වැටුප් විෂමතාව වහා ඉවත් කර, වෘත්තිය සමිති මර්දනය වහා නතර කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලි බල මණ්ඩල සේවක උද්ඝෝෂණයක් කොටුව චින්තම්පලර් ඒ. ගාඩිනර් මාවතේ මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. ලංවීම ශාඛා සේවකයෝ තුන් දහසකට අධික පිරිසක් ඊට එක් වූහ. පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන් ම වැසි යන සේ පැය තුනකට අධික කාලයක් ඔවුන් එක දිගට උද්ඝෝෂණය කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් දෙන්න ඉක්මනට
අන්න හරි
විදුලි බල මණ්ඩල සේවකයන් පමණක් නොව සියලුම කම්කරුවන් මේ වන විට එකම කැද හැළියකට වැටී හමාරයි. (නි)
නියම වැඩේ... අලුතින් කට්ටිය ගත්තනම් හරි.. වයසක කට්ටිය අයින් කරලා තරුණ බලයෙන් ඉදිරියට යන්න සුභ පතනවා...!!(නු)
අනේ අසරණ අපි (දී)
වැටුප් වැඩිවීමක් ඉල්ලීම සාධාරණයි. (නි)
මේකේ අදහස් දාලා තියෙන හුග දෙනෙක් බොරුවට කියවන්නේ ප්‍රශ්නය මොකක්ද කියලාවත් හරියට තේරුම් ගන්නේ නැතුවයි. (නි)
හොද විපක්ෂයක් හිටියා නම් රජය පෙරළන්න තිබුණා. (නි)
කොපමණ සේවකයෝ හිටියත් වැස්ස නැත්නම් අපි අදුරේ..?
ආන්න හරි
ඔය කියවන කට්ටියත් විදුලි සේවකයන් වුණානම් බලාගන්න තිබුණා වැඩේ. (නි)
දැන් මොකද කරන්නේ
ප්‍රතිචාර දක්වන ලද සැවොම මෝඩයින්ය. (නි)
අන්න නියමයි
80 වර්ජනෙන් ගෙදර යවලා වෙච්ච දේ මතකනේ....(ස)
උද්ඝෝෂණ වලින් හා වර්ජන වලින් ඔලිම්පික් පදක්කම ලංකාවේ කොළඹට !!!.(ස)
අන්න 5000ක් ගත්තලු. ඒ අය ස්ථිර කළොත් ඔයාලා සේරම ගෙදර නේද? (නි)
අලුතෙන් රැකියා දීලා මේ ප්‍රශ්න විසදනවා ඇරෙන්න බොරුවට කියවලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
මේගොල්ලන්ගේ වැටුප රුපියල් පනස් දහසට වැඩී තවත් මදිද, (අ)
අපිට මොකද අනේ
තුන්දාස් ගණනක්නේ වර්ජනය කරලා තියෙන්නේ. ඉතින් පන්දාහක් අරගන්න හදන්නේ මේ වර්ජන කරන අය මර්දනය කරන්න වෙන්න ඕනෑ. වර්ජන වලට පහරදෙන්න මේ ක්‍රමයත් හොදයි. දේශපාලනයෙන් තොර අලුත් පරම්පරාවක් රැකියා විරහිත උපාධිදාරීන්ගෙන් බිහිකරන්න සැලසුමක් ඇති කරන්න.ඔය වර්ජනය කර කර රාජ්‍ය ආයතන වලින් පළිගන්න හදන දේශපාලඥයන් පුද්ගලික අංශයේ රැකියාවල් කළා නම් තේරේවි රැකියාවක වටිනාකම. (නි)
මේගොල්ලන්ව ගෙදර යවන්න ඕනේ
මේ සියලු දෙනා සදහටම ගෙදර යවා. ඉගෙන ගෙන ගෙදරට වෙලා රස්සා නැතිව ඉන්න දරුවන්ට මේ රැකියා ලබා දෙන්න . දිනකට විදුලියේ පාඩුව කොටි 20 ක් නම් . වැඩි වැටුපෙන් ඒවා අඩුකරගන්න. අපි අඳුර ඉවසන්නම්. මේ අයගේ අසාධාරණ ඉල්ලීම් දෙන්නම එපා. (අ)
අපරාදේ 14000ක සේවක පිරිසක් තියාගෙන පඩි ගෙවන්න 5000කින් පුළුවන් නම් ඇයි මෙපමන මුදලක් නාස්ති කරන්න. (අ)
ප්‍රේමදාස මහත්තයා හිටියානම් (අ)
මෝඩ මිනිස්සු
මහජනතාවත් දැඩි ස්ථාවරයකට ගෙනෙමු. (නි)
ඇටකටු කඩන්න හිතෙනවා මට මේ අයගේ. (නි)
අනේ මගේ රට
හරිම අසාධාරණයි. මේ දවස් වල උසස් පෙළට පාඩම් කරන ළමයි අසරණයි නේද? (නි)
මෙයාලට කොච්චර පඩි වැඩි කළත් මදි කියලා කෑ ගහනවනේ. පුදුම මින්ස්සු. (ත)