ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් පිළිබඳ නව පර්යේෂණ කෘතියක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මේ ග්‍රන්ථයේ මෙරට ජීවත්වන වඳුරන්, රිලවුන් හා උනහපුළුවන් පිළිබඳ තොරතුරු සහ වර්ණ ඡායාරූප රැසක් අන්තර්ගතය.
එම සංගමයේ සභාපති මධුර ද සිල්වා, නදික හපුආරච්චි සහ රොහාන් පෙතියගොඩ යන තිදෙනාගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්කොට ඇති මේ ග්‍රන්ථය මෙරට ප්‍රයිමේටාවන් සම්බන්ධයෙන් පමණක් ලියැවුණු එකම ග්‍රන්ථය ද වෙයි. ශ්‍රී ලංකන් ප්‍රයිමේට්ස් යනුවෙන නම්කොට ඇති මෙම ග්‍රන්ථයෙන් මෙරට වානර විශේෂ, ඔවුන්ගේ ආහාර පුරුදු හා පාරිසරික තත්ත්වයන් මෙන්ම මිනිසා සමග ඇති නොනවතින අරගලය සම්බන්ධයෙන් ද කරුණු රැසක් ඉදිරිපත් කැර ඇත.
ශ්‍රී ලංකාවේ පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් අතර කළු වඳුරන් උප විශේෂ හතරක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක් , රිලවුන් උප විශේෂ තුනක් සහ එක් අළු වඳුරන් විශේෂයක් දැකිය හැකි වේ. මෙම වානර විශේෂ අතරින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාර්තාවන අළු වදුරන් විශේෂය හැරුණු විට අනෙක් සියළුම විශේෂ මෙරටට ආවේණික වේ. ඒ අතිරින් බස්නාහිර පළාතේ දැකිය හැකි බස්නාහිර පළාත් කළු වඳුරා ලෝකයේ වේගයෙන්ම වඳවී යන සත්ත්ව විශේෂ 25 ට ඇතුලත්ව තිබේ.
තම හැසිරීමෙන් හා පුරුදු වලින් මිනිස් වර්ගයාට ඉතාමත් සමීප මෙම් සතුන් රැක ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට මෙම ග්‍රන්ථය මහෝපකාරීවනු ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අපි අපේ පරම්පරාව රැක ගනිමු
වන සංරක්ෂණය ඉබේටම සිදු වෙනවානම් මේ අය ඉබේම සංරකෂණය වෙයි..(ස)
මේගොල්ලොත් මිනිස්සුන්ට කරදරයක් වේගන එන්නේ. දැක්කනේ අර පොඩි ළමයව ඇදගෙන යන්න හදපු හැටි. (ස)
මගේ ෆොටෝ එක ලස්සනද (ස)
අයියෝ! මේ දවස් වල මේ වගේ අය මැතිවරණ වේදිකාවල ඕනෑ තරම් දකින්න පුලුවන්. (නි)
අමිල මගේ ෆොටෝ එක කිව්වේ පළමු වැනි ෆොටෝ එකටද? (නි)
ඒක ජාතියක් ඒකට ඉන්න ඒක ලොකු ශක්තියක්...(නු)
අමිල ඔයා ඔයාගේ ගෑනු ළමයා එක්ක ඉන්න ෆොටෝ එක ගොඩක් ලස්සනයි..(ස)
මේවා හොඳ වැඩ .අපි දැනුවත් විය යුතුයි..(ස)
මේකට ඈමතිවරුන් කිහිප දෙනෙකුත් එකතු වෙයි. බලන්නකෝ නැද්ද කියලා. (නි)
කොහොමද අපේ කට්ටිය (නි)
රොහාන්, අනුර, නදීකා, මගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
නම් ලිස්ට් එකේ උඩින්ම මගේ නමත් දාගන්න..(ස)
මේ වැඩේට අත ගහලා තියන්නේ ගොඩක් පහුවෙලා එත් අන්තිමේදී වැඩේ කෙරිලානේ එක හොඳටම ඇති............සුබපැතුම් "මදුර -රොහාන් -නදීක (ස)
ප්‍රිමාටාවන් සම්බන්ධයෙන් ලියවුණු එකම පොත මේක වෙන්න බැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාමලී නහල්ලගේ මැඩම් ප්‍රිමාටා ලෝකය කියල පොතක් ලියල තියනවා 2014