IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති

(ප්‍රසාද් මුතුකුඩ)  
 
කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.
 
පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනෙකු සඳහා මිලියන122 ක්  සහ තුවාල ලැබූ පුද්ගලයන් 130 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ  අවසන් වාරිකය ගෙවීම සඳහා  හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති. 
 
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.
 
තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ. 
 
පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර  මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.



අදහස් (33)

විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති

ruchi Thursday, 16 May 2019 10:53 AM

කොන්ද පන තියෙන මිනිස්සු. දේශ පාලකයෝ මොන මගුලටද වන්දි බෙදාදෙන්න එන්නේ. මේවා දිසාපති කාර්යාල මගින් බෙදා දිය යුතුයි. ප්‍රචාරයන් අවශ්‍ය නැත. හු හු හු

:       179       11684

අනිල් Thursday, 16 May 2019 10:57 AM

රටේ බඳු සල්ලි විපතට පත්වූ පුරවැසියන්ට දෙන්න මේ යන්නේ මොකටද ? ඒක මිනිස්සුන්ගේ අයිතිය .

:       0       77

Raveendra Thursday, 16 May 2019 11:16 AM

උත්සවය වර්ජනය නොවේ.. ඔය රිලව් හැත්තට ගහලා එලවන්න තිබුනේ. කිඹුල් කදුළු හලන නිවටයින්. මේ වෙලාවෙත් එ්කෙනුත් තමන්ගේ මූසල ඡන්දගොඩ වැඩි කරගන්න ලෑස්තිවෙන පාහරයන්. මුන්ට විතරක් නොව රිලව් 225ටම එලෙස සැලකිය යුතුයි.

:       0       0

saman. Thursday, 16 May 2019 11:18 AM

නියමයි. ඕවට උත්සව ඕන නැහැ. රාජ්‍ය ආයතන හරහා නිලධාරීන් මගින් ලබාදෙන්න පුළුවන්. වගකීම් රහිතව වේද කරලා තුප්පහි දේශපාලනය කරන හිඟන්නෝ. හරියට තමන්ගේ පෞද්ගලික මුදලින් දෙනවා වගේ. නියමයි. ඉවසුව ඇති. දෙනාට ඉන්න 225 එලවල උපාධියක් තියෙන ඉගනගත්තු මිනිස්සු පාර්ලිමෙන්ත්වට යවන්න ඕන.

:       0       0

anura Thursday, 16 May 2019 11:19 AM

විපතට පත් අසරණ ජනතාව ඉන්නා ස්ථානයකට ගොස් වන්දි මුදල් ප්‍රධානය කරනවා මිස හොර දේශපාලඥයන්ගේ දෙපතුල ගාවට ගෙන්නා ගෙන ඒවා ප්‍රධානය කිරීමෙන් ඒ ජනතාව තව තවත් මානසිකවද දුර්වල වෙනවා.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 May 2019 11:20 AM

ජනතාව දැන් බුද්ධිමත්.

:       0       0

Anjana Thursday, 16 May 2019 11:29 AM

හරි නම් මේ වන්දි ගෙදරට හරි ඉස්ප්රිතලේට හරි ගිහින් දෙන්න ඕනේ , තවත් ලජ්ජා නැතුව මේ වගේ දේවල් කරනවා

:       0       0

සංජීව Thursday, 16 May 2019 11:30 AM

කවද්ද? මේ දේශපාලකයෝ හැදෙන්නේ. වන්දි මුදල් දෙනවනම් ඒවා ගෙදරට යවන්න පුළුවන්නේ. ඇයි මේ බොරු සෝබන. එකෙනුත් වාසියක් ගන්න තමා හදන්නේ. රටේ ජනතාව දැන්වත් මේවාට විරුද්දව නැගිටින්න ඕනේ. සිංහල දෙමල මුස්ලිම් එකවගේ.

:       0       0

ලුම්බිණි Thursday, 16 May 2019 11:45 AM

කරපු දේ හරියට හරි. මේ මිනිස්සු මෙච්චර දුකෙන් ඉන්නවා. මේ දේශපාලකයෝ ඒකෙන් ලකුණු දාගන්න හදනවා.........

