමට සිදුවේ. මට හරි ආසයි මේ විදුලි බිලේ සුත්‍රය හදපු අය මුණ ගැහෙන්න. (නි)
සේරම්, ඔයා ඔච්චර කඩේ යන්න එපා. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව ඉන්නවා.හොදින් හරි නරකින් හරි මේ දුශිතයන් එලවන්න ඕනෑ. (නි)
විදුලි බිල වැඩි වීම සදහා දේශපාලනය ගාවා නොගනිමු. එය ගෙවීමට බැරි නිසා අපි සියළු දෙනාම සටනට බහිමු. මගේ එකම බලාපොරොත්තුව යුනිට්180 ක් දැවීමයි. අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
රංජනී එංගලන්තේ හොරෙන්ද ඉන්නෙ? එංගලන්තේ බස් ගාස්තු, බඩු මිල වැඩි වෙන්නේ සත ගණන් වලින්. බස් ගාස්තු අවුරුද්දට එක පාරක් සත ගානකින් වැඩි වෙන්නේ. රන්ජනී ලංකාව ගැන දන්නෙත් නැහැ එංගලන්තේ ගැන දන්නෙත් නැහැ. ලගදිද ඔය රටට පැන්නෙ. මමත් ඔය රටේ ගොඩක් කල් හීටියා. ඔය රටට ඇවිත් මාස 6න් සිංහල අමතක වුණ අය මම ඕනෑ තරම් දැකල තියෙනවා. ඔයත් එයින් එක්කෙනෙක් වගෙයි පෙනෙන්නෙ (නි)
මම වැඩ කරන්නේ බංගලාදේශයේ. මෙහේ විදුලි බිල ලංකාවේ ගණනින් 1/4ක් තරමට අඩුයි (නි)
ඉතින් රංජනී නෝනේ. එංගලන්තේ ඊට සාපේක්ෂව පඩියත් ඉහල යනවානෙ.(නදී)
අසාධාරණ විදුලිය ගාස්තු සංශෝධනයට විරුද්ධව කරන සටනට ජය පතමි. (නි)
අනේ රංජනී, එන්ගලන්තෙට ගියාට පස්සෙ නපුංසක ගති ඇතිවෙන බව ඔය කතාවෙන් ඔප්පු වෙනවා. අපිට නම් අසාධාරණයට විරුද්ධ වෙන්න කොන්ද පන තියෙනවා.(නදී)
ඇත්තටම මේකට බනින්න ඕනේ විදුලිය හොයාගත් කෙනාගේ අම්මටයි.(නදී)
අපිට අපේ රට ගැන දුක හිතෙනවා. වෙන රටක ගිහින් කියන්න අපි ලංකාවේ කියලා. ඒ තරම් ලැජ්ජයි.(නදී)
අසාදාරන විදුලි බිලක්. සල්ලි කාරයන්ට ප්‍රශ්නයක් නැ අසරණ ජනතාවට කෝ සල්ලි. මේ විරෝදයට ජය.(නදී)
එකතු උනොත්නම් කරන්න බේරී දෙයක් නැහැ. අපේ රටේ ඉන්න ප්‍රගතිසිලි කලාකරුවෙක් වන බුද්දදාස විතානච්චි මහත්තය කියනවා මේ වැඩි කිරීම හරිම සාදාරනයි කියලි. ඒ හින්දා මේක අතැරලා දාමු මොකද කලාකරුවෝ කියන්නේ නිර්දන පන්තිය වෙනුවෙන් පෙනී හිටින අය මිසක් ආණ්ඩුවට කඩේ යන අය නෙවෙයි.(නදී)
ලෝකේ ලොකුම කැබිනට් එක නඩත්තු කරන්නයි, ඒ වගේම වාහන පදින්න ලැම්බෝ වලට තමයි මහජනතාවගේ සල්ලි වැඩිපුර වියදම් කරන්නේ (නි)
සැම දෙනාම විදුලිය පාවිචිචි නොකරමු.(නදී)
සටනට ජය ! ඔන්න අපේ අය දැන්ම ඉදන්ම ලැහැස්ති වෙනවා. ඔබත් පක්ෂ පාට නැතිව සුදානම් වන්න. (නි)
ලංකාවේ තමා ඔය ඔක්කොම. අවුරුද්දක් පාසා හැම දෙයක්ම මිල ඉහල යන එංගලන්තේ ඔය මොන වර්ජනයක්වත් නැහැ. (නි)
අවසානයේ නිදහස ,අවසානයේ නිදහස ,දෙවියන්ට ස්තුති වේවා! අවසානයේ අපට නිදහස.. (නි)
වර්ජනය නොකළොත්ත් විදුලිබිල අඩු කරන්නත් පුළුවන් (නි)
සේරම් පැරිස්, දැන් ඔයා කියන්නේ මේ විදුලි බිලට එරෙහි වෙන මිනිස්සු පිනට කාලා ඉන්න මිනිස්සු කියලද? පිනට කන්නේ බිල් ගෙවන මිනිස්සු නෙවෙයි. දීමනා විදියට ආණ්ඩුවේ සල්ලි වලින් බිල් ගෙවන අය.ඔයා හිතන් ඉන්න විදියට ලෝකේ බඩු මිල වැඩි වෙන එක නොදන්නා අය නෙවෙයි මේ රටේ ඉන්නේ. මෝඩ කතා කියන්න එපා. හැමදේටම පාරට බහින මිනිස්සු මේ රටේ නැහැ. මෙතන තියෙන අසාදාරනය හැමෝටම දැනෙන නිසා හැමෝම එකතු වෙලා තියෙන්නේ. පණ්ඩිත උපදෙස් දෙන්න කලින් ප්‍රශ්නේ මොකද්ද කියල තේරුම් ගන්න. (නි)
වර්ජනයෙන් හැම එකම ජය ගන්න බැහැ. විදුලිය පාවිචිචි නොකර වර්ජනය කරන්න. එතකොට බිල ගෙවන්න අවශ්‍යය වෙන්නේ නැහැ .වර්ජන කරනවා කියන්නේ තවත් රටේ ප්‍රශ්න ඇති කිරීමක් පමණි. හැම රටකම විදුලි බිල කෑම බීම තෙල් මිල හැමදේම ඉහල යනවා. මේක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. එහෙත් ලෝකයේ තිබෙන ලොකුම ඇමති මණ්ඩලය නඩත්තු කරන්න සල්ලි ඕනෑ මේ රටට. ඔබගේ වටිනා ඡන්දය කල්පනාකාරිව පාවිච්චි කරන්න. පිනට දෙන දේ කන්න බොන්න පුරුදු වෙන්න එපා. (නි)
විදුලි ගාස්තු වැඩි කිරීම විතරද අසාධාරන? එතනෝල්, ලැම්බොගිනි.... (නි)