(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය.
බහුතර ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බවට නිර්දේශ කළ බව කී රත්නායක මහතා සමස්ත ගෘහස්ථ අංශය සඳහා සියයට 138 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද එය සියයට 67 කට වඩා නොවැඩි වියයුතු බව ද සඳහන් කළේය.
පොදුකාර්ය කාණ්ඩයට සියයට 45 ක, කර්මාන්ත අංශයට සියයයට 61 ක, හෝටල් සහ රාජ්‍ය ආයතනවල සියයට 43 ක සහ ආගමික ස්ථානවලට සියයට 189 ක ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය ඉද්රිපත් කළ බව ද රත්නායක මහතා කීය.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ලිඛිත අදහස් ලබන ජුලි 18 වැනි දින දක්වා බාර ගන්නා අතර මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවත්වෙන දිනය හා ස්ථානය ඉදිරියේදී දැනුම් දෙන බවත් රත්නායක මහතා සඳහන් කරයි.
ලිඛිත අදහස් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකි බවත් වාචික අදහස් දැක්වීමේ සැසියට මාර්ගත ක්‍රම ඔස්සේ ද සහභාගි වීම සදහා පහසුකම් සලසන බවත් ඒ මහතා කීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කිරුළපන පිහිටි එම කොමිසමේ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්විමන් අද (27) පස්වරුවේ එසේ පැවසීය.
එහිදී ජනක රත්නායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මාසික විදුලි පරිභෝජනය ඒකක 60 ට වඩා අඩු ගෘහස්ථ විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14 ක්. එය සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50 ක් පමණ වෙනවා. මෙම විදුලි පාරිභෝගික පිරිස සදහා රුපියල් බිලියන 65 ක සහනාධාරයක් සපයන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.
එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනය ඒකක 60 ට වඩා අඩු කාණ්ඩය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකියි. ලංවිම යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30 ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 507 ක් දක්වා ඉහළ යනවා. එය සියයට 835 ක වැඩිවීමක්. මාසික පරිභෝජනය ඒකකට 30 වැඩි 60 අඩු ස්ථානවල සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488 ක් දක්වා ඉහළ යනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 673 ක ගාස්තු ඉහළ යාමක්. මේ සහනාධාරය හේතුවෙන් එවැනි ගාස්තු වැඩකිරීමක් වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකයන්ට සමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 ක් සහ ඒකක 30 ට වැඩි ඒකක 60 ට අඩු පාරිභෝගිකයින්ට සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658 ක මට්ටමේ පවත්වා ගතහැකි වනවා. ඒ අනුව එම කාණ්ඩ දෙක සදහා පිළිවෙලින් ගාස්තු ඉහළ යාම සියයට 320 ක් සහ සියයට 242 ක් දක්වා අඩු කලා.
යෝජිත ගාස්තු සංශෝධනය අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 18.14 සිට රුපියල් 32.48 ක් දක්වා සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉලක්ක කර තිබේ.
මෙම ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512 ක වාර්ෂික ආදායමක් ඉලක්ක කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශය වනුයේ සාමාන්‍ය විදුලි ඒකකයක මිල රුපියල් 28.14 වඩා ඉහළ නොදැමිය යුතු බවයි. ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්යක්ෂමතාව ඉහළ දැමීම සදහා මෙහෙයුම් පිරිවැය සියයට 10 කින් අඩුකර එම ඉතිරි කිරීම භාවිත කර වැඩි වශයෙන් පුනර්ජනනීය විදුලිය පද්ධතියට ලබාගැනීමට ක්‍රියාකල යුතු බවටත් නිර්දේශ කරනවා.
මීට අමතරව 2014 වර්ෂයේ ගාස්තු සංශෝධනය සමග ලංකා විදුලි බල මණ්ඩලයට පැනවු කොන්දේසි තවමත් ඉටුකර නැති බවද කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා”
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි බිල සියයට 57කින් ඉහළට?
sugath Monday, 27 June 2022 06:03 PM
ඇයි ඔය විදුලිබල මණ්ඩලය තමන්ගේ වියදම් කපා දැමීමට කිසිදෙයක් නොකරන්නේ...?
Willos Drive Tuesday, 28 June 2022 01:15 PM
විදුලිබල මණ්ඩලයේ වියදම් කපාහරින්න