:       0       0

කැකිරා Thursday, 16 May 2019 11:45 AM

ඔබේ කශේරුකාවේ හයිය අප හට ඉමහත් සතූටකි

:       0       0

Raveendra Thursday, 16 May 2019 11:47 AM

ruchi මයා වෙත, ඇත්තෙන්ම අපි අපගේ හිස නමා මෙම අහිංසක මිනිසුන්ට අපගේ ආචාර්ය පුද කරන්නෙමු. මේ අවාසනාවන්ත සිදුවීමෙනුත් මේ හිවලුන් බලන්නේ තම තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට නොවේද? පාහරයන්.. හරියට මුන්ගේ ගෙවල් වලින් තමන්ගේ පුද්ගලික මුදල් ගෙනත් බෙදනවා වගේ හැසිරෙන්නේ... මෙසේ බෙදන්නෙත් ඔබේ, අපේ බදුමුදල් බව වැඩිදෙනෙකුට අමතකවීමත් පුදුමයකි...

:       0       0

rama Thursday, 16 May 2019 11:52 AM

සිද්දිය දැනගෙනත් මේ ඇමතිවරු මහජනතාවට කිව්වේ නෑ.... දැන් මැරුණම එනවා වන්දි බෙදල දෙන්න තමන්ගේ බූදලෙන් දෙනවා වගේ

:       0       0

Lal Thursday, 16 May 2019 11:58 AM

එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටු දෙකේ දේශපාලුවෝ.

:       0       0

Dammmika Thursday, 16 May 2019 12:12 PM

මීතොටමුල්ලෙ කුණු කන්දට යට වුණානම් ලක්ෂයයි. කටුවාපිටියේ නම් ලක්ෂ 10යි... මිනිසුනේ මේ ජරාපාලන ක්‍රමය අනුව 70 මේ රට විනාශ කලා. ඔබලා අවු 70 මේ ක්‍රමය පෝෂණය කළා. දැන් උඹලගේ මිනී විකිණෙන්නෙත් අඩුවැඩි ලංසුවටයි. උඹලාගේ දරුවන්ගේ නාමයෙන් මේ රට තවත් විනාශ කරන්න දෙන්න එපා.

:       0       0

Ananda Thursday, 16 May 2019 12:18 PM

වන්දි ගෙවීම් කළයුත්තේ රාජ්‍ය පරිපාලනයෙන් මිස දේශපාලකයින්ගේ (මහජන වියදමින් කරන) උත්සවවලින් නොවන බව මේ දේශපාලුවෝ කවද්ද තේරුම් ගන්නේ?

:       0       0

Kakiya Lea Thursday, 16 May 2019 12:35 PM

අසරණ මිනිසුන්ට වන්දි අවශ්‍යයි .ඔබලා වන්දි ලබාගන්න ,නමුත් දේසපාලුවන් අතින් එපා කියන්න .රජයේ නිලධාරියකුගෙන් ලබාගන්න .ඕකුන් පැත්ත පළාතේ ගෙන්නගන්න එපා .

:       0       0

wimal Thursday, 16 May 2019 12:54 PM

මේ අසරණ අපගේ සහෝදරයින්ගේ ක්‍රියාව විශිෂ්ඨයි, අපත් ඔබ සමඟයි ..! තමන්ගේ අම්මා, තාත්තා, දුවා, දරුවා, සහෝදරය, සහෝදරිය මැරුණට පස්සේ කුමකටද මුදල්...?????මිනිසුන්ගේ හදවතේ වේදනාව තේරෙන දෙසපලක්යෝ ඉන්නවනන් ජිවිතයක වටිනාකම මුදලට තක්සේරු කරාවිද????. මේ දෙසපලකයෝ දන්නවා මැරුණට පස්සේ දාන දෙන්න සහ මුදල් බෙදන්න, හරි පවූ අප්පා ඔවූන්ට ගොඩක් වියදන් මේ දවස්වල.... අපගේ මේ අසරණ මිනිසුන්ගේ හදවතේ වේදනාව නිවන්න, අපගේ කාදිනල් තුමාට දෛර්‍ය, ශක්තිය නිරතුරුවම ලැබේවා..!

:       0       0

Kumara Thursday, 16 May 2019 12:56 PM

හොඳ වැඩේ..... ලැජ්ජාවක් තියෙනවානම් දැන්වත් ගෙදර යන්න.......

:       0       0

Saman Thursday, 16 May 2019 02:19 PM

සිදුවිය යුත්තේ මෙයයි.

:       0       0

Lal Thursday, 16 May 2019 03:06 PM

එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටුදෙකේ දේශපාලකයෝ...

:       0       0

Ranga Thursday, 16 May 2019 03:22 PM

අහෝ හැඳිවත අස්වාමිකවැ ඉන්නා හැඩ...!

:       0       0

Pathirana Thursday, 16 May 2019 03:32 PM

මේකෙනුත් වාසි ගන්න තමයි බලන්නේ. මේවට ප්‍රචාරයන් අවශ්‍ය නැත.

