IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විනිසුරු සංගමය හදිසියේ රැස්වේ

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න  මහතාට එල්ල වූ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා  කිරීමට ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ මහ සභා රැස්වීමක් අඟහරුවාදා හදිසියේම කොළඹදී කැඳවීමට එහි විධායක කමිටුව තීරණය කරයි. ඒ අනුව සිය සංගමයේ සාමාජිකයින් වන දිවයින පුරා සිටින මහේස්ත‍්‍රාත්වරුන් අලූත්කඬේදී රැස්වෙනු ඇතැයි ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ ලේකම් ප‍්‍රදීප් ජයතිලක  පවසයි. සියලූම මහේස්ත‍්‍රාත් හා දිසා අධිකරණ රාජකාරියෙන් අඟහරුවාදා ඉවත්වීමට විනිසුරුවරු තීරණය කරති.



අදහස් (0)

විනිසුරු සංගමය හදිසියේ රැස්වේ

නසාර් Monday, 08 October 2012 08:57 PM

හොඳ තීරණයක් ගන්න,

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට.... Tuesday, 09 October 2012 01:42 PM

ඔබතුමන්ලාගේ මෙම ක්‍රියාව ඉතා සාධාරණයි. ඒ වාගෙම ඔබතුමන්ලා ඉදිරියේදීවත් නඩුවක දෙපැත්ත නොකා සේවා දායකයාට අසාධාරණයක් නොවන ආකාරයට,මිනිසුන්ගේ ආර්ථිකයට සරිලන ගාස්තු අයකරනවා නම් , මේ වගේ අවස්ථාවක පොදු ජනතාවත් ඔබලා සමග අත්වැල් බැද ගැනීමට එයි. "නැත්නම් ඕවත්, ඔය කොයි දෙයත් විධායකයට යටත් නේ?" නඩුකාර මහතුනි, බලන්න. ඔබතුමන්ලා නඩු කල් අරින දුර ,ඇත්තටම අසාධාරණයි නේද? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 10 October 2012 01:53 PM

දවස් 2 ක් ඔබලා වර්ජනය කරාවි , විසඳුමක් ලැබුණේ නැත්නම් 3 වෙනි දවසේ වැඩ කරාවි (ස)

:       0       0

අනුර Tuesday, 09 October 2012 11:31 PM

ජනතාවගේ සාදාරණ වෘත්තිය ඉල්ලීම් කීයක්‌ හමුවේ සාධාරණ නොවන තීන්දු කීයක්‌ ඔය අධිකරණය දුන්නාද? අද මේ රට පත්ව තියෙන තත්ත්වයට ඔය අධිකරණය වගකිවයුතු නොවේද? නීතිය සාධාරණ වියයුත්තේ අධිකරණයට පමණනක්ද? නීතිය වල්වැදී ඇත. අධිකරණ නිලධාරීන් කැපු වළේ ඔවුන් වැටී ඇත. වළ වැසිය යුත්තේද ඔවුන්මය. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 03:29 PM

ඔබතුමන්ලා දේශපාලනයට යට නොවී කෙලින් තීරණ ගන්න, නඩු කල් අරින්න එපා . එතකො‍ට ජනතාව ඔබතුමන්ලා වටා එක්රොක් වේවි (ස)

:       0       0

වරුණ Tuesday, 09 October 2012 07:56 AM

වැඩක් නැහැ. අන්තිමට මේවා සියල්ල අවසන් වෙන්නේ මේ සියල්ලන්ම විදෙස් කුමන්ත්‍රණ කරන හා ඩොලර් වෙනුවෙන් දේශද්‍රෝභීන් වෙලා. (නි)

:       0       0

ලමාක් Tuesday, 09 October 2012 08:45 AM

පුතා එම තාත්තගේ කියල ෂුවර්මද ??? මට හිතෙන්නේ ඊට වඩා බලවත් කෙනෙකුගේ බවයි (ස)

:       0       0

ෂෙල්ටන් Tuesday, 09 October 2012 08:55 AM

අවි ගත්තෝ අවියෙන් නැසේ . වැඩි දුර යන්න අදහසක් නෑ ව‍ගේ රටේ උත්තරීතර තැනටත් බලපෑම් කිරීමෙන් තේරෙන්නේ , බලේ ඇති තැන මොලේ නෑ....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 09 October 2012 09:03 AM

චතුලගේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. ලංකාවේ අධිකරණය මෑත අතීතයේ හැසිරිලා තියෙන්නේ පීඩිතයින්ට පිළිසරණක් සොයා යා හැකි තැනක් ලෙස නොව පීඩකයින්ගේ මෙවලමක් ලෙස පමණයි. වෘත්තීය සමිති වලට හිතුමතේ වාරණ පැනවීමෙන්, වැට පනින දේශපාලුවන්ගේ ආරක්ෂාවට පෙනී සිටීමෙන්, ජාතික වැදගත්කමක් ඇති නඩු සමහරක් විභාගයට නොගෙනම ඉවත දැමීමෙන්, තෝරාගත් සමහරුන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ නීතිවේදීන් සපයන විහිලු තර්ක වලට හිස නැමීමෙන්, සිවිල් බලයක් ඇති වරෙන්තු කරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීමෙන් ආදී වශයෙන් අධිකරණය බැලූ බැල්මට පාක්ෂික බවක් පෙන්වූ නිසා අප කවුරුත් ඊට දී තිබුන උත්තරීතර සැලකීම පලුදු කර ගත්තා. අවසානයේ ඔවුන්ගේ වාරය එන විට මාටින් නිමොලර් කී විදියට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට ඉන්නේ කවුද? (ස)

:       0       0

අශාන් Monday, 08 October 2012 07:00 PM

අධිකරණය කියන්නේ රටේ උත්තරීතරම ආයතනය. මේ විරෝධය සාධාරණයි. (නි)

:       0       0

කිවි Monday, 08 October 2012 06:55 PM

බොහෝ රටවල විධායකය වැඩ වරද්දා ගත්තේ අධිකරණයට වැඩ වරද්දන්න ගිහිල්ලා. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 07:01 PM

මේ අයගෙන් අපිවගේ මිනිස්සුන්ට කවදාවත් සෙතක් වෙන්නෙ නැහැ. ඒක නිසා මටනම් මේවා ලොකු දේවල් නෙමෙයි. කොහොමත් මේවා නවත්තන්නෙම නෑත්නම් මගෙ යාලු තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා, එයාලට බාර දෙනවා සමතයකට පත් කරන්න. (නි)

:       0       0

රන්ජන් Tuesday, 09 October 2012 09:33 AM

කලබලේ මොකද

:       0       0

සිල්වා Monday, 08 October 2012 07:27 PM

කෙළින් තීරණ අරගෙන, කාටවත් යටත් නොවී හොදින් වැඩකරන්න. තර්ජන ගර්ජන සියල්ල ජනතා බලයට යටයි. (නි)

:       0       0

ඒකනායක Tuesday, 09 October 2012 10:53 AM

පහරදු‍න්නේ කොයි පැත්තෙන් ආපු කෙනෙක්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 07:58 PM

නියමයි නියමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 53 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1617 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 471 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 429 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2313 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site