ප්‍රථමවරට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරියෝ තිදෙනෙක් අද (21) විනිශ්චයාරූඪ වූහ.
එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මියයි. චන්ද්‍රා ඒකනායක සහ ඊවා වනසුන්දර සෙසු විනිසුරුවරියෝ වූහ.
මෙම විනිසුරු මඩුල්ල විසින් මූලික අයිතිවාසිකම් හා අභියාචන පෙත්සම් 17ක් අද සලකා බැලූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල ගැහැණු ළමයෙකුට පාසැලකට යන්නවත් බැරි මේ සමාජයේ මෙම සිදුවීම ඉතාම වටිනා ආදර්ශයක්. ලෝකයේ පළමුවැනි අගමැතිවරිය බිහිකළ අපේ රටේ කාන්තාවන්ට තිබෙන සැලකිල්ල මෙයින් මොනවට පැහැදිලි වෙනවා.(නදී)
පුෂ්පා, අපහාස කරන්න එපා. විනිසුරු තනතුරට එන්න තියෙන අමාරුව දන්නේ තවත් විනිසුරුවරයෙක් හෝ වරියක් පමණයි.(නදී)
කාන්තාවන්ට සම අවස්ථා දීම අගයකළ යුතුයි. බුදු දහමෙත් එය අනුමතයි.(නදී)
කාලෙකින් දකින්න නොලැබෙන දෙයක් (දී)
මෙය අධිකරණ ක්ෂේත්‍රය සුභවාදී මාවතකට ගමන් කරන බවට අගවන සුභ පෙර නිමිත්තකි. (නි)
රාජු, ඔබට සිංහල තේරෙන්නෙ නැද්ද? මගේ අදහස්වල කොතනද අපහාසයක් ගැබ්වෙලා තියෙන්නෙ? අන් අයෙකුගේ ප්‍රකාශයක් විවේචනය කිරීමට පෙර එය හොඳට කියවා බලන්න. තේරුම් ගන්න අමාරුනම් කාගෙන් හරි තේරුම අහගන්න. (නි)
මේකේ අදහස් දමන සමහර අය වගේ අය ඉන්නකල් ලංකාවට කවදාවත් ගොඩඒමක් නම් නැතිවෙයි (නි)
පුෂ්පා කියනවා වගේ සමහරු මේකට අදහස් දාන්නේ කිසිම අවබෝධයකින් නෙමෙයි. (නි)
මට පේන්නෙ රාජුත් නීතිඥයෙක්ද කොහෙද? පුෂ්පාගෙ අදහසේ කිසිම අපහාසයක් මට නම් පේන්නෙ නැහැ. නිරාන්, ඔබ කියන දේ හරියටම හරි. (නි)
පුෂ්පාගේ අදහසෙහි අපහාසයක් නැහැ. රාජුට මම හිතන්නේ අදහස තේරුම් ගන්ට බැරි වෙන්න ඇති. (නි)