IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති

 
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා  පැවසීය.
 
වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා ගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ගෙන තිබිණි. වනජීවි කැබිනට් ඇමති සී.බී රත්නායක මහතාගේ ප‍්‍රකාශය හුදු වචනයට පමනක් සීමා නොවිය යුතු බවද, ඇමතිවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද,  වනජීවි පණතට පටහැනිව දිවයිනේ කිසියම් හෝ වන ජීවි කලාපයක් සම්බන්ධයෙන් යම් ක්‍රියාවක් සිදුවන තත්ත්වයක් උද්ගතවුවහොත් දැවැන්ත වෘත්තිය අරගලයක යෙදීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
 
අද පැවති වෘත්තිය අරගලය 98%කින් සාර්ථක වූ බව බවසන සභාපතිවරයා ප‍්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූ වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් කි‍්‍රයාකළ බවත් සදහන් කළේය.
 
ඇමතිවරයා දැක්වූ යහපත් ප‍්‍රතිචාරයට තම සංගමයේ ස්තුතිය පළ කරන බවද ශානුක සදරුවන් මහතා කීය



අදහස් (2)

වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති

Perera Tuesday, 08 December 2020 03:41 AM

ඇන්දිල්ල නතර කරන්න සූප්පුව කටෙ ගැහුවට කිරි බව දන්නේ නැති කිරි සප්පයෝ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 December 2020 03:54 AM

මේ රටේ මෙතෙක් තිබූ බොහෝ දේශපාලකයන් හා ආණ්ඩු බලය ලබාගැනීමට පෙර රටේ ජනතාවට දෙනු ලැබුවා වූ පොරොන්දු බලය ලබාගත් පසු අමතක කොට දැමීම සාමාන්‍ය සිද්ධියකි. පරිසරය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. තමන්ට බලයට එන්නට විය පැහැදම් කළ හිතවතුන්ට හරිහම්බ කරගැනීමට එසේ කරනවා විය හැකිය. එසේම, මේ පරිසර විනාශය වෙනුවෙන් මොරදෙන විපක්ෂයේ අය එදා හැසිරුණ ආකාරය ගැන ඔවුන්ට අද මතක නැතුවා සේය. ඔවුන් බලයට පත්වූ විටෙක දීද, තත්ත්වය එසේමය. මෙවන් වේලාවට කියවෙන දෙයක් ජනවහරේ පවතී. එනම්, දේශපාලකයාට බළේ තිබෙනා විට මොළේ නැත. මොළේ තිබෙනා විට බලේ නැත.' යන්නය. මෙය මොනතරම් අගනා කියමනක් දැයි සිතේ. මෙය ගැන සිතා හෝ මේ රටේ ජනතාව තමන්ව කෙවිටක් ගෙන දේශපාලකයාට දැකීමට ඉඩදීය යුතු නොවේ. එසේ ඉඩදුන හොත්, තමන් දක්කන සතාගේ ගණයට වැටෙන බව ඔවුන් තරයේ සිහිතබාගත යුතුය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 219 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 813 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 543 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 223 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 843 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 197 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site