IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි

(අජන්ත කුමාර අගලකඩ)

පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන  ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

විදුලිය මෙගාවොට් 200ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඩීග පවර් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සහ අල්ටාකා ග්ලෝබල් සොලියුෂන්ස් ලිමිටඩ් යන සමාගම් දෙක තෝරාගෙන ඇතග එම සමාගම් දෙකෙන් මෙගාවොට් 200ක විදුලිය වසරක කාලයක් සඳහා ලබා ගැනීමට අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි.

මීට අමතරවල දැනට විදුලිය මිලදී ගන්නා පෞද්ගලික සමාගම්වල ගිවිසුම් තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ණය අර්බුදය ගැන ද විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇත.

විදුලිබල මණ්ඩලය හා මණ්ඩලයට විදුලිය සපයන විදුලි නිෂ්පාදකයන් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති ණය  ප්‍රමාණය රුපියල් කෝටි 10.400ක් පමණ වන බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 50.000 ඉක්මවන බව ද ඇමැතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

 



අදහස් (18)

විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි

Nishan Monday, 10 February 2020 11:33 PM

හාල් මාෆියාවට බය වූන ආණ්ඩුව දැන් විදුලි මාෆියාවටත් බය වෙලා. කතාවෙන් නම් හරිම එඩිතරයි. එත් මාෆියා කාරයන්ට බයයි.

:       28       165

abaran Tuesday, 11 February 2020 01:52 AM

අර පහුගිය කාලේ හිටපු විදුලි ඇමති කොමිස් වලට ගෙන්නපු විදුලි උත්පාදක නැව් වගයක් රට වටේ කැරකුණේ..... ඒවායින් විදුලිය මිලට ගන්නවද ආයිබෝවන් නැත්නම් වෙනත් ක්‍රමේකටද?

:       2       92

HafeelTuesday, 11 February 2020 06:30 AM

අර හිටපු විදුලි ඇමති දැන් කියනවා වෝහාරිකා වාර්තාවෙන් ඔහුව නිදහස් කළාලු. මොනවටද දන්න නැහැ ඇලෝසියස් සුපිරි නිවාසක් ඔහුට තෑගි දුන්නේ ?

:       0       63

රවින් Tuesday, 11 February 2020 02:51 AM

වැස්ස කාලෙට ජලාශ වල රැඳී තියන රොන්මඩ ඉවත්කිරීමට කටයුතු කරන්නේ නැහැ. වාන් දොරොටු ඇරලා ජලය අපතේ යවනවා. ඒ වැඩේ කලොත් යටින් ගාණ කඩාගන්න බැරිවෙනවානේ. ජලාශ වල රැඳී තියනවායි ප්‍රචාරය කරන්නේ වතුර හා රෝන්මඩ් දෙකොටසේම එකතුවයි. හැමදාම වෙන්නේ වැසි නැවතී ටිකකලකින්ම ජලාශවල රැඳී තියන ජලප්‍රමානය මදිය කියලා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම නොවේද? කොමිෂන් ගහන්න පුළුවන් වෙන්නේ එතකොට නේද? ආයාතනය කෝටිගණන් බැංකු වලට ණයයි. හැබැයි ඉංජිනේරුවන්ගේ ආදායම්බදු පවා ගෙවන්නේ මණ්ඩලයෙන්. හිතුමතේ පඩි නඩි හෙම වැඩිකරගෙන සුර සැප විඳිනවා. අන්තිම ඉහලින්ම දුෂණය හා නාස්තිය තියන ආයතනයක්. ඉඳහිට පුවත්පත්වල පලවෙන දුෂිත ක්‍රියා එකතුවක් ගතහොත් බලා ගත හැකිවේවි දුශිතයින්ගේ තරම.

:       0       107

KumarTuesday, 11 February 2020 04:33 AM

ජලාශවල මඩ ඉවත් කිරීම පහසුදෙයක් නොවේ. ලංකාවේ ජලාශවල ඔබලා සිතන තරම් මඩවලින් පිරි නැත. ජලාශ ඉන්ක්මනින් හිස් වෙන්නේ වෙන රටවල්වල වගේ නොවේ ලංකාවේ නයෙන් මිරිකී සිටින විදුලිබල මණ්ඩලය සාමාන්‍ය ඉල්ලීම සපුරන්නෙ ජල විදුලියෙන් නිසයි. අනෙක් රටවල්වල වැඩිපුර විදුලියට නිපදවන්නේ තාපබලාගරවලින් . ජල විදුලිය යොදන්නේ ඉල්ලුම වැඩි අවස්ථාවලදී සහ අධික වැසි සමයකදී පමණි. තාප බලාගාරවල බොයිලේරුව සෑම විටම අධික පීඩනයකින් තිබෙන්නේ ඕනෙ නිසා ඒ බලාගාර සැමවිටම ක්‍රියාකරන්න ඕනෙ. විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්න විසදන්න මොන රජයකටවත් බැරි වග පෙනෙනවා. හොදම නිදසුන ආඬි හත්දෙනාගෙ කැඳ හැලියේ කථාවයි.

:       1       13

රවින්Tuesday, 11 February 2020 05:31 AM

විදුලියට සම්බන්ධ අයෙක් වගේ. ඉතිහාස පොත අරගෙන බලන්න පැරණි රජවරු වැව් අමුණු සදාලා ඒවායේ වැඩිපුර වතුර රදවාගත්ත හැටි. අනුගමනය කළ ක්‍රියා පිළිවෙත්. අන්තර්ජාලය තුලින් දැකගත හැකිවේවි ඇති නවීන යන්ත්‍රසුත්‍ර ගැන. ලෙහෙසියන් කරන්න පුළුවන් එකම දේ තමා කොමිස් ගැහිල්ල.

