විදුලි මනුවේ මුද්‍රා ගලවා තෙල් ගා ඉලක්කම් ආපස්සට කරකවා විදුලිබල මණ්ඩලයට ලක්ෂ විසි පහකට වැඩි මුදලක් වංචා කළ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් දස දහසක දඩ නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විදුලි බල මණ්ඩලයේ අලාබය වන රුපියල් 2536833ක් ගෙවන ලෙස ද නියෝග කළාය.
පී කේ ස්වර්ණා මල්ලිකා නම් මෙම ව්‍යාපාරික කාන්තාව තෙමහල් ගොඩනැගිල්ලක පොලීතීන් නිෂ්පාදනාගාරයට මෙසේ විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරී පී ඩී අජිත් මහතා අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ගාන්න මේ මීටරේට ලෙඩක් හැදිලද? (නි)
අනේ මෙහෙමත් තන්හාවක් (ස)
සිංහල මිනිස්සු ඉක්මනට දියුණු වෙන්නේ මේ වගේ හරස් උපක්‍රම නිසා වෙන්න ඇති. (ස)
හොඳ දෙයක්නම් පුරුදු වෙන්නෙ නෑ. හොර වැඩනම් හොඳට පුරුදු වෙනවා (ස)
මේවා නවත්වන්න යම් වැඩපිළිවෙළක් ඇරඹුවොත් හොදයි. (නි)
අලුත් විදුලි බල ඇමතිගෙන් විසුමක් වෙන්නෙ නැහැ මේ වගේ අයට. (නි)
මෙයා ඉස්සර සෞදියෙ ඉදලද තෙල් ගැන හොදට දන්නවා.(නදී)
රුපියල් දහ දාහක්වත් දඩගහලා අවුරුද්දක්වත් හිරේ දාන්නයි තිබුනේ.(නදී)
පවු අනේ. කරපු ව්‍යාපාරයෙන් එයාට පාඩු ඇති. (නි)
මෙයා පොලිතින් බිස්නස් කලාට ව්දුලිය ගෑන හොදට දන්න කියන කෙනෙක් වගේ.(නදී)
නියම ව්‍යාපාරික කාන්තාවක්. (නි)
රජයේ දේවල් හොරකම් කරන අයට කවදා හරි දඩුවම් ලැබෙනවාමයි. (නි)
අපිටත් බැරිද ඔය තෙල් ගාන ක්‍රමය කියලා දෙන්න? (නි)
මේ වංචාවත් විදුලිබල මණ්ඩලයේ පාඩු ගිණුමට නේද බැර කරලා ඇත්තේ.. ඉතිං විදුලි බිල වැඩිවෙන එක අහන්නත් දෙයක්ද?(නු)
මෙයාට හොදට තෙල් ගාලා පුරුදුයි වගේ.(නදී)
මෙයාට දඩයත් සමග සිර දඩුවමක් දෙන්න තිබුනේ. අලාභය අනිවාර්යෙම අයකරගත යුතුයි. මෙයා තෙල් ගාන්න දක්ෂ නිසා පොලිතින් හදනවට වෑඩිය හොදයි සම්භාහන ආයතනයක් දමාගත්තානම්. විදුලි බිල එපමණ පරිහරණ්ය වෙන්නේ නෑනේ එතකොට.(නදී)
මොනවා වෙනවාද මන්දා (දී)
ඕකනේ අපේ රටේ නීතිය. අඩු තරමේ මාස 6 ක් වත් මහඋළු ගෙදර තියන්න තිබුනේ.(නදී)