විදුලිබිල වැඩි වීම මෙවර වෙසක් තොරණ නිර්මාණයට ද දැඩි ලෙස බලපාන බව තොරණ නිර්මාණ ශිල්පීහු ප්‍රකාශ කරති .
තොරණ නිර්මාණ ශිල්පියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු ද වන කටුගස්තොට සරත් විතාරණ මහතා ප්‍රකාශ කළේ විදුලි බිල වැඩි වීම අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ආදී හේතූ නිසා මෙවර තොරණ නිර්මාණයේදී ගැටළු රැසක් මතුව ඇති බවයි .
මෙවර සාමාන්‍ය මට්ටමින් තොරණක් නිර්මාණය කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වැය වන බවද ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, 'එදා' කියන එක නිර්වචනය කරන්න පුලුවන්ද ? (නි)
කුමාර්, මට ඔබ ගැන දුකක් සහ අනුකම්පාවක් ඇති වෙනවා. බොලද සිතුවිලි ,ඔබේ සිතින් තුරන් වී තුනුරුවන් සරනින් ඔබට යහපතක්ම සිදුවේවා! යහපත් සිතුවිලි පහල වේවා! (නි)
අතපත්තු සහෝදරයා, මතක නැද්ද එක මහත්තයෙක් කිවුවා ආගම අබින් කියලා, ආගම අබින්ම තමයි. (නි)
"කුමාර්" සහෝදරයා ,ආගමකට ලැදි නැති අයට මේවා නිකන් අබින් වගේ. ඔයා වගේ හැමෝම හිතුවොත් මේ ලෝකේ පවතින්නේ නැහැ. විවේචන කරන අය තමයි තොරණ ඉස්සරහ ඉදලම බලන්නේ (තොප්පිය හරි නම් දාගන්න ) (නි)
එල්.ඊ.ඩී. බල්බ් යොදා ගත්තා නම් ගොඩක් විදුලිය ඉතිරි කරගන්න පුළුවන් (නි)
වැඩිවන වියදම නිසා නිර්මාණ ශක්ති සැඟෙවෙන්න පුළුවන් කාලයක් මේ...(ස)
මේ වගේ විශේෂ පොහොය දිනයන්හිදීවත් දින සීමාවක් වෙන්කර විදුලි බිල සහන සැලසෙනවනම් නිර්මාණ ශිල්පීන්ට හා ඒ හා සම්බන්ධ සියළු දෙනාට බෞද්ධ ආගමිකයන් වෙනුවෙන් කරන ලොකු දායකත්වයක්. (ස)
අපි නම් එදා ඉදලම තොරන් බලන්න කැමතියි. (නදී)
මමත් ලුම්බිණි සමග එකගි. රජයට පුලුවන්නම් අඩුම තරමේ වෙසක් දිනයට පමණක්වත් පරණ විදියට විදුලි බිල හදන්න, ඒක ලොකු දෙයක් (නි)
"රත්න" ලියලා තියෙන දේ තේරුම් ගන්න. බුද්ධාලම්බනය කියන්නේ තොරණට ද කියලා අහන්න තරම් අනුවණ වෙන්න එපා (නි)
අනේ මට තේරෙන්නේ නෑ. මොනවද මේ ලයිට් බිල කියන්නේ.(නදී)
පාපයටම ඇලී ගැලී ඉන්නා , කවරදත් පන්සල් නොයනා අය පවා , එ වගේම අන්‍යආගමිකයින් පවා නිරායාසයෙන්ම මේවා නැරබීම තුලින් යතාවබෝදය ලබා ගැනීමට අවස්තාවක් ලැබෙනවා. මෙනිසා මෙය අන්රත්කාරී ක්‍රියාවක් නොවේ.(නදී)
තොරණේ පත්තු වුණේ නැති වුණට කමක් නැහැ. අඩුම තරමේ බෙග් මහත්තයාගේ සිංදුවක් හරි දාන්න අමතක කරන්න එපා. සිංහල මිනිස්සු සමහර අවස්ථාවලදී මොනතරන් ජාතිවාදය කතා කළත් බෙග් මහත්තයා නැති වෙසක් කියන්නේ හරියට බුදු පිළිමයක් නැති පන්සලක් වගේ. (නි)
ඔව් වැඩිය විදුලිය වැය නොකරන විදිහට නිර්මාණ කරන්න අඩු පිරිවැයක් යොදලා කුණු වලිනුත් විදුලිය නිපදවන්න පුළුවන් කියල තමයි කියන්නේ. ස්විට්සර්ලන්තයේ මෙය ක්‍රියාත්මකයි. (ස)
අතපත්තු, බුද්ධාලම්බන ප්‍රිතිය කියලා තොරන් බල බලා ගිහිල්ලා ඉවර වුණහම අබින් කාපු මිනිහා වගේ. ඇත්ත තේරෙන්නේ උදේට ලංකාවේ පත්තර බැලුවම. මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මැරබලය සහ නීතියේ අසාධාරණ.... සහෝදරයා, පිටින් ඔපදාලා ජීවිත හදන්න බැහැනේ. (නි)
ඕකට මක් වෙනවද ? (නි)
අතපත්තු, බුද්ධාලම්බන ප්‍රීතිය යනුවෙන් අදහස් කළේ, තොරණ ද? (නි)
මේ සදහා රජයෙන් සහනයක් ලබා දෙනවා නම් හොදයි. (නි)
තොරණ නෙමේ, අන්තර්ජාලයෙන් පත්තරේ බලන එකටත් තිත තියන්න වෙයි වගේ. (නි)
අපේ ධාර්මිශ්ඨ අය නම් කියන්නේ "විසූක දස්සන එපා, අත්ථකිලමතානු යෝගයෙන් ( සාමාන්‍ය ජනයාට පමනයි ) වෙසක් සමරන්න" ලු විදුලිබිල වැඩි කලේ. (නි)
අපි ප්‍රතිපත්ති පුජාවන් කරමු. (නි)
"කුමාර" බුද්ධාලම්බන ප්‍රිතිය ,ඔයාට නැති වුණාට,බහුතරයකට තියෙනවා (නි)
මේක තමයි පුල පුලා බලා සිටි මහා ආශ්චර්යය... (නි)
මිනිසුන් තොරන් ගහන්නේ පාපය නැති කර ගන්න නොවෙයි. තොරන් ගැහීම පිට අටෝපයකුත් නොවෙයි. කවුරුවත් තොරන් වලට වඳීන්නේ නැහැ. වෙසක් කියන එක ලංකාවේ එදා ඉඳලම තිබුන පාරම්පරික උත්සවයක්. තොරන් බලන්න ආගම් බේදයකින් තොරව කවුරුත් යනවා. (නි)
තොරණ ගහල පාපය නැති කරන්න බැහැ. බුද්ධාගමට පිට ආටෝප එපා. පසුතැවීඹක් නැත. ජීවිතය ගෙවෙන්නේ පාපයෙන්මයි. (ස)