:       0       73

KumarTuesday, 11 February 2020 05:03 PM

ලංකාවේ වැව්වල මඩ ඉවත්කිරීම ගැන මම අහලා නැහැ. මඩ කියුබික් මීටරයක් ඉවත් කළොත් ලැබෙන්නේ වතුර කියුබික් මීටරයයි. වැවේ ධාරිතාව අක්කර අඩියකින් වැඩිකරන්න කියුබික් මීටර 1500ක් පමණ ඉවත් කරන්න ඕනේ. ඊට වඩා හොඳයි ලෑලි යොදා වාන අඟල් 6කින් එසවීම. වැව අක්කර 50 නම් ඒ ක්‍රමයෙන් අක්කර අඩි 25ක් ලැබෙනවා. විදුලිය නිපදවන ජලාශවල විදුලිය නිපදන්න හැකි අවම ගැඹුරක් තිබෙනවා. ඒ මට්ටම ගැඹුරම තැන සිටම මීටර 10ක් පමණ උසින්... ඒ මට්ටමින් පහත මඩ එකතු වුණාට නිපැයුමේ වෙනසක් ඇතිවෙන්නේ නැහැ. ඔබ කියන ක්‍රමයට මඩ ඉවත් කරන්න සිදුවෙන ජලාශ සතරක් ගැන සිතන්න පුළුවන්. ඒ කියන්නේ කැනියන්, නොර්ටන්, ලක්ෂපාන සහ රන්ටැඹේ යන ජලාශ කුඩා නිසයි. එක ජලාශයකින් පිටට දමන මඩ පහළින් තිබෙන ජලාශයේ පතිත වෙනවා.

:       0       0

කොමිස් Tuesday, 11 February 2020 02:52 AM

කලින් කට්ටිය කරද්දි නරකයි. දැන් කරද්දි හොඳයි... කාවද රවට්ටන්නෙ?

:       2       268

athura Tuesday, 11 February 2020 02:55 AM

සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. අනේ අපේ මහජනයා.

:       0       140

බට ගොයියා Tuesday, 11 February 2020 03:38 AM

මහින්ද අමරවීර මහත්තයගේත් කට විතරයි වැඩ නෑ වගේ. අර්ධ සුකොපභෝගී බස් සේවය නවත්තනවා කිව්වා. බස් සින්දු නවත්තනවා කිව්වා. එකක්වත් තවම නම් කරලා නෑ.

:       0       264

nalin Tuesday, 11 February 2020 04:13 AM

කලින් කට්ටිය අවුරුදු 5 ටම එක බලාගාරයක් හැදුවේ නැති හෙනේ තමයි

:       2       522

sharm warn Tuesday, 11 February 2020 04:48 AM

ඔය පටන් ගත්තේ … ඉතුරු එව්වත් එයාකරෙන්ම වෙයි ඉතින් අර හැට අට ට හරිම සතුටු ඇති දැන් ..

:       0       269

DD Tuesday, 11 February 2020 05:07 AM

මේවාට හේතු තමයි යෝජිත බලාගාර සෑදීම සඳහා ඇති ඊනියා විරෝධය. ලංකාවේ බොහොමයක් පරිසර සංවිධාන මේකට වග කියන්න ඕන. ලංකාවේ වැඩිම විදුලිය ඉල්ලුමක් ඇත්තේ හවස හයේ සිට නවය දහය වෙනකන්. මේ වෙලාව ඇතුලත විදුලිය දෙන්න අනිවාර්යයෙන් ඉන්ධන විදුලි බලාගාර ඕන. ලංකාව වගේ දියුණු වී නැති රටකට ලාභ ගල් අඟුරු වගේ බලාගාර. දැන් ඉන්ධන වලට පිටරටට දෙන ගානෙන්ම තේරෙනවා නේද තෙල් බලාගාර වල වියදම.

:       13       55

Bernard Tuesday, 11 February 2020 05:12 AM

යහපාලනය ඉන්නකොට අමරවීර මහත්තයා හොඳ බයිලා කිව්වා... අද එතුමා සුපිරි බයිලා කියනවා..... වෙනස දෝරේ ගලනවා.

:       245       482

Hafeel Tuesday, 11 February 2020 06:27 AM

දැන් මේ ආණ්ඩුවල පත් වෙලත්, ඇමතිකම බාර අරන් මාස තුනක් වෙනවා. තාමත් කයිවාරු පමණයි නේ. මේ ඇමතිකම ගත්තු ගමන් නම් කිව්වේ අලුතින් විදුලි බලාගාරවල් පහක් ෂණික පටන් ගන්නවා කියල. දැන් අද කියන්නේ තවත් අවුරුද්දකට පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව. තාම වැඩේ පටන් අරන් නැහැනේ.

:       0       141

aruna Tuesday, 11 February 2020 06:44 AM

දැන් කෙරවල පිටියේ බලාගාරයක්, නොරොච්චෝලේ තව බලාගාර දෙකක් හදන්න යන්නේ . ලබන වසරේ මේ තත්වය වෙනස් වෙයි

:       8       218

යාපා Tuesday, 11 February 2020 07:33 AM

අවුරුදු 5ක් අලුතින් විදුලි පාරිභෝජනය කරන්නන් කීදාහක් පද්ධතියට එකතු වෙනවද. ඒත් එකම බලාගාරයක්වත් හැදුවේ නෑ.

:       1       14

marikkaar Tuesday, 11 February 2020 10:29 AM

අනේ මෙහෙම කුජිත මහ ජාතියක්. මොවුන්ගේ මෝඩකම් නිසා අපිටත් හොඳින් ජීවත් වෙන්න නෑ.

:       19       121

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 380 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 190 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 408 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 398 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3802 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 647 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 742 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 361 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site