:       0       0

yamuna Thursday, 16 May 2019 03:33 PM

මලගමත් විකුණන් කන්න හදන ආණ්ඩුවක්...

:       0       0

siri Thursday, 16 May 2019 07:26 PM

රුචි, ඔබ හරියටම හරි... මේ යල් පැන ගිය, පෙරේතයෝ දැක්කහම මොන වන්දිද? සංවිධායකයින්ට ඕනේ නම් තිබුණා කාදිනල්තුමා දැනුවත් කර අවශ්‍ය කටයුතු කරන්න. නැතුව මේ මලමිනී උඩින් ඇවිදින හල්පාරුවෝ මොකටද?

:       0       77

Kriss Thursday, 16 May 2019 07:43 PM

බොර දියේ මාළු බෑම....

:       0       48

Upul Thursday, 16 May 2019 09:40 PM

මිනිස්සුන්ට දැන්දැන් ඇස් ඇරීගෙන එනපාටයි...

:       0       61

සේනාරත්න Friday, 17 May 2019 01:15 AM

වන්දි...දෙන්න ..ඔවුන්ගේ ලගට රජයේ නිලධාරීන්යවා..තුවාල ලබා අසරණ ව සිටින ඔවුන් තමන්ගේ ලගට ගෙන්වීම වැරැදි .....ලබාදෙන ලොකුම වන්දිය වන්නේ මෙවැනි විපත් යලි සිදුොවන්නට වගකීමක් ඇතිව රට මෙහෙයවීම .

:       0       52

දිලුම් Friday, 17 May 2019 03:58 AM

මේ ප්‍රහාරය සම්බන්ධ සියල්ල දැන දැනත් තමන් විතරක් බේරී ඔබේ ආදරණීය දරුවන් හා ඥාතීන් වලපල්ලට යවන්නට කටයුකු කල මේ අය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මළගිය ඔබේ ආදරණීයයන්ට කල හැකි ලොකුම ගෞරවය ඔබ සිදුකර ඇත. ත්‍රස්තප්‍රහාරය සමඟ අනේක දුක් ගැහැට විදි ඔබට මෙවැනි ක්‍රියාවක් කිරීමට කොදුනාරටිය පණ තිබීම පිලිබඳව මේ රටේ සමස්ථ ජනතාවගේ ප්‍රණාමය හිමිවනු ඇත.

:       2       346

RaveendraFriday, 17 May 2019 08:16 AM

දිලුම් මයා වෙත, ඔබගේ වටිනා අදහස් සියලුම කිතුනු බැතිමතුන් මෙන්ම සියලුම රට වැසියන්ට කියවීමට හැකිවේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි !!! තමන්ගේ උපන් බිමට කිසිදු ආදරයක් නොමැති මෙවන් රිලව් 225 ක් කුමට අපගේම බදුමුදල් වලින් නඩත්තු කරන්නේද යන ගැටලුව ලක්වැසියන් ගෙන් කීයෙන් කීදෙනෙකුට අවංකව සිතෙන්නේද යන්න ප්‍රශ්නයකි.

:       2       43

Lal Friday, 17 May 2019 07:20 AM

එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටු දෙකේ දේශපාලුවෝ

:       0       42

samurai Friday, 17 May 2019 06:40 PM

අම්මගේ , අප්පාගේ බූදලේ බෙදන්න ආවද? මේවා බෙදන්න මේ අය ඕනේද? අහිංසක මිනිසුන්ව රස්තියාදු කරනවා ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා වගේ....

:       0       16

Sisira Friday, 17 May 2019 08:17 PM

ජෝන මොනවද මෙච්චර කල් ඔය පැත්තට කරලා තියෙන්නේ? මළගිය පරාණ ගෝත්‍රයක්. අපිට වින කරන්න ආපු එකෙක්. විනාශයකදී උත්සව.. ඔය ගෙදරින් ගෙනත් දීලා වගේ?

:       0       0

sena Sunday, 19 May 2019 12:13 AM

බුද්ධි අංශ දුර්වල කිරීම නිසා මෙම විනාශය සිදුවූ බව ඉතා පැහැදිලිය. මෙම සියල්ල සැලසුම් සහගතව කර ඇති බව පෙනේ. රට අවුල්කොට දිගටම බලයේ සිටීම එජාපයේ පරමාර්ථය වෙයි .රිෂාඩ් සමග එක්වී කල දෙයකි මෙය. ඔවුන්ම අහිංසක මිනිසුන් මරා දැන් වන්දි ගෙවීම මහා විහිළුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site